• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කදු මුදුනකින් හදිසියේම මතුවුණු ‌කොණ්ඩදෙණියේ හිමියන්ගේ රහසිගත ‌ගෝලයා ‘චුට්ටේ’

January 12, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
කදු මුදුනකින් හදිසියේම මතුවුණු ‌කොණ්ඩදෙණියේ හිමියන්ගේ රහසිගත ‌ගෝලයා ‘චුට්ටේ’
Share on WhatsAppShare on Facebook

කෝච්චිය හරස් කළ පාරේ රතු එළියට යට අපි නතරව හිඳිමු’ බටහිර අහස තැඹිලි පාට වී තිබේ. මොක්කුදෝ කුරුල්ලන් රෑනක් පියඹා යයි. නිල්ල සලන තරු මුදුන් එකිනෙකා මොනවදෝ මුමුනයි. කර්කශ කොළ පරිසරයේ කඨෝර බව ටිකෙන් ටික නිවී යයි. අකීකරු ගස්වැල් හිතුමතේ මල් පුබුදයි. දිය මංකඩවල ගමන නවතන්නට කෙනෙක් නැත. ඒ නිසාම මේ පරිසරය වෙනස්ය.
මේ ගමනට මුලක්, මැදක්, අගක් තිබේ.
‘කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ’
‘මව්රට’ උන්වහන්සේ ගැන ලියූ දීර්ඝ ලිපි පෙළ පසුගිය දිනෙක අවසන් විය. ඒ පාඨක ඔබේ උණුසුම් ප්‍රතිචාර මැදය.
නමුත් ඒ ඓතිහාසික පුරාවෘත්තය එතෙකින් නිමා නොවන්නකි. එතෙක් මෙතෙක් කිසිදු මාධ්‍යයකට මුණ නොගැහුණු ‘චුට්ටෙ’ අපි මෙසේ සොයා යමු.
‘කවුද චුට්ටේ?’
අපි ද එය ඔබට කියන්න නොඉවසිල්ලෙන් බලා හිඳිමු.
‘කොණ්ඩදෙණියෙ හාමුදුරුවොත් එක්ක පුංචි කාලෙ හිටපු කෙනෙක් අපේ ගමේ ඉන්නවා.’
කියා අපිට ලැබුණු ඇමැතුම දිගේ අපි සොයා යමින් හිඳිමු.
‘මීරිගමට එන්න’
එතැනින් තවත් රේල්වේ ක්‍රොසින් එකක් තියෙනවා.
ඊට පස්සෙ කණ්ඩලම හන්දිය, කණ්ඩලම හන්දියෙන් වමට හැරිලා සිංහ හාඞ්වෙයාර් එක, ඕන නම් අහන්න කීර්ති අයියගෙ හාඞ්වෙයාර් එක කියලා’
අපි මේ හොයාගෙන යන්නේ ඒ හිතවත්කමයි පත්තරයකට, පත්තරකාරයන්ට, පාඨක ආදරය තරම් වටිනා වෙන කිසිවක් නැත.
අපි හරිතැනට යන අතර, ඔහු අපට මුණගැසුණේය. අවුරුදු පනස් පහක් වයස ආපු කඩමණ්ඩියක අපි නතරවුණෙමු. ඒ සුහද පාඨකයා අපිව ආදරයෙන් පිළිගත්තේය. ඔහු දඩිබිඩියේ කඩය වසා අප සමඟ ආවේය. ඒ කඳුමුදුනට ටික ගොඩවෙන්නට වාහනයට වාරු තිබුණේ නැත. කීර්ති අයියාගේ යතුරු පැදියටද එතැන් සිට ටික දුරකින් නවතින්නට සිදුවිය. කන්ද මුදුනට පිළිගත්තේ දෙපා වාරුව පමණි. ඒ කඳුමුදුනේ පුංචි පැලක ‘චුට්ටේ’ දවසරිමින් උන්නේය. මෙතැන් සිට ඇරැඹෙන්නේ ‘චුට්ටේ’ අප සමඟ කී කතාවයි.

“චුට්ටේ….!!!”
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මතකයට ඇති එක ජීවමාන සාක්ෂිය ඔහුය. මෙතෙක් කිසිම මාධ්‍යයකට මුණ නොගැසුණ ඔහු සොයා අපි මේ කඳු මුදුනට ගොඩ වුණෙමු.
“මම මහත්තයො ඒ කාලෙ පොඩි කොල්ලා. යාන්තම් කිරිවරලා විතරයි. අම්මා අප්පා නැති වුණා පුංචි කාලෙම. කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඔහෙ පාරට බැහැලා ඇවිද්දා…”
ඔහු කතාව පටන් ගත්තේය. බලාපොරොත්තුවක සේයා මාත්‍රයක්වත් නොවූ ඒ ඇස් ගිලී ගොස්ය. වියළි කල කර්කශ මහ පොළොව ගිල ගත් වැව් පතුලක මතුව ආ දිය කඩිති සේ ඒ දෑස් පතුල් පෙනේ. අව්වටත් වැස්සටත් එක්වන්ව දිරා වැහැරී ගිය කම්මුල් ඉරිතළා තිබේ. ජීවිතයේ බලාපොරොත්තු වියළී ගිය සේ සුදු රැවුල් කොට අතරින් පතරින් මතුව එයි. බුලත් විටටම ගෙවී ගිය දත් ඇඳිවල පාළු කපන්නට මෙන් අතරින් පතර දතක් දෙකක් ඉතිරි වී තිබේ.
“මං පාරට ඇවිල්ලා ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගියා. එතකොට කවුද මහත්තයෙක් ආවා. ඇවිල්ලා ඇහුවා උඹ කොහෙද යන්නෙ කියලා…”
ඔහු හුස්මක් ගනී. බෙල්ලේ නහර වැල් ඉලිප්පී මතුව එයි. සුසුමේ රිදුම මුහුණේ ඇඳෙයි. නමුත් ඔහු සිනාසෙයි.
“උඹ පන්සලකට යන්න කැමැතිද කියලා ඒ මහත්තයා ඇහුවා…”
“මම හා කිව්වා…”
ඈත කන්දෙන් පෙරළී එන හුළඟ අපේ ඇඟේ වැදී නතර වෙයි. ඔහු හැරමිටිය තදින් අල්ලාගෙන මතක අහුලයි. මම පරණ පුස්කොළ පොතක මැකී යන අකුරක් දෙකක් මතුවෙන තෙක් බලා හිඳිනා පුරාවිද්‍යා නිලධාරියෙක් සේ බලා හිඳිමි. තව තත්පර ගණනනික් චුට්ටේට කොණ්ඩදෙණියේ හාමුදුරුවන් මුණගැසීමට නියමිතය.
“ඉතින් ඒ මහත්තයා මාව එක්කලා ගියා පන්සලකට. කොහෙද කින්ද මන්ද මොනවාවත්ම
“මම දැන ගෙන හිටියෙ නෑ…”
ඊළඟට චුට්ටෙගේ ඇස් දිලිසෙයි. හිඳී බොරව ගිය දිය කඩිතිවල පස් පියුම් පිපෙනා නිල්ල මතුව එයි. ඔහුගේ දත් නැති කටෙන් සිරියාවන්ත හිනාවක් මතුවෙයි.
“මාව හාමුදුරු කෙනෙක්ට බාර දුන්නා…”
“දැන් බණ්ඩයියටත් වයසයිනෙ. උඹ හිටින් එහෙනම් මගෙ උදව්වට. කිව්වා උන්නාන්සෙ…”
“මයෙ නම ගම ඇහුවා. මං කිව්වා නම ගුණවර්ධනය. ගම මීරිගමය කියලා. උන්නාසෙ ටික වෙලාවකින් කිව්වා,
‘මං උඹට චුට්ටෙ කියන්නම්’
කියලා. ඕන්න ඔහොම මං චුට්ටෙ වුණා…”
ඔහු කියයි. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ රටම දන්නා ගෝලයා බණ්ඩාය. නමුත් මේ කතාව වෙනස්ය. අපේ කතා නායකයා චුට්ටේය. චුට්ටේගේ මතක බිත්තියේ කොනක බණ්ඬේගේ පින්තූරයද පොඩියට තිබේ. නමුත් මේ චුට්ටේගේ මතකයන්ය.
මට මුලින්ම හාමුදුරුවො කිව්වෙ අතුගාන්න කියලා. මං ඉතින් ඉදලත් අරගෙන අතුගාන්න පටන් ගත්තා. අතුගාන්න බෑ කුකුල් පැටව් හැමතැනම. ඉතින් මම හාමුදුරුවන්ට කිව්වා ඕක ගිහිල්ලා.
“මාර වැඬේනෙ හාමුදුරුවනේ, කුකුල් පැටව් හැමතැනම” කියලා.
හාමුදුරුවො මට වැලි ටිකක් දුන්නා ඕන්න ඕක දාන්ඩ ගිහිල්ලා කියලා. මම ඒක දාලා ගිහිල්ලා එන කොට මෙන්න කුකුල් පැටව් නෑ. මං උන්නේ උන් කොහේහරි යන්න ඇති කියලා. හැබැයි එක පැත්තකින් තව පැත්තකට එනකොට අර වගේම බලු පැටව්.
මට හිතුණා ඕකත් ගිහිල්ලා කියන්න ඕන කියලා. හාමුදුරුවො ගහකින් කෝටුවක් කඩලා දුන්නා. ඔන්න ඕකෙන් රිදෙන්නෙ නැති වෙන්න ගහන්න කියලා.
මං ඉතින් ඔය කෝටුවෙන් පුංචි තට්ටුවක් දැම්මා. එහෙ බලලා මෙහෙ බලන කොට බලු පැටව් නෑ…”
ඔහු සිනාසෙයි. එකින් එක මතක අතරින් ඔහු කොණ්ඩදෙණියට ගොස් තිබේ. මගේ සැකය ටක්කෙටම නිවැරැදිය.
“මට ඒ කාලෙ මතක් වුණා…”
ඔහු සුසුමක් හෙළයි. කතා ගොන්නකට උල්පත මතුවෙයි. ඉතින් ඔබ යළි කොණ්ඩදෙණියේ හිමි ගැන කතාව නිමා වූ තැන සිට කියවන්නට සූදානම් විය යුතුය. මේ කසකාරයන් පමණි. තව ගිනි බෝලවත් ආවේ නැත. පෙරහර මනරම්ය. රන්දෝලියක තරම් සෙල්ලම් තිබේ. ඇතුන්ම තිහ හතළිහකි. එහෙමනම් නවතින්න.
මේ ඇරඹෙන්නේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන කියනා චුට්ටේගේ කතාවයි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

අමෙරිකාව යුද්දෙන් දිනනවා-ට්‍රම්ප් ‌ලෙඩවෙනවා-කිම් ‌ජොන් පන්නනවා-ආසියාවට මහා සුනාමියක් එනවා කියන පාකර්ගේ 2020 විස්මිත අනාවැකි

Next Post

ඔක්කොගෙම පටි ‌රෝල් කරපු රන්ජන්ගේ හඬපටි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.