• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ…

May 24, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ…
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් ලිපියක් ලියන එක දැන් මට ඒ හැටි එකක් නෙමෙයි. ඒ අවුරුදු ගානක් තිස්සෙම කරන්නෙ ලියන එක. ඒත් මම මේ ලිපිය ලියන්න දවස් ගානක් තිස්සෙ තැක් ගැහුණා. කල්පනා කළා. ඒ මේ ලිපියට ගැළපෙන ආරම්භයක් හොයා ගන්න. මොකද මේ මුළු ලෝකෙම නන්නත්තාර වෙච්ච වෙලාවක් මේක. නාඩගං නටන වෙලාවක් නෙමෙයි. ලෝකෙ පුරාම හැම ආගමක්ම දැන් මොහොතකට ඉන්නෙ නිහඬ වෙලා. ඒ මේක විසඳගන්න පුළුවන් අයට ඉඩ දීලා. ඒ අතරෙයි ෆේස් බුකියට කවුදෝ විජ්ජාකාරයෙක් වැඩියෙ. උන්දා කොහෙන් ආවද කියන්ඩ මම දන්නෙ නෑ. හැබැයි හදිස්සියෙම මේ සෙල්ලම පටන් අරගෙන තිබුණා.
ඔහොම කෝලමක් ගැන මීට කලින් වතාවක පේරාදෙණිය සරසවියෙ මහාචාර්ය සාලිය කුලරත්න මහත්තයා මා සමග කියලා තිබුණා. මෙහි ඒ ගැන ලියා තබන්නේ මේ වෙලාවේ ඒ කතාව සිහි වූ නිසා. ඒක ඒ කාලේ සිටි සාමාන්‍ය ගමේ මිනිහෙක්ගේ කතාවක්. ඔහුට උවමනා වී තිබ්බේ බුදුන් වෙන්නට. ඒ නිසාම ඔහු දරුවෙක් ලැබුණදා ගෙදරින් පැන ගියා. ඒ අභිනිෂ්ක්‍රමණයක් ගැන කියමින්. ඒ ගමන ඔහු ගියේ හරකෙක් පිටේ. එහෙම ගිහිල්ලා ඉද්දී ඔහු කුදළාගෙන අරගෙන එනවා. නමුත් ඔහු දිගින් දිගටම කීවේ තමන් බුදුන් කියලා. ඔහු ඉන්න උත්සහ කළේ ඒ විදියට. නමුත් ඔහු බුදු වුණේ නෑ. ඔහුට ගරුත්වයක් හිමි වුණේත් නෑ. ඒ සෙල්ලම නැවතුණේත් නෑ. ඒ සෙල්ලම මිස ඒ ජාතියේ සෙල්ලම් නැවතුණේත් නෑ. අලුත් අලුත් සෙල්ලම් කරළියට පැමිණියා.

ලංකාවේ තමන් රහත් බව කී අය ඕනෑ තරම්. ඒ අයගේ මග පල පැමිණි බව මනින්නට අඩි කෝදු නෑ. කොහොමටත් පෘථග්ජන අපිට ඕවා තේරෙන්නෙ නෑ. ඒ නිසා මේවා ගැන අදහස් කියන්නට අපිට ඉඩ අයිතියකුත් නෑ. නමුත් ඇත්ත ඇති හැටියෙන් දැකීමත්, ඒවා තේරෙනා තරමට තේරුං බේරුං කරගැනීමත් ඇත්තේ අපේ අතේ. මේ උත්සාහය ඒ වෙනුවෙන්. කැලණි ගඟ දිගේ නයා ගෙනා කරඬුවේ කතාව දැන් කල් ඉකුත් වී අවසන්. කැලණි ගඟේ අපිරිසිදු ජලය අද පිරිපහදු වී ඇතැයි ආරංචි වෙන්නෙ කොරෝනාවේ පිහිටෙන්. කැළි කසළ, අපද්‍රව්‍ය මල මුත්‍ර අතරින් නාග ලෝකයට වූ මාවත දැන් ඕනෑකමක් ඇත්නම් බලාගන්නට පුළුවන් ඇති. ඇමෙරිකන් වෝටර් බෝතල්වලට දාන නිසා එහෙන් දැන් රාජ්‍යතාන්ත්‍රික නාගයෝ එන්නේ නෑ වෙන්න පුළුවන්. ඒත් මේ අසාමාන්‍ය දේවල් සමාජයට ඇත්ත කරන්න හදනවා වගේම මේ මිනිසුන්ට ලංකාවෙ මාධ්‍ය ආයතන පවා වගක් විභාගයක් නැතිව සහාය දෙනවා.
කොහොම නමුත් මේ වතාවෙ කරළියට එන්නෙ නයා කරඬුව දුන්න කෙනා එක්ක සෙල්ෆි ගහපු චීවරධාරියෙක්. ඔහු තමයි මේ විදියට බුදුන් විදියට හඳුන්වා දෙන්න පටන් ගන්නෙ. නයෙක් පටලවලම හදා ගත්ත මොකක්ද මන්දා ආසනයක්. ඒකෙ එක කකුලක් උඩට අරගෙන වැඳගෙන ඉන්න උන්නාන්සෙගෙ අවයවවල මොනවදෝ ගානවා. කවුද කෙනෙක් ඒකට මරු කතාවක් කිව්වා.
“බුදු වුණාට, බුදු පිළිමයක් වෙලා නෑ නේද?”
මේ මිනිස්සු බුදුපිළිම පිරිසිදු කරනවා වගේ අතුල්ල හෝදනවා. අපිට උන්නාන්සෙව කොහොම අතුල්ලලා හේදුවත් කමක් නෑ. ඒ අස්සෙ තව හාදයෙක් ස්තෝත්‍ර කියනවා. ඒක මොන ආගමකට අදාළ සෙල්ලමක්ද කියලා තේරෙන්නෙ නෑ. ඒ සමහර විට අපේ නූගත්කම නොදැනුවත්කම හින්දා වෙන්ඩ ඇති. හැබැයි මේ උන්නාන්සෙගෙ ඇඟේ කහ ගාලා අතුල්ලන තරුණයව අපි සම්බන්ධ කරගත්තා. උන්නාන්සෙ සිල්වත් නම් කමා කෙරෙත්වා. මොකද බුදුන්ටත් නාලාගිරියො, අංගුලිමාලලා, ආලවක යක්කු මෙල්ල කරන්න වුණානෙ මහා කරුණාවෙන්. මේ ලිපියෙන් පස්සෙ අපිට පුළුවන් වේවි ඒ මහා කරුණා ගුණය ගැනත් ලියන්න. උන්නාන්සෙ දක්වන ප්‍රතිචාරය එක්ක.
‘මම ඔය හාමුදුරුවන්ව දන්නෙ මාසෙක විතර කාලයක් විතරයි. ඒ එයා පිටරට ඉඳලා ආවට පස්සෙ. මට එයාලා කඩවත පන්සලට එන්න කියලා කිව්වෙ විෂ්ණු දෙයියන්ව අභිෂේක කරන්න. ඒත් යනකොට තිබුණෙ වෙන එකක්. හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ හාමුදුරුවන්වයි අභිෂේක කරන්න තියෙන්නෙ කියලා. ඒක පිට නන්නාඳුනන මිනිස්සු දෙසීයක් විතර වටේ බලාගෙන ඉන්නවා. මට කරන්න දෙයක් නැහැ. මම ඒ වැඬේ කළා.

ඒත් ඒ හාමුදුරුවො සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. (මෙහිදී මෙම තරුණයා භාවිතා කළ වචන අඩංගු පටිගත කළ හඬපටය අප සතුව ඇති නමුත් සදාචාරාත්මක හේතු මත අපි එම වචන ඉවත් කිරීමට පියවර ගත්තෙමු.) එයා මටත් ඒ දේවල්වලට කතා කළා. එයාගෙ වටේ එහෙම තරුණයො ඉන්නවා. මේ පුද්ගලයා ඒ අයට සල්ලි වියදම් කරනවා. ලොකු ව්‍යාපාරිකයන්ගෙන් වගේම මොනවා හරි පිටරට සම්බන්ධතාවලින් මෙයාට සල්ලි එනවා. මම ඔය වැඬේට විරුද්ධ වුණා කියලා මට කිව්වා සල්ලි දෙන්නම් කියන්න එපා කියලා. මෙයා හැමදේම යට කරගෙන ඉන්නෙ සල්ලි බලෙන්.
මේක ඉතාම සුඛෝපභෝගී තැනක්. හාමුදුරුවන්ගෙ කාමරේ සම්පූර්ණයෙන්ම ඒ.සී. කරපු සියලු සැප පහසුකම් සහිත තැනක්. කිංග් සයිස් බෙඞ්. ලොකු ටී.වී., සී.සී.ටී.වී. කැමරා, බාත් ටබ් ඒ කාමරේ තියෙන්නේ. සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් ඒ කාමරේ තියෙනවා. මේ හාමුදුරුවො කියන්නෙ ආරණ්‍යවාසී කියලා. ඒත් ග්‍රාමවාසී කෙනෙක්ටවත් නැති පහසුකම් මෙතැන තියෙන්නෙ.
මම මේ යෝජනාවට අකැමැති වෙලා මේ ගැන ෆේස්බුක් එකේ දැම්මා කියලා ඒ වෙලාවෙම අපේ ගෙදර ආවා. ඇවිල්ලා මට ගැහුවා. ගහලා මගේ මාමට තර්ජනය කළා. මට ආයෙ කොළඹ එන්න දෙන්නෙ නැහැ කිව්වා. මට දේශපාලන බලය, ධන බලය නැහැ. ඒ කියන විදියට මට පොලිසි යන්නත් බැහැ. ඒත් අපේ අයව අපි බේරාගන්න ඕනෑ. මට තියෙන ප්‍රශ්නෙ නායක හාමුදුරුවරු මේවා දැකලා නැද්ද? උන්නාන්සේලා නිදිද කියන එක.
මේ ලිව්වෙ උන්නාන්සේගෙ කතන්දරේ. ඒක කිව්වෙ ඔහු. ඒ කවුද කියන එක අපි ලියන්නෙ නැහැ. හැබැයි මේ වෙලාවෙ මහානායක හාමුදුරුවො ඇතුළු සියලු දෙනාට අපි බොහෝම ගෞරවයෙන් දැනුම් දෙනවා, ගොමරිටි මතුවන කොට මිණිකැට යට යන එක ස්වාභාවිකයි තමයි. ඒත් ඔබ වහන්සේලාට දෙයක් තියෙනවා කරන්න කියන එක. අපේ හාමුදුරුවරු දේශපාලනයට කරන කැප කිරීමම ආගමටත් කළා නම් ආගම විහිළුවක් වෙන්න නොදී රැකගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් අපිටත් වෙන්නෙ ඔය කියන විදියට මේ උන්නාන්සේලා සරණ යන්ඩ. සුදු වෙන්ටත් බැරිය.
බුදු රජාණන්වහන්සේගේ ගැන සේම රහතන් වහන්සේලා ගැනත් අපි ඕනෑ තරම් කතා අහලා තියෙනවා. ඒ අයගේ හැසිරීම ගැන විවිධ කතා අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ බිම්බිසාර රජතුමා කියනවා “ඔබ අයිති රාජවංශයට. ඒ නිසා පිඬු සිඟා ඇවිදින්න එපා” කියලා. ඒත් එදා බුදුරජාණන්වහන්සේගෙ උත්තරය වෙන්නෙ “මහ රජ ඒ ඔබේ වංශය. මගේ වංශය බුද්ධ වංශය” කියලා. බුදුවරුන්ගේ සිරිත ඒක කියලා. හැබැයි මේ උන්නාන්සෙලා කරන්නෙ සියලු සැප වළඳන එක. ඒ වළඳන්නෙත් රනින් රිදියෙන් කරපු පිඟං කෝප්පවල.

සැප ඉතිරෙනවා. රට රටවලින් සල්ලි වැහි වහිනවා. උන්නාන්සෙලා බවුන් වඩන්නෙ ඒ වෙනුවෙන්. සිදුහත් රජතුමා සියලු සැප සම්පත් අතාරැලා යන්න ගිය ගමනම යන බව කියමින් මේ අය රාජ සැප එකතු කරනවා. මේ උන්නාන්සෙ ආරාමවාසී වෙන්න පොරොන්දු වෙලා රජසැප හොයනවා. සිදුහත් බෝසතුන් රජ සැප අතෑරලා වනාන්තරේට වඩිනවා. බුදුන් අතෑරපු තැන මේ උන්නාන්සෙලා එකතු කරනවා.
“පොත්ත සුදු නං උපාසක අම්මාලා වැහි වැහලා”
කෙනෙක් කියන්නෙ එහෙම. ඒක උපාසක අම්මලගෙ ප්‍රශ්නයක්ද නැත්නම් හාමුදුරුවරුන්ගෙ ප්‍රශ්නයක්ද කියන එක තීන්දු කරන එක බාර ඔබට.
හැබැයි බුදුන් රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගාවල තිබුණ සැප අතෑරලා දාලා වනාන්තරේ කොළ මුල් කකා දුෂ්කර ක්‍රියා කරමින් මේ නිවන් මග හොයනවා. මේ උන්නාන්සෙලා සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගන්නවා. බුදුන් සිරුර වැහැරෙන කොට හම වියළෙන කොට, බඩ පිටට ඇලෙන කොට අලුත් මගක් හොයාගන්නවා. මේ උන්නාන්සෙලා සැප උපරිම විඳින්න මග හොයනවා. අත්තකිලමතානු යෝගය වෙනුවට කාම සුඛල්ලිකානු යෝගය තෝර ගන්නවා.
“අපි දැන් මෙතන තියාගෙන හොඳ බෝතලයක් බොනවා. ඒ මාන්නෙ කඩන්න”
උන්නාන්සෙලා කියන්නෙ එහෙම. හාමුදුරුවරු වනවාසී වෙනවා. පිටරටවලින් ඇවිත් ගල් ගුහාවල භාවනා කරනවා. මේ උන්නාන්සෙලා ගල් ගුහාවලින් එළියට ඇවිත් පිටරට යන්න මගක් හොයනවා.
බුදුන් තමන්ගෙ පළවෙනි භික්ෂු හැටනමට කියන්නෙ “මහණ අන් අයගේ හිත සුව පිණිස ගම් නියම් ගම්හි සැරිසරන්න, දෙදෙනෙක් එක් මග නොවඩින්න” කියලා. හැබැයි මේ උන්නාන්සෙලාගෙ හිත සුව පිණිසයි ඒ අය වඩින්නෙ. ඒ මග අමුතු මගක්. ඕව අහලා අන්තිමට අපිට කියන්න තියෙන්නෙ “අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ කියලා” තමයි.

ඉත්තෑක්නදේ හිමි සිරිසුමන හිමිගේ පන්සලට කඩා පනී..

පහුගිය දිනෙක මේ බොරැල්ලේ සිරි සුමන හිමියන්ගේ ආශ්‍රමයට ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි තවත් පිටිසක් සමග වැඩම කළේය. ඒ අවස්ථාවේ මේ පිරුසේ අය විසින් රූප ගතකොට අන්තර්ජාලයට මුදා හැර තිබුණේය. ඒ අවස්ථාවේ ඉත්තෑකන්දේ හිමියන් බොහෝ කාරණා පවසන අතර, ඒවායේ අදහස වන්නේ මෙසේ “විකාර” නොකරන ලෙසය. ඒ ගැන විවිධ අදහස් යෝජනා චෝදනා මතුව එන අතර මේ භික්ෂුව තමන් අතින් වරදක් සිදු වූ බව පිළිගනී. වරද නිවරද විභාග කිරීමේ සංඝ අධිකරණ ක්‍රියාවලිය ගැන අප දන්නා නමුත් මේ කණ්ඩායමට ඒ පිළිබඳ ඇති අයිතිය අප නොදනිමු. නමුත් ඊළඟ වතාවේ මේ තත්ත්වය මීට වඩා නරක් විය හැකි බව ඔවුන් පවසයි. මෙවැනි පුද්ගලික කාරණාවක් වීඩියෝ ගත කිරීමේ උවමනාව ගැනද අපට ප්‍රශ්නයකි. එහිදී මේ සිදුවීමට අදාළ භික්ෂුව විසින් සමාජ ජාල ක්‍රියාකාරුකයන්ට චෝදනා කරන අතර මීට පෙර නිකුත් කර ඇති ඡායාරූප එඩිට් කර ඇති බවක් පවසයි. මේ සාකච්ඡාවට අනතුරුව තවත් ගිහි පුද්ගලයෙක්ද මේ භික්ෂුවට උපදෙස් මාලාවක් ලබා දෙන අතර ඔවුන් අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ “හාමුදුරුවන්ගෙ පාටට මිනිස්සු ඉරිසියයි, ඕනෑ කෙනෙක් දැක්කම දෙපාරක් හැරිලා බලනවා” යනුවෙනි. සාමාන්‍යයෙන් භික්ෂුවකගේ හමේ පාට කිසිවෙක්ට අදාළ නැතැයි අප සිතනා අතර එය මහනායක හිමිවරු ඇතුලු කිසිවෙක්ට මේ කාරණයේදී ක්‍රියාත්මක වීමට හෝ සාකච්ඡා කිරීමට අදාළ නැතැයි අපගේ අදහසයි.

දුසිල්වත් චීවරධාරීන් නෙරපන්න රාමඤ්ඤ මහ නිකාය තීන්දු කරයි

දුර්විනීත අධර්මවාදී අවිනයවාදී භික්ෂූ වේශධාරීන් රාමඤ්ඤ මහා නිකායේ කතිකානුකූලව නිකායෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංක රාමඤ්ඤ මහ නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන නාහිමියේ නිවේදනයක් නිකුත් කර ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රට හදන හැටි: මේ සතියේ මරික්කාර්

Next Post

සහරාන්ට උදව් කළාද- සිංහලයන්ව වැට්ටුවාද-විල්පත්තුව කැපුවද-දැන් කෝටිපතියෙක් නේද: මේ කවුද මොනවද කරන්නේ…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.