• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අපනයනය සහ නිෂ්පාදනය වැඩි කළ යුතු යුගයක්

September 27, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට එරෙහි වෙයි!
Share on WhatsAppShare on Facebook

වසර හැත්තෑ පහකට පෙර මෙ වැනි ම දිනයක භාරතය ඉංගිරිසි පාලනයෙන් විනිර්මුක්ත වූ බව පසුගිය ඉරිදා(15) වැනි දින උදෑසන නිදහස් දින පණිවිඩයෙන් අගමැති නරේන්ද්‍ර මෝධි සිය රට වැසියනට ශුභාසිංසනය කෙළේය.

භාරත මාතාව විසි වැනි සිය වසේ උච්චස්ථානයට ම පත් කිරීම උදෙසා රටේ නිෂ්පාදන ශක්තිය ඇතුළු සියලු ශක්‍යතා සියයට සියයක්ම මෙහෙය විය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝධි ඉන් අනතුරුව පැවති හැත්තෑ පස් වැනි නිදහස් දින උත්සවයේ දී ජාතිය අමතා මහත් අභිමානයෙන් ප්‍රකාශ කෙළේය.

අප සෑම ගමකමකටම ග්‍රාමීය මාර්ග සියයට සියයක්ම සාක්ෂාත් කළ බව තහවුරු කර ගත යුතුයි.අපසෑම කෙනකුටම බැංකු ගිණුමක් ඇති බව නිනයා ගත යුතුයි.සෑම කෙනකුටම “ආයුෂමත් භාරත කාඩ් පතක්”ඇති බව ස්ථිර කර ගත යුතුයි.“උජ්ජාවල”යෝජනා ක්‍රමය යටතේ සෑම සුදුස්සකුටම“ගෑස්”සැපයූ බව ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතුයි.
සෑම රටකටම(රාජ්‍යකටම)තම රටේ සංවර්ධනය උදෙසා පිය නැගන ඉදිරි ගමන් මගකට අවතීර්ණවීමේ කාල පර්ච්ඡේඡදයක් උදාවීම නොවැළැක්විය හැකිය.භාරත මාතාවට ඒ අනගි සමය මේවන විට උදාවී තිබේ.

සෑම ක්‍ෂේත්‍රයක්ම සමගාමී වේගයකින් එකට එක්ව ධාවනයක යෙදිය නො හැකිය.ඒ එක් එක් අංශ සතු ශක්ති ප්‍රමාණය මත රඳාපවතින්නකි.අප ඒ දුබල අත් එකට අල්ලා ගෙන එක්ව ඉදිරියට යා යුතුව තිබේ.

සංවර්ධනය ඉලක්ක කරගත් නිෂපාදනය සහ අපනයනය හැතිතාක් (සියයට සියයක්ම)වර්ධනය කළ යුත්තේ ය.

දේශීය නිෂ්පාදකයින්ගේ සියලු නිෂ්පාදන පෞද්ගලික ඒවා නොවේ.ඔවුන් විසින් අපනයන කරන භාණ්ඩ එ විට ඔවුන් ගේ නොවේ.එය දේශීයත්වයේ සංකේතයකි.රටේ කීර්තිය සහ පිළිගැනීම ඊට නිරායාශයෙන්ම අනුගත වන්නකි.ඒ සියලු නිෂ්පාදන දේශිය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ කවර පාරිභෝගිකයකු හෝ පරිභේාජනය කරනවිට“ඔව් මේ ඉන්දියාවේ නිෂ්පාදනයක් යන්න නොවැරදී ම කියැවෙන්නකි.

ඉන්දයාව ප්‍රථම වරට ආරම්භ කළ“වික්රාජන්” මුහුදු ගුවන් යාත්‍රා අත්හදාබැලීමේ උත්සවයේ දී අගමැති නරේන්ද්‍ර මෝධි කීය.

මේ රටේ වෙසෙන කුඩාපරිමාණයේ සමස්ත ගොවි ජනතාවගේ ශක්තිය ඉදිරි වර්ෂ කීපය තුල ඒක රාශිකර සංවර්ධනයේ ඒකීය බලවේගය දක්වා වර්ධනය කළ යුත්තකි.ඒ සඳහා ඔවුනට නව පහසුකම් සැලසිය යුතුය.ඔවුන් ජාතියේ අභිමානය විය යුත්තෝය.මේ රටේ වෙසෙන සමස්ත ගොවි ජනතාවගෙන් සියයට අසූවකටම(80%)හෙක්ටයාර් දෙකකට වඩා වගා බිමක් නැත.අතීත නීතී සදන්නන් විසින් ඔවුහු අත් හැර දමනු ලැබ ඇත්තාහ.එහෙත් වර්තමානයේ අප ඔවුන් අත නො හැර සිත්හි රඳවා ගෙන කටයුතු කරමු.

මේ වන විට සෑම ගමක්ම පාහේ අධි වේගයෙන් වෙනස් වෙමින් ඇත.ඈත අතීතයේ දී බොහෝ ගම්මාන ඌණ සංවර්ධන තත්ත්වයේ පැවතිණි.ග්‍රාමීය ප්‍රවේශ මාර්ග,විදුලි බලය ද පැවතියේ අල්ප වශයෙනි.එ හෙත් දැන් අන්තර්ජාල පහසුකම් ද තිබේ.ඩිජිටල් තාක්‍ෂණයේ සංක්‍රාන්තිය ගම්මාන ආක්‍රමණය කරයි.

ග්‍රාමීය මට්ටමේ අට කෝටියකට (8,00,00,000)අධික ප්‍රජාවක් ස්වයං සහයෝගිතා (උපකාර)කණ්ඩායම් වශයෙන් එකට බැඳී නිෂ්පාදන කාර්යන්හි නියැලෙති. ඔවුහු මේ වන විට අයිතමයන් ගණනාවක් නිෂ්පාදනය කර ඇත්තාහ.රටේ සංවර්ධනය උදෙසා උර දෙන මේ ධෛර්යවන්තයින් ගේ නිෂ්පාදන රටටම ප්‍රචලිත කිරීමේ වෙළෙඳපොළක් ආරම්භ කිරීමේ අරමුණින් “ඊවේදිකාවක්” නිර්මාණය කරදීමට ආණ්ඩුව වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

නිදහස් උත්සවය ආරම්භ කරමින් ජාතික ධජය එසවු අගමැති නරෙන්ද්‍ර මෝධි ජාතිය ඇමතූ කතාව පටන් ගත්තේ කොරා්නා මාරයාට ද අභියෝග කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වූ භාරතමාතාවගේ දරුවන්ට සිය ප්‍රණාමය පිදීමෙනි.

සමස්ත ජාතියම ඒ පිරිසට කෘතඥතා පිරිනැමියයුතු බව පැවසූ හෙතෙම ඔවුහු වර්තමාන භාරතීයයන්ගේ පමණක් නොව අනාගත දරුවන් ගේ හදවත් ද ධෛර්යමත් කරන්නෝ යැයි කීවේය.

භාරත මාතාව වෙනුවෙන් ජීවිතය කැප කළ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු එක ජාතියන් වශයෙන් රට එක්සක් කිරීමේ පුරෝගාමියා වූ සදාර් පාතෙල් සහ රටේ අනාගත මාර්ගය පෙන්නූ ආම්බේඩ්කාර් වැනි ජාතික විරුවන් ද හෙතෙම සිහිපත් කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහාභාණ්ඩාගාරය අරින්න ගිය අලුත් ගෑස් සමාගම පී.බී. මැදිහත් වී වසා දමයි!

Next Post

විමල් ආපසු හැරෙයි! බැසිල් කිව්ව දේ පිළිගනී

MORE NEWS

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.