පසුගිය 2023 දෙසැම්බර් 17 සිට මේ වසරේ ජනවාරි 17 දක්වා වූ දින 32ක කාලය තුළදී දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමේදී සැකකරුවන් 36,777ක් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ වැටලීම් 37,087ක් සිදුකොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් අතර සැකකාරියන් 1,085ක්ද සිටින බව සඳහන්ය.
මෙම මෙහෙයුමේදී හෙරොයින් වැටලීම් 13,462ක්ද සිදුකොට හෙරොයින් කිලෝග්‍රෑම් 72යි ග්‍රෑම් 733යි මිලිග්‍රෑම් 844ක් සොයාගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 2,635කි සිදුකොට අයිස් කිලෝග්‍රෑම් 205යි ග්‍රෑම් 212යි මිලිග්‍රෑම් 827ක් සොයාගත් බව පොලිසිය පැවැසීය.
ගංජා වැටලීම් 14,214ක් සිදුකොට ගංජා කිලෝග්‍රෑම් 648යි ග්‍රෑම් 951යි මිලිග්‍රෑම් 104ක්ද, ගංජා පැල 23,08050ක්ද සොයාගෙන තිබේ.
වෙනත් වැටලීම් ගණයට වැටෙන හෂීස්, ඈෂ්, අබිං, මාවා, කුෂ්, මදන මෝදක, කොකේන් කිලෝග්‍රෑම් 97යි මිලිග්‍රෑම් 425ක් සොයාගෙන ඇත.
එහිදී සොයාගත් මත්පෙති සංඛ්‍යාව 98,697කි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකය.
ප්‍රේමලාල් විජේරත්න










