මහජන බැංකුව විසින් බිලියන 54ක මුදල් බොල් ණය ලෙස කපා හැරීමක් සම්බන්ධයෙන් කතිකාවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වෙනවා. Sri Lanka Latest News
දේශපාලනඥයින් ඇතුළු ඉහළ පෙළේ අයට සහන සැලසීම සදහා මෙලෙස කටයුතු කරන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු කරනු ලබන්නේ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒ.යූ.එල්.ඒ.අන්සාර් මහතා සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී ඔවුන් සදහන් කළේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි.
ණය ලබා ගැනීමේදී ඔවුන්ද ගිවිසුම් අත්සන් කරන බවත් ඔවුන්ද ණය නොගෙවන්නේ නම් ඔවුන්ට විරුද්ධව සියලු ක්‍රියාමාර්ග ලබා ගන්නා බවද සදහන් කර සිටියා.
සමහර ණය හිමියන් පැමිණ බැංකුව සමග කතා බහ කර reschedule කර ඇති බවද සදහන් කළා.
ඔවුන් සිය ණය නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.