• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඇඟ පුරාම ටැටූ ගහගෙන ඉඳලා ඇයි එකපාරටම පැවිදි වුණේ?

November 24, 2021
in Exclusive, News
Reading Time: 19 mins read
A A
ඇඟ පුරාම ටැටූ ගහගෙන ඉඳලා ඇයි එකපාරටම පැවිදි වුණේ?
Share on WhatsAppShare on Facebook

අද කාලෙ බොහෝ දෙනෙක් ලබාගන්න සිහින දකින ලෞකික සැප සම්පත්වලින් පිරුණු ජව සම්පන්න තරුණයෙක් තමන්ගෙ සුරූපී බිරිය, සිඟිති දරුපැටවුන් දෙන්නා විතරක් නෙවෙයි ඔස්ටේ්‍රලියාවෙ ගතකරපු සුපිරි ජීවිතයත් අත්හැරලා ලංකාවට ඇවිත් පැවිදි වෙනවා. ඇඟ පුරාම පච්ච කොටාගත්ත, බොහොම විසේකාර තරුණයෙක් මේ විදියට සියලු දේ අතහරින්න තීන්දු කළේ ඇයි? මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල්, උන්වහන්සේ වැඩසිටින ගාල්ල ‘මෙත් බෝ සෙවණ’ට ගියා. එහෙම ගිහින් උන්වහන්සේ සමග කළ සාකච්ඡාව හරීන්ද්‍ර ජයලාල්, සිය යූටියුබ් නාලිකාවට එක්කර තිබුණා. ඒ සාකච්ඡාව අපි ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරන්නේ, අපි හැමෝටම ‘අත්හැරීම’ ගැන වටිනා පාඩමක් උන්වහන්සේ කියාදෙන නිසාමයි…

අපි මුලින්ම උන්වහන්සේව මැනැවින් හඳුනාගෙන සිටිමු. ඔබවහන්සේගේ නම කොහොමද?
මගේ නම ඕස්ටේ්‍රලියාවේ බෝධි ධම්ම හිමි.

ඔබවහන්සේගේ ගිහි කාලේ නම?
ලියනආරච්චිගේ සුචිර චානක ගුණතිලක.

ඔබවහන්සේගේ ගිහි කාලෙ ගම කොහෙද?
පොඩි කාලෙ එහෙම ගමක් තිබුණේ නෑ. හැබැයි අපේ අම්මයි තාත්තයි පිළියන්දල, මිරිස්වත්තේ. මම පොඩි කාලෙ තමයි ඔස්ටේ්‍රලියාවට ගියේ.

ඔස්ටේ්‍රලියාවට යද්දී ඔබවහන්සේට වයස කීයද?
අවුරුදු පහයි.

එතකොට ඔබවහන්සේගේ පවුලේ තව කවුද හිටියේ?
අම්මයි, තාත්තයි, මමයි. එහෙ ගියාට පස්සේ අපට නංගිව ලැබුණා.

ලංකාවෙදි අම්මයි තාත්තයි මොනවද කළේ?
අපේ තාත්තා ජර්මන් ටෙක් එකේ හිටියා. ඔස්ටේ්‍රලියාවට ගියා පර්මනන්ට් රෙසිඩන්සි සිටිසන් අරන්. එහෙ ඉන්නකොට ඉලෙක්ටි්‍රකල් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ තමයි තාත්තා වැඩ කළේ. අම්මා මැණික් ව්‍යාපාර කළා.

ඔබවහන්සේ මහණ වෙන්නේ මොන අවුරුද්දෙද?
මම මහණ වුණේ 2019 අගෝස්තු මාසෙ.

එතකොට ඔබවහන්සේගේ වයස කීයද?
අවුරුදු 27යි.

ඔබවහන්සේ මහණ වෙනකොට ඔබවහන්සේ විවාහ වෙලා කොච්චර කල්ද?
මම විවාහ වෙනවා කියලා විශේෂ දෙයක් තිබුණෙ නෑ. මම 2013 අන්තිම කාලෙ ඉඳන් වයිෆ් එක්ක ලිවිං ටුගෙදර් හිටියෙ.

එතකොට දරුවන්ගෙ වයස කීයද ඒ වෙනකොට?
පොඩි එක්කෙනාට අවුරුද්දයි, ලොකු එක්කෙනාට අවුරුදු 2යි.

ඔබවහන්සේ මුලින්ම ඔස්ටේ්‍රලියාවට යන්නේ මොන අවුරුද්දෙද?
1997

එහෙම යන්න හේතුව මොකක්ද?
ඒක අපේ තාත්තාගෙ සුදුසුකම් අනුව තමයි අපි එහෙට යන්නේ. අම්මටයි, තාත්තටයි ඕනෙ වුණා මට හොඳ ජීවිතයක් දෙන්න. ඒ නිසා එහෙට ගියා. ඔස්ටේ්‍රලියාවට යන්න කලින් මාස කිහිපයක් මම පන්නිපිටිය ධර්මපාලෙට ගියා.

ඔස්ටේ්‍රලියාවෙදි ඔබවහන්සේ අධ්‍යාපනය ලැබුවෙ මොන පාසලින්ද?
පාසල් කිහිපයකටම ගියා. සෙන්ට් පෝල්ස් විද්‍යාලයට ඇතුළු වුණා පහ වසරෙ හය වසරෙදි. ඒකෙදි තමයි මගේ වයිෆ්ව මුණගැහුණෙ.

ඒ කියන්නේ ඔබවහන්සේට අවුරුදු 10දි වගේ?
නෑ. එතකොට මට අවුරුදු 8ක් 9ක් විතර ඇති.

ඒ සම්බන්ධයද දිගටම තිබුණේ?
නෑ. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තමයි. රිලේෂන්ෂිප් එකක් තිබුණේ නෑ. ඊට පස්සේ හයි ස්කූල් ගියා සෙන්ට් ජෝෂප්. ඊටත් පස්සෙ හයි ස්කූල්. ඊට පස්සේ කැම්පස්.

කැම්පස් එකේදි ඔබවහන්සේ හැදෑරුවෙ මොන විෂයන්ද?
මම ඉස්සෙල්ලාම ඉලෙක්ටි්‍රකල් ඉන්ජිනියරින් ඉගෙන ගත්තා. මම මහණ වෙන්න කලින් එල්.එල්.බී. කරන්න පටන් ගත්තා. ඒක මම ඉවර කළේ නෑ. එහෙම පිටින්ම දාලා ආවා. මට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. හොඳට දඟලන්නත් පුළුවන්.

මොනවද ඒ කාලෙ කරපු දඟ වැඩ?
9 වසරෙදි අපේ අයියා කෙනෙක් ඔස්ටේ්‍රලියාවට ආවා ස්ටුඩන්ට් වීසාවලින් ඉගෙන ගන්න. මම එයාව වාහනයක් ගන්න උනන්දු කළා යාළුවෙක්ගෙන්. ඩොලර් 400ක් දීලා පරණ වාහනයක් ගත්තා. මමයි යාළුවෙකුයි ඒ වාහනේ අරන් ගිහින් හැප්පුවා. ලයිසන් නැතුව. එතකොට මට අවුරුදු 14යි. ඕක තමයි පටන්ගැන්ම.

ඒකට කොහොමද ගෙදරින් ලැබුණු ප්‍රතිචාර?
තාත්තට හාට් ඇටෑක් හැදුණා මට මතක විදියට. ඒ කාලෙ අපේ තාත්තාට පරණ වාහනයක් තිබුණා. මිට්සුබිෂී. තාත්තා වැඩට යන්නේ වෙන හොඳ වාහනයක. තාත්තා වැඩට ගියාම මමයි යාළුවෙකුයි එකතු වෙලා ඒ පරණ වාහනේ රේස් කරලා ක්ලච් එක අතඇරලා ඒකෙ ඉස්සරහ රෝද දෙක කරකවනවා. එහෙම කරලා කරලා දවසක් ඒකෙ ක්ලච් එක පිච්චුණා. හවස තාත්තා ගෙදර ඇවිත් වාහනේ ස්ටාර්ට් කළාම වාහනේ යන්නෙ නෑ. ඊට පස්සේ ක්ලච් එකෙන් ගඳ එනවා. මගෙන් ඇහුවා මොකක්ද කළේ කියලා. මම කිව්වා මුකුත් නෑ කියලා. ඊට පස්සේ මට ගගහා තමයි ක්ලච් ප්ලේට් එක ගැලෙව්වේ.

ඔබවහන්සේ ගිහි කාලෙ ක්‍රීඩාවලටත් කැමැතිද?
මම ඉස්කෝලෙදි 9 වසරෙදි විතර ඇමෙරිකන් ෆුට්බෝල් සෙල්ලම් කළා. බොක්සිංවලට ආසාවක් තිබුණා. සොකර්, ඔස්ටේ්‍රලියන් ෆුට්බෝල් එහෙම කළා.

ජිම්වලට එහෙමත් ගියාද?
ඔව්. ඉස්කෝලෙ යන කාලෙ උදේ පාන්දර නැගිටලා ජිම් එකට ගියා.

ඒ කියන්නේ විෂයන්වලටයි ක්‍රීඩාවලටයි අමතරව වෙන දක්ෂතා පෙන්නුවේ මොනවටද?
පොඩි කාලෙ කොම්පියුටර් රෙපෙයාර් කරන්න ගොඩක් දක්ෂයි. ග්‍රැෆික්, ජාවා, ෆ්ලෑෂ් ඇනිමේෂන් ඒවා කළා. මම 10 වසරෙදි වගේ අපේ මල්ටිමීඩියා ටීචර්, එයාට එන ක්ලයන්ට්ස්ලා මට සම්බන්ධ කළා.
ලොකු මුදලක් නෙවෙයි, පොඩි පොඩි වැඩ කළා.

එතකොට ඔබවහන්සේ ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ කරපු රැකියාව මොකක්ද?
මම ඉස්කෝලෙන් ඉවත් වෙන්න කලිනුත් රැකියාවක් කළා. අවුරුදු 15දි විතර අපේ අම්මා මට ජොබ් එකක් හොයලා දුන්නා. අම්මා වැඩ කළේ සපෝටිං ප්‍රසිඩන්ෂල් සර්විස් එකක නර්සිං සහ චෙෆ් විදියට. එතන හිටියෙ ඇක්සිඩන්ට් වෙලා මොළේ යම් යම් ආබාධ තියෙන අය සහ වයසක අය. ඒගොල්ලන්ට බෙහෙත්, කෑම දෙන්න මට තිබුණෙ. මම ඉස්කෝලෙන් ඇරිලා පැය තුනක් එතන වැඩ කළා. සති අන්තයෙත් ඒ විදියට වැඩ කළා.

ඔබවහන්සේගේ නංගි දැන් මොනවද කරන්නේ?
නංගි ටීචිං පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රි එකක් කරනවා.

ඔබවහන්සේ විලාසිතාවලට කැමැතිද?
ඔව්, ෆැෂන්වලට ආසයි. අපි හිටපු ටවුන් එකේ රෙදි කඩයක් තියෙනවා මගේ යාළුවෙකුගෙ තාත්තාට. එතනට තමයි මම යන්නේ රස්සාව නැති දවස්වලට රස්තියාදු ගහන්න, සිගරට් එකක් එහෙම බොන්න. ඒ කාලෙ ටී ෂර්ට් එකක් ඩොලර් 100ක් විතර වෙනවා. ලස්සනට ඇන්දා ඒ කාලේ මම.

ඒ කාලෙ ඔබවහන්සේගේ කොණ්ඩ කොහොමද තිබුණේ?
මගේ කොණ්ඩේ කර්ල්. වටේ ෂේව් කරලා තිබුණා, තට්ටෙ ගාලා තිබුණා. කාලයක් රැවුල වවලා තට්ටෙ ගාලත් තිබුණා. ඒ වගේ හැම විලාසිතාවක්ම කළා.

එතකොට ටැටූස් ගැහුවෙ කොයි කාලෙද?
ටැටූස් වෙනම කතාවක්. මගේ අම්මයි තාත්තයි කිව්වා පච්ච කොටන්න එපා කියලා.

ඒ ඇයි?
ටැටූ ගහපු අය පහසුවෙන් නෝට් වෙනවා, බ්ලැක් මාර්ක් එකක්. ජොබ් එකක් ගන්න බෑ කියලා තාත්තා කිව්වා. එතකොටත් මට අවුරුදු 15දි විතර සල්ලිත් තියෙනවනෙ. මම ගිහින් පිටේ ටැටූ එකක් ගහගත්තා. පිටේ ඉන්නවා බ්ලැක් පැන්තර්. ඕවා ගහගෙන ඉතින් අම්මට පෙන්නුවා. බැණුම් කෝටියයි. ඊට පස්සේ ටිකක් කල් ඉඳලා අතේ ටැටූ එකක් කෙටුවා. මේක ට්‍රයිබල් ආර්ට් එකක්. විශේෂත්වයක් නෑ. හැබැයි මේ ටැටූ එකේ විශේෂයක් තියෙනවා. ඒ කොටල තියෙන්නේ ලතින් භාෂාවෙන් veni vidi vici කියලා. ඒකෙ තේරුම ‘මම ආවා, මම දැක්කා, මම ජයග්‍රහණය කළා’ කියලා. එහෙම ලොකු තේරුමක් දැනගෙන නෙවෙයි ඒ කාලෙ ඒක ගැහුවෙ. මේ අනිත් ටැටූ එකේ තියෙන්නේ vincit qui se vincit ‘තමන්ව තේරුම් ගත්ත කෙනා සියලු දේ දිනනවා කියන එක. ‘හි හූ කොන්කර්ස්, කොන්කර්ස් ඕල්’.

එතකොට මේ පච්ච කොටාගෙන ගෙදර ගිය දවසෙ මොනවගේ අත්දැකීමක්ද විඳින්න වුණේ?
අපේ අම්මව පොඩ්ඩක් චාටු කරගන්න මම මකරෙක්ව කොටලා, එතැනම අම්මගෙයි, තාත්තගෙයි, නංගිගෙයි නම් ගහගත්තා. අම්මගෙ නම රේණුකා, තාත්තා උපාලි, නංගි නෙලී. අම්මා මේක දැක්කාම මට හොඳටම බැන්නා. ඊට පස්සේ අපේ අම්මගෙ නැන්දා කෙනෙක් එහෙට ආවා. එයා කියනවා බලන්නකො අපේ පුතා අපට කොච්චර ආදරේද, අපේ නම් ටැටූ කරගෙනනෙ කියලා.

තරුණ කාලෙදි කොහොමද අපේ හාමුදුරුවන්ගෙ මෙල්බර්න් ජීවිතය?
නිදහසේ ජීවත් වුණා. කොයි තරම් බාධක දාන්න උත්සාහ කළත් මම නිදහසේ හිටියා. ගෑනු ළමයි එක්ක යාළු වුණා.

කී දෙනෙක් එක්ක යාළු වුණාද?
ඒ කාලෙ නම් එක්කෙනයි. ෆුල් බොක්කෙන්ම ලව් කළා. එයා ලංකාවෙ එක්කෙනෙක්. මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්.

එතකොට ඉස්කෝලෙ ළමයෙක්නෙ අන්තිමට බැන්දේ. ඒ වෙනකොට ඒ සම්බන්ධය පටන් අරන්ද?
නෑ. එයාව දන්නව කවුද කියලා. නමුත් අරක තමයි බොක්කෙන් කළේ.

ඇයි බොක්කෙන් කරලා කෙක්කෙන් අයින් කරලා දැම්මේ?
ඒකට හොඳ කට්ටක් කෑවා. එයා වෙන එක්කෙනෙක් එක්ක යාළු වෙලා, එන්ගේජ් වෙලා, මැරි කරලා, ඩිවෝස් වෙලා හිටියෙ. වෙනම කතාවක් ඒක.

ඔබවහන්සේට දුක හිතුණද?
ඔව්. හොඳට දැනුණා.

ඒකෙන් හිත කඩන් වැටෙන විදියට දේවල් වුණාද?
ඔව්. හිත කඩන් වැටිලා, ජීවිතේ එපාම වුණා. මාර බලාපොරොත්තු තියාගෙන ඉඳලා මොකක්ද මේ එකපාරටම වුණේ කියලා.

ඔබවහන්සේගෙන් වරදක් වුණාද?
ඔව්. අපේ කටත් හොඳ නෑනේ. බණිනවනෙ. ඒත් එච්චර ලොකු වරදක් නෙවෙයි. එයාටත් ගැළවෙන්න උවමනාව තියෙන්න ඇති. ඊට පස්සේ එයා ගියා යන්න. මාත් වැඩි කල් හිටියෙ නෑ, තව එක්කෙනෙක් යාළු කරගත්තා. ඒක නම් වැඩිය බොක්කෙන් කළේ නෑ. ඊට පස්සේ ඉතින් බොක්කෙන් දෙන්න ගියොත් අපි විනාස වෙනවා කියලා මට තේරුණා.

අත්හැරීම පුරුදු වෙන්න පටන් ගත්තද?
ඔව්, බැඳෙන්නෙ නැතුව ආදරේ කරන්න පටන් ගත්තා.

එතකොට මත්පැන්, මත්කුඩු ඒ පැත්තට මොකක්ද තිබුණු සම්බන්ධෙ?
සුපිරියටම කළා. හැබැයි ඒ මගේ ජීවිතේ කොටසක් විතරයි. ඒ කොටස මං හොඳටම කළා. ඒවල පොඩි පොඩි සෑඩ් ඉෆෙක්ට්ස් තියෙනවා අදටත්.

ඒ කාලෙ නයිට් ලයිෆ් එක කොහොමද?
අවුරුදු 18, 19 විතර නයිඩ් ලයිෆ් එක තිබුණා. ෆ්‍රයිඩේ නයිට් එක පටන් ගත්තාම සන්ඩේ මොනිං විතර තමයි ඉවර වෙන්නේ. ඊට පස්සේ අවුරුදු 19, 21, 22, 25 විතර වෙද්දි නයිට් ලයිෆ්, ඩේ ලයිෆ් කියලා දෙයක් තිබුණේ නෑ.

එතකොට ඔබහන්සේට එකට ජීවත් වෙන්න පෙම්වතිය මුණගැහෙන්නේ කොයි කාලෙද?
2013 අන්තිම කාලෙ.

එතකොට ඔබවහන්සේ ඉස්කෝලෙ යනවද?
නෑ. එතකොට මම බිස්නස් එකක් කරනවා.

ඇයව හමුවෙන්නේ කොහොමද?
ෆේස්බුක් එකෙන් අහම්බෙන්. එකම පාරෙ අපේ ගෙවල් දෙක තියෙන්නේ. ඊට පස්සේ එයා එක්ක කතා කරලා මුලින්ම කෝපි එකක් බොන්න ගියා.

එකට ජීවත් වෙන්න, එයාව තෝරගන්න මොකක්ද බලපෑ ඇගේ විශේෂ හේතුව?
එහෙම හේතුවක් නෑ. ඒක නිකම්ම වුණා. එයයි මායි ගැළපුණා.

එකට ජීවත් වෙන්න ගත්ත තීරණය වගේම, ඇයි දරුවන් දෙන්නෙක්ව ලෝකෙට බිහි කරන්න හිතුණෙ?
අපි දෙන්නා ළමයින්ට කැමැතියි. හරි ආදරෙයි.

පළමු දරුවා ලැබුණෙ මොන අවුරුද්දෙද?
2016 මාර්තු 11.

දෙවැනි දරුවා ලැබුණේ?
2017 පෙබරවාරි.

බිරියගේ නම මොකක්ද?
ස්ටෙෆනි.

දරුවන්ගෙ නම් මොනවද?
ලොකු එක්කෙනාගෙ නම ඩොමිනික් උපාලි ගුණතිලක. දෙවැනි එක්කෙනා ඩේමියන් ප්‍රින්ස් ගුණතිලක.

කොහොමද අපේ හාමුදුරුවනේ විවාහ ජීවිතේ?
මම හරියට සතුටු වුණා වයිෆ් එක්ක. එයා මට කරදරයක් වුණේ නෑ.

ඒ පෙම්වතිය හම්බවුණාට පස්සේ වෙන පෙම්වතියන් ඇසුරු කරන්න ගියේ නැද්ද?
නෑ නෑ. අයෙත් කුණුගොඩවල් අවුස්සන්න ගියෙ නෑ.

එතකොට බිරිය කරපු රැකියාව මොකක්ද?
ඇය නර්ස් කෙනෙක්.

දරුවන් දෙන්නෙක් ලැබුණාම ඒක බරක් විදියටද දැනුණේ, සතුටක් විදියටද දැනුණේ?
මටත් සතුටක් දැනුණා, එයාටත් සතුටක් දැනුණා. හැබැයි පහුවෙද්දි මට පවු කියලා හිතුණා. මම ගතකරන ලයිෆ් ස්ටයිල් එකත් එක්ක, ඒ ෆැමිලි ලයිෆ් එකට ගැළපෙන්නේ නෑ.

ඒ වෙද්දි මොකක්ද ලයිෆ් ස්ටයිල් එකේ තිබුණු ගැටලුව?
මම ටිකක් දරුණු ලයිෆ් ස්ටයිල් එකක් ගත කළේ.

එහෙම හිටපු සුචිර කොහොමද එක පාරටම ජීවිතේ මේ වගේ වෙනස් සන්ධිස්ථානයකට එන්න ඉඩක් හැදුණෙ? පොඩි කාලෙත් ආගමට ධර්මයට තිබුණු බැඳීම කොහොමද?
මම පන්සල් ගියෙ නෑ. හැබැයි එක ගමක ඉන්නකොට ළඟ පන්සලක් තිබුණා. ලංකාවෙ හාමුදුරු නමක් දවසක් මට කතා කරලා බයිසිකල් එකක් දුන්නා. ඒත් එක්කම මට හාමුදුරුවන් ගැන පොඩි අදහසක් ආවා. මාව දන්නෙත් නෑ උන්වහන්සේ. කතා කරලා මට බයිසිකලයක් දීම හරහා මුල්වරට මට ඒ ගැන පුංචි ආශාවක් ආවා.

හොඳට ජීවිතේ විඳින කාලෙ ධර්මය අතහැරුණද?
ඒ කිසිම දෙයක් ගැන මම හෙව්වෙම නෑ ඒ කාලෙ.

එතකොට ධර්මයට යොමුවෙන්න ඕනෙ කියන හැඟීම ආවෙ කොතනදිද?
ළමයි දෙන්නා ලැබුණට පස්සේ මම දවසක් අපේ ඉස්තෝප්පුවෙ බියර් එකක් බොන ගමන් අහස දිහා බලාගෙන ඉන්නකොට හිතුණා මහණ වෙන්න ඕනෙ කියලා. ඊට කලින් කවදාවත් එහෙම හිතිලා තිබුණේ නෑ.

එදා එහෙම හිතෙන්න ආසන්න හේතුවක් තිබුණද?
ඒ කාලෙ වෙද්දි අපේ තාත්තා නැතිවුණා. මාමා නැතිවුණා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් තමයි. නමුත් පොඩි දෙන්නත් එක්ක මට හිතුණා මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනෙ කියලා. ඒ දෙන්නට මගේ ලයිෆ් ස්ටයිල් එකෙන් බලපෑමක් වෙන හින්දා මහණ වෙන්න ඕනෙ කියලා මම හිතුවා. මට ඕනෙ වුණේ මගේ ළමයි දෙන්නට හරි දේ උගන්වන්න නෙවෙයි, හරි දේ පෙන්නන්න. ඒ කියන්නේ මම ගතකරන ලයිෆ් ස්ටයිල් එක කවදා හරි මගේ පස්සෙන් එනවා. මම ඒක කවද නතර කළත් ඒක මගේ පස්සෙන් අනිවාර්යයෙන් එනවා. මට ඕනෙ වුණේ ඒ ජීවිතෙන් හරි විදියට මිදෙන්න. ඒ කාලෙ වෙද්දිත් මම ධර්මයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. දවසක් මෝටර් සයිකලේ යන ගමන් මට හිතුණා පාරෙ ගැට්ටක හැප්පෙන්න ඕනෙ කියලා. 120 ස්පීඩ් එකෙන් ගිහින් හැප්පුණා. වැදුණේ තාර බිමක. ලිස්සලා ගියා. තාමත් මාර්ක් එක තියෙනවා. කකුලෙ ප්ලේට් එකක් දාලා තියෙන්නේ. පිට පිච්චිලා ගියා. සතියක් හොස්පිට්ල් එකේ හිටියා.

ඇයි එදා එහෙම තීරණයක් ගත්තේ?
මට නිකන් හිතුණා එහෙම කරලා බලන්න ඕනේ කියලා.

මොන සැප වින්දත් හිතේ සතුටක් නෑ කියන එකද ඔබවහන්සේට තේරුණේ?
සතුටක් නෑ. මේ තත්ත්වෙට මගෙ ළමයි ආවොත් කියන හැඟීම තමයි මට ගොඩක් තිබුණේ. හොස්පිට්ල් එකේදි වෛද්‍යවරු කිව්වා ඔයාට මානසික ප්‍රශ්නයක්වත් වෙන ප්‍රශ්නයක්වත් නෑ කියලා. ඊට පස්සේ දවසක් ගෙදර බොනකොට අපේ අම්මා ආවා. ‘පුතේ මොකක්ද ප්‍රශ්නෙ’ කියලා අම්මා ඇහුවා. මං කිව්වා ‘අම්මේ ජීවිතේ රී සෙට් බට්න් එක ඔබාගන්න ඕනෙ’ කියලා. පැවිදි වෙන්න ඕනෙ ආසාවක් තිබුණෙ නෑ එතකොට. එතකොට අම්මා කිව්වා ලංකාවෙ ඉන්නවා අපි හඳුනන හාමුදුරු නමක් අනුරාධපුරේ. ඔයා එතැනට යන්න කියලා. මම ඒ පාර 2018 අප්‍රේල් මාසෙ ලංකාවට ආවා.

බිරියට මොකක්ද ඔබවහන්සේ කිව්වේ, ලංකාවට එන්න කලින්?
මම කිව්වා මම පන්සලට යනවා. මගේ ජීවිතේ වෙනස් කරගන්න මම උත්සාහ කරගන්න. මිනිසුන්ට උදව් කරන්න. කුටියක් හදන්න, භාවනා ශාලාවක් හදන්න. ඒ අරමුණෙන් තමයි මම ආවෙ. එයා කැමැති වුණා. කිසි ප්‍රශ්නයක් වුණේ නෑ.

ඒ වෙද්දි දරුවො දාලා එන එක දැනුණෙ කොහොමද?
හරිම වේදනාවක්. හැබැයි මම ලංකාවට ඇවිත් මාස දෙකයි හිටියෙ. ඒ අනුරාධපුරේ ස්වාමින්වහන්සේ මට ඉංග්‍රීසියෙන් යම් යම් දේවල් පැහැදිලි කළා. ඒ අතර මම කුටි හැදුවා, භාවනා ශාලාවක් හැදුවා. ඊට පස්සේ මම ආයෙත් ඔස්ටේ්‍රලියාවට ආවා. ගෙදර ආවට පස්සේ උන්වහන්සේ කී දේවල් මගෙ ඔළුවෙ වැඩ කරනවා.

මොනවද ඔබවහන්සේට දැනුණු දේවල්?
උන්වහන්සේ මට කියලා දුන්නේ මූලිකම දේවල්. දුක හටගන්න හැටි, දුකට හේතුව වගේ දේවල්. ඊට පස්සේ මම ගෙදරදි ඒ ගැන තව දුරටත් හොයන්න ගත්තා. අජාන් චාගෙ පොත් කියෙව්වා. ඔය විදියට ගිහින් 2018 අන්තිම තීරණයට ආවා මම මහණ වෙන්න යනවා කියලා. ඒ ගැන වයිෆ්ට කියලා එයාගෙ කැමැත්ත ඇතිව මම ලංකාවට ආවා.

එතකොට බිරිය ඒ තීරණයට එන්නේ කරන්න දෙයක් නැති හින්දද, නැත්නම් එයත් කැමැත්තෙන්ම ඒ තීරණේ ගන්න සූදානමින් හිටියද?
එයා 200%ක් කැමැත්තෙන් හිටියා. එයාට තේරුණා මම එහෙ හිටියොත් වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ කියලා. ඇත්තම කතාව ඒකයි.

පුංචි දරුවො දෙන්නෙක් ඉන්නැද්දි ඒ අයව අතහැරලා මහණ වෙන්න යන එක වගකීමක් පැහැර හැරීමක් නෙවෙයිද?
නෑ නෑ. මම වගකීම සම්පූර්ණයෙන්ම ඉටුකළා. තාත්තා කෙනෙක් හැටියට ඒ ළමයින්ට ආදර්ශවත් වෙන්න ඕනනෙ. කන්න දෙන්න ඕනෙ කෙනකුට පුළුවන්. හැබැයි ළමයෙකුට ජීවිතේ යථාර්ථය පෙන්නන්න පුළුවන් කීයෙන් කීදෙනාටද?

දරුවන්ට තාත්තා කෙනකුගෙ ආදරේ නැතිවීම දුකක් කියලා දැනෙන්නෙ නැද්ද?
ඒ අයට කිසි ගානක් නෑ. ඒ ගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් නෑ. මගෙ පින්තූරයක් දැක්කාම ‘ඩැඩී සාදු’ කියලා කියනවාලු. දන්නවා තාත්තා කියලා.

ඔබ ලංකාවට යන දවසෙ මොකක්ද දැනිච්ච හැඟීම?
මාර දුකයි. ඒ දුක උපරිමම දැනුණා. හිරි වැටුණා වගේ දුකක්. අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ. කියාගන්න දේකුත් නෑ. පුදුම ෂොක් එකක්.

හිත වෙනස් කරගන්න හිතුණේ නැද්ද?
කීපාරක් වෙනස් වුණාද? ප්ලේන් එකට යනකොට වෙනස් වුණා. ගේට් එකේ ඉන්නකොට වෙනස් වුණා. ප්ලේන් එකේ වාඩිවෙලා ඉන්නකොට වෙනස් වුණා. පන්සලට ආවාම වෙනස් වුණා.

ඒ වෙලාවට වයිෆ්ට කතා කරනවද?
වයිෆ් මැසේජ් කරලා කියනවා කොහොම හරි කාගෙන ඉන්න කියලා. පස්සේ තමයි මම දන්නේ එයත් ගොඩක් අඬලා තියෙනවා. එයා තමයි ඒ කාලෙ මගෙ හයියට හිටියේ. ඒ පන්සලේ ඉන්නකොට මගෙ ටැටූස් නිසා ඒ හාමුදුරුවො මාව පැවිදි කරන්න ටිකක් මැළි වුණා. උන්වහන්සේ ටිකක් සාම්ප්‍රදායික ස්වාමින්වහන්සේ නමක්. ඊට පස්සේ මම තීරණයක් ගත්තා එතැනින් යනවා කියලා. උන්වහන්සේට ඒ ගැන කියලා මම කොළඹ ආවා. ඒ එද්දි මට අහම්බෙන් පත්තරේ ගිය ලිපියක් කියවන්න ලැබුණා පච්ච කොටපු අයව පැවිදි කරන තැනක් තියෙනවා කියලා. තිත්තගල්ලේ ආනන්දසිරි කියලා ස්වාමින්වහන්සේ නමක් එතැන ඉන්නේ. මම එතැනට කතා කළාම කිව්වා නුගේගොඩ සැසිප් එකට එන්න, ඒකෙ ධර්ම දේශනාවක් තියෙනවා කියලා. මම ඒකට ගිහින් උන්වහන්සේට කතා කළා. මගේ පච්ච කොටලා තියෙනවා, මට සිංහල වැඩිය බෑ, නමුත් මට පැවිදි වෙන්න ඕනෙ කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා කමක් නෑ එන්න කියලා. ඊට පස්සේ ජනවාරි 07 වැනිදා මම උන්වහන්සේගෙ ගාල්ලෙ ‘මෙත් බෝ සෙවණ’ට ගියා. අගෝස්තු 04 වැනිදා මම පැවිදි වුණා. ඒ වෙනකම් වැඩ කළා. ඉස්සර කරපු දේවල්වල විපාක ටික පස්සෙන් ආවා.

ඒ කියන්නේ?
වස විස පිටකරන්න ගත්තා. මත්ද්‍රව්‍ය ගත්තු ඒවයෙ බලපෑම් එන්න ගත්තා. ටිකක් අමාරු වුණා මුල් කාලෙදි. ඇඟේ ගෙඩි දාන්න ගත්තා. ඒ වගේ දේවල් වුණා.

ඔබවහන්සේගේ මහණ පින්කමට බිරිය ආවද?
ඔව් එයා ආවා. එයාගෙ අම්මයි අපේ අම්මත් ආවා.

ඒ අයගෙ ප්‍රතිචාර කොහොමද?
සතුටුයි. කඳුළු එනවා. හැබැයි මාර සතුටකින් හිටියෙ.

ඔබවහන්සේගේ බිරිය බෞද්ධද?
නෑ, එයා කතෝලික. ඔස්ටේ්‍රලියානු ජාතික කෙනෙක්.

හැබැයි එයාට අත්හැරීම ගැන පුදුමාකාර අවබෝධයක් සහ හැකියාවක් තියෙනව නේද?
ඔව්. මට තේරුම් ගන්නත් බෑ ඒක. කොහොමද, කාගෙන්ද ඒක ලැබුණෙ කියලා. මම එයාට සතියකට කලින් කතා කරලා කිව්වා ලබන සතියෙ මම පැවිදි වෙනවා කියලා. එන්න අවශ්‍ය නෑ කියලා. ඒත් එයා සිකුරාදා වෙද්දි ප්ලේන් එකට නැගලා සෙනසුරාදා ලංකාවට ඇවිත්, ඉරිදා පින්කමට ඉඳලා සඳුදා ආයෙත් එයා ඔස්ටේ්‍රලියාවට ගියා. මාර මනුස්සයෙක්.

දැන් ඔබවහන්සේ මහණ වෙලා අවුරුදු දෙකක්. ඒ අවුරුදු දෙකට බිරිය සහ දරුවන් ආයෙත් මෙහෙට ආවද?
කොරෝනා වසංගතය නිසා ආවෙ නෑ.

එතකොට කොහොමද සම්බන්ධය ඒ අයත් එක්ක?
ඉඳලා හිටලා කතා කරනවා. ළමයින්ට එහෙම ගානක් නෑ. එයාලා හොඳින් ඉන්නවා.

බිරියට සැමියෙක් විදියට ඔබවහන්සේ කළේ අසාධාරණයක් කියලා හිතෙන්නෙ නැද්ද?
මමත් එයාට නිදහසක් දුන්නා කියලා හිතනවා. එයාව නිදහස් කළා වගේ මට දැනෙන්නේ. එයා කොහොමත් ළමයි බලාගන්න එක වගකීමෙන් කරනවා. එහෙම මුකුත් ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ.

ඒ වගේ කැමැත්තෙන්ම සැමියෙකුට හරි පාරෙ යන්න ඉඩක් දීලා ඉවසගෙන බලන් ඉන්න පුළුවන් කියන එක ලේසි නෑ?
මම ධර්මයක් හොයාගෙන තේරුම් ගන්න යනවනෙ. මං හිතන්නේ ඒ මනුස්සයට ඒක තේරිලා. මොකක් හරි තේරිලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් එහෙම ඉන්නවද ළමයි දෙන්නෙකුත් බලාගෙන.

ගත්ත තීරණය ගැන පසුතැවීමක් තියෙනවද?
නෑ. කිසිම පසුතැවීමක් නෑ.

ඔබවහන්සේට තේරෙනවද ජීවිතයේ සැබෑම සතුට හොයාගෙන ආපු මේ ගමන හරි කියලා?
ඔව්. ඒ මට හොඳට දැනෙනව.

බැඳීම අඩුවෙන තරමට සතුට වැඩිද?
බැඳීම් අඩු කරගන්න කියලා එකක් නෑ. බැඳීම්වලට තියෙන වටිනාකම අඩුකරගන්න එක තමයි ඇතුළෙ තියෙන සැහැල්ලුව.

ඔබවහන්සේට දැනෙන හැඟෙන දේවල් ඔබවහන්සේගේ බිරියට, දරුවන්ට කියාදෙන්න ඕනෙ කියලා හඟීමක් ඇතිවෙලා නැද්ද?
ඒ අයට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. හැබැයි ඒගොල්ලො ඇහුවොත් මම ඇයි මෙහෙම පැවිදි වෙන්න ගියේ කියලා, මම ඒගොල්ලන්ට පෙන්නනවා තමන් ගාවම තියෙන දේ හොයාගන්න තමයි මම ආවෙ කියලා.

තාත්තා ආපු පාරෙම එන්න දරුවො කැමැති වුණොත් යම් දවසක?
ඒගොල්ලන්ගෙ අම්මත් කියලා තියෙන්නේ බොහෝ දුරට ඒගොල්ලො දවසක යයි කියලා. බොහෝ දුරට ඒ අයත් පැවිදි ජීවිතයට එන්න ඉඩ තියෙනවා.

ඉතින් අපේ හාමුදුරුවො සඳහන් කළ කාරණා ගැන හදවතින් වෙනුවට මනසින් හිතා තීරණයක් ගත්තොත් ඔබටත් ජීවිතයේ සුන්දර බව තියෙන තැන හොයාගන්න පුළුවන්. ඒ සුන්දරත්වය තියෙන්නෙ වෙන කොතැනකවත් නෙවෙයි අපේ හිත තුළමයි.

සකස් කළේ චානක ලියනගේ

SendShareShare
Previous Post

අයවැය‌ට අත ඉස්සුවාට හකීම් පක්ෂයෙන් තුන්දෙනෙක් පන්නයි!

Next Post

කොටකෙතන ගෑනු මැරුවා වගේ වැලිමඩ පිරිමි උස්සන ගමක්!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.