• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොටකෙතන ගෑනු මැරුවා වගේ වැලිමඩ පිරිමි උස්සන ගමක්!

November 24, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කොටකෙතන ගෑනු මැරුවා වගේ වැලිමඩ පිරිමි උස්සන ගමක්!
Share on WhatsAppShare on Facebook

“මගේ මහත්තයා අහිංසක කෙනෙක්. කොහේ හරි ඉන්නවා නම් මගේ මහත්තයාව ගෙනත් දෙන්න පිං අයිති වෙයි… එයාව අතක් පයක් කඩලා හරි පුළුවන් නම් ගෙනත් දාන්න. මගේ දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක් ඕනේ… අපි හරිම සතුටෙන් ජීවත්වුණු පවුලක්… අපිට කරදර පිට කරදර තිබුණු කාලයක් තිබුණා… ඒ කාලෙ මෙහෙම දෙයක් සිද්ධ වුණා නම් ඇත්තටම හිත හදාගන්න තිබුණා… ඒ කරදර ඉවරවෙලා අපි සතුටෙන් ජීවත් වෙලා හිටියේ… දරුවන්ගේ අනාගතේ පටන්ගත්තා විතරයි තාම… ඇයි අපිට මෙහෙම දෙයක් වුණේ…”

මේ පසුගියදා වැලිමඩ නගරයෙන් අසන්නට ලැබුණු ඛේදනිය සිදුවීමකින් අසරණ වුණු කාන්තාවකගේ විලාපයයි. ඇය එසේ විලාප නඟන්නට වුණේ ඇගේ ස්වාමිපුරුෂයා හිටි හැටියේ අතුරුදන් වීම හේතුවෙනුයි. මීට වසර කිහිපයකට ඉහතදී රටම කම්පා කරමින් කාන්තාවන් ගණනාවක් දිනෙන් දින අතුරුදන් වීමේ සිදුවීම් වාර්තා වුණේ රත්නපුර කොටකෙතන ගම්මානයෙන්. ඊට යම් සමානකමක් දැක්වුවද වැලිමඩ ප්‍රදේශයෙන් මේ වන විට අතුරුදන්ව ඇත්තේ පිරිමි පුද්ගලයන් වන අතර වසරක කාලයක් තුළ මෙලෙස පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව තිබෙනවා.

වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ තුසිත් කුමාර් මහතාගෙන් මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවයි. එසේම මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අතුරුදන්ව ඇත්තේ වැලිමඩ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 46 හැවිරිදි ප්‍රේමසිරි නෙලුම්දෙණිය නමැත්තෙක්. ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරමින් සිට ඇති අතර දරුවන්ට ආහාර රැගෙන ඒම සඳහා වැලිමඩ නගරයට ගිය අතරතුර ඔහුව කිසියම් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක බලහත්කාරයෙන් නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා. පැහැරගැනීමේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනද සොයාගෙන ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.

පැහැරගැනීමට ලක්වූ ප්‍රේමසිරි නෙලුම්දෙණිය මහතා දරුවන් දෙදෙනකුගේ පියෙක්. ඔහුගේ වැඩිමහල් දියණිය චාමිකා ගයත්‍රී, බණ්ඩාරවෙල මධ්‍ය විදුහලේ උසස් පෙළ හදාරන අතර, දුමිඳු කල්හාර වැලිමඩ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

තම ස්වාමිපුරුෂයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ බිරිය වන නිල්මිණි සේමචිත්‍රා මහත්මිය මෙලෙස අදහස් පළ කළා.

“පසුගිය 26 වැනිදා මගේ මහත්තයා වැඩට ගිහින් සවස 2.30ට විතර ගෙදර ආවා. නැවතත් සවස 4ට විතර ටවුමට ගියේ එළවළුයි හවස තේ බොන්න මොනවා හරි අරගෙන එන්නම් කියලා. අපි මහත්තයා එන්න පරක්කු නිසා හවස 5.30ට විතර මහත්තයට කෝල් කරලා බැලු‍වා. එතකොටත් ෆෝන් එක වැඩ කළේ නැහැ. එයා අතුරුදන් වෙලා අදට දවස් 26ක් වෙනවා. අපි දන්න දේවාල ගානේ ගියා. සාස්තර අහනකොට කියන්නේ තුන්දෙනෙක් එක්ක හිරකරගෙන ඉන්නවා කියලා. දරුවෝ කියනවා තාත්තා කවදා හරි ආපහු එයි කියලා. පොලිසියෙන් කියන්නේ ඔයාලත් හොයන්න, ඔයාලට තොරතුරක් ආවොත් අපිට කියන්න කියලා. නමුත් තාමත් විසඳුමක් නැහැ. මම දන්න විදියට මගේ මහත්තයට තරහාකාරයෝ හිටියෙ නැහැ. අපි කුළු‍බඩු පැකට් කරලා අලෙවි කිරීම ස්වයං රැකියාවක් විදියට කළා. අපට ඒ ව්‍යාපාරය සති හතරයි කරන්න පුළුවන් වුණේ. පස්වැනි සතියේ මහත්තයා නැහැ.

මහත්තයා එයාගෙ කාර්යාලයේ කවුරු ආශ්‍රය කළාද කියලා අපි දන්නේ නැහැ. ගමේ සංගීත සංදර්ශනවලටත් යනවා සින්දු කියන්න. ඊට අමතරව එයා මඟුල් පෝරු, පිරිත් මණ්ඩපත් හදනවා. මඟුල් ගෙදරකදි ඇරෙන්න මත්පැන් පානය කරන්නෙත් නැහැ. ගොඩාක් ආගම දහම එක්ක බැඳිච්ච කෙනෙක් එයා.

අපි මහත්තයාව කැලෑ ගානේ ගංගාවල් ගානේ පීර පිරා හෙව්වා. ඒ පාරේ හවස යනකොට එක සෙරෙප්පුවක්, පර්ස් එකක් ගෙනත් දාලා ගිහින් තිබිලා හම්බවුණා. ඒවා හම්බවෙලා තිබුණේ ඇටම්පිටිය හරියේදි. පොලිසියට අපි මේ ගැන කිව්වාම එයාලා කිව්වේ ඔයාලා හොයන නිසා ඒවා ඒ පැත්තට කවුරු හරි ගෙනත් දාන්න ඇති කියලා. මේ ගමේ මීට වැඩිය දේවල් සිද්ධ වෙලා තියෙනවා. මීට වඩා අවධානයෙන් කටයුතු කරලා මෙවැනි අපරාධ වළක්වන්න කටයුතු කරන්න කියලයි අපි පොලිසියෙන් ඉල්ලන්නේ. මේ වගේ දේවල් යට යන හින්දා තමයි මේ ගමේ මේ වගේ අපරාධ තව තවත් සිද්ධ වෙන්නේ….”

සිය බාල සහෝදරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ සහෝදරිය වන ධනවතී මහත්මිය මෙසේ පැවැසුවා.

“මගේ මල්ලිට මොනව වුණාද කියන්න දන්නේ නැහැ සී.සී.ටී.වී. කැමරා දර්ශනවල තියෙනවා තුන්දෙනෙක් මල්ලිව ත්‍රීවීල් එකට දාගන්නවා. වැලිමඩ ඉඳලා ඒ ත්‍රීවීල් එකේ ගෙනිහින් බදුල්ලේදි වෙනත් වාහනයකට දාගත්තා කියලා ඒ ත්‍රීවීල් අයිති කෙනා කියලා තියෙනවා. අපේ මල්ලි සතෙකුටවත් හිරිහැරයක් නොකරන හරි අහිංසක කෙනෙක්. එයාට ඇයි මෙහෙම වුණේ කියලා අපි කල්පනා කරන්නේ. මේ සිද්ධියත් එක්ක මල්ලිගේ පවුල අසරණ වෙලා ඉන්නේ….”

මේ අතුරුදන්වීමේ වේදනාව දැනෙන්නේ ප්‍රේමසිරිගේ පවුලේ අයට මිස වෙන කාටද? දරු දෙදෙනකුට පියෙකුත්, බිරියකට සැමියකුත් අද අහිමි වෙලා. ඒ දරුවන් තම ආදරණීය තාත්තා කොයි මොහොතේ හෝ යළිත් ගෙදර ඒවි යන බලාපොරොත්තුවෙන් මඟ බලාගෙන සිටිනවා. පැහැරගැනීම සිදුකළ හේතුවක සේයාවක්වත් නොදන්නා ඒ දරුවන් මෙන්ම බිරියද මේ මොහොතේ අන්ත අසරණව සිටින බවට නම් සැකයක් නෑ.

ඒත් පිළිතුරු නැති මේ ප්‍රශ්නයට හෙට දිනයේ සොබාදහම පිළිතුරු ලබාදෙනු ඇති. ඒ පිළිතුරෙන් මේ දරු දෙදෙනාටත්, ඔහුගේ බිරියටත් සැනසීමක් ලැබේවා යන්න අප සැමගේ පැතුමයි.

ප්‍රේමසිරි නෙලුම්දෙණිය මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා.

0714959835 / 0788977783

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඇඟ පුරාම ටැටූ ගහගෙන ඉඳලා ඇයි එකපාරටම පැවිදි වුණේ?

Next Post

ඇලෝෂියස්ලගේ මහබැංකුවේ සල්ලි බැසිල්ට ගන්න පුළුවන්ද?

MORE NEWS

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

Load More
Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සජිත් සහ රාහුල් එකම ගේමකද? 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ රජයට ගෝල්ෆේස්හි ආරම්භ වූ ‘ගෝඨා ගෝ හෝම්’ ජනතා අරගලය සිහිගන්වමින් ඉන්දියාවේද...

Read more
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.