• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බච්චන් ලංකාවේ යොහානිව එක රැයෙන් ලෝකෙට අරන් ගියා… ෂාරුක් එක රැයෙන් ලෝකෙට අරන් ගිය කවුද මේ ලංකාවේ අර්ජුන් I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive, Heart, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සල්ලියි බලයයි ජනප්‍රියත්වයයි සීමාවක් නැතුව මිනිහෙකුට ලැබෙන්න හොඳ නැතිය’ කියලා කතාවක් තියෙනවා. එහෙම හැම දේම ලැබුණාම ඒක ඒ මිනිහගේ අවසානය හෝ විනාශය කියලත් සමහරු කියනවා.(Sri Lanka Latest News)

තවත් සමහර දෙනා කියන්නේ හැම දේම පමණ ඉක්මවා ලැබුණාම ඕනෑම කෙනෙක් නරකට යොමුවෙනවා, තමන්ගේ ප්‍රතිරූපයට හානි කරගන්නවා, අයාලේ යනවා, අන්තිමේදී සමාජය හමුවේ අයහපත් චරිතයක් වෙනවා කියලයි. කවදාක හරි ඒ අය මැරිලා යන්නෙත් හරිහම්බ කරගත්ත බලයයි සල්ලියි ජනප්‍රියත්වයයි නැත්තටම නැතිකරගෙනයි.

බලය, මුදල්, ජනප්‍රියත්වය සීමාවක් ලැතුව ලැබෙන හැමෝටම එහෙම වෙනවද?

නැහැ, ඔය හැම දේම හරි හරියට පිරෙන්න ඉතිරෙන්න හම්බ වුණත් ඉතා සරලව දවස ගෙවන ප්‍රසිද්ධ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. බොලිවුඩ්වල ඔටුනු පලන් රජතුමා වෙච්ච ෂාරුක් ඛාන් කියන්නේ එහෙම සරල චරිතයක්.

ෂාරුක් ඛාන්ට මොනවද අද නැත්තේ?

අන්න ඒ ප්‍රශ්නයට හරියටම හරියන උත්තරයක් දෙන එක කාටවත් ලේසි වෙන්නේ නැහැ. ඒ තරමට කිසිම හිස්තැනක් නැති ෂාරුක්ගේ ජීවිතේ යසඉසුරෙන් අනූන වෙලයි තියෙන්නේ. කිසිම අඩුවක් නැති කුමාර ජීවිතයක් ගතකළත් අන්තිම ඉහළ තැනක හිටියත් ෂාරුක් ඛාන් උපතින්ම ඔහුට ලැබුණු නිහතමානීකමටයි, සරල බවටයි එක අබ ඇටේක තරමෙන්වත් හානියක් කරගත්තෙ නැහැ.

ඒ වගේම ෂාරුක් කියන්නේ හුඟක් නිහතමානී චරිතයක්. මතකයිනේ ප්‍රවීණ දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකුව ඉන්න ඇට්ලි කුමාර්ගේ කතාව. දෙදහස් දහතුනේදී තමන්ගේය කියන කිසිම ආකාරයක සුවිශේෂ වටිනාකමක් ලෝකයට හෙළිදරව් කරගන්න බැරිව හිටිය කාලෙත් ඇට්ලි කුමාර්ගේ කර වටේ අත දාගෙන හරිම නිහතමානීව ෂාරුක් ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටිනවා.

‘ෂාරුක් සර්, ප්ලීස් මාත් එක්ක ෆොටෝ එකක් ගන්න එන්න පුළුවන්ද…?’

එවකටත් කිං ඛාන්ගේ ලෙවල් එකට හිටපු ෂාරුක්ගෙන් ඇට්ලි කුමාර් බොහොම කුලෑටි විදියට කරපු ඉල්ලීමට ෂාරූක් ආඩම්බරකමක් නැතිව කන් දුන්නා. ලස්සනට හිනාවෙලා ෆොටෝ එකට උන්නා. ඊට අවුරුදු ගණනකට පස්සේ ‘රෙඩ් චිලීස්’ ස්ටුඩියෝ එකට තමාව හමුවෙන්න ආව ඇට්ලිට ෂාරුක් කතා කළේ ‘සර් ඇට්ලි’ කියලයි. ඉන් පස්සේ ඇට්ලිගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබුණු වෙලේ රූගත කිරීම් කරනකොට සෙට් එකේදිත් ෂාරුක් ඇට්ලිට කතා කළේ ‘සර්’ කියලයි.

තමාට වැඩිය අඩු මට්ටමක ඉන්න කෙනකුට වුණත් ගරුකළ යුතු අවස්ථාවක ගරු කරන්න ෂාරුක් කවදාවත් පසුබෑවේ නැහැ. රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවන වෙලාවක එක් අවස්ථාවක ෂාරුක්ට තමාගේම සම වයසේ කාන්තාවක් සමග කතිකාවක නියැළෙන්න සිද්ධ වෙනවා. එතැනදී ඒ අහංකාර කාන්තාව ෂාරුක්ට අවමානයක් වෙන ආකාරයේ අදහස් දැක්වීමක නිරත වෙන්න ගන්නවා. එහිදී ඇය එක තැනකදී මෙහෙම ප්‍රකාශයක් කරනවා.

‘ඔබ මහා ලොකු රංගන ශිල්පියෙකැයි බොහෝ දෙනකු හිතාගෙන හිටියට මම නම් ඔබව දකින්නේ පැතලි වීර චරිත කරන හිස් තරුවක් විදියටයි. මට එහෙම දැනෙන එක ගැන ඔබ දරන මතය කුමක්ද?’

එතැනදී ෂාරුක් බොහොම සැහැල්ලුවට යන්තමට හිනා වෙනවා.

‘මගේ මතය මොනවටද? ඔබ කිව්වේ ඔබට දැනෙන විදිය. එහි වරදක් දකින්නවත් එයට විරුද්ධත්වයක් දක්වන්නටවත් මට මොන අයිතියක්ද? අවංකවම මා ඉදිරියේ ඔබේ අදහස ප්‍රකාශ කළ එක ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා…’

ෂාරුක් ඛාන් කියන්නේ අන්න එහෙම මහත්මා ගති තියෙන උසස් චරිතයක්. තමාව අගය කරන අයට ස්තුති කරන්න වගේම තමාට අවමන් කරන අයකුට ආපිට අවමන් කරන්නෙ නැතුව නිහඬව හිස නමන්නටත් ෂාරුක් හුරුපුරුදුව හිටියා. ඒ වගේම තරාතිරමක් නැතිව හොඳ යමක් කරන ඕනෑම අයකුව අගය කරන යහපත් ගති ස්වභාවයක් ෂාරුක් ළඟ තිබුණා.

‘උඹ කවුද? මමයි පොර…’ කියන තියරිය ෂාරුක් ළඟ කවදාවත් තිබුණෙ නැහැ. ඒ හින්දම තමයි ලංකාවේ සිංහල කොල්ලෙක්වත් අගය කරලා ඒ අගය ලෝකෙටම පේන්න ලස්සන අකුරු පෙළක් එක්ක කමෙන්ට් එකක් විදියට සටහන් කරන්නත් ෂාරුක් ඛාන් නිරහංකාර වුණේ.

කවුද ෂාරුක්ගේ අගය දිනාගත්ත ලංකාවේ කොල්ලා…? මොනවටද ෂාරුක් ඔහුව අගය කෙරුවේ…?’

ලංකාවේ කොල්ලා ‘අර්ජුන්’. අර්ජුන් කියන්නේ සුපිරි මට්ටමේ වැඩ්ඩෙක්. ලංකාවේ ඉපදුණාට අර්ජුන් පදිංචි වෙලා ඉන්නේ එක්සත් රාජධානියේ. ලංකාවේ ඉහළම තලයේ සංගීත කණ්ඩායම් අතර එකක් වුණු ‘ජිප්සීස්’ එකේ ඉන්න පියල් පෙරේරාගේ ලේ නෑයෙක් වුණු අර්ජුන් සින්දු කියන්න ලියන්න වගේම තනු නිර්මාණය කරන්නත් අතිදක්ෂයි. ඔහු නිර්මාණය කරපු ‘ඕයේ ඔජායේ’ සින්දුවේ ප්‍රතිනිර්මාණයක් පසුගිය දිනෙක සමාජ ජාලවල සංසරණය වුණා.

ෂාරුක් ඛාන්, අර්ජුන්ට ප්‍රශංසා කළේ ඔහුගේ කොයි නිර්මාණයටද?

කෝටි ප්‍රකෝටි ගණන් උපයමින් ඉන්දියාවේ තිරගත වන ෂාරුක්ගේ ජවාන් චිත්‍රපටයේ චලේයා (Chaleya) සින්දුව අර්ජුන් ඉංග්‍රීසි බසින් ප්‍රතිනිර්මාණය කොට ඉතා අලංකාරව ගායනා කළා. ඉතා හැඟීම්බර අර්ජුන් ගායනා කළ චලේයා ඉංග්‍රීසි අනුවාදය සමාජ ජාල වෙබ් අඩවි පුරා ජයටම සංසරණය වෙන්න ගත්තා. එය ෂාරුක්ගේ ඇසට හසුවුණේ ඒ අතරමයි. ෂාරුක් එයට ඉතා වුවමනාවෙන් සවන් දුන්නා. ඔහුගේ හිතට ඒ සින්දුව තදින්ම දැනුණා. කිහිප වතාවක්ම ඔහු එය නැවත නැවත ඇසුවා. දැන් ෂාරුක්ගේ හිත හැඟීම්බරයි.

‘කවුද මේ හාදයා? මිනිහා නියමයි. හිතට වැදෙන්න සින්දුව කියනවා…’

ෂාරුක්ට එහෙම හිතුණා. අනතුරුව ඔහුගේ අතැඟිලි සලිත වෙන්න ගත්තා. අර්ජුන්ගේ සිත්කලු නිර්මාණය වෙනුවෙන් අගයක් නොදුන්නොත් හිතට හොඳ මදි බව ඔහුට දැනුණා.

Thank you my man. Awesome stuff… Love it…

(නියමයි මචං. ඒක මාරයි. ඒ සින්දුව කියලා තියෙන අපූරුව ගැන මට මහා ආදරයක් දැනුණා…)

ඉන් පස්සේ තමයි ෂාරුක් ඒ විදියට තම සතුට ප්‍රතිචාරයක් ලෙස සටහන් කළේ.

ඇයි ෂාරුක් එහෙම කළේ? බොලිවුඩයේ කිං ඛාන් තමන් දැකලවත් නැති, දන්නෙවත් නැති ලංකාවේ සිංහල කොල්ලෙකුට එහෙම අගයක් දෙන්න හිතුවේ මොන හේතුවකටද?

හේතුව ඔහුගේ නිහතමානීකම. හිතට අරන් නැතිකම. මමයි මිනිහා කියන උද්දච්චකම නැතිකම. ඒ හින්දයි කියන්නේ, මුදලයි, බලයයි, ජනප්‍රියත්වයයි තියෙන හැම මිනිහම යකාට යන්නෙ නැහැ. නරුමයෝ වෙන්නෙත් නැහැ. සැප සම්පත් මොන තරම් ලැබුණත් මනුස්සකම අගයන කිං ඛාන් වාගේ සුපිරි රජවරුත් මේ ලෝකෙ ඉන්නවා.

ෂාරුක්ට සැලියුට් එකක් ගහන ගමන් අපි අර්ජුන්ටත් ‘නියමයි අර්ජුන්’ කියලා ක්ලැප් එකක් දෙමු.

ඒ අතරම අර්ජුන්ගේ ඔජායේ නිව් වර්ෂන් එකටත් සුබ පැතුම් කියලා සටහනක් දාමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහ වැසි මැද බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි! Sri Lanka Latest News

Next Post

ජනප්‍රියම මාධ්‍යවේදියා චමුදිත! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.