පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවිය.
බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර අඩි හතරක පමණ මාර්ගය ජලය පිරී ගොස් තිබිණි.
ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වූහ.
lankadeepa