• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද මේ පැතුම් කර්නර්?

August 10, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කවුද මේ පැතුම් කර්නර්?
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව ගාලුමුවදොර පිටියෙන් ආරම්භ කෙරුණු මහා ජන අරගලය මේ වන විට යම් කූඨප්‍රාප්තියකට පැමිණ තිබෙනවා. එහිදී අපේක්ෂා කළ මූලිකම අරමුණු සියල්ල ඒ අයුරින්ම සාක්ෂාත් කරගැනීමට නොහැකි වුවත්, අරගලය 100%ක්ම අසාර්ථක වූවා යැයි කියන්නට බැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීම, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වීම සහ ඇමැති මණ්ඩලය ඉවත් වීම වැනි අරගලයේ ප්‍රමුඛ අපේක්ෂාවන් කිහිපයක්ම දිනාගන්නට ගාලුමුවදොර පිටියට ඒකරාශී වූ ජනතාවට කෙටි කාලයක් තුළ හැකි වුණා.

අරගලය, ජනතා නැගිටීම කියන වචන කොයි තරම් අසා තිබුණත් ලාංකේය ජනතාවට එය මේ තරම් පුළුල්ව අත්විඳින්නට ලැබුණේ පසුගිය ජූලි 09 වැනිදා යැයි කිව්වොත් එය නිවැරැදියි. එක් දිනෙක ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගාලුමුවදොරට ඒකරාශී වී දැක්වූ දැවැන්ත විරෝධය හමුවේ විධායක බලතල සහිත ජනාධිපතිවරයාට රහසේම රටින් පිටවී යන්නට පවා සිදුවුණා. එය ලාංකේය අපට අරගලය ගැන අලුත් අත්දැකීමක් ලබාදෙන්නට සමත් වූ සිදුවීමක්ද වුණා.

මේ සුවිශේෂ අරගලයට පාර කැපූ, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අරගලය උදෙසා මේ අයුරින් පෙළගැස්වූ තනි පුද්ගලයකු සිටීදැයි බොහෝ දෙනකුට තවමත් ඇත්තේ නොවිසඳුණු ප්‍රශ්නයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මෙහි සැඟවුණු නිර්මාපකයා යැයි බොහෝ දෙනකු විශ්වාස කරනවා. ඔහුගේ සැඟවුණු නායකත්වය තුළ අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අරගලය මෙහෙයවූ බව තවත් බොහෝ දෙනාගේ විශ්වාසයයි. රසිඳු සේනාරත්න හෙවත් රැට්ටා, වසන්ත මුදලිගේ, ජීවන්ත පීරිස් පියතුමා, ජෙහාන් අප්පුහාමි වැනි චරිත රාශියක් අරගල භූමියෙන් මතුවී ජනතා හදවත්වලට කිඳාබැස්සේ අරගලය අඛණ්ඩව ගලාගෙන ගිය අතරවාරයේදීයි. ඒ සියලු මතිමතාන්තර අතර ‘පැතුම් කර්නර්’ යන නමද අවස්ථා ගණනාවකදී අඩු වැඩි වශයෙන් කියැවෙන්නට වුණා. විදෙස් රටක සිටිමින් අරගලය මෙහෙයවන අදිසි හස්තය ඔහු බවට ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව සමාජ මාධ්‍යවල අදහස් පළ කළා. ඔවුන්ගේ එම මතය යම් තරමකට තහවුරු කරමින් පැතුම් කර්නර් නමැති මෙම තරුණයා අරගලයේ උණුසුම්ම අවධියේදී ගාලුමුවදොර පිටියෙන් මතුවුණා. අරගලකරුවන්ට නායකත්වය දෙමින් ඔහු ජනතාව අමතන අයුරුත්, තරුණ තරුණියන් සමග සංවාදයේ යෙදෙන අයුරුත් සියල්ලන්ටම දැකගන්නට ලැබුණා. එලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් අරගලයට දායකත්වය දැක්වූ ඔහුට එක් අවස්ථාවක පහරදීමක් පවා සිදුවුණා. එසේම පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුවූ කලහකාරී සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පැතුම් දින හතක පමණ කාලයක් රිමාන්ඩ් භාරයටද පත් කළා. මේ සියලු හැලහැප්පීම්වලට මුහුණ දුන් ඔහු කවුද? අරගලයට ඔහුගේ ආගමනය සිදුවන්නේ කෙසේද? දේශපාලනයට පිවිසීමට ඔහුට ඇති සුදුසුකම් මොනවද? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයා යෑමේදී පැතුම් කර්නර් යනු කවුරුන්ද යන්න පිළිබඳ ඔහු විසින්ම සිදුකරන අදහස් දැක්වීමක් සහිත වීඩියෝවක් අපට සොයාගත හැකි වුණා. පසුගිය අප්‍රේල් මාසයේදී සිය ෆේස්බුක් පිටුවට එක්කළ මේ වීඩියෝවෙන් පැතුම් කර්නර් නමැති අමුතු අරගලකරුවාගේ ජීවිතය පිළිබඳ ඔබට තිබූ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබෙනවාට සැකයක් නැහැ.

මේ ඔහුගේ කතාවයි.
‘මගේ නම පැතුම් කර්නර්. වයස 38යි. උපන්නේ 1982. ගම කැලණිය. මගේ තාත්තා නාවලපිටියෙ උපන්න බර්ගර් ජාතිකයෙක්. එයා කොළඹට ඇවිල්ලා තියෙනවා 1960 ගණන්වල. ඊට පස්සේ අපේ අම්මාව හමුවෙලා කැලණියෙදි දෙන්නත් එක්ක කසාද බැඳලා පදිංචිවෙලා තියෙනවා. දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලේ මම බාලයා. මම ගියේ කැලණියෙ වෙදමුල්ල කියන පුංචි ඉස්කෝලෙට සාමාන්‍ය පෙළ වෙනකන්. ඒ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ පාස්වෙලා කොළඹ නාලන්දයට ආවා ජීව විද්‍යාව හදාරන්න. 2001 අවුරුද්දේ කොළඹ නාලන්දෙ ජීව විද්‍යාවට හොඳම ප්‍රතිඵලය වාර්තා කරගෙන මට පුළුවන් වුණා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වෙන්න. 2002 ඉඳලා 2008 වනකන් මම හිටියො කොළඹ වෛද්‍ය පීඨයේ. ඒ අතර තමයි ශ්‍රී ලංකාවෙ යුද්ධය බොහොම ලොකුවට නැඟලා ගියේ. ඒ වෙලාවෙ උතුරට වෛද්‍යවරු ඕනෙ වෙනකොට අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යයො වෙච්ච අපටත් පුළුවන් වුණා යුද හමුදාවට සම්බන්ධ වෙන්න. මමත් සම්බන්ධ වුණා ලුතිනන්වරයෙක් විදියට. කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා මම කිව්වා මාව අවසන් සටනේ ඉදිරි ආරක්ෂක වළල්ලට දාන්න කියලා. මට ලැබුණේ 58 වැනි සේනාංකය. 58 වැනි සේනාංකයත් අනුරාධපුරේ යුද හමුදා රෝහලත් අතර අවුරුද්දක කාලයක් අවසාන යුද්ධය කාලේ සේවය කරන්න මට වාසනාව ලැබුණා.

යුද්ධය ඉවර වුණාට පස්සේ මට සීමාවාසික වෛද්‍ය පුහුණුවට කුරුණෑගල මහ රෝහලට අවුරුද්දක් එන්න වුණා. ඊට පස්සේ මම තීරණය කළා යුද හමුදාවෙන් අයින් වෙන්න. යුද්ධෙ ඉවර නම් මට යුද හමුදාවට ආපු කාරණාව ඉෂ්ට වෙලා හින්දා මම හිතුවා යුද හමුදාවෙන් අයින් වෙලා මම මගේ කැපෑසිටි එකෙන් වෙන පුළුවන් දෙයක් කරන්න ඕනෙ කියලා. ඊට පස්සේ 2010දී මම යනවා සිංගප්පූරුවට. ඒ, සිංගප්පූරුවේ රජයේ රෝහලක වෛද්‍යවරයෙක් විදියට. එතැන ඉඳගෙන මම පටන්ගන්නවා මගේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට අවශ්‍ය කරන පසුබිම හදාගන්න. ඒ ලංකාවෙ තවමත් නැති පිටකොන්ද ආශ්‍රිතව විශේෂඥ වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්න. ඒ වෙනුවෙන් මට ලෝකය පුරා රටවල් කිහිපයකටම සංචාරය කරන්න සිදුවෙනවා. විවිධ පාඨමාලා රාශියක් කරන්න සිදුවෙනවා. ඒත් එක්කම මට තේරුණා මම ඉස්පිරිතාලෙක මගේ ජීවිතේ ඉතිරි කාලෙ ගතකරනවද, එහෙම නැත්නම් මේ ලැබිච්ච ජීවිතෙන් මට වඩාත්ම වැදගත් රට වෙනුවෙන් විශාල සේවයක් තවදුරටත් කරනවද කියලා. ඒකෙ ප්‍රතිඵලය වුණේ ඔපරේෂන් තියටර් එකෙන් එළියට ඇවිල්ලා මම තීරණය කරනවා නෑ, මම ඔපරේෂන් තියටර් එක මගේ ජීවිතේ ඉතිරි කාලෙ ගත කරන්නෙ නෑ කියලා. මම මගේ ඉතිරි ජීවිත කාලය රට වෙනුවෙන් කැපකරනවා කියන තීරණය ගන්නවා.

ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය තියෙන්නේ දේශපාලනයේ. නායකත්වය පිළිබඳ ගැටලුවක්, රාජ්‍ය පරිපාලනයෙ තියෙන ගැටලුවක්. ඒ රෝග නිදානය සුවකරන්න නම් රට එතැනින් මුදාගන්න නම්, අපි මිලියන 22ක මිනිසුන්ගෙ දෛවය වෙනස් කරන්න නම් අපිට දේශපාලනයට එන්න වෙනවා. ඒ අනුව යමින් මුලින්ම දේශපාලනය අත්පොත් තියනකොට 2018 අවුරුද්දේ මුල් භාගය වෙලා. අපි ‘ජාතික හරිත පෙරමුණ’ පිහිටුවා ගන්නවා. ඒක කිරිබත්ගොඩදී පළමු වතාවට රැස්වෙනවා. එතැන ඉඳලා දේශපාලනය වෙනුවෙන් ලංකාව පුරා ගිහිල්ලා විශේෂ වැඩකටයුතු රාශියක් අපි කරලා තියෙනවා.

2020 වෙනකොට තීරණයක් ගන්න වෙනවා අපි ඡන්දෙ ඉල්ලනවද, නැත්නම් පක්ෂයට ලියාපදිංචිය ලැබෙන තුරු ඉන්නවද කියලා. නමුත් අපේ තීරණය වුණේ නෑ, අපි සටන් කළ යුතුයි, අපි ලංකාවෙ නැඟිටින්න බලාගෙන ඉන්න තාරුණ්‍යයට, නායකත්වයට එන්න පෙරුම්පුරාගෙන ඉන්න අලුත් නායකයන්ට ශක්තියක්, ආදර්ශයක්, පණිවුඩයක් දෙන්න ඕනෙ කියන එක. එහෙම හිතලා අපි මේක කරලා පෙන්වන්න ඕනෙ කියන වගකීම අරගෙන අපි සතු සියලු ශක්තීන් යොදවලා 2020 අගෝස්තු 05 වැනිදා තිබ්බ මහ මැතිවරණයට අපි ඉදිරිපත් වෙනවා. අපි හොඳ කැම්පේන් එකක් කරනවා. අපිත් එක්ක මිනිස්සු ගොඩක් එකතු වෙනවා. අපිට ඡන්ද ලැබෙන්නෙ 5,780යි. නමුත් අපේ සටන තියෙන්නේ ඡන්දයත් එක්ක නෙවෙයි. අපේ සටන තියෙන්නේ රට හදන පාර හොයාගන්න එකත් එක්ක. රට හදන තැනට රට අරගෙන යන එකත් එක්ක. ඒ හින්දා ඡන්දය පැරැදුණාට සටන එතැනින් ඉවර වුණේ නෑ. ඒක එක පියවරක් පමණයි. ඒ හින්දා එතැනින් එහාට අපේ දේශපාලන කටයුතු නිරන්තරයෙන් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා.

අපේ අරමුණ ඊළඟට තියෙන ස්ටෙප් එක. ඒක තමයි 2025 තියෙන පාර්ලිමේන්තු මැතිවරණය. අපි බලාපොරොත්තු වෙනවා 2020දී ගම්පහෙන් විතරක් පටන්ගත්ත සටන, 2025දී ලංකාවෙ සියලු දිස්ත්‍රික්කවලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ලොකු ජන බලවේගයක් හදාගන්න. මම හිතනවා ලංකාවෙ මේ තියෙන දේශපාලන අන්ධකාරය නිමා කරන්න මේ හැමෝම එකතු වෙලා කැරකෙන සුළි කුණාටුවෙන් ගලවාගන්න, ඒ සුළි කුණාටුවෙන් කොටසක් වෙලා බෑ කියලා. අපි සුළි කුණාටුවට පිටින් ඉඳගෙන අපේ රටේ සියලු පරම්පරාවම එකතු කරගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ විශාල සුළි කුණාටුව නවත්වන්න. ඒක තියෙන්නේ ඔබේ අතේ. ඒක තියෙන්නේ මිනිසුන්ගෙ අතේ. ඒකට නායකත්වය දෙන්න, ඒකට යන පාර කියන්න අපි සූදානම් වෙලා ඉන්නවා.

මම මේ ඔබට කියන්නේ අපිව නායකයො කරගන්න කියන එක නෙවෙයි. මම කියන්නේ ඔබටත් නායකයෙක් වෙන්න කියලා. අපේ පරම්පරාවම එකතු වුණොත් අපි හැමෝම ඒ නායකත්වය බෙදාගත්තොත් අපි හැමෝම ඒ වගකීම හඳුනාගත්තොත් අපි හැමෝම ඒ වෙනුවෙන් අපිට යෙදෙන රාජකාරිය, වගකීම ඉෂ්ට කළොත්, අන්න එදාට අපේ පරම්පරාවම එකට එකතු කරගෙන අපිට මේ රට මේ තියෙන දේශපාලන අන්ධකාරයෙන් ගළවාගන්න පුළුවන්. අපි ඒ දේශපාලනයෙන් රට ගළවාගන්න තුරු රට ගොඩදාන්න බෑ. රට පියවරෙන් පියවර, දිනෙන් දින නරකාදියට ඇදීගෙන යන එක විතරයි වෙන්නේ. එහෙම යන්න නොදී ඉන්න ඔබට ඕනෙ නම් ඔබට සිද්ධ වෙනවා මේ දේශපාලන සුළි කණාටුවට එරෙහිව නැඟී සිටින්න. අන්න ඒ වෙනුවෙන් තමයි මම මගේ ජීවිතේ ඉතිරි කාලය වෙන්කරලා තියෙන්නේ.

ඕක තමයි මට ඔබට දෙන්න තියෙන හොඳම පණිවුඩය මං ගැන දැනගන්න. ඔබට බොහොම ස්තුතියි. ජය වේවා…’

චානක ලියනගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවට පුරවැසි ආඥාවක් නිකුත් වෙයි!

Next Post

ගෝඨාගේ සිංගප්පූරු වීසා හෙටින් ඉවරයි! වීසා දික් කර දෙන්න ජනාධිපති මැදිහත් වෙයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.