• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක පොලීසිය හොයන හැංගිලා ඉන්න ලංකාවේ හොරු හත්දෙනා කවුද I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දුටු තැන අල්ලනු’ (Catch where seen)
‘පණ පිටින් හෝ මියගොස් හෝ අවශ්‍යය’ (Wanted dead or alive)(Sri Lanka Latest News)

ඉහත වදන් දෙක අපට දුටුවිට හෝ ඇසුණු විට හෝ ඇතිවන හැඟීම එක්තරා ආකාරයක අපූරු ඉතිහාසගත වගතුගක්ද මතකයට නංවයි. මෙයට දශක කිහිපයකට ඉහත සිටම අපගේ රටේ පොදු සමාජයේදී අසන්නට ලැබුණු ‘දුටු තැන අල්ලනු’ යන වදන විටෙක මහමග අලවා තිබුණු පෝස්ටරයකින් හෝ පුවත්පතක පළවූ දන්වීමක් හරහා හෝ අපට දක්නට ලැබුණේය. එසේම ඉන් පසුව කියවෙන ‘පණ පිටින් හෝ මියගොස් හෝ අවශ්‍යය’ යන වදන නම් බොහෝ විට අසන්නට ලැබුණේ විදස් රටවල සමාජයන් හරහාය.

ආදි කාලයේ පැවැති බටහිර ගොපලු චිත්‍රපට නොහොත් කව්බෝයි චිත්‍රපටවලදී මෙම වදන ඇතුළත් පෝස්ටර් නගර වීදිවල අලවා ඇති ආකාරය අපට දක්නට හැකි විය. එම වගතුග විටෙක මන:කල්පිත කතා වුවද, පසු කාලයක් දක්වාම ලෝකයේ සිටින විවිධ භයානක අපරාධකරුවන් අල්ලා ගැනීම උදෙසා විවිධ රටවල් තුළ එම වදන ඇතුළත් පෝස්ටර් හෝ පුවත්පත් දැන්වීම්ද දක්නට හැකිවිය. මෙය සැබැවින්ම ගැඹුරු සමාජයීය වේදිකාවක් නිර්මාණය කරන වගතුක්ද වෙයි.

අද මෙවැනි අපූරු වගතුගක් හෙළිකරමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිදුවූයේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී හෙළිවුණු එක්තරා සුවිශේෂ කතාන්දරයක් හේතුවෙනි. එය නම් ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල් – Interpol) රතු නිවේදන ලැයිස්තුව (Red List) යටතේ පලාගිය පුද්ගලයන් ලෙසට ලැයිස්තුගත කර ඇති ලෝකයේ සිටින පුද්ගලයන 6,872ක් අතට ශ්‍රී ලාංකිකයන් 07 දෙනකුගේ නාමයන්ද ඇතුළත් කර තිබීමය. මෙම පුවත පසුගියදා හෙළිකර තිබුණේ ‘ඉන්ටර්පෝල්’ පොලිසියේ නිල වෙබ් අඩවිය හරහාය.

මෙම 07 දෙනා අතරින් 04 දෙනකු ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් වශයෙන් ලැයිස්තුගත කර ඇති අතර, පලාගිය සෙසු 03 දෙනාට ඔවුන්ගේ ප්‍රදේශය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇත. මෙම පුද්ගලයන්ගේ විස්තර ඉන්ටර්පෝල් පොලිසිය විසින් මෙසේ නිකුත් කර ඇත.

• 38 හැවිරිදි සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජීව.
• 49 හැවිරිදි නඩරාජා සිවරාජා.
• 50 හැවිරිදි මුනිසාමි තර්මසීලන්.
• 35 හැවිරිදි වින්කරාසා සෙල්වන්තන්.
• වවුනියාවේ කුමාරසාමි නවනීතන්.
• 61 හැවිරිදි මොහොමඩ් පව්මි.
• 41 හැවිරිදි මානික්කවාසගර් විජයරාජා.

මිනීිමැරුම් නඩුවක් සම්බන්ධයෙන් ‘කොස්ගොඩ සුජී’ට සහ දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර ඇති බව පැවසෙයි. එසේම ඉන්ටර්පෝල් නිවේදනයට අනුව මුනිසාමි තමර්සීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින අතර, වින්නරාසා සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. මේ අතර අනෙකුත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා ගැනද තොරතුරු ඉන්ටර්පෝල් පොලිසිය අනාවරණය කර ඇත.

ඒ අනුව වවුනියාවේ කුමාරසාමි නවනීතන් මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවට අවශ්‍යව සිටින අතර, අගබොඩගම පදිංචි 61 හැවිරිදි මොහොමඩ් ජව්මි ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දියාවට අවශ්‍යව ඇත. එසේම යාපනයේ පදිංචි 41 හැවිරිදි මානික්කවාසගර් විජයරාජා කැනඩාවට අවශ්‍ය වී ඇති බවද මෙම නිවේදනයේ සඳහන්ය.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයන් පස්දෙනකුටද ඉන්ටර්පෝල් පොලිසිය කහ නිවේද නිකුත් කර තිබෙයි. කහ නිවේදන නිකුත් කරනු ලබන්නේ අතුරුදන් වූවන් හෝ බොහෝ විට බාලවයස්කරුවන් සොයාගැනීමට හෝ තමන්ව හඳුනාගැනීමට නොහැකි පුද්ගලයන් හඳුනා ගැනීමට උපකාර කිරීමටයි. එසේම රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත සිටින පුද්ගලකු සොයාගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමක් බව ඉන්ටර්පෝල් පොලිසිය අවධාරණය කර ඇත.

තවද කහ නිවේදනයන් මගින් ප්‍රකාශ කර ඇති කරුණුවලට අනුව 31 හැවිරිදි බාලක්‍රිෂ්ණන් නිරේෂ් 2022 ජනවාර 27 වැනි දින වවුනියාවේදී අතුරුදන් වී ඇති අතර, 6 හැවිරිදි සමන් විජේසිරි 2018 ඔක්තෝබර් 13 වැනි දින අතුරුදන් වී ඇති බව ජාත්‍යන්තර පොලිසිය කරුණු ප්‍රකාශ කරයි. එමෙන්ම ගයිදු කින්මුක මදුරජපෙරුම නමැත්තා කොළඹදී අතුරුදන් වී ඇතත් ඔහුට වයස අවුරුදු 05 දීය.

මේ ආකාරයට ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය තම මෙහෙයුම්වලදී විවිධ වර්ණ 07කින් යුත් අනතුරු හැඟවීමේ නිවේදනයන් නිකුත් කරනු ලබයි. එම නිවේදන නාමිකව මෙසේ සඳහන් කර ඇත.

• Interpol Red Notice (ඉන්ටර්පෝල් රතු නිවේදනය)
• Interpol Black Notice ඉන්ටර්පෝල් කළු නිවේදනය)
• Interpol Blue Notice (ඉන්ටර්පෝල් නිල් නිවේදනය)
• Interpol Purple Notice (ඉන්ටර්පෝල් දම් නිවේදනය)
• Interpol Green Notice (ඉන්ටර්පෝල් කොළ නිවේදනය)
• Interpol Orange Notice (ඉන්ටර්පෝල් තැඹිලි නිවේදනය)
• Interpol Yellow Notice (ඉන්ටර්පෝල් කහ නිවෙදනය)

මේ ආකාරයට අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ අතුරුදන් වූවන් හඳුනා ගැනීමට සහ සොයාගැනීමටද මෙම නිවේදන භාවිත කරනු ලබයි. එසේම ඉන්ටර්පෝල් කළු නිවේදනය නිකුත් කරනු ලබන්නේ හඳුනා නොගත් මියගිය දේහයන් හඳුනාගැනීම උදෙසාය. මෙම ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේදයන් හරහා ලෝකයේ සිටින භයානක ත්‍රස්තවාදීන් මෙන්ම අනෙකුත් අපරාධකරුවන්ද හඳුනාගැනීමට සහ ඔවුන් ජත්‍යන්තර ක්‍රමවේද හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු සැලසෙයි. මෙම ක්‍රියාපටිපාටිය හරහා විවිධ රටවල පොදු ජනතාවට සහ පොදු දේපළවලට ද සිදුවනු ලබන හානියද නැවැත්වීම ඉන්ටර්පෝල් පොලිසියේ පරමාර්ථය බව සඳහන් කර ඇත. මෙය රාජ්‍යතාන්ත්‍රිකව රටවල් කිහිපයක් එක්වීමෙන් සිදුකෙරෙන ඉතා සංකීරණ ක්‍රියාවලියකි.

ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය නොහොත් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන International Criminal Police Organization – Interpol යනු ලෝකයේ රටවල් 195ක් සාමාජිකත්වය දරන ජාත්‍යන්තර පොලිස් සංවිධානයකි. මෙය සරලව හඳුන්වනු ලබන්නේ ලෝකයේ තිබෙන විශාලතම පොලිසිය ලෙසටය. මෙහි මූලස්ථානය පිහිටුවා ඇත්තේ ප්‍රංශයේ ලියෝන් නගරයේය.

ඉන්ටර්පෝල් පොලිසියට දැනට වසර 99ක ඉතිහාසයක් ඇති අතර, එය ආරම්භ කෙරී ඇත්තේ 1923 සැප්තැම්බර් 07 වැනිදාය. මෙම සංවිධානය තුළ දැනට නිලධාරීන් 1,250ක් සේවය කරති. මෙහි වාර්ෂික අයවැය යුරෝ මිලියන 170ක් පමණ බව පැවසෙයි. රටවල් 114කට අයත් විවිධ ජාතීන්ගේ නිලධාරීන් මෙම පොලිසියේ සේවය කරති. එසේම සෑම සාමාජික රටකටම අදාළව එම රටවල් තුළ ඉන්ටර්පෝල් ශාඛාවන්ද පිහිටුවා ඇත. ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකත්වය දරන්නේ 1956 ජුනි මාසයේ සිටය. ශ්‍රීලංකාවට ආශ්‍රිත විවිධ අපරාධකරුවන් ග්‍රහණයට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය කාලයක් පුරාම සහාය ලබාදී ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මැදවච්චියෙන් නැග්ගා තලෙයිමන්නාරම හරහා මදුරාසියට කෝච්චියෙන් ගියා I Sri Lanka Latest News

Next Post

අවුරුදු 13ක් ඇදෙන රන්ජන්ගේ ‘ආදර නඩුව’! ඔව් එයා මට ඇඹුල් තියල් එව්වා කෑම ජාති එව්වා තෑගි දුන්නා! එයා කියනවා ඒවා එව්වේ මාව බඳින්නලු! මම කසාද බඳින්නේ නෑ! උසාවිය ඉස්සරහා රන්ජන් කියාගෙන කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.