• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැදවච්චියෙන් නැග්ගා තලෙයිමන්නාරම හරහා මදුරාසියට කෝච්චියෙන් ගියා I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බඩු ගත්තා ආයෙත් එහෙන් නැග්ගා මෙහෙට ආවා…

දන්නවද එහෙම කාලයක් අපේ මිනිසුන්ට තිබ්බා කියලා…

අයෙත් අපිට එහෙම කාලයක් එයිද?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේයි.(Sri Lanka Latest News)

බි්‍රතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව සහ ලංකාව අතර පහසුවෙන් ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහා ආරම්භ වුණු එම සේවාව 80 දශකයේ මැද භාගයේදී නැවැත්වීමට සිදුවුණේ උතුරුකරයේ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වුණු නිසායි. අපට එසේ අහිමිවුණු ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය පිළිබඳ වර්තමාන පරපුරද දැනගත යුතුයි. මේ ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවයේ ඉතිහාසයයි.

ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ කිරීමට මුල්වුණු හේතුව..

19 වැනි සියවසේ අග භාගය වන විට ලංකාව තුළ විශාල ලෙස තේ වගාව ව්‍යාප්ත වී, බි්‍රතාන්‍ය ආණ්ඩුවට සැලකිය යුතු තරමේ ආදායමක් ලැබුණා. එනිසා බි්‍රතාන්‍ය වැවිලිකරුවන් තව තවත් කැලෑ බිම් එළිපෙහෙළි කරමින් තේ වගා බිම් ආරම්භ කළා. නමුත් ඒවායේ සේවය කිරීමට කම්කරුවන් සොයාගැනීම ලෙහෙසි පහසු නොවුණේ ලාංකිකයන් වැඩිදෙනා සුද්දන්ගේ තේ වතුවල වැඩකිරීමට දැක්වූ දැඩි අකැමැත්ත නිසායි. එනිසා බි්‍රතාන්‍යයන්ට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට සිදුවුණා.

Sri Lanka Latest News

ඉන්දියාව සහ ලංකාව අතර ආසන්නතම මාර්ගය වැටී තිබෙන්නේ ධනුස්කොඩි හරහායි. තලෙයිමන්නාරම සිට ධනුස්කොඩිවලට ඇත්තේ කි.මී. 32ක පමණ දුරක්. නමුත් ධනුස්කොඩි නගරයට ආසන්න පම්බන් දූපත එකල ඉන්දියාවට මාර්ග ඔස්සේ සම්බන්ධව තිබුණේ නැහැ. එනිසා එම යුගයේ දී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට දුරින් වැඩි මාර්ගයක් භාවිත කිරීමට සිදුවුණා. එකල ද්‍රවිඩ කම්කරුවන් මදුරාසියේ සිට දුම්රියෙන් තූත්තුකුඩිය වෙත රැගෙනවිත්, එතැන් සිට දුම් බෝට්ටු මගින් කොළඹට රැගෙන ආවා. තූත්තුකුඩියේ සිට කොළඹට කි.මී. 270ක දුර ප්‍රමාණයක් තිබුණු නිසා ගමන සඳහා විශාල කාලයක් වැයවුණා. එසේම වැඩි මුදලක් වියදම් කිරීමටද සිදුවුණා.

බි්‍රතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ඉක්මනින් ප්‍රවාහනය කළ හැකි ක්‍රමයක් කල්පනා කළා. ඔවුන් සොයාගත් හොඳම විසඳුම වුණේ තමිල්නාඩුවේ සිට පම්බන් දූපත හරහා තලෙයිමන්නාරම වෙත ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමයි. එදා බි්‍රතාන්‍යයන්ගේ සැලසුම වුණේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට අයත් මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුද හරහා කි.මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකිරීමයි.

පම්බන් දුම්රිය පාලම ඉදිවෙයි.

1911 අගෝස්තු මාසයේ දී දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණත් මුහුද මැද කිලෝමීටර් 2කට මඳක් වැඩි දුම්රිය පාලමක් නිර්මාණය කිරීමට ලෙහෙසි පහසු වුණේ නැහැ. නමුත් බි්‍රතාන්‍ය ඉංජිනේරුවන්ට එකතු වුණු ෂර්සර් නම් ජර්මානු ඉංජිනේරුවා දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගෙන ගියා.

ඉංජිනේරුවරුන්ගේ සහ එහි වැඩකළ කම්කරුවන්ගේ නොපසුබට උත්සාහය නිසා 1914 පෙබරවාරි 24 වැනිදා කි.මී. 2.065ක දිගකින් යුත් පම්බන් මුහුදු දුම්රිය පාලම විවෘත කිරීමට හැකිවුණා. එම දුම්රිය පාලම මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් නගරයත් පම්බන් දූපතත් යාකෙරුණා. මේ දුම්රිය පාලම ඉන්දියාවේ පළමු මුහුදු පාලමයි. 1988 වසරේ දී මණ්ඩපම් සිට පම්බන් දූපත දක්වා පාලමක් ඉදිකරන තුරුම පම්බන් දූපත තමිල්නාඩුව සමග සම්බන්ධ වුණේ පම්බන් දුම්රිය පාලම මගින්.

ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වෙයි

පම්බන් දුම්රිය පාලමේ වැඩකටයුතු සිදුවෙමින් පැවැති අතරතුර, තලෙයි මන්නාරම සිට ධනුස්කොඩි දක්වා දුම් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පම්බන් දූපතේ කෙළවර තිබුණු ධනුස්කොඩි නගරයේ සහ තලෙයිමන්නාරමේ නාවුක ජැටි 2ක් නිර්මාණය කෙරුණා. පම්බන් මුහුදු පාලම විවෘත කළ දිනය වුණේ 1914 පෙබරවාරි 24 වැනිදායි. ඉන් පසු එදා ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වුණා. එය ‘ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස්’ යන නමින් හඳුන්වනු ලැබුවා. මේ සේවාව මගින් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සිදුවුණා.

Sri Lanka Latest News

එකල මදුරාසියේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8ට පිටත් වුණු දුම්රිය පසුදින සවස 3ට පමණ වන විට ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ ජැටිය වෙත පැමිණියා. දුම්රියෙන් පැමිණෙන මගීන් සහ භාණ්ඩ ජැටියේ නවතා තිබෙන දුම් බෝට්ටු දෙකකට පැටවීම සිදුවුණා. සවස 4ට ධනුස්කොඩි ජැටියෙන් පිටත්වුණු දුම් බෝට්ටු පැය 3ක පමණ ගමනකින් පසුව සවස 7ට පමණ තලෙයිමන්නාරම වෙත ළඟා වුණා. එයින් පැමිණි මගීන් සහ භාණ්ඩ රාත්‍රී තැපැල් දුම්රිය හරහා කොළඹ දක්වා රැගෙන යාම සිදුවුණා. ඉන්දියාව සහ ලංකාව අතර මෙම ප්‍රවාහන සේවය ඒ යුගයේ දී දිනපතාම ක්‍රියාත්මක වුණා.

සුළි සුළඟක් නිසා මුහුදු තැපෑල අතරමඟ නවතියි..

1964 දෙසැම්බර් 18 වැනිදා දකුණු අන්දමන් දූපත් දෙසින් ආරම්භ වුණු සුළිසුළඟක් දෙසැම්බර් 19 වැනිදා වන විට පැයට කි. මී. 260ක පමණ වේගයකින් පම්බන් දූපත වෙත ළඟා වුණා. ‘රාමේෂ්වරම් සුළිසුළඟ’ නමින් ප්‍රසිද්ධියට පත්වුණු එම චණ්ඩ මාරුතය හේතුවෙන් මීටර 7ක පමණ උසකට ජල ප්‍රවාහයක් ධනුස්කොඩි නගරයට එල්ල වුණා. ධනුස්කොඩි නගරයත්, දුම්රිය මාර්ගයත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ සිටි මගීන් 150ක් පමණ සුළිසුළඟ නිසා මුහුදට ගසාගෙන ගිය බව එකල පුවත්පත්වල වාර්තා වී තිබුණා. ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ නවතා තිබුණු දුම්රියක්ද, 200ක පමණ මගීන් පිරිසක් සමගින් විනාශයට පත්වුණා. එසේම පම්බන් මුහුදු දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුවුණා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපෑල වසර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

මුහුදු තැපෑල යළි ඇරඹෙයි

එදා ඉංජිනේරුවන් වසර 5ක කාලයක් වැයකර, විනාශයට පත්ව තිබුණු දුම්රිය මාර්ගය පිළිසකර කළා. නමුත් ධනුස්කොඩි නගරය යළි ඉදිකිරීම පිළිබඳ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලධාරීන් උනන්දු වුණේ නැහැ. එසේම සුළි සුළඟ නිසා විනාශයට පත්වුණු තලෙයිමන්නාරම නාවුක ජැටියත් යළි ඉදිවුණේ නැහැ. වසර කිහිපයක් පුරා නැවතී තිබුණු මුහුදු තැපෑල 70 දශකයේ මුල් භාගයේ දී යළි ආරම්භ වුණා. නමුත් එහි ගමන් මාර්ගය තරමක් වෙනස් වී තිබුණා.

අලුතින් ආරම්භ මුහුදු තැපැල් සේවාවේදී, මදුරාසියේ සිට පැමිණි දුම්රිය පම්බන් දූපතේ ප්‍රධාන නගරය වුණු රාමේෂ්වරම් වෙත පැමිණියා. නමුත් රාමේෂ්වරම් නගරයේ සිට තලෙයි මන්නාරම දක්වා දුම් බෝට්ටුවලින් පැමිණීමට වැඩි කාලයක් ගතවුණා. එසේම ඒ වන විට තලෙයිමන්නාරම පිහිටා තිබුණු නාවුක ජැටිය විනාශ වී තිබුණු නිසා අගුල් භාවිත කර මගීන් සහ භාණ්ඩ බෝට්ටුවල සිට දුම්රිය වෙත රැගෙන ගියා. මෙනිසා අලුතින් ආරම්භ වුණු මුහුදු තැපැල් සේවාවේ දී කොළඹ සිට මදුරාසිය බලා යාමට පෙරට වඩා කාලයක් ගතවුණා.

ඉන්දු-ලංකා මුහුදු තැපෑලේ අවසානය

1983 වසරේ දී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුල්කර ගෙන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. 1984/85 කාල සමයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ගමන් කළ යාල්දේවි දුම්රිය ත්‍රස්තවාදීන් විසින් කිහිප වරක් පුපුරුවා හැරියා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඉදිරියට පවත්වාගෙන යාම අවදානම් ක්‍රියාවක් බව බලධාරීන්ට ඒත්තු ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසර වන විට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාවේ අවසානය සනිටුහන් වුණා.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

ඉගෙන ගත්ත ඉස්කෝලෙට අරුම පුදුම තෑගි දුන්නා I Sri Lanka Latest News

Next Post

ලෝක පොලීසිය හොයන හැංගිලා ඉන්න ලංකාවේ හොරු හත්දෙනා කවුද I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.