• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

September 25, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Share on WhatsAppShare on Facebook

විදුලි බිල ඉහළ යෑමත් එක්ක රටේ විහාරස්ථානවලට මේක තදින් බලපෑව බව බොහෝ තැන්වල අපි දැක්කා. ඇතැම් විහාරස්ථානවල භික්ෂුන්වහන්සේලා මේ පිළිබඳ දැඩි සේ හඬනගන ආකාරයකුත් අපි දැක්කා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ විදුලි බිල ඉහළ යෑම පන්සල්වලට බලපෑවෙ කොහොමද කියන එක ගැන දැන් අපට අලුතින් පැහැදිලි කරගන්න අවශ්‍යතාවක් නෑ. මොකද ඒ ගැන මේ වෙනකොට සියලු ආකාරයෙන් පැහැදිලි කිරීම් සිදුවෙලයි තියෙන්නේ. ඇත්තටම මේ වෙනකොට රටේ වෙහෙර විහාරස්ථානවල විදුලි බිල දරාගන්න බැරුව භික්ෂුන්වහන්සේලාට, ආගමික පූජකයන්ට ඒ සම්බන්ධව පියවර ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ අතර තවත් දෙයක් තියෙනවා. ඇත්තටම මේ වෙනකොට පන්සල්වල මිසක් පල්ලිවල විදුලි බිල වැඩි වුණා කියලා කිසිම ආගමික පූජකවරයෙක් ඒ සම්බන්ධව පියවරක් ගන්න ඉදිරියට ඇවිල්ලා නෑ වගේ එකක් අපට පේනවා. අපි දන්නෙ නෑ ඒකෙ තියෙන සත්‍ය අසත්‍යතාව හෝ එහි තියෙන ගැටලුව මොකක්ද කියලා. ඒ වගේම වෙනත් පූජකයන් මේ වෙලාවෙ හඬ නොනගනවාද නැත්නම් ඔවුන්ටත් මේ ප්‍රශ්නෙ මේ විදියටම තිබුණත් ඒ අය ඒ ගැන වැඩිය කතා නොකරනවාද කියන එක ගැන අපි ටිකක් හිතලා බලන්න සහ හොයලා බලන්න ඕනෙ.

කොහොම නමුත් මේ වෙලාවෙ අපට පුදුම දෙයක් තමයි හිතෙන්නේ. මොකද, අපේ රටේ හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් හිටියා. උන්වහන්සේලා මේ භික්ෂුන්වහන්සේලාට, පන්සලට විරුද්ධව කවුරු හරි කෙනෙක් හඬ නගනවා නම්, පියවරක් ගන්නවා නම් හැකි ඉක්මනින් පෙනී ඉඳලා ඊට විරුද්ධව හඬ නැගුවා. ඒත් සමහර වෙලාවට සමහර තැන්වලදී අපට හිතුණා මේ විදියට උන්වහන්සේලාගේ මැදිහත් වීම ටිකක් වැඩියි කියලත්. අපට මතකයි පහුගිය ආණ්ඩුව, ඒ කියන්නේ අගමැති විදියට හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එදා විපක්ෂයේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම. අද ආණ්ඩු පක්ෂයෙ මැති ඇමැතිකම් දරන කට්ටිය. එදා මේ විදියට රටේ පින් කැට සම්බන්ධව ටිකක් ආන්දෝලනාත්මක තීරණයක් අරගත්තට පස්සේ භික්ෂුන්වහන්සේලා හැකි ඉක්මනින් එළියට ඇවිල්ලා විදියට හඬ නැගුවා අපි දැක්කා. ඒ වෙලාවේ භික්ෂුන්වහන්සේලා හැරෙන තැපෑලෙන් පියවර අරගත්තා රටේ සිද්ධ වෙන අසාධාරණයට විරුද්ධව හඬ නගන්න. ඒත් ඉතින් පුදුමෙ කියලා කියන්නේ අද වෙනකොට උන්වහන්සේලා කොහේ ගිහින්ද කියලා හොයාගන්න බැරි තරමට කවුරුත් සද්ද බද්ද නැති තත්ත්වෙකට පත්වෙලයි තියෙන්නේ. මගේ පන්සලේ බිල වැඩියි කියලා එක හාමුදුරු කෙනෙක් තමන්ගේ පන්සල සම්බන්ධයෙන් හඬ නගනවා මිසක්, කොහේවත් තැනක තමන්ගේ විහාරස්ථානය නෙවෙයි, තවත් විහාරස්ථානයක් සම්බන්ධව හඬ නැගීමක් සිදුවෙන්නේ නැති තැනට පත්වෙලා. මම දන්නෙ නෑ එහෙම වෙන්නේ ඇයි කියලා. එහෙම වෙන්න හේතුවකුත් නෑ. මොකද ආගමික වශයෙන් මේ ඇතිවෙලා තියෙන කලබලය සම්බන්ධව අපට එකම පියවරක් ගන්න පුළුවන් නම් මුළු රටටම මේ වෙලාවේ කිසිවෙක් හුදෙකලා වෙන්නෙත් නෑ. ඒත් එහෙම හුදෙකලා නොවුණාද වුණාද කියන එක ගැන කිසිවකුට ප්‍රශ්නෙකුත් නෑ. මොකක්ද මේකට හේතුව? අද වෙනකොට භික්ෂුන්වහන්සේලා පියවර කිහිපයක් ගන්න සූදානමින් ඉන්නවා. ඉන් එකක් තමයි එළඹෙන පෝයට ලංකාවෙ සියලු විහාරස්ථාන අඳුරේ තියන්නට. තවත් පියවරක් තමයි පන්සල්වල විකාශය කෙරෙන සියලු වැඩසටහන් නතර කිරීමට. ඒකට නම් සමාජ ජාලවල අපි දැක්කා බොහෝ දෙනෙක් කැමැත්ත පළකරලා තිබුණා. ‘අනේ හොඳයි’ කියලා තිබුණා.

මේ විදියට ආගමික ගැටලුවකදී දේශපාලනිකව බෙදිලා, මගේ කට්ටිය, අපේ කට්ටිය කරනවා නම් හොඳයි, අනෙක් පැත්තේ කට්ටිය කරනවා නම් නරකයි, මොනවා කළත් ඒගොල්ලො අපේනේ කියන තැනට පත්වෙනවා නම් අපට පේන්නේ මේ සමහර භික්ෂුන්වහන්සේලා අදහන්නේ බුදුන්වහන්සේ නෙවෙයි කියලයි අපට නම් හිතෙන්නේ. අපි දන්නෙ නෑ ඒ සම්බන්ධව තියෙන සමහර තර්ක විතර්ක ගැන. අපටත් අහන්න ලැබෙනවා සමහර භික්ෂුන්වහන්සේලාට පිරිකරක් විදියට ලොකු වාහනයක් ලැබුණු අවස්ථා තියෙනවා කියලා. උන්වහන්සේලාට සැපපහසුවට ඉන්න සියලු පහසුකම් සමහර දේශපාලකයන් විසින් සපයනවා කියලා කියනවා. ඇත්තටම ඔව්. අපේ භික්ෂුන්වහන්සේලා සිව්පසයෙන් සංග්‍රහ කිරීම, උන්වහන්සේලාගේ සැපපහසුව ගැන හිතීම අපේ රාජකාරියක්නේ. ඒ වුණාට ඉතින් භික්ෂුන්වහන්සේලා විදියට අපි කොටස් විදියට නොබෙදී එකට එකතු වෙලා මේ වගේ ප්‍රශ්නයකදීවත් සියලු දෙනාම එක හඬක් නගනවා නම් ඒකට රටකට හොඳ වෙයි. මොකද මේ රට අද මෙතැන තියෙන්නේ කාලයක් තිස්සේ අපි වරද්දගත්ත නිසා. අපි ඉතිහාසෙ ගැන අහලා බැලුවත්, ඉතිහාසෙත් මෙහෙම බෙදීම් තිබිලා තියෙනවා. මහාවිහාරයත්, අභයගිරියත් හැමදාම කළේ දෙපැත්ත බෙදිලා ගහගත්ත එක. මහාවිහාරෙට හිතවත් රජකෙනෙක් පත්වුණාට පස්සේ අභියගිරියට ගැහුවා. අභයගිරියට හිතවත් රජ කෙනෙක් පත්වුණාට පස්සේ මහාවිහාරෙට ගැහුවා. අභියගිරියේ කට්ටිය එකතු වෙලා මහාවිහාරෙ පොත්පත් දැනුම් ගබඩාවල් විනාශ කරලා දැම්මා. ඒකම අනෙක් පැත්තටත් සිද්ධ වුණා. අන්තිමට සිදුවුණේ අපට මතක සටහන් විතරක් ඉතිරි වුණු එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ මේ පුංචි රට ආරක්ෂා කරගන්න ඉතිහාසෙ පුරාම පෙරට ආවේ භික්ෂුන්වහන්සේලා. උන්වහන්සේලා මේ රට වෙනුවෙන් සටන් කළා. දිවි දෙවැනි කරලා මේ රට වෙනුවෙන් පෙනීසිටියා. එහෙම භික්ෂුන්වහන්සේලා තමයි අද අපට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ වෙනකොට මේ රට තියෙන්නේ යම්කිසි ගැටලුකාරී තත්ත්වෙකට මුහුණ දීලා. මේ වෙනකොටත් අපේ පාලකයෝ අපි සතු සියලු වත්කම් දේපොළ මංකොල්ල කාලා අපේ ජීවිත විනාශ කරලා දාලා ඉවරයි.

අනාගත පරම්පරාවට රටක් කෙසේ වෙතත් හෙටක් නැතිවෙන තරමට මේ තක්කඩි දේශපාලකයො වැඩ කරලා. ඒ නිසා අපි හැමෝම ඉන්නේ අසරණ වෙලා. එහෙම වෙලාවකවත් බණ පදයක් කියන්න, උපදේශයක් දෙන්න එකමුතු වෙලා හඬ නගන්න අපේ භික්ෂුන්වහන්සේලාට නැණ නුවණ පහළ නොවෙනවා නම් මෙවන් රටක ඇයි ඉපදුණේ කියලා හිතෙන තැනට අපි පත්වෙනවා. අනගාරික ධර්මපාලතුමා, සිරි දේවමිත්ත ධර්මපාල නමින් අපවත් වෙන්න කලින් අවසාන වශයෙන් කියලා තිබුණු කතන්දරය තමයි මේ රටේ නම් ආයෙත් ඉපදෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපටත් මේ රටේ නම් ඉපදෙන්න එපා කියලා හිතෙන තැනට පත්වුණොත් ඒක අපේ අවාසනාවද, රටේ අවාසනාවද කියලා තීරණය කිරීම ඔබ සතුයි. කොහොම නමුත් විදුලි බිලේ ප්‍රශ්නෙටවත් අපේ භික්ෂුන්වහන්සේලා එකතු වෙනවා නම්, අපි කියන්නේ විදුලි බිලේ ප්‍රශ්නෙ හරිද වැරැදිද කියන එක නෙවෙයි. කොහොම නමුත් භික්ෂුන්වහන්සේලා විදියට ඔක්කොම එකතු වෙලා එක හඬක් නගලා එක සටන් පාඨයක් කියලා එක මොහොතක එකට එකතු වෙලා මේ බිම රැකගන්නවා නම්, මීට වඩා සුන්දර රටක් අපට හිමි වේවි. දේශපාලකයන්ට අත්තනෝමතිකව වැඩ කරලා අපේ රට විනාශ කරලා දාන්න බැරි වේවි. සමහර භික්ෂුන්වහන්සේලා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. සමහර භික්ෂුන්වහන්සේලාට දේශපාලන බලයත් තියෙනවා. සමහර භික්ෂුන්වහන්සේලාට ජනාධිපතිතුමාලත් ඇයි හොඳයිකමුත් තියෙනවා. සමහර භික්ෂුන්වහන්සේලාට ජනාධිපතිතුමාලා, අගමැතිතුමාලා, පක්ෂවල ලොකු ලොක්කො කරපු උදව් පදව් ගැනත් අපට මතකයි. ඒ නිසා කරන්න බැරි දෙයක් නෑ කියලත් අපි දන්නවා. හැබැයි ඒ වුණාට අපට දැන් නම් හිතෙන්නේ ‘අනේ කාලේ වනේ වාසේ’ කියලා. එහෙම නැත්නම් ‘අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි රාළේ’ කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගංජා වවන්න රත්නපුරේ අක්කර 1000ක් ලෑස්තියි!

Next Post

මහජන බැංකුවේ ‘එතෙර සිසු දිරිය’ මාතරින් ඇරඹේ…

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.