රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000 ක ගංජා වගාවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
එම යෝජනාව ඔක්තෝබර් 5 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බටහිර රටවල ගංජා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ගංජා අපනයනය විදේශ ආදායමක් උපයා ගැනීමට කදිම මාර්ගයක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබේ.