අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් හානියටපත් උඩරට සහ උතුරුකරයේ දුම්රිය මාර්ග යථාතත්ත්වයට පත්කරලීමට තෙමසකට වැඩි කාලයක් ගතවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
දුම්රිය මාර්ගවලට මෙන්ම ඇතැම් දුම්රිය ස්ථානවලටද ගංවතුරේ දැඩි බලපෑම් එල්ලවී ඇති බවත්, සිදුව ඇති පාඩුව තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, එය තක්සේරු කිරීමේ කටයුතු තවමත් සිදුකරගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
එසේම රට පුරාම දුම්රිය ගමනාගමනය සියයට සියයක් යථාවත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව පවසන එම ප්‍රකාශකයා කීවේ ක්‍රම ක්‍රමයෙන් යථාවත් කරන දුම්රිය මාර්ග ඔස්සේ දුම්රිය ධාවනය ක්‍රම ක්‍රමයෙන් සිදුකිරීමට කටයුතු කරගෙන යන බවයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










