ගංවතුරෙන් විපතට පත්වූවන්ට උදව් උපකාර කිරීම සඳහා දකුණේ සිට අතුරුගිරියට පැමිණ සිටි තරුණයකු හට පහරදී ඇතැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්ව ඇත.Sri Lanka Latest News
පසුගිය දිනක මෙම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබුණේ දකුණේ සිට උදව් උපකාර කිරීමට පැමිණි තමන් හට පුද්ගලයන් දෙදෙනකු පහරදුන් බවකි.
මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ අතුරුගිරිය පොලිසිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට තිබේ.










