මේ දිනවල ගව මස්, එළු මස්, ඌරු මස්, කුකුළු මස් කෑමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රට තුළ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්ව ගොවිපළ බොහොමයක සතුන් ගංවතුරට ලක්ව විශාල වශයෙන් මියගොස් ඇති බැවින් එසේ මියගිය සතුන්ගේ මස් ඇතැමුන් වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට අනතුරු අඟවයි.Sri Lanka Latest News
තම සංගමය දැනටමත් වැඩිපුර සත්ව ගොවිපළවල් පවත්වා ගෙන යන මන්නාරම දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණ තත්ත්වයට හසුවූ සතුන් මස්කර විකිණීම තහනමට ලක්කර ඇතැයිද එම සංගමයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
කෙසේ වෙතත් රට පුරාම සත්ව ගොවිපළවල් ගංවතුරට හසුව ගසාගෙන ගොස් විනාශවී ඇතැයි පවසන එම ප්‍රකාශකයා ඇතැම් පිරිස් එසේ මියගිය සතුන්ගේ මස් වෙළෙඳපළට එවීමට ඉඩ ඇතැයි පවසයි.
එසේ අකලට මියගිය සතුන්ගේ මස් කෑමෙන් විවිධ රෝග ඇතිවිය හැකි බැවින්, මේ තත්ත්වය අනුව ජනතාව ඉහත මස් කෑමෙන් කලකට වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා ‘මව්රට’ට පැවැසීය.
ගංවතුර ආපදාවට ලක්ව විනාශ වූ මියගිය සතුන්ගේ මස් මිනිස් ශරීරයට බෙහෙවින් අහිතකර බැවින්, මෙම මස් ප්‍රවාහනය කරන සහ අලෙවි කරන වෙළෙඳුන් කෙරෙහි දැඩි අවධානයෙන් සිටින ලෙස දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කොට ඇතැයිද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










