• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිසිය කොයිබටද? කියන ප්‍රශ්නය ලංකාවේ මිනිස්සු දහ දෙනෙක්ගෙන් ඇහුවොත් එයට ලැබෙන උත්තර බොහෝ විට අපහාස හෝ උපහාසශීලී වන බව නිසැකවම කියන්නට පුළුවනිය.(Sri Lanka Latest News)

සමහර විට ශ්‍රී ලංකා පොලිසියම යම් තැනකට එක්රැස්කර ඒ ප්‍රශ්නය ඔවුන් හැමෝගෙන්ම ඇහුවත් එයට හරියටම හරියන උත්තරයක් දීගන්නට බැරිව හැමෝම වාගේ තක්කු මුක්කුව යන වග ද නිසැකවම කියන්නට පුළුවන. ඒ තරමටම තමන් කියන්නේ කරන්නේ මොනවාදැයි නොදන්නා තරමට ඒ ගැන වැටහීමක් නැති ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය හෑල්ලුවට පත්ව ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එහෙම කියන්නේ කුමන පදනමක් මතදැයි කවුරුන් හෝ අහනවා නම් එයට අවශ්‍ය උත්තර දීමට ඕනෑ තරම් සාක්ෂි සොයාගත හැකිය. ඕනෑ තරම් යන වචන දෙක යෙදුවේ ඉවක්බවක් නැතිව නීතියක් හෝ විනයානුකූල බවක් නැතිව පොලිසිය කරන අංගපුලාවක් නැති වැඩවලට සීමාවක් ඉවරයක් නැති බවට චෝදනා එල්ලවී ඇති නිසාය. කාගේ හරි ඕපාදූපයක් සොයාගෙන සදාචාරාත්මක නොවන තාලේ සින්දු මෑතකදී හැදූ ඉරාජ් වීරරත්නද ශ්‍රී ලංකා පොලිසිය ගැනද සින්දුවක් හැදුවා මතකය. මිලියන ගණනක් යූටියුබ් එක හරහා බලපු ඒ සින්දුව නිසා පොලිසියේ රෙදි ගැලවී ගියේය.

නමුත් ඒ ගැන ගානක් නැති ගානය. ගැලවී ගිය රෙදි නැවත ඇඳගෙන ආයෙම තව තව නාඩගම් හොඳ අපූරුවට රඟන්නට ගත්තේය. එවුන්ගේ ඇස් කන් හැරෙන තාලේ සින්දු කිව්වත්, මාධ්‍යවලින් පහර පිට පහර ගැහුවත් ඇතැම් පොලිස් නිලධාරීන් හැසිරෙන්නේ බීරි අලින්ට වීණා ගහන සෙයියාවටය. ඒක ඒ කාලෙත් එහෙමය. මේ කාලෙත් එහෙමය. ඊයේ වාගෙම අදත්, අද වාගෙම හෙටත් එය වෙනස් වන්නේ නැත.

ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච සංගදි දිහා බලපුවාම ශ්‍රී ලංකා පොලිසිය කවදාවත්ම පාඩමක් ඉගෙන ගන්නේ නැති වග ස්ථිරය. ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ සහ ඇගේ නිවෙසේ හිටපු මෙහෙකාර කාන්තාව වූ ආර්. රාජකුමාරිගේ සංසිද්ධිය දිහා බලපුවාම එය මනාව ඔප්පු වේ.

සුධර්මා නෙත්තිකුමාරගේ වටිනවාය කියන රන් මුදුව වටා ගෙතුණු කතාවෙහි පොලිසියට චෝදනා කළ හැකි කාරණා බොහොමයක් දැනටමත් අනාවරණ වී ඇත.

‘නෙත්තිකුමාරගේ රත්තරන් මුදුව සොරාගත්තාය කියන සැකය පිට අත්අඩංගුවට ගත්ත රාජකුමාරිට පොලිසිය විසින් පහරදී ඇත්තේ සොරකම ගැන කිසිදුම සාක්ෂියක් නැතුවය…’

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි මාධ්‍යයට පවසා ඇති අන්දමට සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ඒ පිළිබඳ ඇයගේ හෝ ඔහුගේ ළඟම ඥාතියකු දැනුවත් කළ යුතු බවය. රාජකුමාරිගේ අත්අඩංගුවේදී එවැන්නක් සිදුව නොමැත….’

‘එලෙසම නීතිඥ භවානි ප්‍රකාශ කරන ආකාරයට ප්‍රශ්න කිරීමක් කිරීමට පළමුව නීතිඥවරයකු අදාළ අය වෙනුවෙන් සිටිය යුතුය. එලෙස නීතිඥවරයකු සිටියද අත්අඩංගුවට ගත් අයට විශේෂයෙන් ඔප්පු නොවූ සාක්ෂි තිබියදී පහරදිය නොහැක. මොන ආකාරයේ නීතියක් යටතේ වුවද නිස්කාරණේ පහර දෙන්නට තහනම්ය….’

‘නීතිඥ සේනක පෙරේරා කියා තිබුණේ සැකකරුවකු අත්අඩංගුවට පත්වූ පසුව එය පොලිස් පොත්වල සටහන් විය යුතු බවත්, රාජකුමාරි සම්බන්ධව එවැන්නක් ලියැවී නොමැති බවත්ය….’

‘පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුව සනාථ වන්නේ පහරදීමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ගවල සඳහන් වන බවයි…’

‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු ලේකම් සුදේශ් නන්දිමාල් ප්‍රකාශ කොට ඇත්තේ රාජකුමාරිගේ සැමියා ඇයට කතා කරන මොහොතේ පොලිසියෙන් මට ගහනවා මාව බේරගන්නැයි කියා ඈ සැමියාට කන්නලව් කළ බවය…’

ඉහත සියලු උපුටා ගැනීම් සටහන්ව තිබුණේ පොලිසියෙහි අක්‍රමිකතාවන් සහ නීතියට පටහැනි ක්‍රමවේදයන් කරණකොට ගෙනය.

ඉතින් ඊයේ පෙරේදා සිදුවූ සිදුවීමක් මුල්කොට ගෙන පොලිසිය කේන්ද්‍ර කරගෙන ඇතිවූ එකී ප්‍රකාශයන් සැලකිල්ලට අරගෙන බැලුවොත් ‘ශ්‍රී ලංකා පොලිසිය කොයිබටදැ’යි අහන එකේ කොහොමවත් වරදක් නැත.

මීට පළමුවද පොලිස් පහරදීම් මත මරණයට පත්වූ අය අත්අඩංගුවට ගැනීම් මත අතුරුදන් වූ අය සෑහෙන පිරිසකි. එතැනදී අදාළ නිලධාරීන්ගේ වැඩ තාවකාලිකව තහනමට ලක්වූවා මිස සිදුවූ වෙනත් කෙංගෙඩියක් නැත.

‘පොලිස් පහරදීම් යටතේ මරණයට පත්වූයේ තරුණ කාන්තාවකි.’

‘රාජකුමාරි නම් වූ දමිළ තැනැත්තියක වූ ඇය ස්ථීරවම නෙත්තිකුමාරගේ මුද්ද සොරකම් කළාද කියා පොලිසිය ඇය මියයන තුරුවත් දැනගෙන සිටියේ නැති බවටද තොරතුරු හෙළිව ඇත…’
‘තවත් සංවේදීම කාරණයක් වන්නේ පොලිසියෙන් පහරදී මරණයට පත්වූ රාජකුමාරි බාලවයස්කාර දරු තුන්දෙනකුගේ අම්මාය…’

ස්ථිර සාක්ෂියක්වත් නැතිව සොරකමක් කළා යැයි කියන තරුණ විවාහක කාන්තාවකට, තිදරු මවකට පොලිසිය එලෙස අමානුෂිකව පහර දුන්නේ ඇයි? ඔවුන් එලෙස ක්‍රියා කළේ කාගේ අනුදැනුමක් පිටද? මුද්ද නැති වුණා යැයි පැමිණිලි කරපු සැණින් සැකපිට රාජකුාමරිව අත්අඩංගුවට ගෙන ඇයගේ පවුලේ අයට කිසිදුම ආකාරයේ දැනුම්දීමක් කරන්නේ නැතිව පැහැදිලි සාක්ෂියක්වත් නැතිව පොලිස් බලය ඕනෑවට වඩා පෙන්නන්නට පොලිසියේ මහත්වරු ඉදිරිපත් වූයේ සුධර්මා නෙත්තිකුමාර බලපුළුවන්කාර කාන්තාවක් නිසාද? කවුරුන් හෝ මෙවැනි ප්‍රශ්න අසන්නේ නම් සාධාරණය.

රාජකුමාරිගේ හදිසි අබිරහස් මරණයත් සමග පොලිස්පතිවරයා විසින් උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහම් කර ඇත.

අමානුෂික ලෙස පොලිස් පහරදීමකට ගොදුරුව ඛේදනීය ලෙස මරණයට පත්වූ රාජකුමාරිගේ ජීවිත වන්දිය වෙනුවෙන් ඔවුන්ට ඒ දඬුවම සෑහේද? අපරාධ නීතිය මෙම අධම මිනිසුන් වෙනුවෙන් ක්‍රියාකාරී විය යුතු නැතිද? ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීම සහ අසීමාන්තිකව තම තමන්ගේ නිල ඇඳුමෙහි හයිය පෙන්වන්න ගිය මොවුනට දිය යුත්තේ රජ කාලේ දඬුවම් නොවේද?

කොහොම වුණත් අවසානයේ අසරණ දරුවන් තිදෙනකුට තම අම්මා සදහටම අහිමි විය. මීට පළමුවද මෙවැනි අත්අඩංගුවට ගැනීම්, පහරදීම් සහ අබිරහස් මරණයන් සිදුවූ වාර අනන්තය. ඒ සියල්ලම පාහේ නීතියක් හෝ තීන්දුවක් නැතිව යටපත්ව ගියේය. සමහර විටක රාජකුමාරිගේ අබිරහස් මරණයද එලෙසම යට යනු ඇත.

කෙසේ වුවද සුධර්මා නෙත්තිකුමාරගේ රන් මුදුවෙහි පලහිලව්ව සහ රාජකුමාරිගේ කම්පාසහගත මරණයෙහි දුක්ඛිත කතන්දරය එලෙස තිබියදී පොලිසිය තවත් අඩව්වක් අල්ලන්නට ගත්තේ හිතපු නැති විදියටය.

‘හිතපු නැති විදියටය’ කියා මෙතැනදී විශේෂයෙන් එකතු කෙරුවේ සුධර්මාගේ මෙහෙකාරිය වූ රාජකුමාරි පොලිස් පහරකෑමකට ලක්ව මරණයට පත්වූ උණුසුම පහව යන්නටත් කලින් පොලිසියේ ඇත්තන් පිරිසක් ප්‍රවීණ ගායක ලහිරු පෙරේරාගේ පියානෝ හොරකමක් ගැන හොයන්නට ගිහින් තවත් වතාවක් හත්පොළේ ගාගත්ත නිසාය. ආරංචියේ හැටියට නිවුස් එක ලැබුණු සැණින් පොලිසියේ නිලධාරීන් මහත්තුරු දෙන්නෙක් ඇතුළු තවත් කිහිප දෙනෙකු දිවුලපිටියේ ගෙදරකට පසුගිය 27 වැනිදා පාන්දර කඩාවැදිලා පියපුතු දෙපළකට අම්බානකට ගුටිබැට දී ඇත.

එලෙස පහරදුන් එක් නිලධාරියෙක් ගම්පහ පොලිසියේ සැරයන්වරයකු බව කියැවුණු අතර, අනෙක් නිලධාරියා කවුදැයි හඳුනාගැනීමට විමර්ශන දියත් කර ඇති බව සැලය.

පියපුතු දෙපළ ලහිරු පෙරේරාගේ පියානෝ හොරකමෙහි සැකකාරයන් වන්නට ඇත. දිවුලපිටියෙහි සල්ගාදු වත්තෙහි පිහිටි ඔවුන්ගේ නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු පියපුතු දෙපළට පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබිණි. එම දැනුම්දීම කළේ ලහිරු පෙරේරාගේ පියානෝව අතුරුදන් වීම ගැන සැකයට ඔවුන් ලක්ව සිටි නිසාය. වරෙන්තුව ක්‍රියාත්ක වූයේ ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයාගේ දැනුම් දීමකට අනුවය.

එතරම් ලස්සනට නීතිය ක්‍රියාත්මක වෙද්දී නිවෙසට බලහත්කාරයෙන් පැමිණ පහරදුන් හේතුව කුමක්ද?

පොලිසිය ඇදගෙන නාගත්ත තැන හෝ හත්පොළේ ගාගත්ත තැන එතැනය. අනෙක සුධර්මා නෙත්තිකුමාරගේ නැතිවූ රන් මුදුවෙහි කේස් එක සමග පොලිස් පහරදීමෙන් අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි කියන රාජකුමාරිගේ කේස් එක මාධ්‍යවල උණුසුම් පුවතක්ව තිබියදී නැවතත් මෙවැනි පහරදීමක් කිරීමට තරම් පොලිසිය අඥාන වූයේ ඇයි? පැහැදිලි සිංහලෙන්ම අහනවා නම් පොලිසියට අමු කැවිලාද?

හේතුව මොකක් වුණත් ඇතැම් නිලධාරීන්ට උකුණු හිසක් තරම්වත් මොළයක් නැති බව ෂුවර්ය. නැත්නම් රාජකුමාරිගේ අබිරහස් මරණය නිසා කළු පැල්ලමක් ගාගෙන තිබෙන පොලිසියේ මහත්තුරු ඒ අල්ල පනල්ලෙම යක්කු ගස් නගින යාමෙට ගෙදරකට කඩාපැන සැකකරුවන්ට තඩිබාන්නේ නැත.

දැන් ඉතින් උන්දැලාගෙත් වැඩ තහනම් කරලාද? එහෙම තහනමක් තවම නැත. කතන්දරය තවම විමර්ශනයේය.

විමර්ශනය කළ පමණින් වැඩ තහනම් කළ නියෝග පැනවූ පමණින් පොලිසියේ නැහැදුනුකම් සහ සැහැසිකම් මර්දනය කරන්නට පුළුවන්ද? මෙවැනි අපරාධ නැවැත්වීමට නම් අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතු නොවන්නේද?

තවත් පැත්තකින් මේ සිදුවීම් දිහා බලනවා නම් මෙහෙමද හිතන්නට පුළුවන.

අපේ පොලිසියේ මහත්තුරු තම තමන්ගේ විනය උකසට තබමින් සුධර්මා නෙත්තිකුමාර සහ ලහිරු පෙරේරාලා වැනි ප්‍රසිද්ධ උදවිය වෙනුවෙන් අල්ලන මේ අඩව් මේ රටේ යමක්කමක් කරකියා ගන්නට බැරි සාමාන්‍ය හෝ අසරණ මිනිසුන් වෙනුවෙන් අල්ලනු ඇතිද?

මේ කියන්නේ මරණාසන්න වනතුරු කාන්තාවකට පහර දෙන්නට කියා නොවේය. යක්කු ගස් නගින යාමයේ ගෙවල්වලට ගිහින් සැකකරුවන්ට පහර දෙන්න කියා නොවේය.

පොලිසියේ මහත්තරුන්ට කරන්නට ඊට වඩා වැදගත් රාජකාරි ඇත.

කිසිදුම බලයක් නැති මුදල් හදල් අල්ලස් වශයෙන් ෆයිල් යටින් තියන්නට හැකියාවක් නැති මනුස්සයෙක් පොලිසියට ගොඩවූ කල උන්ටත් සුධර්මලාට ලහිරුලාට වාගේ සලකන්නට කියාය. මොකක් හෝ පැමිණිල්ලක් දාන්නට ආව උන්ව සත පහකට මායිම් නොකර ඒ ඕනෑකම ඉෂ්ට සිද්ධ කර දෙනවා නම් හැමෝම වාගේ පොලිසියට සැලියුට් කරනු ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් හැගැනියකට තඩිබාන හයිය හෝ පිරිමින් දෙදෙනකුට ගෙදරට කඩාපැන අතපය උස්සන බලපුළුවන්කාරකම වෙනුවට ඒ වෙනුවට ඕනෑ වන්නේ නිල ඇඳුමට වැසුණු පපුවෙන් මතුවන මනුස්සකම සහ මහත්මා ගතියය.

මේ ගැන හිතන්නට, කළ අනුවණකම් ගැන තැවෙන්නට අනේ දෙවියනේ අපේ නීතිය ක්‍රියාත්මක කරන ඇත්තන්ට නුවණැස පෑදේවා….

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අරගලය 2048 I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.