• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

MGRට කරුණානිධිට ජයලලිතට රජිනි කාන්ත්ට කමල් හසන්ට වෙච්ච දේම තලපති විජේටත් වෙයිද? I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය සිනමා තරු දේශපාලනයට එන්න ගත්තේ අද ඊයේක එහෙම නෙවෙයි. ඒක සිද්ධ වෙන්න ගත්තේ තරමක් ඈත කාලයක ඉඳලයි. කොලිවුඩ් සිනමාව පැත්තෙන් ගන්නවා නම් එම්.ජී. ආර්ලගේ කාලේ ඉඳන් සුපිරි සිනමා තරු දේශපාලනයට අත ගැහුවා. උතුරු ඉන්දියානු සිනමාව ගන්නවා නම් සුනිල් දත්ලා අමිතාබ්ලත් දේශපාලනය කරන්න ගත්තා. කොහොම වුණත් හොලිවුඩ්වලට වඩා කොලිවුඩ් බොලිවුඩ්වල සිනමා තරු දේශපාලනයට එන එක නිතරම සිද්ධ වුණා.(Sri Lanka Latest News)

එයට හේතු වූ විශේෂ කරුණු කාරණා තිබුණාද?

සිනමා තාරකාවෝ තමන්ගේ ජනප්‍රියත්වය දඩමීමා කරගෙන දේශපාලනයට එන එක සමහර තැනක සිද්ධ වුණේ දේශපාලකයන්ගේ ඕනෑකමටය කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

‘දේශපාලනයට එන්න කැමැති නැද්ද? මගේ පක්ෂයෙන් එන්න. මම ඔයාට හොඳ බැක් ග්‍රවුන්ඩ් එකක් හදලා දෙන්නම්…’

ඉන්දියානු සුපිරි තරුවකට කිට්ටු වන සමහර දේශපාලුවෝ හොම්බෙන් යන්නට ආසන්නව තියෙන තම තමන්ගේ පක්ෂවල නැතිව යන ප්‍රතිරූපය ගොඩනගා ගන්න සුපිරි තාරකාවනට ඒ වාගේ යෝජනා ගෙනෙනවා. ඒ වාගෙම ඒවා සම්මත වෙලා අහවල් නළුවා හෝ නිළිය දේශපාලනයට පය තියනවා. දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා අපේ සමහර ටෙලි තරුත් ඒ විදියට දේශපාල වේදිකාවලට ආවා. ලක්ෂ ගණනින් මනාප අරගෙන වෙනත් පක්ෂවලටත් පැන්නා.

ඉන් පස්සේ තමන් ආවේ නොදන්නා කර්මාන්තයකටයි කියන එක දැනුණාට පස්සේ කිසිදුම සෙතක් වාසියක් රටට තියා කලාකාරයන්ටවත් නොකර බර ඉලක්කම් තියෙන පෙන්ෂන් එකකුත් අත මිට මොළවාගෙන, ‘මම දේශපාලනය ගැන කලකිරුණා. මේක ජරා මඩ ගොහොරුවක්. මට මේක ගැළපෙන්නේ නැහැ…’ කියලා ෂේප් එකේ යනවා. ගෙදර ගිහින් නිළිකම හෝ නළුකම කරගෙන ඉන්නවා. ඒ වාගේ කතන්දර ඉන්දියානු සිනමාවෙත් නැත්තේ නැහැ. තවත් සමහර සුපිරි තරු විලාසිතාවට හෝ රැල්ලට දේශපාලනයට එනවා. අහවල් නළුවාට නිළියට පුළුවන් නම් ඇයි මට බැරි කියන මතය තුළ කරන්නන් වාලේ මන්ත්‍රී පට්ටම් ගන්න බලාගෙන එන අයත් ඔය අතර ඉන්නවා.

ඒ සියල්ල අතර තවත් පිරිසක් ඉන්නවා තම තමන් රඟදක්වන වීර චරිත ඔස්සේ තමාට ලැබෙන සුපිරි ප්‍රතිචාරය ඇපයට තබා දේශපාලනයට පිවිසෙනවා. මෙහිදී සිනමාරූපණය හරහා ඔවුන් ගොඩනගාගත් වීරත්වය, දේශපාලනය තුළද මවාපෙන්වන තමාට ප්‍රිය කරන තමාට ගරු කරන තමාව එම වීරත්වයට ඔසවා තැබූ තම රසික රසිකාවන්ට තමා තනාගත් දේශපාලන ප්‍රතිරූපය හරහා හොඳින් සලකන්නට හිතාගෙන අවංක වූ සිතින් දේශපාලන බලය තම අතට ගන්නට සටන් කරන්නන්ද ඉඳහිටක සිටිති.

එලෙස දේශපාලනයට පැමිණ සාර්ථකත්වය කරා ගිය සුපිරි තරු සිටිනවාද?

ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි මොහොතකට කොලිවුඩ් සිනමාවට ගිහින් එමු.

ඇයි මෙතැනදී කොලිවුඩ් සිනමාවම තෝරා ගත්තේ?

ඒකට ප්‍රධාන හේතුව තවමත් අදටත් දෙමළ සිනමාව තූළ ඉහළ මිලකට අලෙවි වන සුපිරි තරුවක් වන තලපති විජේ ක්‍රියාකාරී දේශපාලනයට පය තැබීමේ සිදුවීමයි.

කොලිවුඩ් සුපිරි තරු දේශපාලන කලාව ආක්‍රමණය කරන විෂය තුළදී බොලිවුඩයට වඩා දැඩි ආන්දෝලනාත්මක බවක් තිබුණා.

ඔව්, එම්.ජී.ආර්., ජයලලිතා කියන්නේ ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් සුපිරිම සාම්ල් දෙකක්. එයාලා ගැන කතා කරන්න ගියොත් තලපති විජේ දේශපාලනයට ආ කතන්දරය ගැන කතාබහ කරන එක අතපසු වෙන්න පුළුවන්.

තලපති විජේ හදිසියේම දේශපාලනයට එන්න හිතුවේ ඇයි කියලා ඇහුවොත් ‘හදිසියේ’ කියන වචනය ඒ ප්‍රශ්නයට ඇතුළු කරපු එක සම්පූර්ණයෙන්ම වැරැදියි. තලපති විජේ, එහෙමත් නැත්නම් උප්පැන්නයට අනුව ජෝෂප් විජේ චන්ද්‍රසේකර් දේශපාලනය ගැන හැඟීමක් ඇතිකර ගත්තේ මේනියාවක් විදියට නම් නෙවෙයි. හිටපු ගමන් සුපිරි තරුවලට ක්‍රෂ් එකකට වාගේ හැදෙන දේශපාලන උණක් නෙවෙයි. තලපති විජේට තිබුණේ දේශපාලනය කියන අකුරු කිහිපය ඔහුගේ හදවත කොනිත්තන්න ගත්තේ මැඩ්රාස්වල දුප්පත් මිනිස්සු, වීදිවල සැරිසරන හිඟන දූදරුවෝ එදා වේල කන්න නැතිව දුක් විඳිනවා දැකලයි.

මීට වසර ගණනකට උඩදී, ඒ කියන්නේ 2001, 2002 වසරවල ඉඳන්ම තලපති විජේට තමන්ගේ රටේ පීඩාවට පත්වෙච්ච අසරණ මිනිස්සු වෙනුවෙන් තම සුපිරි නළුකම භාවිතයට ගනිමින් සමාජ සේවයේ යෙදුණා. 2008 අවුරුද්දේ ඔහු තමන්ගේ බිරියවද එකතු කරගෙන ‘ආහාර වර්ජනයක’ නිරත වුණා. එයට හේතුව වුණේ මැඩ්රාස්වල බිලිඳු දරුවන්ට බඩගින්නට බොන්න කිරි උගුරක් නැහැ, දරුවන්ට දෙන්න කිරි එරෙන තරමට කන්න බොන්න දුප්පත් අම්මලාට වත්කමක් නැහැ, දරුවන් වැඩිහිටියන් සාගින්දරේ පාරවල්වල හිඟා කනවාය කියන කරුණු කාරණා සුවිශේෂ කරගෙනයි.

අවස්ථා තිස්හත් වාරයක් පුරාම තලපති විජේ ඒ ආහාර වර්ජනය දිගුවක්ව අරන් ගියා. ඒ වෙනුවෙන් ඔහු තම රසික රසිකාවියන්ට ආරාධනා කළා. ඒ, ආරාධනය ඔහු කළේ හැඬූ කඳුළින්. ඒ කඳුළු ආවේ ෂූටිං එකකදී ග්ලිසරින්වලට නෙවෙයි. ඒ ඔහුගේ පපුවෙන්ම ගලපු කඳුළු. ඒ ඇත්ත කඳුළුවලට ඔහුට ප්‍රිය කරන රසික රසිකාවියෝ දහස් ගණන් ඔහු වටා එක්රොක් වුණා. ඒ එක්කම තලපති විජේ යුද්ධය නිසා අසරණව සිටින දෙමළ ජනතාව වෙනුවෙන්ද ධීවර ජනතාව වෙනුවෙන්ද හඬ නැගුවා.

‘මම මේ වේදිකාවට ඇවිදින් ඉන්නේ දේශපාලකයෙක් හෝ නළුවෙක් විදියට නෙවෙයි. දෙමළ ධීවරයන්ට කරන වද හිංසා තවදුරටත් දරාගන්න බැරි තවත් දෙමළ මිනිහෙක් විදියටයි මම මේ හඬ නගන්නේ…’

තමාගේම ජාතියේ මිනිහා වෙනුවෙන් තලපති විජේ නොබියව ඒ විදියට කෑගැහුවා. ඊළාම් යුද්ධය නිසා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ඔහු ශ්‍රී ලාංකේය රජයටද ඇතැම් අවස්ථාවල චෝදනා කළා. සමහර තැනකදී ප්‍රකෝපකාරීවද කෑගැසුවා. 2013, 2014 වනතුරුත් එයින් පසුවත් ඔහු පක්ෂයක් පාටක් දේශපාලනමය මතයක් නැතුව ප්‍රසිද්ධියේ තම පුද්ගලික මුදලින් මහා පරිමාණයේ පිකටින්ද කෙරුවා. මැඩ්රාස්වල මිනිස්සු ඔහු වටා සිය දහස් ගණනින් පෙළගැහෙන්න ගත්තා.

සුපිරි ජීවිතයක් ගතකරන්නට පුළුවන් ආකර්ෂණීය නළුවෙක් තමන්ගේ නොවන දෙයක් තමන්ගේම කරගෙන පීඩිත පන්තියේ මිනිස්සු සමග මේ විදියට වීදි ගානේ මහා කාෂ්ටක අව්වේ මෙහෙම දුක් විඳින්නේ ඇයි කියන සිතුවිල්ල මැඩ්රාස් ජනතාවගේ හිත ඇවිළෙව්වේය. සමහර විට ඒ ඇවිලිල්ල හරහා ඒ අසරණයන්ගේ ඇස්වලින් ගලපු කඳුළු වෙන්නැති විජේට දේශපාලනයට එන්න පාර කපන්න ඇත්තේ. ඒ හැඟීම කොයි තරම් හැඟීම්බරද කියනවා නම් තලපති විජේ තමන් දේවත්වයෙන් අදහන රංගන ජීවිතයටත් දේශපාලනය නිසා තිත තියන්නයි සූදානම.

ඒ තරම් කැපවීමක් පරිත්‍යාගයක් කොලිවුඩ් සිනමාවේ ඉහළම වැටුප් ලැබෙන සුපිරි තරුවක් මොන චේතනාවකින්ද ඒ තරම් භාරදූර තීරණයක් ගන්නේ?

සිනමා විචාරකයන්ගේ මාධ්‍ය පැපරාසීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ මතය වෙන්නේ තලපති විජේගේ දේශපාලන දැක්ම ඉතා පිරිසිදු කළුපාට පැල්ලම් නැති සුදුපාට එකක් කියලාය.

එම්.ජී.ආර්.ලා, ජයලලිතලා ආවෙත් ඔහොමයි. හැබැයි ඔවුන්ගේ දේශපාලන කිල්ලෝටවලත් හුණු ඕනෑ තරම් තිබුණා. මියගියාට පස්සේ මැඩ්රාස් මිනිස්සු විලාප දිදී ඇඬුවත් ජයලලිතා වංචනික අක්‍රමිකතාවන්ට හිරේ ගිය දේශපාලන නායිකාවක්. එම්.ජී.ආර්.ටත් එහෙම චෝදනා නොතිබුණාම නෙවෙයි. අනෙක ඔවුන් දෙපළගේම දේශපාලන ගමන රටේ ජනතාවගේ පැත්තෙන් සාර්ථකව නොතිබුණු බවයි තොරතුරුවල සඳහන්ව ඇත්තේ. කමල් හසන්, රැජිනි කාන්ත් කියන්නෙත් කොලිවුඩ් සිනමාව හොල්ලපු සුපිරි වීරයෝ. වික්‍රම් සහ ජේලර් සිනමාපට හරහා බලනකොට ඒක අදටත් ඔප්පු වෙනවා.

ඒ සුපිරි වීරයෝ දෙන්නත් දෙමළ ජනතාව වෙනුවෙන් කියලා දේශපාලනයට ආවා. ලොකු හුරේ එකකුත් එක්කයි ආවේ. බයිස්කෝප්වල චරිත මවන විදියටම ඔවුන් දේශපාලන පොර පිටියෙත් සුපිරි වීරයෝ වෙයි කියලයි කවුරුත් හිතුවේ. හැබැයි හිතනවාට වඩා ඉක්මනට ඒ බලාපොරොත්තු පුස්සක් වුණා. දෙන්නම සද්දෙ වහලා අසාර්ථක දේශපාලනයෙන් සමු අරන් කරබාගෙන යන්න ගියා. ඒකට හේතුව අහේතුවද? නැත්නම් මේ සුපිරි තරුවල දේශමාමක වීරත්වය සැලෝලයිඩ් පටවලට විතරයිද කියන එක ගැන කිසිවෙක් ඇනලයිස් කරලා තිබුණේ නැහැ. ඕපාදූප හොයන සිනමා පත්තරවල සහ විරුද්ධ දේශපාලන පක්ෂවල කට්ටිය නම් කියලා තිබුණේ සුපිරි වීර චරිතවල කරණම් ගැහුවට දේශපාලනයේ කරණම් පිනුම් ගහන විදිය මේ සුපිරි නළු දෙපළට පිහිටා නැතිය කියලයි.

තලපති විජේටත්, කමල් හසන්ටයි රැජිනි කාන්ත්ටයි වාගේ කරබාගෙන යන්න වෙයිද?

තලපති විජේ දේශපාලනයට එන්න හදන පසුබිම එදා ඉඳන්ම ඒකට දාපු අඩිතාලම අනෙක් සුපිරි තරු ආපු විදියට වඩා වෙනස්. ඔහුගේ දේශපාලන දැක්ම වෙනම ආට් එකක් කියලා මාධ්‍යවල සඳහන්ව තියෙනවා. අනෙක විජයගේ රංගන ශෛලියත් බොහෝ දුරට සංවේදී මාවතකයි තියෙන්නේ. ඇතැමුන් කියනවා කමල් හසන්ට, රැජිනිට වඩා තලපති විජේගේ බයිස්කෝප්වලට ප්‍රේක්ෂකයන්ගේ පපුව ගැස්සෙනවා කියලා.

එතැන අදහස ඔහු චිත්‍රපටයක හෝ අසාධාරණය වෙනුවෙන් ඇඟෙන්ම දුක් වෙනවා. සත්‍ය වශයෙන්ම නැගී සිටිනවා කියලයි. දුප්පත් අසරණ දමිළයන් වෙනුවෙන්, පීඩාවට පත් දමිළයන් වෙනුවෙන් දේශපාලනය හමුවේද ඔහු හෙළන සුසුම් හෝ කඳුළු බොරු නෙමේය කියලත් ඔවුන් හිතනවා. ඒ නිසා ඔහුගේ දේශපාලන කලාව සිනමා කලාව වාගෙම සුපිරි කොලිටියක තියේවි කියලයි ඔවුන් කියන්නේ.

ඒත් නොසිතූ බොහෝ දේ සිදුවන අටලෝ දහම තුළ තලපති විජේගේ දේශපාලන ගමන ටක්කෙට හරි යයි කියලා කාටද කියන්න පුළුවන්?

කොහොමත් කොලිවුඩ්වල වාගේම බොලිවුඩ්වලද සුපිරි තරු බයිස්කෝප් කලාවේදී තරමට දේශපාලන කලාවේදී අතිසාර්ථක වූයේ නැත. තලපති විජේ හමුවේද එය එලෙස වීමට බැරි නැත.

‘දේශපාලනය යනු මගේ ජීවිතයේ දිගුකාලීන කැපවීමේ ආරම්භයයි. මගේ දැක්මට අනුව දේශපාලනය යනු විනෝදයක් හෝ මුදල් හරිහම්බ කරන මාර්ගයක් නෙවෙයි. එය කිසිවකු වෙනුවෙන් කැපවෙන ගැඹුරු උත්සාහයකි. ඒ කැපවීම මගේ දේශය සහ තමිල්නාඩු ජනතාව වෙනුවෙනි’

තලපති විජේ දේශපාලනයට පැමිණීම ගැන විවිධ මත පළවුවද තමා රංගනය අත්හැර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ජනවාරි 11 වැනි දින ප්‍රසිද්ධියේ පැවැසූ මොහොතේ සිය ට්විටර් ගිණුමෙහි ඔහු ඉහත සටහන මුදාහැර තිබුණේය. තම ඉලක්කය 2026 මැතිවරණ සටන බවද එහි පාමුල සඳහන් විය.

තලපති විජේ ඔබට ජය…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපිට ඉන්දියාව එන්න කිව්වේ ගිය අවුරුද්දේ! ලෝකයේ වෙනස්වීම් එක්ක අපිත් වෙනස් වෙලා! දවස් 10කට එන්න කිව්වත් අපි දින 5කට අඩු කරගත්තා! ඔව්.. අනුර ටයි කෝට් ඇන්දා! හැබැයි කංචන-රෝහිත නම් රෙදි ගලවගෙන ඉවරයි! අනුර එක්ක ඉන්දියාවට ගිය විජිත චෝදනා පත්‍රයකට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගහක තිබ්බ රෙදි පටියක බෙල්ල හිරවෙලා නුවරඑළියේ අවුරුදු 12ක පාසල් සිසුවෙක් මරුට! I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.