• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්නෙ තුන්වෙනි වාට්ටුවේ දුමින්ද සිල්වා එක්ක! දවසක් දුමින්දත් එක්ක වචන හුවමාරුවකුත් වෙලා! කෑම බීම බේත් හේත් එන්නෙ එළියෙන්! ඉස්සර බලන්න ආපු යාළුවො දැන් එන්නෙ නෑ! නිදාගන්න යන්නෙ ඔක්සිජන් මැෂිම ගහගෙන! කෙහෙළිය වැලිකඩ ඉන්න හැටි අපි හොයාගත්තා! I Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙළියට ඇත්තටම මොකද වුණේ? කෙහෙළියට ඇත්තටම මොකද වුණේ කියන එක දැනගන්න අපේ රටේ බොහෝ දෙනෙක් හරිම කැමැත්තෙන් ඉන්නේ. ඒකට හේතුව දැන් අපි දන්නවා. කෙහෙළිය බන්ධනාගාරගත කරනවා ඔහුට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්.(Sri Lanka Latest News) එම චෝදනාව තමයි ඖෂධ සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලු. සමහර අය මේකට හොර බෙහෙත් කියනවා. තවත් සමහර අය මේකට ප්‍රමිතියෙන් තොර බෙහෙත් කියනවා. විවිධාකාරයෙන් බෙහෙත් අර්බුදයක් නිසා ඔහු බන්ධනාගාරගත කරලා ඉන්නේ.

හැබැයි බන්ධනාගාරගත වුණාට පස්සේ අපට කෙහෙළිය සම්බන්ධයෙන් නිතරම අහන්න ලැබෙන්නේ ඔහු අසනීපෙන් ඉන්නවා, රෑ තිස්සේ හුස්ම ගන්න බැරිව යනවා, බෙහෙත් ඉල්ලනවා, බෙහෙත් ප්‍රතික්ෂේප කරනවා වගේ කතන්දර. ඇත්තටම ලංකාවේ මේ විදියට බන්ධනාගාරගත වුණාම ඔවුන් හැරෙන තැපෑලෙන් කරන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන එක. මේක හරිම සාමාන්‍ය දෙයක්. මොකද ඒකට හේතුව රටක් ඇතුළේ ඉද්දී බන්ධනාගාරගත වෙන වැරැදිකරුවෙක්ට සැපටම ඉන්න පුළුවන් තැන තමයි බන්ධනාගාර රෝහල. ඒ සඳහා බන්ධනාගාර රෝහල් හදලා තියෙනවා. බන්ධනාගාර රෝහල ඇතුළේ හොඳ පහසුකම් ටිකක් ගන්න පුළුවන් විදියට පොඩි පොඩි සෙප්පඩ විජ්ජා ටිකක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවා අපට ඇහිලා දැනිලා තියෙනවා.

කෙහෙළිය කරන්නේ මේ වගේ සෙල්ලමක්ද? කෙහෙළිය දැන් රෝහල්ගත කරලා ඉන්නේ බොරුවටද? ඇත්තටමද? අපි සූදානම් වුණා කෙහෙළිය බන්ධනාගාර රෝහල තුළ ඇත්තටම කරන්නේ මොනවද කියන එක ගැන හොයන්න. ඒක හෙව්වේ කොහොමද, අපි ඇතුළට ගියේ කොහොමද, කවුද අපට මේ තොරතුරු ලබාදුන්නේ කියන එක ගැන කිසිවක් අපි හෙළිකරන්නේ නැහැ. නමුත් කෙහෙළිය මේ රෝහල ඇතුළේ ඉඳගෙන කරන්නේ මොනවද කියන එක නම් අපි මෙතැන් සිට එකිනෙක හෙළිකරන්නටයි සූදානම් වෙන්නේ. කිසිවෙක් අමනාප වෙන එකක් නෑ මේ වගේ කාරණාවක් අපි හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මාධ්‍යවේදීන් විදියට අපි නිරන්තරව අවදියෙන් සිටි මාධ්‍යවේදීන්.

ඒ නිසා අපට වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේවා ගැන හොයලා බලන්න. එතකොට කෙහෙළිය අසනීප වෙනවා කියලා කියන්තේ ඇත්තටමද? කෙහෙළියට ඇත්තටම ශ්වසනාධාර සවිකරලද තියෙන්නේ? මේවා හොයන්න අපි තීරණය කළා. මොකද, ජනතාවගේ බදු මුදලින් යැපෙන දේශපාලකයන්ට හිතුවක්කාර විදියට බන්ධනාගාරගත වෙලා, බන්ධනාගාර ඇතුළේ සැප විඳින්න පුළුවන් නම් සාමාන්‍ය අහිංසක මිනිහෙක්ටත් බන්ධනාගාරයට ගියාට පස්සේ සැප විඳින්න අවස්ථාව ලබාදිය යුතුයි. ඒ කාරණාව ගැන හිතලයි අපි මේ කාරණාව මතු කරන්නේ. එහෙම නැතුව කිසිම හේතුවක් නිසා ඔබ වැරැදියට අවබෝධ කරගන්න එපා, අපිට කෙහෙළිය ගැන උදම් අනන්නට, කෙහෙළිය වීරයෙක් කරන්නට, කෙහෙළිය මාර පොරක් කරන්නට කිසිම අවශ්‍යතාවක් අපට නෑ.

අපිට කිසි දිනෙක අමතක වෙන්නේ නෑ කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී කියපු කතාව. රෝහල්වල රෝගීන් මියයෑම හරිම සාමාන්‍යයි. ඒ නිසා තමයි රෝහල් ඉස්සරහා මල්ශාලා තියෙන්නේ කියලා ඔහු කිසිම විළිසංගයක් නැතුව කටේ දිවේ නොගෑවී කියලා දැම්මා. එහෙම මිනිහෙක්ට අනෙක් මිනිහෙක්ගේ දුක වේදනාව දැනෙන්නේ නැති බව අපි ඉන්තේරුවෙන්ම දන්නවා. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ල වගේ මනුස්සයෙක් කිසිසේතම දේශපාලන ලෝකයේ වීරයෙක් කරන්න අපට අවශ්‍ය නෑ.

නමුත් ඔහුට වෙලා තියෙන දේ ඇත්තටම අපි ඔබට කියන්නේ එක්කෝ ඔබ හිතන්න මේ තමයි මේ ආත්මයේදීම ඵලදීමේ ක්‍රමවේදය කියලා. එහෙම නැත්නම් ඔබ හිතන්න මේ තමයි දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. එහෙමත් නැත්නම් ඔබ හිතන්න මේ තමයි ඇත්ත මනුෂ්‍ය ජීවිතය කියලා. නැත්නම් ඔබ හිතන්න ඔහු කරන්නේ වංචාවක් කියලා. හිතන දේ ඔබ සතුයි. මේ කතාව හෙළිදරව් කරන එක අප සතුයි. මෙතැන් සිට අප සිදුකරන්නට බලාපොරොත්තු වන්නේ අන්න ඒ හෙළිදරව් කිරීමයි.

වැලිකඩ බන්ධනාගාරයට කෙහෙළියව ගෙනිච්චට පස්සෙ ඔහුට හැරෙන තැපෑලෙන්ම අසනීප වෙනවා. ඒක අපි දිගින් දිගටම කියන විදියට සාමාන්‍යම දෙයක්. ලොකු ලොකු අය හිරේ ගියාට ඔවුන් සාමාන්‍යයෙන් ඉන්නෙ රෝහලේ. අසනීපයි කිව්ව කෙහෙළියටත් PH එකට (බන්ධනාගාර රෝහලට) යන්න වාසනාව උදාවෙනවා.

3 වැනි වාට්ටුවට තමයි කෙහෙළියව වැටෙන්නෙ. ආරංචි විදියට දුමින්දත් මෙයාව ගණන් අරගෙන නෑ කෙහෙළිය අඬනවා නිතරම ඔව්වා ගැන කියවමින් කියලයි ආරංචි. ඔය අස්සෙ ‘මාව එල්ලුම් ගහට යවන්න’ කියලා දවසක් කෑගහලා එකපාරටම. ඒ වෙලාවෙ දුමින්ද එක්කත් පොඩි වලියක් එහෙමත් ගියාලු.

මුලින් මුලින් නම් යාළුවො ආවා ලු. ඒත් දැන් බලන්න එන්නෙ නෑලු. කොහොම වුණත් කෙහෙළිය රෑට ඔක්සිජන් ගහගෙන නිදාගන්නව කියලයි කියන්නෙ. ඒ අස්සෙ මේ හාදයට ටොයිලට් යන්නත් අමාරුයි කියලා අහල පහළ ඉන්න අය කියනවා.

අනේ මන්දා ඕවා ඉතිං….

තව තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ලු ආයුබොවන්ඩ.

ඒ වුණාට මතක තියාගන්න ඕනෙ ගම්වල පොඩි කතාවක් තියෙනවා හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියලා. ඒ වගේම තියෙනවා නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා කතාවකුත්. ඒ නිසා ඉස්පිරිතාලෙ ඉන්නෙ කෙහෙළිය මහත්තයට ඉක්මනටම සනීප වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. නැත්තම් එයා පව්නෙ. එයාලා මැති සභාවල පිස්සු කෙළියට මේ විදියට හිර ගෙවල්වල පිස්සු කෙළින්න ඉඩ දීලත් බෑනෙ. මොකද එයා සියුමැලියිනෙ. අව්වට වේළිලා වැස්සට තෙමිලා හුරුවක් නෑනෙ. ඒ වගේම තැලිලා පොඩි වෙලත් නෑනෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජ්‍ය සේවයේ ෆෝන් නමට විතරයි! භාගයක් වැඩ කරන්නේ නෑ! කොටසකට උත්තර දෙන්නෙ නෑ! Sri Lanka Latest News

Next Post

කුඩුකාරයො අල්ලනවා! ජැක්සන්ලා අල්ලනවා! යුක්තිය දැන් හරක් හොරු පස්සේ පන්නනවා! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.