රාජ්‍ය සේවා සපයන නිලධාරීන් විසින් ජනතාව අවශ්‍ය විටක සම්බන්ධ කරගැනීමට ලබාදී ඇති දුරකතන සබඳතා හරහා අදාළ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට ඇති හැකියාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සහ මහාචාර්ය මාලක රණතිලක යන මහත්වරුන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවූ කරුණු මේ වන විට අනාවරණ වී ඇත. (Sri Lanka Latest News)
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගන්නා ලද ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් 589කගේ දුරකතන සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය සිදුකොට ඇති බව සඳහන්ය.
ඒ අනුව, ඔවුන් ජනතාවට ලබාදී ඇති දුරකතන අංකවලින් 49%ක් ක්‍රියා විරහිතව ඇති බව හෙළිව තිබේ. තවත් දුරකතන අංක 22%ක් ක්‍රියාත්මකව ඇති නමුත් ප්‍රතිචාර නොදක්වන බවයි හෙළිව ඇත්තේ.
මෙම රාජ්‍ය නිලධාරීන් විසින් ලබාදී ඇති දුරකතනවලින් අදාළ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට හැකිව ඇත්තේ 29%ක් පමණි.
ප්‍රාදේශීය සභා 276 අතරින් 98ක්ද මෙම අධ්‍යයනයට යොදාගෙන ඇති බව සඳහන්ය. එයින් 14%ක් දුරකතන ක්‍රියා නොකරන අතර, දුරකතන ක්‍රියාත්මක වුවත් පිළිතුරු නොදෙන ආයතන 41%ක්ද පිළිතුරු ලබාදුන් ආයතන 45%ක්ද ඇති බව සඳහන්ය.
රට පුරා මහ නගර සභා 24කින් 23ක්ම මෙම අධ්‍යයනයට ලක්කරන ලද අතර, ඔවුන්ගේ දුරකතන 4%ක්ම අක්‍රීයව පැවැති අතර, 43%ක් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයේ පැවැති බවයි සඳහන් වන්නේ.
පිළිතුරු දුන් ආයතන 52% රට පුරා පවතින අතර, නගර සභා 41කින් 36ක් පමණ අධ්‍යයනය කිරීමේදී 14%ක් පමණ අදාළ දුරකතන ක්‍රියා නොකළ බවයි සඳහන් වන්නේ.
එයින් 44%ක් පමණ පිළිතුරු දීමක් සිදු නොවූ බවත්, 42%කින් පමණ පිළිතුරු ලබුණු බවයි අධ්‍යයන වාර්තා හෙළිකර ඇත්තේ.
නූතන තාක්ෂණය දියුණු යුගයක රට පුරා දුරකතන භාවිතය ඉහළ මට්ටමක පවතින යුගයක රාජ්‍ය අංශයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට දුරකතන හරස් වීම මහජනයා දැඩි අපහසුතාවට පත්කරන බව පෙන්නුම් කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ.
එමගින් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව මැනැවින් පිළිබිඹු වන බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










