• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසන්තය එනවා සත්තයි…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 11, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
වසන්තය එනවා සත්තයි…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘විජය – කුවේණි’ කතාව ලංකාවේ ප්‍රකට පුරාවෘත්තයකි. ඒ පුරාවෘත්තයට අනුව විජය කුමාරයා ලංකාවට එන විට ලංකාව පාලනය කළේ කුවේණිලාගේ පරම්පරාවය. පසුව විජය ලංකාවේ පාලන බලය අල්ලාගෙන කුවේණි පලවා හැර ඉන්දියාවේ කුමාරිකාවක සමග විවාහ විය. වැදි පරම්පරාව පැවැත එන්නේ මේ කුවේණි පරම්පරාවෙන්ය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තමාගේ ඥාතියෙක් බව වන්නිලැත්තෝ කියා තිබිණි.

ගෝඨාභය ගෙදර යවන අරගලය පටන් ගත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. මේ අරගලය පටන් ගත්තේ 2022 මාර්තු 21 වැනි දිනය. ඒ කියන්නේ අදට හරියටම වසරකට ආසන්න කාලයකට පෙරය. මේ විරෝධතාව ගෝඨාභයවත් ආණ්ඩුවවත් විපක්ෂයවත් බලාපොරොත්තු වූ විරෝධතාවක් නොවේ. මේ ලංකාවේ තැනින් තැන තෙල් පෝලිම්, ගෑස් පෝලිම් පටන්ගත් කාලයය. අරගලයේ උපත එතැනය.

ඒ උපතට වින්නඹුකම් කළේ වසන්ත මුදලිගේ ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. එදා විජය කුමාරයා ඇවිත් කුවේණිව පන්නලා රාජ්‍ය බලය අල්ලා ගත්තා සේ මෙදා රනිල් පැමිණ වසන්ත මුදලිගේව කුදළාගෙන ගොස් හිරේදමා ජනාධිපතිකමත්, ආණ්ඩුවත් සියතට ගත්තේය.

මුදලිගේට රනිල් සහ රාජපක්ෂලාගේ ආණ්ඩුව කොයි තරම් බයද කියනවා නම් ජනාධිපති ලෙස රනිල් පාර්ලිමේන්තු ඇවිත් විශ්වවිද්‍යාලවල ෆේල් වෙවී ඉන්න ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා කීවේය. රනිල් ඒ ගැහුවේ මුදලිගේටය. රනිල් සහ ආණ්ඩුව කීවේ මුදලිගේලා ත්‍රස්තවාදීන් කියාය. එසේ කියා ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තියාගත්තේය. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්න එපා යැයි දිගින් දිගටම කියද්දීත් රනිල් හෝ රාජපක්ෂ ආණ්ඩුව එයට ඇහුන්කන් දුන්නේ නැත. අන්තිමේදී උසාවිය කීවේ මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්න පොලිසිය අසමත් වී ඇති බවය. මුදලිගේට නිදහස හිමිවිය.

ඇත්තට පළමුව ගෝඨාගේ මිරිහාන නිවෙස වැටලුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජනබලවේගයේ කාන්තා සංවිධානයය. ඇයට ඒ ගෞරවය දිය යුතුය. ගෝඨාගේ ඔළුව උඩින් මැස්සෙක්වත් පියාඹන්න බය කාලයේ ඇය ඔහුගේ නිවෙස වැටලීය. අන්තරේට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ගෝඨාගේ නිවෙස වටලන හයිය දුන්නේ හිරුණිකා සහ සමගි ජනබලවේග කාන්තා සංවිධානයය. මහ රෑ මිරිහානේ නිවෙසට කඩාපාත් වුණු තරුණ කැරැල්ල දැකලා ලක්ෂ 69ක් සහ තුනෙන් දෙකක බලයක් සහිත ගෝඨා තක්බීර් විය. ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය නිර්මාණය වූයේ එතැනින්ය.

මේ අරගලය රාජපක්ෂ පවුල නිසා තමන්ගේ අනාගතය නැති වේයැයි බය හිතුණු තරුණ තරුණියන්ගේ අරගලයකි. වසන්ත මුදලිගේ ඇතුළු අන්තරේ එයට ශක්තිය දුන්නේය.

දැන් වසන්ත මුදලිගේට හැමෝම බයය. ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ පක්ෂත් සාම්ප්‍රදායික මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ඔක්කොම බයය. ඒ, වසන්ත මුදලිගේ තවත් අරගලයක් පටන්ගෙන රනිල් එක්ක හොරාකන දීගයට කෙළවෙයි කියලාය.

‘එස්.ජේ.බී.යත්, ජේ.වී.පී.යත් නම් කමක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ. ඒ අයව මර්දනය කළොත් කතා කරන්න පුළුවන්. මුදලිගේලා අන්තරේ වෙනුවෙන් කතා කරන්න බැහැ….’

මේ, ලංකාවේ මානව හිමිකම්, එන්.ජී.ඕ. පකීර්ලා කියන කතාවය.

‘සමගි ජන බලවේගයට, ජේ.වී.පී. එකට උද්ඝෝෂණ කරන්න පුළුවන්. හැබැයි අන්තරේට බැහැ….’

මේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව මතුරන මන්ත්‍රයය. මේ මන්තරයෙහි මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොව සංවිධාන කියන කතාවයි හොඳට එකට පෑහෙයි.

ඒ කියන්නේ මේ සිස්ටම් එකේ පිට ඉන්නේ මුදලිගේලා ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන්නේ රනිල්ලා අරගලය ඇතුළට ප්ලාන්ට් කරපු සමාජ මාධ්‍ය කොන්ත්‍රාත්කාරයන් නොවේ. නඩු පිට නඩු දමාගෙන හිරේ ගිහින් උසාවි ගානේ රස්තියාදු වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. හැමෝටම ඕනා ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහලා කොන් කරලා තියන්නටය. හේතුව ඔවුන් මේ සිස්ටම් එක ඇතුළේ බඩපිනුම් ගහන දේශපාලනඥයන්ගේ, මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ, එන්.ජී.ඕ. කාරයන්ගේ ආතල් කඩන නිසාය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන්ගත්තේ 1969දීය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන්ගන්න පළමු සාකච්ඡාව පැවැතියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේය. මුලින්ම අන්තර් විශ්වවිද්‍ාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂය අතෙහිය. 1970 මහ මැතිවරණයට පසු කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණට එක්වී ආණ්ඩු පිහිටුවීමෙන් පසු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමුප්‍රදායික වාම බලය බිඳවැටිණි. ක්‍රම ක්‍රමයෙන් අන්තරේ බලය ජ.වි.පෙ. යටතට පත්විය.

ජ.වි.පෙ. 1971 දියත් කළ කැරැල්ල සහ 1989 දියත් කළ කැරැල්ලේ හදවත වූයේ අන්තරේය. 1971 ජ.වි.පෙ. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් හිරේට ගියාට පසු ජ.වි.පෙ. යළි ගොඩනැගුණේ අන්තරේ හරහාය. 1989 රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් සියල්ල ඝාතනය වීමෙන් පසුත් ජ.වි.පෙ. යළි ගොඩනැගුණේ අන්තරය හරහාය. ජ.වි.පෙ. තහනම් පක්ෂයක්ව තිබියදී අන්තරේ ජ.වි.පෙ. අළු මතින් නැගිට්ටවන්න සමත් විය. 2001දී ජ.වි.පෙ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වීම අන්තරේ අනුමත කළේ නැත. ඒ වෙලාවේ අන්තරේ මතයට නායකත්වය දුන්නේ 1988-1989 ජ.වි.පෙ. කැරැල්ලේ පසුපෙළ නායකයෙක්ව සිටි කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයාය. 2005 ජ.වි.පෙ. මහින්ද ජනාධිපති කරන්න මහින්ද සමග ගිවිසුම් ගැසීමත්, අන්තරේ අනුමත කළේ නැත. ඒ වගේම 2010 ජ.වි.පෙ. ෆොන්සේකා දිනවන්න යූ.ඇන්.පී.ය සමග එක්වීමත් අන්තරේ අනුමත කළේ නැත. 2012 ජ.වි.පෙ. අනුර කුමාර පිල සහ කුමාර් ගුණරත්නම් පිල ලෙස දෙකඩ වන්නේ 2001 චන්ද්‍රිකාට ජ.වි.පෙ. එක්වී ඇමැති ධුර භාරගැනීම, 2005 මහින්දව ජනාධිපති කිරීම, 2010 ෆොන්සේකාව ජනාධිපති කරන්න යූ.ඇන්.පී.ය සමග එක්වීම නොඉවසපු අන්තරේ ජ.වි.පෙ.ට එල්ල කරන බලපෑම නිසාය. එතැන් සිට ජ.වි.පෙ. සහ අන්තරේ බද්ධ වෛරක්කාරයන් බවට පත්වේ. ජ.වි.පෙ.න් කැඩී කුමාර් ගුණරත්නම් පෙරටුගාමී පක්ෂය පිහිටුවා අන්තරේ සමග පවත්වන්න ගිය පළමු මහජන රැස්වීමට පෙර දින රාත්‍රියේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට පත්විය.

එහි ඇත්ත නැත්ත කුමක් වුවත් වසන්ත මුදලිගේ සහ අන්තරේ නායකයන් අත්අඩංගුවට පත්වූ විට ඔවුන් වෙනුවෙන් ජ.වි.පෙ. කතා නොකිරීම තුළ දෙපිල අතර නයි – මුගටි වෛරය හොඳහැටි පෙනෙයි.

ජ.වි.පෙ. නැති කළත් අන්තරේ නැති කරන්න බැරිය. හේතුව හැමදාමත් අරගලයට උපත දෙන්නේ අන්තරේ නිසාය. අරගලය නිසා රනිල් ජනාධිපති විය. විපක්ෂය ආණ්ඩු බලය ගන්න දත කයි. අරගලයේ වීරයා වසන්ත මුදලිගේ හිටියේ හිරේය. හැමෝම හිතුවේ වීරයා මැරිලා දැන් අපිට අරගලයේ පිහිටෙන් ජය පැන් බොන්න පුළුවන් කියාය. වීරයා මැරිලා නැත. වසන්ත මුදලිගේව අධිකරණය නිදොස් කොට නිදහස් කළේය. කුවේණි සහ ඇගේ පරපුර මහියංගනයට කොටුවුණාට, ඒ පරපුරෙන් පැවැත එන මුදලිගේ විජය කුමාරයාට ඔටුන්න පැහැරගන්න දී පැනගිය කුවේණිය මෙන් රනිල්ලාට ඔටුන්න දී පැනයන්න සූදානම් නැතිවා වාගේය. ඔහු යළි කරළියේය. වසන්ත හිරෙන් නිදහස් වී එන දවසේ ‘ගුරු ගීතයේ’ පදයක් මුහුණු පොතක මෙසේ සටහන් වී තිබිණි.

‘ඔව් ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි…
ඒත් වසන්තය එනවා සත්තයි…’

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දියාවට යනවා කියන්නේ ඉන්ටනැෂනල් නෙමෙයි කියලා යොහානිව සවුත්තු කරපු චිත්‍රාල් සෝමපාල මේ වීඩියෝ ටික බැලුවානම් මොකද? ෂාරුක් ඛාන්ලා අමිතාබ් බච්චන්ලා අයිශ්වර්යා රායිලාට ඉන්දියාවේ ලැබෙන මෙවැනි ප්‍රතිචාරයක් අපේ රටේ පුංචි කෙල්ලෙක්ට ලැබෙන කොට ඒක ඉන්ටර්නැෂනල් නෙමෙයි කියන්නේ කොහොමද? VIDEOS

Next Post

වෙන්නප්පුවම එකම හිස් ගොඩක්! සජිත් වෙන්නප්පුවට ඇවිත්! සජීවී වීඩියෝව මෙතනින් බලන්න! LIVE VIDEO

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.