• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය ඕනෑද? එපාද? නැතිනම් අකුළමුද?

October 4, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඡන්දය ඕනෑද? එපාද? නැතිනම් අකුළමුද?
Share on WhatsAppShare on Facebook

මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිවාදයෙන් වෙන් කරන බෙදුම් රේඛාවය. නිසි කලට පවත්වන මැතිවරණ මගින් තම අභිමතය පරිදි පාලකයන් පත්කර ගනීමට මෙන්ම නුසුදුසු යයි හැඟෙන පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීමටත් ජනතාවට බලය ලබාදේ. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියත්මක බොහෝ රටවල නිසි කලට මැතිවරණ පැවැත්වීමට මෙන්ම ඒවා සාධාරණව පැවැත්වීමටද වග බලාගනී. එහෙත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය වූ කලී අන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූ රාජ්‍යයකි. මෙරට මැතිවරණ ඉතිහාසය විමසා බලන ඕනෑම කෙනකුට ලංකාවේ ආණ්ඩු මැතිවරණ පවත්වනවාට වඩා ඒවා කල් දැමීමට උත්සාහ ගත් ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

ලබන වසරේ මාර්තුවට පෙර පවත්වා නිමකළ යුතු පළාත් පාලන මැතිවරණය කල් දැමීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහය ගැන කරන කතිකාව 70 දශකයේ මැද භාගයෙන් පටන් ගැනීම ලියුම්කරුගේ කැමැත්තය. ඊට හේතුව ලාංකේය දේශපාලනයේ සදාකාලික සත්‍යයක් බවට පත්වෙමින් පවතින ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීමේ ‘තියරිය’ මේ කතාවටද අපූරු ලෙස ගැටගැසී ඇති බැවිනි. 1965 බලයට පත් ඩඩ්ලි සේනායකයන්ගේ හත් හවුල් ආණ්ඩුව පසුබස්වමින් 1970 මහ මැතිවරණය ජයගනු ලබන්නේ මැතිනියගේ නායකත්වයෙන් යුත් තුන්හවුල් ආණ්ඩුවයි. ශ්‍රී.ල.නි.ප., සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්වී පිහිටුවාගත් තුන් හවුල් ආණ්ඩුව නිදහස් ලංකාවේ බිහිවූ වඩාත් වාමවාදී සහ ජනතාවාදී ආණ්ඩුව ලෙස එකල පුනපුනා හඳුන්වා දෙනු ලැබීය. එහෙත් තුන් හවුල් ආණ්ඩුව 1975 දී පැවත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය පාර්ලිමේන්තුවේ තම බහුතර බලය යොදාගෙන දෙවසරකින් කල් දැම්මේය. තුන් හවුල් ආණ්ඩුවේ ආධාරකරුවන් අතලොස්සක් ‘පේසාලෙන් තෙල් එන තුරු මැතිවරණය එපෝ එපෝ’ කියමින් මැයි දින පෙළපාළියේ ගමන් ගත්තද මැතිනිගේ ආණ්ඩුවේ ඒ තීරණයට දසතින් විරුද්ධතාව නැඟ එන්නට විය. එදා ඒ ක්‍රියාවට එළිපිටම විරෝධය දැක්වූයේ විපක්ෂ නායක ධුරය හෙබවූ ජේ.අර්. ජයවර්ධනය. පාර්ලිමේන්තුවේ කැමැත්තට මහ මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමක් ලෙස සඳහන් කළ ජේ.ආර්. ඊට විරුද්ධත්වය පළකරනු වස් තම නියෝජනය කළ කැලණිය ආසනයෙන් ඉල්ලා අස්විය. එසේ ඉල්ලා අස්වූ ජේ.ආර්. පැවසූවේ ජනතාව දුන් වරමට පිටින් එක දිනයක්වත් පාර්ලිමේන්තුවේ සිටීමට තමාට අයිතියක් නැති නිසා ඉල්ලා අස්වූ බවයි. අනතුරුව පැවැත්වූ අතුරු මැතිවරණයට ඉදිරිපත්වූ ජේ.ආර්. නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

හුදු වාචික ප්‍රකාශයකින් නොව සක්‍රීය දේශපාලන ක්‍රියාන්විතයකින් මැතිවරණ කල් දැමීමට එරෙහිවූ ජේ.ආර්. නායකත්වය ලබාදුන් එ.ජා.ප.ය 1977 මහ මැතිවරණයෙන් 6/5 බලයක් ලැබූවේ ශ්‍රී.ල.නි.ප.යට විපක්ෂ නායකකම පවා අහිමි කරවමිනි. එලෙස විශිෂ්‍ට ජයක් ලැබූ ජේ.ආර්. පූර්ණ බලැති විධායක ජනාධිපති ධුරයට පත්ව 1983 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කුප්‍රකට ජනමත විචාරණයක් මගින් වසර 6කින් කල් දැම්මේය. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට හානි පැමිනුණා පමණක් නොව ලක්ෂ ගණනකට සිය කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීම වසර පහකින් කල් දැමීමට සිදුවිය. ඒ ඔස්සේ විහිදී ගිය තරුණ අසහනය රට බරපතළ ව්‍යසනයකට ඇද දැම්මේය. 60,000කට අධික ජීවිත විනාශ කරමින් රටම මස් මඩුවක් කළ 87 – 89 භීෂණයට මූලික හේතුව ජේ.ආර්.ගේ එකී අදූරදර්ශී තීරණය බව අදටත් විද්වතුන් පිළිගනී.

එතරම් කටුක ඉතිහාසයක් තිබුණද වත්මන් ආණ්ඩුව ඒවායෙන් පාඩම් ඉගෙනගත් වගක් පෙනෙන්නට නැත. වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස අසල්වැසි ඉන්දියාවේද මැදිහත් වීම සහිතව ක්‍රියාත්මක කළ පළාත් සභා සියල්ල මේ වන විට කල් පිරීම නිසා අහෝසි වී අවසානය. උතුරු පළාත් සභාව – 2018 ඔක්තෝබර් 25 දිනද, මධ්‍යම පළාත් සභාව – 2018 ඔක්තෝබර් 08 දිනද, වයඹ පළාත් සභාව – 2018 ඔක්තෝබර් 10 දිනද, සබරගමුව පළාත් සභාව – 2018 සැප්තැම්බර් 26 දිනද, නැගෙනහිර පළාත් සභාව – 2018 සැප්තැම්බර් 30 දිනද, උතුරුමැද පළාත් සභාව – 2018 ඔක්තෝබර් 01 දිනද කල් ඉකුත් වීම නිසා අහෝසි විය. ඊට අමතරව දකුණු පළාත් සභාව – 2019 අප්‍රේල් 10 දිනද, බස්නාහිර පළාත් සභාව – 2019 අප්‍රේල් 21 දිනද, ඌව පළාත් සභාව – 2019 සැප්තැම්බර් 08 දිනද කල් ඉකුත් විය. මේ ආයතන වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමට මේ දක්වා කිසිම රජයක් ක්‍රියා කර නැත.

මේ පළාත් සභා සියල්ල කල් ඉකුත් වූයේ පසුගිය යහපාලන රජය සමයේය. එහෙත් ඒ වන විට රට තුළ යහපාලන රජය කෙරෙහි ඇතිවෙමින් තිබූ ජනතා අප්‍රසාදය නිසා පරාජය නියත බව වටහාගත් ඔවුන් ජනතා පරමාධිපත්‍යයට කොකා පෙන්වා පළාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටත් කරන්නට කටයුතු කළේය. අනතුරුව පැවැති 2020 පර්ලිමේන්තු මතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගන්නට පොදුජන පෙරමුණු සමත් විය. එම අවස්ථාවේ පළාත් සභා මැතිවරණ පවැත්වූයේ නම් ඔවුනට එය පහසුවෙන් ජයගෙන තම බලය තව දුරටත් ව්‍යාප්ත කරගැනීමට හැකිව තිබිණි. එහෙත් තම ඡන්ද පදනම වූ සිංහල බෞද්ධෝත්තමවාදීන්ගේ මනදොල පිනවනු වස් පොදුජන පෙරමුණු රජය පළාත් සභා දිගින් දිගටම ආණ්ඩුකාර පාලනයට යටත් කර ජනතා පරමාධිපත්‍යය යටපත් කරමින් සිටී. වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වා දුන් පළාත් සභා මැතිවරණය කල් දැමීම නිසා ඉන්දියාව මේ වන විටත් සිය විරෝධය පළකර ඇත. පළාත් සභා පවත්වාගෙන යාමට මතු නොව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා 13 දෙන්නට ඉන්දියාවට පොරොන්දුවූ මහින්ද රාජපක්ෂ, වාර්ගිකත්වය පදනම් කරගත් සිය ඡන්ද පදනම තහවුරු කරගනු වස් පළාත් සභා මැතිවරණය පැවැත් වීම දිගින් දිගටම කල් දැම්මේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ඒ පාරේම යමින් සිටී.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන සියල්ලද මේ වන විට පවතිනුයේ අවසන් කාල පරිච්ඡේදයේය. ඒ අනුව ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා සඳහා අභිනව නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණ වහා පැවැත්විය යුතු වේ. ලබන වසරේ මාර්තු මාසයට පෙර එකී මැතිවරණ පවත්වා නිමකළ යුතු බව මැතිවරණ කොමිසම මේ වන විටත් නිල වශයෙන් පවසා ඇත. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් තවමත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නැත. ඒ අනුව පළාත් පාලන මැතිවරණයටද පළාත් සභාවල ඉරණමම ඈත්වෙන ලකුණු පෙනෙන්නට තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රදේශීය සහ පළාත් සඳහා ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් නිෂ්ක්‍රීය වී ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ක්‍රියාත්මක වීමේ අනතුර මතුවෙමින් තිබේ.

පළාත් සභා ආණ්ඩුකාර පාලනයට නතු කිරීම නිසා මේ වන විට පළාත් සභා වගකියන්නේ ජනාධිපතිවරයාට මිස ජනතාවට නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි. ඒ ආකාරයෙන්ම පළාත් පාලන ආයතනද කොමසාරිස් හෝ ලේකම්වරුන්ගේ පාලනයට නතු කිරීමේ සූදානමක් රජය තුළ ඇති බව මේ වන විට පෙනෙන්නට තිබේ. එම තත්ත්වය අතිශය කනගාටුදායකය. මන්ද යත් එමගින් පළාත් මට්ටමේදී සිදුවූවාක් මෙන් ප්‍රාදේශීය මට්ටමේදීද ජනතාවට වග නොකියන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පමණක් වග කියන පාලනයක් බිහිවන බැවිනි. එවැනි පාලනයන් දෙකක් රටක ක්‍රියාත්මක වීම ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අවසන් කිරීමේ සමාරම්භය ලෙස හැඳින්වීමට අප දෙවරක් සිතිය යුතු නොවේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතා පරමාධිපත්‍යයට මතු නොව රටේ ක්‍රියාත්මක නීතියටද පටහැනි ක්‍රියාවකි. මේ පිළිබඳ අදහස් දක්වන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයකු වන මහින්ද දේශප්‍රිය පවසනුයේ ශ්‍රේෂ්ඨාධිරණය ඉතා පැහැදිලි නඩු තීන්දුවක් මගින් පළාත් පාලන මැතිවරණ කල් දැමීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බව පවසා අති බවය. ප්‍රජාතන්ත්‍රවදී තරුණ සංගමය විසින් සංවිධානය කළ ‘පළාත් සභා ක්‍රමයට වෙනසක්’ යෝජනාවලිය පිළිගැන්වීමේ උත්සවයට එක් වෙමින් අදහස් දැක්වූ ඔහු පැවසූවේ SCFR 35/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් මහජන නියෝජිතයන්ගෙන් තොරව පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් මගින් පාලනය කිරීම ජතතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ප්‍රකාශයට පත්කර ඇති බවය. මෙතරම් පැහැදිලි ලෙස අධිකරණය මගින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තහවුරු කර ඇති නමුත් ලංකාවේ ආණ්ඩු මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ සීමා නිර්ණය වැනි අණපනත් චක්‍රලේඛවලට මුවාවී මැතිවරණ කල් දැමීම දිගින් දිගටම කරගෙන යයි. මේ වන විටත් ඉන්දියාව ප්‍රමුඛ රටවල් ගණනාවක් ලංකවේ මැතිවරණ කල් දැමීමේ ප්‍රවණතාව පිළිබඳ අවධානය යොමුකර ඇත. ඒ අනුව මානව හිමිකම් කඩකිරීම පිළිබඳ ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනා මැතිවරණ කල් දැමීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ වඩාත් පහසුවෙන් තහවුරු වීමට ඉඩ ඇත. පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්විය යුතු බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝද අවධාරණය කරති. මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය දැක්වීමට පුල පුලා බලාසිටින ශ්‍රී ලාංකිකයන් එහිදී තම මතය ආණ්ඩුවට පෙන්වනු ඇති බවත් උන්වහන්සේ පවසති. රට පුරා ක්‍රියාත්මක වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ද එම ඉල්ලීමම කරති. එහෙත් පුදුමයට කරුණ නම් දේශපාලන පක්ෂ බහුතරයක් පළාත් පාලන ඡන්දය ලබන මාර්තු මාසය ඉකුත් වීමට පෙර පැවත්වීමට ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොකිරීමය. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා 2020 මහ මැතිවරණය පැවැත්වීම කල් දමන්නැයි වගකිව යුතු පාර්ශ්ව රජයට අඛණ්ඩව පවසද්දී මැතිවරණය වහා පැවත්විය යුතු බවට හඬ නැඟූ පොදුජන පෙරමුණු ආණ්ඩුවට එදා එක්ව සිටි දේශපාලන පක්ෂ කිසිවක් මේ වන විටත් පළාත් පාලන ඡන්දය නිසි කලට පවත්වන්නැයි ආණ්ඩුවට බල කරන්නේ නැත. කොරෝනා වෛරසය විනාශ කරන්නට ඡන්ද පත්‍රිකා තාච්චියක ලා ජීවානුහරණය කරන්නට යෝජනා කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දරනුයේ ඇල් මැරුණු ප්‍රතිපත්තියකි.

ජනතා පරාමාධිපත්‍ය පිළිබඳ දැඩි කැපකි‍රීමකින් අදහස් දක්වන ජාතික ජනබලවේගය පවා තවමත් පළාත් පාලන මැතිවරණය නිසි කලට පැවැත්වීම සම්බන්ධව දරනුයේ නොපැහැදිලි ස්ථාවරයකි. මේ වන විට පළාත් පාලන ආයතන නියෝජනය කරන සෙසු පක්ෂ පවා පළාත් පාලන මැතිවරණය පිළිබඳ දරනුයේ එවැනිම ස්ථාවරයන්ය. ඇතැම් විට යළි ජනතාව හමුවට යාමේ අසීරුතාව වටහාගෙන ඇති නිසා එම දේශපාලන පක්ෂ මේ ලෙස හැසිරෙනවා විය හැක. පවතින ආණ්ඩු විරෝධය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය ගැන පමණක් අවධානය යොමුකර සිටින සාමාන්‍ය ජනයාටද තම ගම් පළාත් පාලනය කිරීමේ වගකීම තමන්ගෙන් ගිලිහෙමින් තිබෙන බව තවමත් වැටහී නැත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කිරිඇල්ල වසන්ත මුදලිගේ ගැන පාර්ලිමේන්තුවේ කරපු හෙළිදරව්ව වැඩ කරයි! මානව හිමිකම් කොමිසම පොලිස්පතිට නියෝගයක් නිකුත් කරයි!

Next Post

දීපවාලි සමරන්න වතු ජනතාවට 15,000කවත් මේ පාර දෙන්න! හින්දු භක්තිකයන් වෙනුවෙන් සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.