• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුර දන්නා දකුණ නොදන්නා වලෙයිකාප්පු…

September 19, 2022
in Exclusive, Mahawanshaya, News
Reading Time: 3 mins read
A A
උතුර දන්නා දකුණ නොදන්නා වලෙයිකාප්පු…
Share on WhatsAppShare on Facebook

අහස් කුස දරා සිටින්නේ කාෂ්ටක සූර්යයායි. විඩාවෙන් ගත කෙසේ වෙළී ගියත් උතුරට ආගන්තුක වූ මේ අමුත්තාට නම් එහි අමිහිරි බවක් නැත. යාපනේ අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කිරීමට තරම් උත්තේජනයක් ලැබී ඇත්තේ ඒ සංස්කෘතියේ ඇති සුන්දරත්වය ‍රසවත් නිසාය. නිසොල්මන්ව බලා සිටින තල් රුප්පාවල් අතර සැඟවී ගිය බොහෝ කතා ඉදිරියේදී රසවිඳීමට හැකිය.

ආගන්තුකයාගේ මේ චාරිකාව වලෙයිකාප්පු මංගල්‍යය සැමරීමට හිතවත් දමිළ පවුලක් හා එක්වීමටය. මේ යාපනයේ හින්දු භක්තිකයන් අතර වඩා ජනප්‍රිය වූ වලෙයිකාප්පු මංගල්‍යය සිංහලෙන් වළලු උත්සවය ලෙසත් හඳුන්වනු ලබයි. මේ මංගල්‍යය තරුණියක් තම දරුවා ප්‍රසූත කිරීමට ප්‍රථම සමරනු ලබන්නේ තරුණිය මවක් වීමේ සතුට සැමරීමටත්, නපුරු ඇසෙන් ආරක්ෂාව සහතික කිරීමට හා සුරක්ෂිත ගැබ්ගැනීමක් සහ දරු ප්‍රසූතියක් සිදුකිරීම සඳහා ආශිර්වාද ලබාගැනීමටත්ය. මෙය තුන්වැනි මාසයේදී සමරනු ලබයි.

ආගන්තුකයාගේ ඇස් කුතුහලයෙන් බරව පවතී. නළලේ තිලකයක් තැබූ ඈ නව සේද සාරියකින් සැරසී සිටී. ඇයගේ මව ස්වර්ණාභරණවලින් තව තවත් ඇයව සරසවන්නේ නැවත දීග දෙන්නට දැයි මගේ සිත මගෙන් විමසයි. වේට්ටියකින් සැරසුණු තරුණ ස්වාමිපුරුෂයා ඈ දෙස බලා සිටින්නේ අනාගතයේ නැවුම් බලාපොරොත්තු සමූහයක් සිත් තුළ රඳවාගෙන බව නම් කිව හැකිය. ඔහුගේ ඇස් ඒ සොඳුරු යුවතිය දෙසින් ඉවත් නොකර ගැනීමට ලෝභ වී ඇති හැඩක්‍ය. කොණ්ඩය පුරාම ඇත්තේ පිච්ච මල් මාලාය. ඒ නැවුම් සුවඳත්, වර්ණයත් හුරුබුහුටි ගර්භණී තරුණියට එක් කරන්නේ පිවිතුරු බවක් හා නැවුම් හැඟීමක්‍ය.

සාම්ප්‍රදායිකව සාරිය කහ හෝ තැඹිලි පාටින් තෝරා ගන්නා බව මට අසන්නට ලැබිණි. එය වාසනාවන්ත යැයි සිතන නමුත් කාලයාගේ ඇවෑමෙන් එම වර්ණ වෙනුවට වෙනත් පැහැයෙන් යුතු සාරි තෝරා ගැනීමටත් තරුණියන් යුහුසුලු වී ඇත.

චාරිත්‍ර ඉටුකරන මධ්‍යයේ පොල් මලක් තබා ඇත. ඒ වටා රසකැවිලි පිරවූ බන්දේසියකි. විශේෂයෙන් පලතුරු ඇති බවක් නම් පෙනේ. හකුරු, වියළි මිදි එක්කළ කිරිබත්ද පසෙක ඇත. දෙළුම්, කෙසෙල්, ඇපල්, දොඩම් හා මිදි සහිත බන්දේසියක්ද වේ. පොල් ගෙඩිවල රත් පැහැයෙන් තිලක තබා ඇත. සුවඳ දුම්හි ආවෙණික බවක් එක් කිරීමට සමත්කම් දක්වයි.

දැන් වළලු උත්සවය ආරම්භ වීමට සූදානම්ය. ගර්භණී තරුණිය තෙල් ලාම්පු දැල්වීම සිදුකරයි. ස්ථාපනය කර ඇති මණ්ඩපයේ ඇය අසුන් ගයි. පළමුව ඇගේ මව ඒ වෙත පිවිසී ඈ සිප වැලඳගෙන දෑත් සහ මුහුණ මත කහ සහ සඳුන් මිශ්‍ර ආලේපනයක් මුව තවරයි. පසුව සුන්දර වීදුරු වළලු කිහිපයක් තෝරාගෙන ඇගේ දෑත් මත රඳවයි. සියල්ලෝම එය අනුගමනය කරමින් දෑත් වළලුවලින් ආවරණය වන තුරුම ඒවා පලන්දවමින් සිනහවෙන්, ආදරයෙන් හා ආශීර්වාදයෙන් මඟපෙන්වීම ලබාදෙන්නේ පුදුමසහගත හැඟීමක් එකතු කරමින්ය. සාදා ඇති නැවුම් ආහාර ඇයට පිළිගන්වයි.

මේ යාපනයේ සංස්කෘතියේ රසයි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!

Next Post

මරික්කාර් කියන්නේ හොඳ වැඩකාරයෙක්! සජබෙ හදන ඊළඟ ආණ්ඩුවේ මරික්කාර් කැබිනට් ඇමැති කෙනෙක්! සජිත්‌ කොළොන්නාවටම ඇවිත් ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.