‘මම මරික්කාර්ට ඇළුම් කරන්නේ පොදු ජනතාව එක්ක ඉන්න මනුස්සයෙක්. ජනතාවගේ දුක සැප බෙදාගන්න ඉන්න, කොමිස් ගහන්නේ නැති කෙනෙක් නිසා. හැමවෙලාවේම මරික්කාර් උත්සහ කරන්නේ සංවර්ධනයේ නියමුවෙක් වෙන්න. මම තමයි සංවර්ධනයේ ජගතා කියලා ඔහු පෙන්වන්න කැමතියි. මම ඒකට හරි කැමතියි.. මමත් ඒ පාරෙම තමයි යන්නේ. අද ප්‍රසිද්ධියේ මම කියනවා අපේ රජයක මරික්කාර් මැතිතුමා කැබිනට් ඇමැති කෙනෙක්’ යැයි සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොලොන්නාවේ පැවැති ආසන බල මණ්ඩලයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.