• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන මුදල් කෝටි 39,800ක් රිවට් කළ VAT වංචාව…

October 26, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
මහජන මුදල් කෝටි 39,800ක් රිවට් කළ VAT වංචාව…
Share on WhatsAppShare on Facebook

“වැට්” (VAT) යන පදය කන හෙත්ම (කනට ඇසුණු විට) අපට සිහියට නැඟුණේ අශ්ව රූපයක් හා හැටනමයේ සංඛ්‍යාව සහිත “මාර” බඩුවකි. ගැහුවම“නාගසලං” වෙන “විස්කි” බෝතලයකි. එදිනට පසුව වැට් කියන කොටත් ඇතැමුන්ගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට පටන් ගත්තේය. මන්ද? එදින එකතු කළ අගය මත බද්දක් (Value added Tax) හෙවත් ‘ටැක්ස්’ එකක් පැනවුණු හෙයිනි.

ඒ බද්ද නිකං බද්දක් නොව අදත් “මලබද්ධක්”සේම සුද්දන් පැනවූ “මරාල බද්දටත්” වඩා භයානක බද්දක් ලෙස තැකෙන හෙයිනි. එසේ වුයේ 2002.11.15 සිට 2004.08.25 අතර අවුරුද්දයි මාස නවයයි දින දහයක කාලය තුළ සිදුවූ වංචාවක් කරණකොටගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු සිරි ලංකාවම ඒ (VAT) එක නිසා “රිවට්”ව ගිය හෙයිනි.

බරණ ගණිතයාගේ දුෂ්කර බන්ධනයෙන් නොව අපේ ගමේ බණ්ඩියා මාමලා, අගිදක්කලාගේ භාෂාවෙන් කියන්නේ නම් එකී කාලය තුළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවලට අරක්ගත් වැඩි දෙනකු “නිදිවැදී” (නිදි සුවය විඳිද්දී) සිටිද්දී එහි රාජකාරියේ නියුතු තවත් “අංකූරන්” කීපදෙනකු සමග ව්‍යාපාරිකයන් හත්අට දෙනකු මහජන මුදල් රුපියල් කෝටි තිස්අට දහස් නවසියයකට (3,89,00,00,00,000) කෙළිය බැවිනි.

මේ, එතෙක් මෙතෙක් දකුණු ආසියාවේ එකවර ගසාකෑ මහම මහ මහජන මුදල් වංචාවය. එසේම ස්ථාපිත කර වසර දෙසියයකට වැඩි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අනාවරණ කෙරුණු විශාලම මුදල් වංචාවය. (ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව 1793දී ස්ථාපිතය) මේ වංචාව අනාවරණ කර 2006 ජූලි 20 වැනි දින පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද්දේ එවක විගණකාධිපතිව රාජකාරි කළ සපරමාදු මහබල මායාදුන්නෙ අප්පුහාමිලාගේ fදාන් සරත් චන්ද්‍රසිරි මායාදුන්නෙ හෙවත් රාජ්‍ය නිලධාරීන්ගේ කටට හුරු“මායාදුන්නේ” මහත්තයාය.

මහජන හිතකාමී විගණකාධි පති මායාදුන්නේගේ වැඩිදුර උපදෙස් මත විගණන පරීක්‍ෂණය අකුරටම කළේ එවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූද මුදල් පොදිබැඳ පොදිපිට පොදිකර තැබුවත් අලුයම හෙලූ කෙළ පිඬක් සේ ප්‍රතික්‍ෂේප කරමින් දේව කාරියටත් වඩා රජකාරියට ගරු කළ මා හිතවත් විගණන අධිකාරි දාබරේ මහතාය.

(අල්ලසට යට නොවී රාජකාරිය නිසි ලෙස කළ නිසා පසු කලෙක ඇසිඩ් පහරට ලක්වී දෙනෙත් අන්ධ වූ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතාට සේම ඒ සමයේ දාබරේටද තොරතෝංචියක් නැතිව මරණ තර්ජන එල්ල වූයෙන් හෙතෙම විශ්‍රාම ගන්නා තුරුම ගතකළේ අප්‍රසිද්ධ ජීවිතයකි.

ඔහුගේ නම කිසිම දිනෙක කිසිම අවස්ථාවක මාධ්‍යයක තබා ප්‍රසිද්ධියේ කීමට පවා මේ ලියුම්කරුට ඉඩ දුන්නේද නැත. (මේ, එතුමාගේ නම සඳහන් වන පළමු අවස්ථාව බවද සහන් කරමි.)

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඒ වංචාව සිදුවන  සමයේ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කළේ රාපක්‍ෂ පවුලේ අන්තේවාසික හිතවතකු වූ කුප්‍රකට පී.බී. ජයසුන්දර උන්නැහේය. වංචාව පිළිබඳ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට (රාජ්‍ය ගිණුම්කාරක සභාවට) ඉදිරිපත් කෙරුණු වහාම ලෙල්ලටම තදවූ පි.බී. ජයසුන්දර ලොක්කා ඒ සා මුදලක් වංචා කෙරී නැති බව කියමින් විගණකාධිපතිවරයා විසින් වංචාවේ මුදල වැඩිපුර හුවාදක්වනු ලැබීමෙන් වරදක් කර ඇති බවටද චෝදනා එල්ල කෙළේය. විගණකාධිපතිවරයා කියන අන්දමට වංචාව රුපියල් කෝටි තිස්නව දහස් අටසියයක් (39800,00,00,000) නොව කෝටි හයසිය විස්සක් (620,00,00,000) බව හෙතෙම මාධ්‍යයට උඩ පැන පැන කීවේය.

ඒ වන විට මායාදුන්නේ මහතා විශ්‍රාම ලබා සිටියත් මේ ලියුම්කරු ඔහුගෙන් පී.බී. ජයසුන්දර මහතාගේ චෝදනාව ගැන විමසූ කල මෙසේ කීවේය.

“සිද්ධියට අදාළ විස්තර වාර්තා තොරතුරු ගත්තේ ඒ ඒ රාජ්‍ය ආයතනවලින් මිස මවිසින් සකස් කරන ලද ඒවා නොවෙයි. ඒ ආයතන ප්‍රධානීන් දුන් වාර්තා පදනම් කරගෙනයි විගණනය කර වාර්තාව සකස් කළේ. මේ වාර්තාව වැරදි නම් ඊට හේතුව විය යුත්තේ විගණනයට සැපයූ වාර්තාවල වරදක් මිස විගණනයේ වරදක් නොවේ. ඒ එක් කරුණක්.

අනිත් කරුණ මේ විගණන වාර්තාව ගැන විමසුම් කර ඒ ඒ ආයතන ප්‍රධානීන්ගෙන් පිළිතුරු ලබාගෙන සකස් කළ විමසුම ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව දුන්නා. ඉන් පසුවයි වාර්තාව සකස් කළේ. වාර්තාව වැරදි නම් ඒ අවස්ථාවේදී ඒ අයට ඒ බව කියන්න තිබුණා. ආයතන ප්‍රධානීන් එදා පිළිගත් කරුණු දැන්නෑ කියන්න බෑ…”

ඒ පිළිතුරෙන් මුඛ පමණක් නොව අහවල් තැනත් පූට්ටු කරගත් පී.බී. ජයසුන්දර ලොක්කා “පයාගල ගිය පුංචි මහත්තයකුසේ පස්ස බිම ඇනගත්තේය. එවක ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂතුමා පැවසුවේ හොරාකෑ මහජන මුදල් ආපසු අයකරගෙන වරදකරුවන්ට දඬුවම් දෙන බවයි. (තාත්තගේ කෝට් එක තමයි. මන්ද අම්මගෙ රෙද්ද කියන්න හොඳ නැති හෙයිනි.)

(කෙසේ වෙතත් වංචාවේ එක් මහමොළකරුවකු මේ වන විට මැද පෙරදිග රටක කාමර දෙසීයක් සහිත සුඛෝපභෝගී හෝටලයක හිමිකරුවකු බවද දැනගන්නට ඇත)

විගණකාධිපතිවරයා විසින් මේ සිද්ධිය පිළිබඳ එවක සිටි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වර පී.පී.ඩී.පී. කරුණාසේකර මහතාට පළමුවෙන්ම විගණන විමසුම ඉදිරිපත් කර ඇත්තේ 2005.06.30 වැනි දිනදීය. ඒ සියලු කරුණු පිළිගෙන ඇති කොමසාරිස්වරයා ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන බවද දන්වා විමසීමට පිළිතුරු ලිපිය විගණකාධිපතිට ඉදිරිපත් කර ඇත්තේ 2005.11.07 වැනි දිනදීය. ඒ මාස හතකුත් දින හතකට පසුවය.

වංචාව කෙරී ඇත්තේ මෙසේය.

2002 අංක 14 දරන එකතු කළ අගය බදු පනත ලෙසින් හැඳින්වුණු පනතට 2002 සැප්තැම්බර් 06 වැනිදා නිකුත් කෙරුණු උපදෙස් පොතේ 16 වැනි පරිච්ඡේදයේ 5 වැනි වගන්තියට අනුව අපනයනකරුවන්ට තම යෙදවුම් බද්ද නිමවුම් බද්දට හිලව් කිරීමටත්, නිමවුම් බද්දක් නොමැති නම් සම්පූර්ණ යෙදවුම් බද්ද (දේශීය මිලදී ගැනීම් සහ ආනයන මත ගෙවූ වැට් බද්ද) ආපසු ලබාගැනීමටත් අවස්ථාව හිමිවේ. ඒ වගන්තිය පරිදි භාණ්ඩ නිෂ්පාදනය කර අපනයන කළ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මේ මහා වංචාව කර ඇති බව ඒ පිළිබඳ පැවැත් වූ ආදර්ශ විගණනයේදී අනාවරණය විය.

2002.11.15 සිට 2004.08.25 අතර අවුරුද්දයි මාස නවයයි දින දහයක කාලය තුළ ව්‍යාපාරික ආයතන (සමාගම්) විස්සක් වෙනුවෙන් චෙක්පත් දෙසිය තිස් පහකින් රුපියල් කෝටි තිස්නවදහස් අටසියයක් වංචනිකව ලබාගෙන තිබිණි.

මේ චෙක් පත් සියල්ලම තැපෑලට දැමීමට පෙර එකම තැනැත්තකු විසින් ලබාගනු ලැබ ඇත්තේය. චෙක්පත ලියූ දිනම හෝ ඊට පසු දින හෝ ඒ තැනැත්තා චෙක්පත් එසේ භාරගෙන තිබේ. මේ තැනැත්තා ව්‍යාජ හැඳුනුම්පත් දහතුනක් ඉදිරිපත් කරමින් පුද්ගලයන් දහතුන්දෙනකු සේ පෙනී සිටිමින් එම චෙක්පත් සියල්ල භාර ගෙන අති සැටිද විගණනයට අනාවරණ විය. (වංචාව අනාවරණය කර ගැනීමට තිබූ ඒ එක් අවස්ථාවකි.)

2004.02.23 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ දින පහක කාලය තුළ රුපියල්, හතළිස් පන්කෝටි අනූලක්‍ෂ අසූඑක්දහස් පන්සිය හැත්තෑ එකක් (45.90,81,571) වටිනා චෙක්පත් විසි හයක්ද, 2004.05.11 වැනිදා සිට 13 වැනිදා දක්වා දින තුනකදී රුපියල් විසිකෝටි පනස්හය ලක්‍ෂ අනූදෙදහස් දෙසියපනස් හයක් (20,56,92,256) වටිනා චෙක්පත් අටක්ද, 2004.08.11 සහ 12 යන දෙදින රුපියල් විසිකෝටි හතළිස් දෙලක්‍ෂ හතළිස් හත් දහස් අටසිය දාහතරක් (20,42,47,814) වටිනා චෙක්පත් නමයක්ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

මේ සමාගම් විස්ස විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද බදු වාර්තාවල දේශීය මිලදී ගැනීම් රුපියල් දෙදහස් තුන්සිය හය කෝටි එකොළොස් ලක්‍ෂ පහළොස්දහස් හැත්තෑ හතරක් (2306,11,15,074)ද, ආනයනය කිරීම් දහසය කෝටි හතළිස් අටලක්‍ෂ හතළිස්හය දහස් තුනක්ද (16,48,46,003) අපනයනය කිරීම් දෙදහස් හයසිය හත් කෝටි විසිහතර ලක්‍ෂ fදාළොස්දහස් හාරසිය අනූඅටක්ද (2607,24,12,498) දේශීය විකුණුම් එකසිය අනූකෝටි අටලක්‍ෂ දෙදහස් නවසිය අසූහයක් (190.08,02,986) වශයෙන්ද පෙන්වා දී තිබිණි. මේ සියලු විස්තර වාර්තා අමුම අමු කෙප්ප බව විගණනයට එළි විය.

සමාගම් දාසයක් විසින් රුපියල් දෙදහස් හතළිස් පන්කෝටි හැත්තෑ නවලක්‍ෂ නවසිය හතළිස් දෙකක් (2045,79,00,942) අපනයනය කරන ලද බවට වාර්තා කර තිබුණද,ඒ කාලය තුළ මේ සමාගම් විසින් කිසිවක් අපනයනය කරන ලද බවක් දක්නට නැති බව ඒ සම්බන්ධව රේගු තොරතුරු පරීක්‍ෂා කිරීමේදී විගණනය තහවුරු කරගෙන තිබේ.

සෙසු සමාගම් හතරෙන් අදාළ කාලයේදී රුපියල් පන්සිය හැටඑක් කෝටි හතළිස් පන් ලක්‍ෂ එකොළොස් දහස් පන්සිය පනස්හයක් (561,45,11,556) අපනයනය කළ බවට වාර්තා ඉදිරිපත් කර තිබුණද ඇත්ත වශයෙන්ම ඔවුන් අපනයනය කර තිබුණේ රුපියල් තිස්හතර කෝටි තුන් ලක්‍ෂ පනස් හතර දහස් දෙසිය හැත්තෑ හතක් (34,03,54,277) බව රේගු පරිගණක විස්තර සටහන්වල තිබිණි.

මේ වාර්තා අනුව සමාගම් විස්ස විසින් රුපියල් දෙදහස් හයසිය හත් කෝටි විසිහතර ලක්‍ෂ fදාළොස් දහස් හාරසිය අනූඅටක් වූ (2607,24,12,498) අපනයන වටිනාකමෙන් රුපියල් දෙදහස් පන්සිය හැත්තෑ තුන් කෝටි විසිලක්‍ෂ පනස්අටදහස් දෙසිය විසි එකක් (2573,20,58,221) හෙවත් අපනයනයෙන් 98%ක් ව්‍යාජ බව අනාවණ විය.

සියලු සමාගම් විසින් දේශීය මිලදී ගැනීම් වශයෙන් පෙන්නා තිබූ රුපියල් දෙදහස් තුන්සිය හයකෝටි එකොළොස් ලක්‍ෂ පහළොස් දහස් හැත්තෑ හතරද (2306,11,15,074) ආනයන ලෙසින් පෙන්නාදී තිබූ රුපියල් දාසය කෝටි හතළිස් අටලක්‍ෂ හතළිස්හය දහස් තුනක (16,48,46,003) මුදලද, දේශීය විකුණුම් වශයෙන් ඉදිරිපත් කර තිබූ එකසිය අනූකෝටි අටලක්‍ෂ දෙදහස් නවසිය අසූහයක් (190,08,02,986) වශයෙන් පෙන්නාදී තිබූ ප්‍රමාණ සියල්ල ව්‍යාජ බවට විගණනයේ දී හඳුනා ගැනිණි.

බදු පනතේ උපදෙස් ප්‍රකාර සුළු වශයෙන් හෝ මේ සම්බන්ධව පරීක්‍ෂාවක් කර නැති බව විගණන මතයයි.

එසේම සමාගම් විසින් ඉදිරිපත් කරන ලද සම්පූර්ණ බදු මුදලම නිවැරදි සේ සලකා කිසිදු අඩුකිරීමකින් හෝ තොරවැ එපරිද්දෙන්ම ගෙවා තිබීමද වංචාවට අනුශාංගික වීමක් බව මතයයි.

සමාගම් විස්සෙන් දාහතක්ම 2004 වර්ෂයේ මැයි සිට බදු වාර්තා දේශීය ආදායම් වාර්තා ඉදිරිපත් කර නැත.

ඇතැම් සමාගම් සම්බන්ධයෙන් කිසිදු ලිපි ගොනුවක් දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන ගොස් නැත. ඇතැම් සමාගම් ලිපි ශීර්ෂවලට පමණක් සීමා වී ඇති අතර එවැනි ආයතන (සමාගම්) තිබූ බවක්ද සොයාගැනීමටත් නොහැකිවී තිබේ.

චෙක්පත් භාර ගැනීමට ඉදිරිපත් කර තිබූ ලිපි සියල්ලම පරිගණක මුද්‍රිත එකම පිටපතක ස්වරූපයක්ද, දිනයක් හෝ දුරකතන අංකයක් හෝ පවා නැති බවද ලිපිවල තබන ලද අස්සන්වල ඒකාකාරී බවක්ද අනාවරණ වී තිබිණි.

කෙසේ වෙතත් වංචනික මුදල වනාහි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ ආදායමෙන් 0.79%ක් බවද අනාවරණ විය.

දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් නැතිව මේසා වංචාවක් කළ නොහෙන බවද, නීත්‍යනුකූලව සනාථ කළ නොහැකි වුවද දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් වැඩි දෙනකු “උනිමු වෙණ සදතෙයි – නොදත්තෙමු ගායනා කරතෙයි” සිද්ධාන්තයේ පිහිටා රාජකාරි කර ඇති බවද විගණන මතයයි.

වංචාව අනාවරණය කිරීම හෙවත් සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ඉමක් නැත. ඉතාම කනගාටුදායක තත්ත්වය නම් මෙවැනි තර්ජනවලදී විගණන නිලධාරීන්ගේ දරු පවුල් තබා නිලධාරීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට හෝ මේ දක්වා ක්‍රමවේදයක් නොවීමයි. දෙපාර්තමේන්තුවල පමණක් නොව ජනාධිපති කාර්යාලයේ පවා ඉහළ පුටුවලට අරක්ගෙන සිටින ඇතැම් දූෂිත ගෙවල යකුන් උත්සුක වන්නේ විගණන නිලධාරීන් ආරක්‍ෂා කීරීමට වඩා දූෂිතයන් ආරක්‍ෂා කිරීමට බව ඇස් අන්ධ වූ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල ජනහිතකාමියාගේ සිද්ධියෙන් පසක් විය.

ඔහුට කිසියම් වන්දියක් ඉල්ලූ විට වන්දිය ඔහුට දැරූ වෛද්‍ය ප්‍රතිකාරවලට හිලව් කිරීමට දූෂිතයෝ යත්න දැරූහ. ඒ නිසා විගණන නිලධාරී සංගමය ප්‍රමුඛ සමස්ත දෙපාර්තමේන්තුවම මහ මඟට බැස උද්ඝෝෂණය කළ වන්දි ලිපිගොනුව ජනාධිපති කාර්යාලයේ මාස ගණන් පුස්කකා තිබුණේය. මහජනයා දරිද්‍රතාවෙන් මුදාගත හැකි රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රමුඛයා මහජන මුදලේ ආරක්‍ෂකයා හෙවත් මුරදේවතාවා යැයි හඳුන්වනු ලබන විගණකාධිපතිවරයායි. ඔහුගේ බලය ස්වාධීන කළ යුතු විට දූෂණයට වංචාවට මං ඇහිරේ. කාලකණ්ණි ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ එමෙන් දූෂිත දේශපාලනඥයන් ඉඩ නොදෙන්නේද ඒ කාර්යයටමය.

මේ ස්වාධීනත්වය ලබාගැනීමට වර්තමාන විගණකාධිපති චූලා වික්‍රමරත්න මහතා මහත් වෙහෙසක් දරයි.

අවසාන වශයෙන් මේ ටිකත් කිව යුතුව තිබේ. දැනට විශ්‍රාම ගොස් සිටියත් (සුජීවත්ව සිටිනවාද යන්න පවා නොදනිමි) සහකාර විගණකාධිපති කුරුණෑගල පදිංචි ධර්මරත්න (ධර්මෙ), මහනුවර මකුලොලුව, (හිතවත් මකුළුවා) කුඩාවැවේ නියෝජ්‍ය විගණකාධිපති වා.මු. විජේපාල (වා.මු.) යන ඇගයීමට පාත්‍ර නොවූ නිලධාරීන් පහරකෑම් ඇතුළුව ලද තාඩන පීඩන ගැන මෙහිලා සඳහන් කරන්නේ මහජනයා වෙනුවෙන් “ගුටිකෑවා” කියන්නට නොව විගණන දෙපාර්තමේන්තුවේ අභිමානය රටට කීමටය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බදු ගැහිල්ල නිසා දොස්තරලා රට දාලා යන්නලු හදන්නේ!

Next Post

යාල ඇතුළේ පිස්සු නටපු අය ගැන හොයන්න තුන්දෙනෙක්ට බාර දෙයි!

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.