යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.
යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් විසින් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත්කිරීමට තීරණය කර ඇත.
අද දින මේ සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් එම ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරිය පැවසුවාය.










