• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිදා නිම නොවෙන ජාත්‍යන්තර මානව හිමිකම් තොණ්ඩුව… ඔන්න දැන් ජිනීවාහි පෙන්වනවා…

March 15, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කිසිදා නිම නොවෙන ජාත්‍යන්තර මානව හිමිකම් තොණ්ඩුව… ඔන්න දැන් ජිනීවාහි පෙන්වනවා…
Share on WhatsAppShare on Facebook

‘රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ලෙසින් නම්වෙයි. මිනිසාට මිනිසකු ලෙස ජීවත් වීමට ඇති අයිතිය මානව අයිතිවාසිකම් ලෙස සරලව හඳුන්වා දිය හැකිය. කෙසේ වෙතත් මේ ආකාරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හඳුන්වා දුන්නද එය නිශ්චිත නිර්වචනයකින් ඉදිරිපත් කළ නොහැකිය. එහිදී විවිධ චින්තකයන් මානව අයිතිවාසිකම් පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. එහිදී මානව හිමිකම් යන්න සරල ලෙස ස්වභාවික පියවි ජීවිතයක් ගතකිරීම සඳහා මනුෂ්‍යයකුට අත්‍යාවශ්‍ය මූලික අයිතිවාසිකම් ලෙස අර්ථ දැක්විය හැකිය. මානව අයිතිවාසිකම් යනු මිනිසාට සිදුවිය යුතු යුතුකම් යැයි ඉන්දියාවේ සිටි මහා මානව හිමිකම් නායකයා වූ මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අතීතයේදී මානව හිමිකම් ගැන කතා නොවුණු අතර, එය මෑත කාලයක් තුළ බොහෝ කතාබහට ලක්වූ විෂයක් විය. එනම් නූතන රාජ්‍ය සංකල්පය තුළ මෙම කතාබහ බොහෝ සෙයින් ඇතිවිය. එනම් එය ඉතා පුළුල් වූ විග්‍රයක් විය…’

ශ්‍රී ලංකාවේ සිටින විද්වතුන් මානව හිමිකම් ගැන දක්වා ඇත්තේ මෙවැනි විග්‍රහයකි. මෙවන් පදනමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිකම් යන සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකු ලෙස නැගී සිටීමට අවස්ථාව උදා කර දුන්නේය. අද මුළුමහත් ලෝකයම මානව හිමිකම් ගැන කතා කරන්නේ මෙවැනි පසුබිමකදීය. විශේෂයෙන්ම 1945 දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝකය තුළ මානව හිමිකම් අයිතිය විකාශය වීම අතිශයින්ම ප්‍රබලය. තවද මානව හිමිකම් යනු මිනිසාගේම ආධ්‍යාත්මික සහ භෞතිකමය සටන්වලද ප්‍රතිඵලයකි. එය රන් බන්දේසියක තබා මිනිසුන්ට ලබාදුන් ත්‍යාගයක් නොවේ. මෙවැනි විශ්වීය වටපිටාවක් තිබියදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යනු කුමක් වන්නේද? ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යනු සැබෑ ලෙසම මහත් අර්බුදයකට සහ මහත් ආන්දෝලනයකට යටත්වූ විෂයක් ලෙසින් හැඳින්විය හැකිය. නොයෙකුත් පාර්ශ්ව විසින් අර්ථකථනය කරන ආකාරයට එය මෙරට තුළ ‘බල්ලන්ට ගිය විෂයක්’ වී ඇත. එනම් මෙරට මානව හිමිකම් යනු අතිශයින්ම බලු තත්ත්වයකි. එසේත් නැතිනම් සුනඛ ක්‍රියාවලියකි. එසේ වන්නේ මෙරට තුළ පසුගිය සමීප වසර ගණනක් ඇතුළතදී මානව හිමිකම් විෂයට පයින් ගසා මෙරට රාජ්‍ය පාලකයන් කටුයුතු කිරීමේ හේතුව නිසාය. එම ශෝකීය තත්ත්වය දැනට වසරක පමණ කාලයක සිට අතිශයින්ම උග්‍ර අතට හැරී තිබෙන ආකාරය දක්නට හැකිය. වත්මන් රාජ්‍ය පාලනය විසින් මෙම තත්ත්වය ඉතා උත්සන්න කර ඇතැයි බොහෝ පාර්ශ්ව චෝදනා නඟති. අද මෙරට තුළ නිදහසේ කතා කිරීමේ අයිතියක්වත් නැති බව ඔවුහු චෝදනා නගති. එසේම සාමකාමී ලෙස රැස්වීම් පැවැත්වීම හෝ ජන උද්ඝෝෂණ පැවැත්වීම හෝ මෙරට තුළ තහනම්ය. පසුගිය එවැනි අවස්ථා ගණනාවකදීම වත්මන් රජය කටයුතු කළ ඉතා කෲර, පහත් ආකාරය දක්නට හැකි විය. එසේම මානව අයිතිවාසිකම් ගැන කතා කළ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීමද දිගට හරහට සිදුවිය. ඒ අතර මැතිවරණයන් පැවැත්වීම අඩාළ කිරීමද දැන් අලුත්ම විෂය වී ඇත.

මෙවැනි වටපිටාවක් තිබියදී අද ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අලුත්ම මානව හිමිකම් කතාන්දරය කුමක්ද? එය අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. එනම් මානව හිමිකම් ජාත්‍යන්තර වේදිකාව හරහා එම වගතුග ඇසිණි. දැනට වසර 15කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාවට නිතර අසන්නට ලැබෙන හුරුපුරුදු නාමයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (United Nations Human Rights Council) යන වදනයි. ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය පැවැති සමයේ සිටම මෙම නාමය අපට අලුත් එකක් නොවේ. එනම් එකල සිට ශ්‍රී ලංකාවට එරෙහිව නැගුණු අනේක විදියේ මානව හිමිකම් චෝදනා සම්භාරය එයට හේතු විය. එසේම ශ්‍රී ලංකා රජය බොහෝ අවස්ථාවලදී සහභාගි වන එම කොමිසමේ ජිනීවා මූලස්ථානයේ පැවැත්වෙන බොහෝ සැසිවාරයන් මෙහිදී මුල් තැනක් ගනු ලැබුවේය. එවැනි වටපිටාවක් තිබියදී මෙයට දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකා රජය එම කොමිසමේ අලුත්ම මානව හිමිකම් සැසිවාරයට සහභාගි විය. එය හඳුන්වා දී තිබුණේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි නිත්‍ය සැසිවාරය (52nd regular session of the Human Rights Council) ලෙසිනි. මෙය 2023 පෙබරවාරි 27 වැනිදා ආරම්භ වූ අතර, නිම වන්නේ 2023 අප්‍රේල් 04 වැනිදාය. එනම් සමුළුව මේ දිනවලද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. මේ ආකාරයේ ප්‍රධාන සැසිවාරයන් තුනක් වාර්ෂිකව පැවැත්වෙන අතර 2023 ප්‍රථම සැසිවාරය මෙය වෙයි. මේ වන විට ලෝකයේ රටවල් 47ක් මෙම කොමිසමේ සාමාජිකත්වය දරන අතර, ඉහත සෑම සැසිවාරයක් සඳහාම ඉහත රටවල් සියල්ලම සහභාගි වෙති. ශ්‍රී ලංකාවද මින් ප්‍රධානතම සාමාජිකයකු වෙයි. මෙම කොමිසමේ 2022 අවසාන තෙවැනි සැසිවාරය පවත්වනු ලැබුවේ පසුගිය 2022 ඔක්තෝබර් මාසයේදීය. පසුගිය සැසිවාර සියල්ලකටම ශ්‍රී ලංකාව සහභාගි විය.

මෙවැනි වටපිටාවක් තිබියදී ශ්‍රී ලංකාව බොහෝ විට මෙම සැසිවාරයන් සඳහා සහභාගි වන්නේ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන චෝදනාවන් සඳහා මුහුණ දීමටය. ඒ අනුව පසුගිය 2022 ඔක්තෝබර් මාසයේදී පැවැති සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි අංක 51/1 දරන යෝජනාවලිය කොමිසම විසින් ඉදිරිපත් කර තිබිණි. මෙය ඉතා උච්ච ගණයේ මානව හිමිකම් කඩකිරීම් ඇතුළත් යෝජනාවලියක් විය. එනම් කාලයක් පුරා කොමිසම චෝදනා ගෙන ආවේ යුද අපරාධ ආශ්‍රිතව කරගනිමිනි. එහෙත් ඉහත කී යෝජනාවලියෙන් බොහෝ ප්‍රබලව ප්‍රකාශ කෙරුණේ වත්මන් රජය සිදුකරනු ලබන මානව හිමිකම් කඩකිරීම්ය. යුද අපරාධ මෙන්ම රටේ ආර්ථිකය විනාශ කිරීමේ වගකිව යුතු අපරාධ සහ ජන අරගල මානව හිමිකම් කඩකිරීම්ද මෙම අතිශය සංකීර්ණ යෝජනාවලියට අයත් විය. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ (“Promoting reconciliation, accountability and human rights in Sri Lanka”) යනුවෙන් මෙම යෝජනාවලිය නම්කර තිබිණි. ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් විසින් මෙම යෝජනාවලිය ගෙන එන ලදී. පසුගිය සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාවලිය එවිට ශ්‍රී ලංකාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද එම යෝජනාවලියට පක්ෂව රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, රටවල් 07ක් පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. තවත් රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වීම සිදුවිය. එසේ නම් මේ දිනවල පැවැත්වෙන අලුත්ම සැසිවාරයේදීද සිදුවී ඇත්තේ කුමක්ද? එනම් මෙහිදීද නැවත වාරයක් ශ්‍රී ලංකාව එම අංක 51/1 දරන යෝජනාවලිය නැවත වාරයක් ප්‍රතික්ෂේප කර ඇත. මේ දිනවල පැවැත්වෙන සැසිවාරයේදී මෙම විරෝධතාව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ වත්මන් නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය විසිනි. ඇය සභා වාරය අමතමින් මෙසේ පවසා ඇත.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගෙන ඇති අංක 51/1 යෝජනාවලිය ශ්‍රී ලංකාව නැවත වාරයක් ප්‍රතික්ෂේප කර සිටිනවා. එහෙත් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව විවෘතව තිබෙන බවද අප ප්‍රකාශ කරනවා. අදාළ රට වශයෙන් අපගේ අනුමැතියකින් තොරව මානව හිමිකම් කවුන්සිලය විසින් උපකාරී නොවන යෝජනා මාලාවක් සම්මත කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසන් ස්ථාපිත කර ඇති ඊනියා බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය සහ ඊට අනුකූලව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගනු ලබන යෝජනාව ප්‍රතික්ෂේප කරන බව නැවත වාරයක් අපි තරයේම ප්‍රකාශ කරනවා. පසුගිය වසරේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා මේ ස්ථාවරය පැහැදිලි කර සිටියා. මෙම යෝජනා අපේ රටේ ජනතාවට ප්‍රයෝජනවත් නොවන බවත්, එසේම ශ්‍රී ලාංකික සමාජය ධ්‍රැවීකරණය කරන බවත් මා ප්‍රකාශ කර සිටිනවා. එසේම මෙය ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඉටු නොකරන බවත් මා අවධාරණය කරනවා. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල සම්පත් මෙයට වඩා ඵලදායී ලෙස වෙනත් මාර්ගයක් සඳහා යෙදවිය හැකියි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ මේ මස අගදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාරික වාර්තාව සමාලෝචනයට ලක්කරන විටදී ශ්‍රී ලංකාව අර්ථවත් සංවාදයක් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව සාධනීය සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා…’ යැයි ඇය පැවැසුවාය.

දැනට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබි්‍ර භෞතිකමය වශයෙන් සහභාගි නොවූ අතර, ඔහු අන්තර්ජාල තාක්ෂණය හරහා ඊට සහභාගි විය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම භෞතිකමය වශයෙන් මෙහෙයවූ ප්‍රධානියා වූයේ ඉහත සඳහන් කළ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මියයි. 53 හැවිරිදි ඇය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සේවයේ ඉතා ඉහළ තනතුරු රැසක් දැරූ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. ඇය මෙම තනතුර සඳහා සිය අක්තපත්‍ර භාරදුන්නේ පසුගිය 2023 ජනවාරි 11 වැනිදා වන අතර, ඇය ඉන් පෙර 2019 වසරේ සිට නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කළාය. ඇය තම රාජ්‍යතාන්ත්‍රික සේවය ශ්‍රී ලංකාව තුළදී ආරම්භ කරනු ලබන්නේ 1998 වසරේදී වන අතර දැනට වසර 25ක් පුරා එම සේවයේ ඇය නිරතව සිටින්නීය. මෙහිදී ඇය මින් පෙර විදේශීය ජාත්‍යන්තර සංවිධාන ගණනාවකම ඉහළ තනතුරු දැරුවාය. ඇයට පෙර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර දැරුවේ සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් වන අතර ඔහු පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. සී.ඒ. චන්ද්‍රප්‍රේම යනු ‘ගෝඨාගේ යුද්ධය’ නමින් ග්‍රන්ථයක් ලියූ ලේඛකයකුද විය. කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ ඉවත් වීමත් සමග ඔහු එකල පත්කළ රාජ්‍යතාන්ත්‍රිකයන් රැසකගේ තනතුරුද ඉවත් කෙරිණි. දැනට නව නිත්‍ය නියෝජිත තනතුර උසුලනු ලබන හිමාලි අරුණතිලක මහත්මිය එම තනතුර සඳහා පත්කරනු ලබන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඇය කොළඹ දේවිබාලිකා විදුහලේ අදි ශිෂ්‍යාවකද වන අතර ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ විශ්විiාල දෙකකින් තම උසස් අධ්‍යාපන උපාධි හිමිකරගෙන ඇත. ඔබට මෙම විද්වත් කාන්තාව ගැන යම් වගතුගක් ලියා තැබුවේ ඇය කවුදැයි හොඳින් අවබෝධ කරගැනීම උදෙසාය.

මේ අතර මේ දිනවල පැවැත්වෙන අලුත්ම මානව හිමිකම් සැසිවාරයේදී තවත් අලුත්ම වගතුගක්ද හෙළිවෙයි. එනම් මානව හිමිකම් කවුන්සිලයේ 16/21 යෝජනාව සමග ඒකාබද්ධව කියැවෙන පරිදි ‘විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායම’ (Universal Periodic Review Working Group) රැස්වීමද සිදුකරනු ලබයි. මෙම විශේෂිත කණ්ඩායමේ ක්‍රියාවලියට අනුව ප්‍රධාන සැසිවාරය තුළදී තමන්ගේ අන්තර් සැසිවාරයද පවත්වනු ලබයි. එසේම එය සාමාජික රටවලට අනුව වසරකට තෙවතාවක් පැවැත්වෙයි. එක් කණ්ඩායමකට රටවල් 14ක් අයත් වන අතර, මෙවර රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත්ව තිබෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ක් අතරට මෙසේ කණ්ඩායම් බෙදී ගිය විටදී එක් රටක් එම සමාලෝචනයට යටත් වන්නේ හරියටම වසර 04කට පසුවය. මෙම UPR සමාලෝචනය සඳහා මෙවර අයත් වන අනකුත් රටවල් වන්නේ ආජන්ටිනාව, බෙනින්, චෙච්නියාව, ගැබොන්, ඝානා, ගුවතමාලාව, ජපානය, පාකිස්තානය, පේරු, කොරියාව, ස්විට්සර්ලන්තය සහ සැම්බියාවය. මෙහිදී මෙම විශ්ව කාලාන්තර සමාලෝචනය හරහා එක් එක් රජයට අදාළ වන මානව හිමිකම් වගකීම් ඉටුකිරීම සහ එම අදාළ රාජ්‍යයේ මාන හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම අවධානයට ගැනෙයි. මේ අනුව මෙවර මානව හිමිකම් ප්‍රධාන සැසිවාරය යනු ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය. මෙම යට කී UPR සමාලෝචනයේදී සාමාජික රටවල සහභාගිත්වයට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පාර්ශ්වකරුවන් සමගද පුළුල් උපදේශන පැවැත්වීම සිදු කෙරෙයි. අවසානයේදී සමාලෝචනය දෙමුහුන් ආකෘතියකින් ඉදිරිපත් කෙරෙයි. මේ අනුව දැනට මෙම සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව විසින් පරිච්ඡේද 124කින් සමන්විත අතිශය දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

දැනට දශක එකහමාරක (වසර 15ක්) පමණ කාලයක් පුරා මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන මානව හිමිකම් චෝදනා අර්බුදය මෙතෙක් විසඳුමකට පත්ව නොමැත. එසේම එය දිනෙන් දිනම උග්‍ර වන ආකාරයක්ද පසුගිය 2022 දෙසැම්බර් මස අගදී දක්නට ලැබිණි. එනම් එවිට සිදුවූ මෙම අර්බුදයේ උච්චතම අවස්ථාව ගැන අප මින් පෙර සම්පූර්ණ පිටුවක ලිපියක්ද පළ කළෙමු. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එම තදබල තීරණය කුමක්ද? එනම් පසුගියදා සම්මත වුණු එක්සත් ජාතීන්ගේ නවතම A/HRC/51/L.1 (ReV.1) යෝජනාවලියට (ශ්‍රී ලංකාව දෙවතාවක් ප්‍රතික්ෂේප කරන ලද) ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක (රුපියල් බිලියන 1.2ක්) සුවිශාල මුදලක් වෙන්කර තිබීම මෙම සුවිශේෂ සිදුවීම විය. පසුගියදා මෙම ප්‍රධාන විදෙස් ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා කර තිබුණේ විස්මයජනක (Staggering) මුදලක් ලෙස පෙන්වා දෙමිනි. මෙම තත්ත්වය සැබැවින්ම ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති ප්‍රබලතම ක්‍රියාවලියක් වන අතර, පසුගිය දෙසැම්බර් අගදී එම පුවත ප්‍රකාශ වීමෙන් පසුව එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා රජය තම බලවත් විරෝධය ප්‍රකාශ කර සිටියේය. තත්ත්වය කුමක් වුවත් එම යෝජනාවලිය බලාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදී එම මූල්‍ය ප්‍රතිපාදනයන් යොදවනු ලබයි. මෙහිදී ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලය තුළ මේ වන විට ශ්‍රී ලංකාවට අදාළව විශේෂ කාර්යාලයක්ද ආරම්භ කිරීම සිදුකෙරිණි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ක්‍රියාවලිය සඳහා සපයනු ලබන මෙම රුපියල් බිලියන 1.2ක මුදල ලබාදෙන්නේ සාමාජික රටවල අරමුදල් හරහාය. ශ්‍රී ලංකා රජය කුමකට එරෙහි වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තමන්ගේ කටයුතු නොනැවතී සිදුකරගෙන යයි. හොඳ හොඳ ජවනිකා එළිවෙන ජාමෙට දැකිය හැකිය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අද වැඩ වර්ජනයට සියලු වෘත්තීය සමිති සූදානම්! වෘත්තීය සමිති නායකයන් කියන කතා මෙන්න! ආණ්ඩුවත් ලෑස්ති වෙයි! සෑම දුම්රිය ස්ථානයකටම පොලිසිය!

Next Post

කෝටි ගණන් පත්තරවල දැන්වීම් දානවා… සුපිරි මත්පැන් දීලා සුපිරි පාටි දාන්න කෝටි ගණන් රක්ෂණ සංස්ථාව වියදම් කරනවා කියලා හර්ෂ පාර්ලිමේන්තුවේ කිව්වා මතකද? ඔන්න දැන් රක්ෂණ සංස්ථාවේ කෝටි ගණන් ගැහිලි එකින් එක කෝප් එකේදි එළියට එනවා! මේ පළවෙනි එක! ලොක්කන්ගේ පඩිය රහසක්! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.