• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ පට්ට වචන 4යි රන්ජන් ආයෙත් ගේමට සෙට්වෙයි I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විරෝධාකල්ප ගීත ගැන කාලෙන් කාලෙට ලංකාවේ ටොපික්ස් මතුවෙනවා. ඒ අතරින් ෆේමස්ම සහ ආන්දෝලනාත්මකම විරෝධාකල්ප ගීත තියෙන්නේ නන්දා මාලනී සහ සුනිල් ආරියරත්නයන්ගේ එකතුවෙන් නිර්මාණය වුණු ‘පවන’ ඇල්බම් එකේ.(Sri Lanka Latest News) තරමක් ඉස්සරහට ආවම, සිරස සුපර් ස්ටාර් එකේ හිටිය භාෂි මධුභාෂි නිසා ප්‍රදීපා ධර්මදාසගේ ‘සොයා දියව් මට සරණක්’ ගීතය ෆේමස් වුණා, පස්සේ කාලෙක සිරසෙම වොයිස් ටීන්ස් එකේ ආදිත්‍යා වැලිවත්ත කියපු වර්ෂන් එකටත් හැමෝම වගේ හොඳ කිව්වා. විරෝධාකල්ප ගීත කිව්වට, ඒක විරෝධාකල්පයක් වෙන්නේ පවතින පාලන තන්ත්‍රයට සහ ඊට පක්ෂපාතී පිරිසට විතරයි. හුඟක් වෙලාවට විරෝධාකල්පය කියන්නේ සමාජයේ බහුතර පොදු සමාජාකල්පය.

ලංකාවේ මං ආසම විරෝධාකල්ප ගීතය තමයි දීපාල් සිල්වා කියපු, ‘ඒ රටේ මිනිස්සු, තනිකර කෙළින්නෙ පිස්සු’ කියන ගීතය. ලාංකේය සර්වකාලීන අප්සට් චරිතාපදානය ඒක අස්සේ ගැබ්වෙලා තියෙනවා. මට මතකයි ඒක රිලීස් වුණු දවස්වල ලංකාවම එක හඬින් ජෝක් කරන්න ගත්තා මේක තමයි ලංකාවේ දෙවැනි ජාතික ගීය කියලා. කපිල කුමාර කාලිංග කරපු, මත්තේගොඩ ෂූට් කරපු ‘තට්ටු ගෙවල්’ ඩ්‍රාමා එකෙත් මේ ගැන කියලා ඩයලොග් එකක් තිබ්බා මතකයි.

ඒ වගේම අමතක කරන්න බෑ ලෙජන්ඩරි සුනිල් අංකල් ප්‍රමුඛ ජිප්සීස් කියපු ‘සිඤ්ඤෝරේ’, ‘ලංකාවේ අපේ ලංකාවේ’, ‘අයි ඩෝන්ට් නෝ වයි’ වගේ ගීත. ෂෝටයි බාටයි ගහලා ගිටාර් එකයි ස්ටූල් එකයි නොතිබ්බට, ඒවා තමා ඉස්සෙල්ලම ආව අමු සින්දු. ‘අවර ගණයේ බයිලා’ කියන ලේබල් එක ගහලා අහක දැම්මට, ලොක්කන්ට කේන්ති ගිහින් තහනම් කළාට‍, ලංකාවේ අප්සට් එක ගැන අමුවෙන්ම කියද්දී, මිනිස්සු ඒවා ආසාවෙන් වැලඳගත්තා. හැබැයි ප්‍රශ්නේ, ඒ සින්දු අහලා, ‘ඇත්ත තමයි නේද?’ කියලා ඒ වෙලාවට හිනාවෙලා, යථාර්ථය අවබෝධ වෙලා ඔළුව වනලා ඉන්නවා විතරයි, ආයෙත් සුපුරුදු අප්සට් අභිමානය. ඒකයි ලංකාවේ හැටි. ඒකයි අදටත්, අවුරුදු විසි තිස් ගානකට පස්සෙත්, පවන ඇල්බම් එක, දීපාල් සිල්වාගේ සින්දු, ජිප්සීස් සින්දු, එක ලිරික් එකක්වත් වෙනස් කරන්න ඕනෙ නැති තරමට වැලීඩ් වෙන්නේ.

විරෝධාකල්ප ගීත මැද්දට රන්ජන් රාමනායක දානවා තමන්ගේ සින්දුවක්, ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ කියලා. ලංකාවේ මහා පොලිටිකල් වංශකතාව වචන හතරකට, පට්ට කැචී විදිහට කැටි කිරීමේ ක්‍රෙඩිට් එක රන්ජන්ට දෙන්න අවශ්‍යයි. කියන්න ඕනෙ සියලු කරුණු කාරණා ටික, මේ වචන හතරේ වදනේ තියෙනවා. නීතියෙන් කට වහපු නිසා දැන් ආට් පැත්තෙන් තමන්ගේ විරෝධය ගේන්න රන්ජන් හොඳ උත්සාහයක් අරගෙන තියෙනවා. බයිලා කපිරිඤ්ඤා විදිහට, ලස්සන මියුසික් වීඩියෝ එකක් එක්ක ලස්සන සිංදුවක් රිලීස් කරලා තියෙනවා.

නමුත්, රන්ජන්‍ට තමන්ගේ සින්දුව අස්සට මීට වඩා ලංකාවේ අප්සට් කාරණා ලියන්න තිබ්බා කියන එක මගේ පෞද්ගලික අදහස. එකම ලිරික්ස් ඩබල් එකේ කියන්නෙ නැතුව, ලංකාවේ තව අවුල් සිද්ධි ගැන ඕනෙ තරම් මේ සින්දුව අස්සට රිංගවන්න තිබ්බා. ‘උන් ඔක්කොම යාළුවො මල්ලි’ ටයිට්ල් එක යටතේ සින්දු සීරීස් එකක් හරි රන්ජන්ට ඕනෙ නම් කරන්න පුළුවන්.

රන්ජන්ගේ පොලිටිකල් පසෝනා එකේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන හීරෝ ඉමේජ් එක. මේ සිස්ටම් එකට විරුද්ධව එක මිනිහෙක් නැඟිටලා සියල්ල අතුගාලා දාලා රට සුරපුරයක් කරයි කියන ආසාව. ඒ ඒ ඡන්දය කිට්ටු වෙනකොට ඒ ඒ බලකණු වටේට මිනිස්සු රොද බැඳෙන්නේ ඒ හෝප් එකත් එක්ක. තමිල්නාඩුවේ තලපති විජේ සිනමාවෙන් අයින් වෙලා ෆුල්ටයිම් පොලිටීෂන් කෙනෙක් වෙන්න දැන් පක්ෂෙකුත් ලෝන්ච් කරලා ඉවරයි.

‘සර්කාර්’ වගේ ෆිල්ම් අස්සේ හිටිය කැරැක්ටර් එක රියල් වර්ල්ඩ් එකෙත් දූෂිත දේශපාලනඥයන්ව කනෙන් අල්ලලා බිම දිගේ ඇදගෙන ඇවිත් හිරේට දායි කියලා තමිල්නාඩුවේ මිනිස්සු හීන දකිනවා ඇති‍. ඒ තමයි මිනිස්සුන්ගේ ආසාව. වන් ෂොට් කළා වගේ දූෂිත මැති ඇමැතිලා මහ පාරේ ජොකා පිටින් ඇවිද්දවන්න පුළුවන් වීරයෙක් ලංකාවේත් පහළ වේවි, ඒක හැබැහින් දකින්න පුළුවන් දවසක් ඒවි කියලා ලංකාවේ අපිටත් හිතේ කොනක ආසාවක් තියෙනවා.

ලංකාවේ පොලිටිකල් රේස් එකේ රන්ජන් අයිති වෙන්නේ මොන වගේ තැනකටද කිව්වොත්, මට හිතෙන්නේ රන්ජන් කියන්නේ පිට් ස්ටොප් එකක් කියලා. අපි හැල්මේ රේස් එකේ ගිහිල්ලා ගිහිල්ලා, හති වැටෙනකොට, හෙම්බත් වෙනකොට, වාහනේ තෙල් අඩු වෙනකොට, රන්ජන්ගේ පිට් ස්ටොප් එකට එනවා. ‘උන් ඔක්කොම යාළුවො මල්ලි’ කියලා රන්ජන් අපේ හිත නිවනවා. අපි නිවීහැනහිල්ලේ තේරුම් ගන්නවා. ඒ කරලා ආපහු රේස් එකට බහිනවා. ටික දුරක් ගිහින් සුපුරුදු වේගෙට කිට්ටු කරලා සුපුරුදු ට්‍රැක් එකේම විදලා යනවා. අන්තිමට ට්‍රැක පැනලා, අනේ ආයෙත් පාරක් වැරැදුණා නේද කියලා පෝස්ට්මෝටම් තියනවා. රන්ජන් තාමත් වන් ෂොට්ව සමාජයට ගේන්න ට්‍රයි කරනවා. අපි රන්ජන්ගේ ෆිල්ම් එක අස්සට රිංගලා සිත නිවන කතාවක් බලාපොරොත්තු වෙනවා.

රන්ජන් ඔළුව කෙළින් තියන් ඉන්නේ රන්ජන් අභීත මිනිහෙක් නිසාද? නැත්තම් පොලිටිකල් දැවැන්තයෝ ර‍න්ජන්ව ත්‍රෙට් එකක් විදිහට දකින්නේ නැති නිසා ද? රන්ජන් සියලු දේවල් හෝල්සේල් එළිපිට කියලා දාන්නේ රන්ජන්ගේ තියෙන හිත හොඳකම නිසාද? නැත්තම් පොලිටිකල් අනුවණකම නිසාද?

‘එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවෙ මුන්ම තමයි
හොරු අල්ලන්නෑ මුන් මල්ලී…’

ෂෙනාල් ගුණසේකර – ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි.

SendShareShare
Previous Post

උපාධි වැඩක් නෑ! මහබැංකුවේ පියන් කෙනක් වුණා නම් පඩිය එක්ලක්ෂ අසූදාහයි! රටේ මිනිස්සු කන්න නැතිව ඉද්දී මහබැංකුව විතරක් සියලු දෙනාගේම පඩිය 70%කින් වැඩි කරගෙන! වහාම මේ තීන්දුව රිවස් කරගන්න! නොකළොත් මේ අසාධාරණයට විරුද්ධව ජනතාව පෙළගස්වනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බොරු සෝබන නරි නාටක පිස්සුද බම්බූ කුසලානය එපා කියලා රට්ටු හිනැස්සූ I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.