• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩවත්ත කැලේ පෙම්වතුන්ටම සින්න වෙයිද?

September 27, 2022
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
උඩවත්ත කැලේ පෙම්වතුන්ටම සින්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

මෙම වනාන්තරයේ භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් හෙක්ටයාර 104ක් (අක්කර 257ක්) පමණ වෙනවා. උඩවාසලවත්ත යන නමින්ද උඩවත්ත වනාන්තරය හඳුන්වන අතර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙය පාලනය වනවා. දේශීය සහ විදේශීය සංචාරකයන් මෙන්ම පරිසරවේදීන්ගේ තෝතැන්නක් ලෙසද උඩවත්ත කැලය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි අභ්‍යන්තරයේ තිබෙන විවිධ පාරිසරික වෙනස්කම් හා ජෛව විවිධත්වය මූලික කරගෙනයි. උඩවත්ත වනාන්තරයේ එක කොනක් හන්තාන කඳුවැටිය දක්වාම දිවෙනවා. උඩරට වනාන්තර පද්ධතියත් සමග එකතු වන වනාන්තරයක් ලෙසද මෙය හඳුන්වන්නට හැකියි.

අංකෙන්ද, කටුඹුල්, වල්දෙල්, කිතුල්, පුස් වැල්, කුරුඳු, වල් මූණමල් සහ වල් කරපිංචා, කිරිවැල්, නිර්වැල් සහ ඇටඹ වැනි ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග මෙම වනාන්තරයේ සුලබව දැකිය හැකියි. එසේම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් සහ සංචාරක පක්ෂීන් වර්ග 80ක් පමණ නැරැඹීමේ හැකියාවද උඩවත්ත වනාන්තරයේදී ලැබෙනවා. අළු ගිරවා, රන්පිළිහුඩුවා, මහගොයා, අළුකොබෙයියා, පොලොස් කොට්ටෝරුවා, රන් මුහුණත් කොට්ටෝරුවා යන පක්ෂි විශේෂ ඒ අතරින් විශේෂ තැනක් ගනු ලබනවා. තෙත් කලාපයට ආවේණික මැඩි විශේෂ, හඳුන් දිවියා, කබල්ලෑවා, වල් බළලා, පිනුම් කටුස්සා, කැන්ගරු කටුස්සා සහ මුගටියා වැනි ඉතා කුඩා සතුන්ද උඩවත්ත වනාන්තරයේදී දැකගත හැකියි.

මෙම වනාන්තරයේ සංචාරය සඳහා සුදුසුම කාලසීමාව ලෙස උදෑසන 6 සිට උදෑසන 9 දක්වා වූ කාලය හඳුන්වා දීමට පුළුවන්. ඊට හේතුව වන්නේ එම කාලය තුළ සතුන්ගේ චර්යාවන් වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වීමයි. වනජීවී ඡායාරූප ශිල්පීන්ට සහ පාරිසරික ඡායාරූප ශිල්පීන්ට එම කාලය තුළ වඩාත් අලංකාර ඡායාරූප සිය කැමරා කාචවල සටහන් කරගැනීමේ අවස්ථාව හිමිවනවා. උදෑසන සූර්යාලෝකය පතිත වන අලුයම් කාලයේදී උඩවත්ත වනාන්තරය ඉතා චමත්කාරජනක දසුන් මවන්නට සමත් වෙනවා.

කෙසේ වෙතත් උඩවත්ත වනාන්තරයේ පවතින පාරිසරික වටිනාකම දිනෙන් දිනම අඩුවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අද වන විට පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට එම වනාන්තරය පත්ව ඇති අතර, දෛනිකව එහි පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ නිදහසට එය මහත් බාධාවක්ව ඇති අයුරුදු හඳුනාගත හැකියි.

උඩවත්ත කැලේ නම් වූ මෙම මාහැඟි පරිසර කලාපයේ සුන්දරත්වය සහ වටිනාකම ආරක්ෂා කිරීමට බලධාරීන් මීට වඩා පුළුල් වැඩපිළිවෙළක් යොදනවා නම් එය අපේ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මහා ආයෝජනයක් බවද කිව යුතුයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

තඹුත්තේගම ලක්ෂ 223 මහාමංකොල්ලයට පොහොට්ටුවත් ගෑවෙයි! මහමොළකරුවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්! පොලිසියෙන් ඊයෙ රෑම අත්අඩංගුවට අරන්!

Next Post

මර්දනයට-බඩගින්නට එරෙහිව රට පුරා විරෝධතා ඇරඹේ! රට වටේම ටවුන්වල ඊයේ තිබ්බ උද්ඝෝෂණ මෙන්න! (VIDEO)

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.