• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරුන්ට එරෙහි හොරු I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය ක්‍ෂේත්‍රයට පනහ (1950) දශකයේ සිට මේ දක්වාම අනුපමේය මෙහෙවරක් කරන අති දැවැන්ත කාටුන් ශිල්පියෙකි, තලංගම ජයසිංහ. අපේ කටට හුරු සුරතල් නාමය “තලා”ය. (ඔහු ලේක්හවුසියේ සිටියදී මේ ලියුම්කරු සුබසෙත කර්තෘ මණ්ඩලයේය) ඒ අවධියේ සිටි සමගාමී චිත්‍ර ශිල්පීන් අතර ගෞතමදාස, හෙන්රි බෙම්මුල්ල සහ ජී.ඇස්. ප්‍රනාන්දු (ජී.ඇස්.) අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පීහුය. මගේ මතකයේ හැටියට ගෞතමදාසයන් හෝ හෙන්රි කිසිදිනෙක “උපහාස” කාටූන් ඇන්ද බවක් මතක නැත.(Sri Lanka Latest News)

ඒකට බඩු ජී.ඇස්. සහ තලාය.

එවක අගමැති සර් ජෝන් කොතලාවලගේ මුහුණ (මට මතක හැටියට) ගොනෙකුගේ ශරීරයට බද්ධ කර (ලංකාදීපයේ) ජී.ඇස්. ඇඳි කාටූනයක් නිසා ඔහු වහාම කඳවල වලව්වට (අගමැතිගේ පෞද්ගලික නිවෙස) එවන ලෙසට එවක සිටි කර්තෘ මණ්ඩලයට නියෝගයක් ලැබිණි. ඒ කැඳවීම නිසා සියල්ලන්ම සලිත වූයේ කොතලාවලගේ හැටි දන්නා නිසාය. එසේ ගිය පසු ඔහුට බිත්තර ආප්ප කන්න දී හොඳට සලකා ඔහුගේ (කොතලාවලගේ) චිත්‍රයක් බිත්තියේ අන්දවාගෙන තෑගිභෝගත් දී ආපසු එව්වේය. (ඒ මහත්තුරුය)

ජී.ඇස්. සහ තලා සමග කරට කර සිටි සෙස්සෝ කරුණාදාස, අමිත අභයපාල සහ ඕපාතලාය. ඕපාතලා කීවේ ඕපාතලා දෙදෙනකු සිටි බැවිනි. එක් අයකු බී.බී. ඕපාතය. අනිත් කෙනා බී.ඇස්. ඕපාතය.

ඔය අයගෙන් කවුරුන් හෝ කෙනෙක් දවසක් මහා කුණු කන්දක් ළඟ “සේල්” යන පුවරුවකුත් ඒ අසල දෙදෙනකු කතාකරමින් සිටි ආකාරයත් දැක්වෙන කාටූනයක් ඇඳ තිබුණේය. ඒ දෙදෙනාගෙන් එක් අයෙක් මෙසේ අසති.

“මොකද මුදලාලි මේ?”

“බලාපං තව විනාඩියකින් ඕක පොරකකා ගන්න හැටි…”

ඔය කතාව කීවේ උපරිම ලාභ අපේක්‍ෂාවෙන් ප්‍රජාව අතර “මාර්කට්” කිරීම ගැන කියන්නටය.

මේ වන විට අපේ රටේ හොඳටම ලාභ උපයාගත හැකි භාණ්ඩ තුනක් මාර්කට් එකේ තිබේ. ඒවා කිසි දිනෙක කුණු නොවේ. කල් ඉකුත් නොවේ. අලෙවිය ද අඩු නොවේ. පළමු භාණ්ඩය බුදුන් සහ බුද්ධ ධර්මයයි. පේන්නෙ නැද්ද? ආරාම, භාවනා පන්ති සහ නාලිකා. අනෙක ටියුෂන්ය. “පළමුව ටියුෂන් දෙවැනුව පාර්ලිමන්ට්”ය.

අපේ දේශපාලනඥයෝ ද එක එක යුගවල මැතිවරණවලදී දිනන්නට එක එක තේමා මාර්කට් කරති. ආර්ථික විද්‍යාව නොදත්තද රට්ටු ඉල්ලන්නේ කුමක්දැයි තෝරාගන්නා ඔවුහු “ඉල්ලුමේ හැටියට සපයන්නට එන එන හැටියට ගහ උළුවස්සා” යන සිද්ධාන්තයේ පිහිටා “වැල යන පැත්තට මැස්ස ගසන්නාහ”.

ඒ නිසා පනස් ගණන්වල සිට හැට හැත්තෑ ගණන් දක්වා මැතිවරණවල ප්‍රධාන තේමාව නොමිලේ හාල් දීමය. 70 දී හඳෙන් හාල් දෙනවා කීමෙන් සිරිමා මැතිනිය බලය අල්ලා ගත්තාය. හැත්තෑහතේ හාල් පැත්තකට දමා ජේ.ආර්. ලොක්කාගේ “ඇට” කෑමට කාගෙත් හිත ගියේය. අනතුරුව අසූ ගණන් වනවිට කොටි ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් රටට අවශ්‍ය වූයේ සැනසිල්ලය. ඒ නිසා 1982 දී පේමෙ අයියා (ආර්.) සාමයට බැස්සේ “සාමය උදාවයි, දුක්ගිනි නිමාවයි” කියමිනි.

ඔහුගේ හදිසි අභාවය සිදුවෙන විට රටේ දූෂණය වටින් ගොඩින් හිස ඔසවා තිබුණේය. භීෂණය නොතිබුණා ද නොවේ. රෙද්ද කැටිකරගත් “චන්දිරිකක්කා” සූරියකන්දේ මිනී වළවල්ද හාර හාරා පාරම්බාමින් ආවේ දූෂිතයන් අල්ලා ගෝල්ෆේස් පිට්ටනියේදී හමගහනවා හෝ එල්ලනවා හෝ කියමිනි. එහෙත් “චන්දිරිකක්කා” ඒ කිසිවක් නොකර “කක්කා” ගාගෙනම ගියාය.

මහින්ද ලොක්කා අවුත් අවුරුදු ගණනකට පසුව ප්‍රභාකරන් එලොව යැව්ව නිසා සාම කතා අවසන් වූයේය. ඊළඟට හෙතෙම තිතට මත හෝ මතට තිත හෝ ගෙනාවේ “ආසියාවේ ආශ්චර්ය හෙවත් වොන්ඩර් ඔෆ් ඒෂියා” සමගය.

වොන්ඩර් ඔෆ් ඒෂියා අවසන් වූයේ “වොන්ඩ” කියන පදයේ “වො” යන්න වෙනුවට “පු” යන්න ආදේශ කරගැනීමෙනි.

රටේ ලොකු උන් රජ සැප විඳිද්දී සාමාන්‍ය මිනිහාට කන්න නැති බව අතරින්පතර ඇසේද්දී වළට යන්න කියා මිනී වළේ ගැට්ටේ සිටි “බටංහුයියා” සහ මිස්ටර් “ක්ලීන්” දූෂණය නැති කර හොරු අල්ලන්න යහපාලනේ කරේ තියාන ආවෝය.

අන්තිමේ දී දෙකොන මාරුවී දෙදෙනා දෙපැත්තකින් යන්න ගියෝය. ඊළඟට ආ දිමිගෝඨා පස්ස fදාරෙන් පැන්නේය.

ඔය වෙන කොට ආපු හැම එකාලාම හැම පැත්තෙන්ම මහජන දේපොළවලට කෙළලා රටේ “ළහඳුවත්” (ගන්න දෙයක්) ඉතුරු නොකර ඇට ටිකද සූප්පු කරමින් උන්හ. මිනිස්සු පෝලිංවල වැටී මැරුණෝය. දැන් ඊට හත්කූරුය.

ඔය ඔක්කොම දේවල් බලාන සිට “පිස්සුද? මල්ලි උං ඔක්කොම හොරුනෙ” කී රංජා හිරේට දක්කනු ලැබුවේය.

මේ වන විට භාණ්ඩාගාරය හිස්ය. දරුවන් ලක්‍ෂ හය හතක් බඩගින්නේය. කවුරුත් දන්න ඕවා කියන්න ඕනෑ නැත. රට ණය කන්දකට යටවී තියේ.

විදේශ ණය ඇමෙරිකන් ඩොලර් බිලියන අසුදෙකක් හෙවත් කෝටි අටදහස් දෙසීයකි. (82,00,00,00,000) ඩොලරයක් රුපියල් තුන් සියයක් (300) සේ සලකා ගණනය කළහොත් රටේ දහඩිය හෙළන දෙකෝටි පනස් ලක්‍ෂයකට (2,50,00,000) ආසන්න මහජනයාගේ කරමතට මේවනවිට පටවා ඇති විදේශීය ණය කන්ද පමණක් රුපියල් කෝටි විසිහතර ලක්‍ෂ හැට දහසකි. මේ විදේශීය ණය (කාටත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් පිට රටට පමණක් ඇති) පමණි. අපේ රටේ බැංකු ආදියට ඇති දේශීය ණය කොතෙක්ද යන්න නිශ්චිත නැත.
පොඩ්ඩක් හෝව්…

මේ වර්ෂය අවසාන වීමට පෙර තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන දහතුන් දහස් හාරසිය හැත්තෑනවයක් හෙවත් කෝටි දහතුන් ලක්‍ෂ හතළිස් හත්දහස් නවසියයක් හෙවත් රුපියල් කෝටි, හතළිස් කෝටි හතළිස් තුන් ලක්‍ෂ හැත්තෑ දහසක ණයක් ගන්නට මුදල් ඇමැති වශයෙන් ලොක්කා ලෑස්ති වෙන බව ඊයෙ පෙරේදා මාධ්‍යයෙන් කියන විට ඇත්තට අම්මපා අපේ හිතට එන සංතෝසෙ, ගඟේ මාළු ඇඟේ නටන ගානටය.

එසේ වුවහොත් මේ වර්ෂය අවසාන වන විට අපේ රටේ උන්ගේ කර පිටට මේ හැත්ත පටවන සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි, හතළිස් කෝටි, හැටඅට ලක්‍ෂ තිස් දහසකි.

අපේ කතාව මේ ගන්නා ණයවලට කරන දේ ගැන නොවේ.

මේ අන්දමින් මහජනයාගේ කිසිම කැමැත්තකින් තොරව මේ දක්වා ගත් ණයවලින් ගසාකෑ හොරු අල්ලන තේමාව කරළියේ ලෙළදෙමින් රට කලඹන අන්දම ගැන කියන්නටය. කෙටියෙන් කීවොත් දැන් බලය ඇල්ලීමේ දේශපාලන තේමා පාඨය හොරු ඇල්ලීම සහ ගසාකෑ මහජන දේපොළ ආපසු මහජනයාට ලබා දීමය.

සජිත්, අනුර සහ ඩලස්ලා හොරු අල්ලන්ටත් හොරා කෑ දේශීය ණය ආපසු ගන්නා හැටි කීම ගැන කියන්නටය. අපෙන් ගසා කෑ දේපොළ පරිහරණයත් දේශීය සහ විදේශ බැංකුගත කිරීමත් යන ක්‍රම දෙකෙන් ඒ ධනය ආපසු ගෙන ඒමේ ක්‍රමවේද දෙකකි. මේ කියන්නේ ස්වදේශීය හෙවත් (රාජ්‍යතන්ත්‍රයේ) ලෝකල් බඩු අල්ලාගන්නා හැටි කියන්නටය. (විදේශ බැංකුගත ධනය ගෙන ඒම වෙනස් ක්‍රමවේදයකි. ඒක තව පොඩ්ඩකින්)

එහෙත් “හුටප්පරේට ඇත්තේ” අල්ලන්ඩ බලේ නැතුවා නොවේ. නීතිරීති මදිකම බව කියන එකය.

මේ දක්වාම ගත් ණයවලින් කරන ලද කාර්යභාරය සහ එමගින් සිදුවූ අපතය (ගසාකෑම) ඇතුළු සෑම එකක් ගැනම විගණනය කර විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තා තිබේ. හෙතෙම රාජ්‍ය දෙපාර්තමේන්තුවල සහ අමාත්‍යංශවල විගණන වාර්තා රාජ්‍ය ගිණුම් කාරකසභාවට (කෝපා) (Comitee of Public Account) සහ අර්ධ රාජ්‍ය ආයතනවල (Semi Government) වාර්තා (සංස්ථා, මණ්ඩල, අධිකාරි) රාජ්‍ය ව්‍යවසාය කාරකසභාවට (කෝප්) (Comitee of Public Enterprices) ඉදිරිපත් කරයි. එතැනින් එහාට කිසිදු දෙයක් සාධනීය වන්නේ නැත.

(මේ පිළිබඳ කරුණු 2023.07.09 දින ‘මව්රට’ පත්‍රයේ 10 වැනි පිටුවේ “කෝපා කෝ යකෝ” යන ලිපියෙන් ඉදිරිපත් කෙළෙමි)

ඒ සෑම කරුණක් ගැනම කටයුතු කිරීම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය හෝ අර්ධ රාජ්‍ය ආයතනය හෝ අයත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට ලේකම්වරයාගේ වගකීමය.

මු.රෙ. (මුදල් රෙගුලාසි) 119 පරිදි ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට (අමාත්‍යාංශ ලේකම්)සහ 128 පරිදි ගණන්දීමේ නිධාරියාට (දෙපාර්තමේන්තු ප්‍රධානියාට) ඒ වගකීම් ව්‍යවස්ථාපිතවම පවරනු ලැබ තිබේ.

කිසියම් නිලධාරියකු කිසියම් අලාභයකට වගකිව යුත්තේ නම් ඒ අලාභය ඔහුගෙන් අයකර ගැනීමේ අධිභාර Surcharge පැනවීමේ බලය ද අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ මුදල් රෙගුලාසි අනුවම පැවරී තිබේ. ඒ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම වැනි අදාළ රාජ්‍යවලට පැමිණිලි කිරීමේ බලය ද ඔහුට තිබේ.

හොරකං කෙරෙන්නේ අමාත්‍යවරයාටත් කොටස යන අන්දමටය. අමාත්‍යාංශ ලේකම්ට පුටුවේ සිටිය හැක්කේ ඇමැතිගේ කැමැත්ත ඇතිතාක් පමණි. ඇමැති හරස් කරගත් කීදෙනකු ධුරයෙන් ඉවත් කරනු ලැබුවේද? (මහාචාර්ය මාරඹේ). එසේ වූ විට හොරු අල්ලා, මරික්කාර් මන්ත්‍රීතුමාගේ වචනයෙන් කියනවා නම් “තමන්ටම කෙළවා ගන්නේ මොන බූරුවාද?”

ලොක්කාගේ අනුශාසනා පරිදි “බූල් හපුටුඉන්න” උන්නැහේ ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාරගන්න එපා යැයි ලියුමක් නිකුත් කිරීමම ගොට්ට ඇල්ලීමට හොඳම උදාහරණයකි.

සිල් රෙදි බෙදූ උන්නැහේලා කොයි කවදත් කොහේත් සිටිති. මෙතැනදී අමතක නොකළ යුතු විශේෂ වැදගතෙකි විලි ලැජ්ජානැති ගේය.

විශ්‍රාම ගිය එමෙන්ම පරිපාලන සේවයෙන් පිටස්තරයන් ලේකම් ධුරයට පත්කර ගන්නේද අමාත්‍යාංශයකට පත්වෙන දේශපාලන බලවතාට අවශ්‍ය අන්දමට ඕනෑම ගස්තර වැඩක් කරවාගත හැකි නිසාය. (මේවා ගැන උදාහරණ කීමට පත්තර ගණනාවක්ම තිබිය යුතුය)

අතීතයේ දී ඇමැතිවරයා වෙනස් වුවත් අමාත්‍යාංශ වෙනස් වූයේ නැත. අමාත්‍යාංශ ලේකම් ස්ථිර ලේකම් ලෙසින් හැඳින්වූයේ එහෙයිනි.

එහෙත් දැන් එවැනි තත්ත්වයක් නැත. (බූවල්ලා සියලු අඬු විහිදා සියල්ල ග්‍රහණය කරගන්නා සේ දේශපාලකයන් ද සබ්බසකලමනාවම ඔඩොක්කුවේ දමාගෙන ඇත) අමාත්‍යාංශ ලේකම් තනතුරු ලැබෙන්නේ දේශපාලනඥයකුට අල්ලපු පන්දමේ හැටියටය. එසේත් නැතහොත් ඇමැති පුටුවේ පස්ස තියාගන්න උන්නැහේ සමග ඇති නෑදෑකම හෝ හිතවත්කම හෝ අනුවය. ඒ නිසා ඇතැම් ලේකම් උන්නැහේලා තනතුර රැකගැනීමට රෙදි හෝදනවා පමණක් නොව පස්සත් ලෙවකති. ඇතැම් ලේකම් උන්නැහේලා විශ්‍රාම යාමෙන් පසුව තානාපතිකම්වලට යන්නේද ගොංපස් ඇල්ලීමට ලැබෙන තුටු පඬුරු වශයෙනි.

විශ්‍රාම ගියත් රජයේ සේවකයා අල්ලා ගත හැකිය. ඒ නිසා හොරු අල්ලන්නට අමාත්‍යාංශ ලේකම් දෙතුන් දෙනකුගේ හීං තැනින් (කුලල නොහොත් බෙල්ලම) අල්ලා ගතහොත් පහසුය. රාජකාරි පැහැර හැරීම, හොරකමට අනුශාංගික වීම බරපතළ අපරාධ චෝදනාය. ඒ හොරු අල්ලන එක ක්‍රමයකි. එහෙත් මේ සිස්ටම් එක යටතේ අම්මේ මුත්තේ කීවත් ඒ වැඩේ කෙරෙන්නේ නැත.

මේ යන ක්‍රමය වෙනස් කරන්නට නම් මුළු රටම උඩුයටිකුරු කෙරෙන සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යය. ඒකද ලේසියෙන් කෙරෙන්නක් නොවේ. ප්‍රංශයේ සහ රුසියාවේ වෙච්චි සිස්ටම් චේන්ජ් එකක්ම අවශ්‍යය. (අවුරුදු අසූවක් තරම්වන මේ ලියුම්කරු නැති කලෙක හෝ එවැන්නක් කරන කවුරු හෝ එකෙකු ඉන්නවා නම් මගේ උපදේශය මන්නාරමේ සිට මඩකළපුවේ සංගරංකන්ද දක්වාවත් අඩු තරමින් දිග තලයක් ඇති ගිලටිනයක්වත් හදාගෙන ලෑස්ති වෙයල්ලා යන්නය.

හොරු අල්ලන හොරාකෑ මහජන දේපොළ ආපසු අයකර ගන්නා තවත් හොඳම ක්‍රමයක් තියේ. ඒ වැඩේ කළ යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය.

කූනිස්සන් ලාග්ගංව සිටි උන් තෝරු මෝරු වූයේ කෙසේ දැයි සොයා බැලුවේ නම්. ඔක්කොම හරිය. හැබැයි ඉස්සර දේශීය ආදායම් කොමසාරිස්ට කැමැති කාලයක් ආපස්සට කිසියම් කෙනකුගේ ආදායම් ලැබුණු හැටි සොයා බැලිය හැකිය. එසේ කළහොත් මේ ණය කන්ද ගෙවීමට මුදල් පටාස් ගා සොයාගත හැකිය. බදු හොරු අල්ලාගත හැකිය. මහජන මුදල් කෝටි (තිස්නව දහස් අටසියයක් රිවට් කළ වැට් බදු වංචාව මතකද? ලොක්කිගේ ‘සිරිලිය’ ගිණුම. නිල්වලා ගඟ හැරවීම, හෙල්පිං හම්බන්තොට (අවශ්‍ය නම් මේ ලියුම්කරු ළඟ ලැයිස්තුවක් තිබේ.)

එහෙත් මේ වන විට වසර තුනකට වඩා පස්සට වතගොත සෙවිය නොහැකි අන්දමට හොරු විසින්ම පනතක් සම්මත කැරගනු ලැබ ඇත්තේය.

“නරියාගෙන් ආරක්‍ෂා වීමට කිකිළියට කැලේ පැත්තට යන්නට එපා” කීම යහපත් වුවත් ඊට පෙරාතුව කළ යුත්තේ “අහල පහළ සවරං ගහන නරියා එළවා දැමීම” යැයි ගැමි වහරේ කියමනකි.

හොරු අල්ලන්න අවශ්‍ය හොරකම් කරන නිසාය. ඒ සඳහා වැට බැඳීම ද යෙහෙකි. මා දන්නා තරමින් මුදල් රෙගුලාසි අනුගමනය කෙරෙන්නේනම් කිසිදු අන්දමක දූෂණයක් වංචාවක් සොරකමක් යන කිසිම දෙයක් කිරීමට නොහැකිය.

දූෂණය වංචාව සොරකමට වැට බඳින මුවාවෙන් හොරාකෑමට පහසුකං සපයා දී තිබීම අපේ අවාසනාවය. මුදල් අමාත්‍යාංශයේ කාක්කා ලැගගෙන සිටි අවධියේ නිකුත් කෙරුණු 2012 අංක 5 චක්‍රලේඛය එවැන්නකි.

මොළ හතේ කාක්කා ඡන්ද දිනවීම සඳහා ගෝලබාලයන්ට මූල්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට මේ චක්‍ර ලේඛය හේතුකාරක වන බව ප්‍රසිද්ධය. ඔවුහු එමගින් ගොඩ ගියෝය. රට්ටු ඒ ණය ගෙවන්නෝය. රට මකර කටට ගියේය.

(මෙමගින් සිදුවන අනර්ථය ගැන විගණකාධිපති වරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත්තේය.)

එතෙක් ටෙන්ඩර් කැඳවා පිරිනැමුණු කොන්ත්‍රාත් ප්‍රජා සංවිධානවලට (ග්‍රාම සංවර්ධන, මරණාධාර සහ වැඩිහිටි වැනි) ඍජු කොන්ත්‍රාත් ක්‍රමයෙන් පැවරීම නිසා රටේ සංවර්ධනය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදනවලින් සියයට හතළිහක් (40%) තත්කාර්යයට නොයෙදෙන බව (මාටියා ගසන බව) විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට අවස්ථා ගණනාවකදී වාර්තා කර තිබේ.

දේශපාලන හයිය ඇති කොන්ත්‍රාත්කරුවන් තම පවුලේ සාමාජිකයන් (බිරිය, දරුවන්, ලේලිලා, බෑනලා) දමාගෙන පිහිටුවා ගත් සමිති තම තමන්ගේ නිවාසවලම පවත්වන බව අනාවරණය කෙරී තිබේ.

සමිති නිලධාරීන්ගේ මතයට එරෙහි වන්නන් මර්දනයට “අයියලා”ද යොදවා ගෙන තිබේ. සමිතියට ලබාගන්නා කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් දීම සපුරා තහනම් වුවත් වෙන්දේසි ක්‍රමයට වැඩිම ඉල්ලන්නාට සමිති නිලධාරීන් විසින් අලෙවි කරනු ලැබේ.

චක්‍රලේඛයෙ දුබලතා නිසා සිදුවන මූල්‍යමය හානියට වඩා සිදුවන සමාජමය හානිය භයානක බව අනාවරණය කර ඇත. සමිති නිලධාරීන් ඒකාධිපති පාලනයක් ගෙනයමින් තමන් නුරුස්සන සාමාජිකත්වයට (ගම්වාසීනට) හිංසා පීඩා ද කෙරේ. රඹුක්කන ප්‍රදේශයේ වැන්දඹුවක් සමිතියෙන් නෙරපා දැමුවේ නිලධාරියකුගේ යෝජනාවකට අකැමැති වූ හෙයිනි.මේ සියල්ලේ සංක්‍ෂේපයක් පමණි.

හොරකම දූෂණය වංචාව නැතිකිරීමට පවත්නා නීති ඕනෑ තරම් ප්‍රමාණවත්ය. කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමය. (විගණකාධිපතිගේ නිර්දේශයකි) මූල්‍ය සහ අධිකරණ ක්‍ෂේත්‍රවලට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම සීමා නොවිය යුත්තේය. පාරේ යතත් දකුණු පැත්තෙන් යාම පවා නීතිය ආරක්‍ෂා කිරීමකි.

විනය සාසනයේ පැවැත්ම බව බුදුන් වහන්සේ අදට වර්ෂ දෙදහස් පන්සිය හැට හතකට පමණ පෙර (2567) වදාළහ. (විනයෝ සාසනස්සච ආයු)

සියල්ලේ පැවැත්ම නීතිය සහ විනය මත රඳාපවත්නා බව කුමාරයා Prince නමැති ග්‍රන්ථය ලියූ මකියාවලී (1469-1527) අවධාරණය කෙළේය. නීතියේ ආධිපත්‍යයටම Rule of law (පාලනය හෙවත් ආරක්‍ෂාව) මත සියල්ල පවත්නා බව මහා බි්‍රතාන්‍යයේ නීති විශාරද Binham සාමිවරයාගේ මුඛ්‍ය පාඨයයි. (මේ ලිපියෙන් ඇතැම් කරුණු සංකේතවත් කළා මිස විස්තර කිරීමක් නොවේ. ඒ සඳහා බොහෝ කරුණු ඉදිරිපත් කළ යුතු වුවත් ඉඩකඩ සීමා සහිතය)

“කවදා පායයි ද අපෙ දිනිසුරාණෝ – බුදු බව පතා දළ දං දෙන ඇතාණෝ”

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට තද වැසි! Sri Lanka Latest News

Next Post

කවමදාවත් මගේ බර උඹෙ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.