• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවමදාවත් මගේ බර උඹෙ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ I Sri Lanka Latest News

August 12, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවෙකුගේ ජීවිතේ ගොඩනගපු, හොඳ නරක කියා දීපු, වැටෙන හැම වෙලාවක නැගී සිටින්න අත දීපු තාත්තා කෙනෙක් වන අලි ප්‍රහාරයකින් පසුගිය 06 වැනිදා ජීවිතයෙන් සමුගෙන ගිහින් තිබුණා. මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබුණේ අංක 10, මහසෙන්ගම ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචිව හිටපු දෙදරු පියෙක්.(Sri Lanka Latest News)

තමන්ගෙ ආදරණීය තාත්තාගේ මේ අනපේක්ෂිත මරණය ගැන ඔහුගේ පුතා පැවැසුවේ මෙවැන්නක්.

‘මම තාත්තා හොයා ගන්නකොට ගන්න දෙයක් නැහැ. අලියා පාගලා. මගේ තාත්තාට මේ වෙච්ච කරදරය කිසිම මනුස්සයකුට වෙන්න ඉඩ තියන්න එපා කියලයි මම ඉල්ලන්නේ. සතෙක් සිවුපාවකුටවත් කරදරයක් කරපු නැති කෙනෙක් මගේ තාත්තා. ගමේ හැමෝම එදාවේල හම්බ කරලා ජීවත්වෙන අය ඉන්නේ. අපේ ජීවිත කොයි වෙලේද කියලා ෂුවර් නැහැ. එදා වේල හොයාගන්නේ අපි හරි අමාරුවෙන්…’ මේ පුතා ඉකි ගසමින් හඬාවැටෙන්නට වුණා.
අසල්වාසියෙක් මේ කනගාටුදායක සිදුවීම ගැන පැවැසුවේ මෙවැන්නකි.

‘මේ අලි මිනිස් ගැටුම තියෙන්නේ අවුරුදු හතරක ඉඳලා. බලධාරීන්ට කොච්චර කිව්වත් කවදාවත් ගණනකට ගන්නේ නැහැ. අපට කිසිම පිළිසරණක් නැහැ. මේ අහිංසක මිනිස්සු තමයි මැරෙන්නේ. මේ ප්‍රදේශයට අලි වැටක් ගහලා දෙන්න කියලයි අපි කියන්නේ. මාස තුන හතරකට කලිනුත් කෑම එක අරන් පැලට යනකොට අහිංසක මනුස්සයෙක් රඹෑව ප්‍රදේශයේදී අලියා ගහලා මැරුණා. අලියා හිටියේ පාර අයිනේ. මේ හරක් බලන මනුස්සයා රෑට ගොවිතැන රැකගන්න යන්නේ දරුවන්ගේ කුසගින්න නිවන්නට මොනවා හරි හොයාගන්න. අද මේ අහිංසක ජීවිතයක් තමයි නැතිවුණේ. අපිට රෑකට අල්ලපු ගෙදර මනුස්සයකුට කරදරයක් වුණොත් ලෙඩක් දුකක් වුණොත් යන්න බයයි. අලි කොතැන ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. බලධාරීන්ට කොච්චර කිව්වාත් වැඩක් නැහැ. මේකට පිළියමක් යොදන්නේ නැහැ. ගොවියන්ගේ ජීවිත අනතුරේ කියලයි අපට කියන්න තියෙන්නේ….’

වන අලි ගම්වැදීම නිසා වටිනා මිනිස් ජීවිත සිය ගණනක් මේ වෙද්දී විනාශ වෙලා. ඒ වගේම වන අලින් සිය ගණනකුත් මේ රටට අහිමි වෙලා. වසර ගණනාවක් තිස්සේ පවතින මෙම තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරන්න බලධාරීන් අසමත් වීම නිසයි මේ තරම් වටිනා ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණේ.

මේ සමාජයේ වැඩියෙන් කතාකරන්නේ අම්මාගේ ආදරය ගැන වුණාට මේ තරුණ පුතාගේ ඇස්වලින් කදුළු වැටුණේ තමන්ගේ තාත්තා වෙනුවෙන්. ඒ සමුගැනීම දරාගැනීමට නොහැකිවයි. පිරිමියකුගේ ඇස්වලින් කඳුළු වැටෙන්නේ කලාතුරකින් කියලා අපි අහලා තියෙනවා. අපේ අද කතාවේ කතා නායකයා වූ මේ පුතාගේ ජීවිතයේ වීරයා වුණේ ඔහුගේ තාත්තායි. මේ සිදුවීමෙන් අපි දැක්කේ තමන්ගේ තාත්තාගේ වියෝව දරාගන්න බැරුව මේ පුතා ඉකි ගගහා හඬා වැටුණු හැටි. මේ හඬාවැටීම තුළ එක්වරම අපේ මතකයට නැඟුණු ගීතයක් තියෙනවා. ඒ, මාලනී ජයරත්න මහත්මිය අතින් ලියවුණු ටී.එම්. ජයරත්න මහතා ගායනා කරන ‘අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී’ කියන ගීය.

තාත්තාගේ ආදරය, සෙනෙහස, පරිත්‍යාගය කැපකිරීම කියන සියලු ගුණාංග මේ ගීතය තුළ ගැබ්ව තිබෙනවා. තාත්තාගේ ආදරය පොළොවේ සැඟවුණු ගහක මුලක් වගෙයි. බාහිරට පෙන්වන්නේ නැහැ. තාත්තාගේ ආදරය දෙන්නේ සඟවලා. ඒ බව මේ ගීතයේ ‘මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ…’ යන පදයෙන් ලස්සනට කියැවෙනවා.

ගහක මුල ශක්තිමත් නැතිනම් ඒ ගහට පවතින්න බැහැ. දරුවනුත් එහෙමයි. ඒ ශක්තිමත්කම තමයි මේ පුතාගේ පැවැත්ම වුණේ. පියෙක් වෙහෙසෙන්නේ තමන්ගෙ පුතා රජෙක් කරන්නටයි. අම්මාගේ කුසේ දරුවෙක් පිළිසිඳගත් දා පටන් තාත්තාගේ සිහිනය වෙන්නේ ඒ දරු පැටියායි.
‘කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුණේ…’ කියලා ඒ ගීයේ තවත් තැනක සඳහන් වෙන්නේ ඒ අදහසින්.

තාත්තා හැම වෙලාවෙම උත්සාහ දරන්නේ කුසට අහරක් නැතිව හරි තමන්ගේ දරුවන්ව සතුටින් තියන්න. දරුවන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න. සමහර වෙලාවට යම් ඉල්ලීමක් ඉටුකරන්න බැරි වුණොත් ඒ තාත්තා හදවතින් දහස් වර හඬා වැටෙන බවත් මේ ගීයේ එන ‘මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ’ කියන පදයෙන් කියැවෙනවා.

දරුවන්ටත් තාත්තාගේ ඒ ආදරය දැනෙනවා. දරුවන්ව පෝෂණය කරන්න, ඔවුන්ට කෑම ටික හොයන්න සෙරෙප්පු ගෙවෙනකල් තාත්තා පාරවල් ගානේ ඇවිදිනවා. එහෙම ඇවිදලා දරුවන්ට කන්න බොන්නද අරගෙන හවසට ගෙදර එනවා. මේ තාත්තාට අඳුම් තියෙන්නේ දෙකයි තුනයි. ලස්සන ලස්සන ඇඳුම් තාත්තට නැහැ. එහෙමයි කියලා මේ තාත්තා දරුවන්ට අඩුවක් කරන්නේ නැහැ. අත් ගොරෝසු වෙනකල් වැඩකරලා මුදල් උපයනවා. දරුවන් ආස කරන හැම ඇඳුමක්ම, ආසකරන හැම කෑමක්ම මේ තාත්තා දරුවන්ට ගෙනත් දෙනවා.

පිය සෙනෙහස ගැන කියැවෙන අපේ හදවත ස්පර්ශ කළ තවත් අපූරු ගීතයක් තියෙනවා. තාත්තා කෙනෙක් මේ ලෝකෙන් සමුගන්නකොට දරුවන්ට ඒ හැඟීම දැනෙන ආකාරය ගැන ඒ ගීයෙන් කියැවෙනවා. ඒ, ඉරේෂා හේමමාලි රචනා කළ, රවී රොයිස්ටර් ගායනා කරන,

‘කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ….
හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ….’ කියන ගීතයයි.

තාත්තාගේ හිස මත මහා බරක් තිබුණත් ඒ බර දරුවන්ට කවදාවත් දැනෙන්න දෙන්නෙ නැහැ. නමුත් අද ඉඳලා ඒ බර පුතකුගේ කර මත පැටවෙනවා. තාත්තාගේ කකුල් පණ නැති වෙනකල්ම හරිහම්බ කළේ දරුවන් වෙනුවෙන්. තාත්තා අපිව පුංචි කාලේ පාසල් අරන් ගිය පාරෙම අද තාත්තාට අවසන් ගමන් යන්න වෙලා. ඒ පාර අද සුදු කොඩිවලින් සරසලා. මේවා දකිනකොට පුතකුට දුවෙකුට දරාගන්න බැහැ. තාත්තා අපිව උස්මහත් කරන්න කොපමණ වෙහෙසක් දරන්න ඇතිද? තාත්තා උදේ හවස වැඩට ගිය පාරේ අද ඔහුට අවසන් ගමන යන්න වෙලා.

‘පුරුදු පාරේම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ…

හුඟක් අය අද පස්සේ එනවා තනිව ආ ගිය මගේ…’

අපිට පුංචි කාලේ පෙරහැර පෙන්නුවේ තාත්තා වඩාගෙන. අද තාත්තාගේ තනියට හුඟක් අය පෙරහැරේ යන්නේ තාත්තාගේ අවසන් ගමනටයි. අද තාත්තාගේ මිනී පෙට්ටිය පෙරහැරේ අරන් යන්න සිදුවෙලා. ඒ හැඟීම පුතෙකුට දරාගන්න බැහැ. හරිම වේදනාකාරියි.

අම්මා අසනීප වුණොත් ‘අද පාන් කමු, උයන්න බැහැ’ කියලා කියන්න පුළුවන්. ඒත් තාත්තාට එහෙම කරන්න හිත දෙන්නේ නැහැ. ‘අද සල්ලි නැහැ නොකා ඉමු’ කියලා තාත්තා කවදාවත් කියන්නේ නැහැ. පුළුවන් විදියට කෑම ගෙනල්ලා දරුවන්ට දෙන්නේ දරුවන්ට තියෙන ආදරේට. අම්මාගේ වේදනාව අපිට පේන්වා. නමුත් තාත්තා කෙනකුගේ වේදනාව අපිට පේන්නේ නැහැ. සමහර වෙලාවට දරුවන් වෙනුවෙන් තාත්තා වේල් කීයක් බඩගින්නේ ඉඳලා ඇතිද?

‘කන්ද පාමුල සොහොන හුරු නැහැ දන්නවා මං මගේ පුතේ…

සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ…’

අද තාත්තාව සොහොනේ තනියම දාලා එන්න වෙනවා. කෙනෙක් මේ ලෝකෙට ආවාම කවදා හරි දවසක ආපහු යන්නම වෙනවා. මේ ලෝකේ තියෙන්නේ යාම් ඊම් විතරයි කියලා කවුදෝ පඬිවරයෙක් කියපු කතාව ඇත්තක්මයි. අපේ ජීවිතයේ ස්වභාවය එයයි.

තාත්තාගේ එකම ඉල්ලීම වන්නේ ‘මම කවදා හරි මැරුණාම, අම්මාටත් ඒ විදියටම සලකන්න’ කියන එකයි. තාත්තාගේ හිතේ තියෙන අහිංසක පැතුම එයයි.

‘මම නැති වෙච්ච දවසට දරුවන්ගේ අම්මා මේ ලෝකේ තනි වෙනවා. ඇයට රැකවරණයක් නැතුව යනවා. ඒ නිසා අම්මාව හොඳින් බලාගන්න කියන මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුතේ. අම්මාගේ හිත රිද්දන්න එපා….’ ඒ, තාත්තා කෙනෙක් තම දරුවන්ට නොකියා කියන දේ. තාත්තාගේ ශරීරය දියවෙනකල් දරුවන් වෙනුවෙන් කැපකළා. තාත්තා කවදාවත් දරුවන්ට දුකක් දෙන්න අකැමැති වුණා. දරුවකුගේ හදවතේ තාත්තා කෙනෙක් ඉන්නේ ගැඹුරුම තැනක. ඒ තාත්තා තරම් උතුම් කෙනෙක් තවත් නැහැ…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හොරුන්ට එරෙහි හොරු I Sri Lanka Latest News

Next Post

රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කළ පාර්ලිමේන්තුවේ අනංගයා මාට්ටු! වහාම වැඩ තහනම් කරයි! තවත් කිහිපදෙනෙක් ගැන ‌තොරතුරු හෙළිවෙලා! ඒ අය පස්සෙත් පන්නනවා! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.