කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද (11) පස්වරුවේ විනාඩි 30ක පමණ කාලයක් තද වැසි පතිත විය. (Sri Lanka Latest News)
බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක්ද මතුවී තිබු අතර , කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාවද පහල බැස තිබුණි.
පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.
lankasara










