• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය-ප්‍රේමදාස-විජේවීර-ප්‍රභාකරන් ගැන ඩලස්ගෙන් අලුත් කියවීමක්! උන් අභියෝග කළා ප්‍රභූ පන්තියට! මරා දැමුවා මහ පාරෙදි! I Sri Lanka Latest News

July 31, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩලස් අලහප්පෙරුම දේශපාලනඥයෙකි. ඊට පෙර ඔහු පත්තරකාරයෙකි. ‘පාත්තරකාරයන්’ බහුල රටක පත්තරකාරයන් සොයාගැනීම අසීරුය. හොයාගත්තත් වෙනත් ක්ෂේත්‍රයන්ගේ මෙන්ම එවැන්නකු පත්තර පිටු අතර රැකගැනීම අසීරුය. ඒ විෂම ලෝකයේ හැටිය.(Sri Lanka Latest News)

පත්තර කන්තෝරුවක සිට දේශපාලන වේදිකාවට ගොඩවූ ඩලස් අලහප්පෙරුම දෙස තව දුරටත් පත්තරකරුවෙක් ලෙස බලන්නට හැකිදැයි යන්න වෙනමම කතාවකි. එහෙත් කට වාචාල දේශපාලනඥයන් අතරේ තවමත් ඩලස් අලහප්පෙරුම වූ කලී යමක් සිතන්නට කියන්නට හැකි මිනිසෙකි. එහෙයින් ඔහු කරන සහ ඔහු හා කරනා කතාබහ පිළිබඳ විමසිල්ලෙන් පසුවීම ලියුම්කරුගේ සිරිතය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන විමසන කල ඉකුත් 2022 වසර වූ කලී සංක්‍රාන්ති වසරකි. මහජනයා පාරට බැස ආණ්ඩුවක් එළවීම නිසාම නොව 2022 කරුණු කාරණා ගණනාවක් නිසා තීරණාත්මකය. ඉන් එකක් වනුයේ 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ එකතුවක් භාවිත කර නොතිබුණු ප්‍රතිපාදනයක් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඡන්දයක් පැවැත්වීම එම වසරේ සිදුවීමය.

ඒ ඡන්දයට ඉදිරිපත් වූයේ එවක පාර්ලිමේන්තුවේ භේරුණ්ඩ පක්ෂියාව සිටි රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ය.


මේ සටන හුදු ජනාධිපතිවරයෙක් තෝරාගැනීමට පැවැත්වූ ඡන්දයක් ලෙස අපට පෙනුණද ඒ සටනට ඉදිරිපත්වූ එවක බහුතරය හිමි පක්ෂය වූ පොදුජන පෙරමුණ නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම පවසනුයේ එය හුදු අනුප්‍රාප්තික ජනාධිපති තේරීම ඉක්මවා ගියා ඡන්දයක් බවය. මෑතකදී ‘නිවුස් සෙන්ටර්’ යූ ටියුබ් නාලිකාව සමග කතිකාවකට එක්වන ඔහු පවසන පරිදි පසුගිය වසරේ ජූලි 20 වැනිදා පවත්වා ඇත්තේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට බලය පැවරීමේ පාර්ලිමේන්තු ඡන්දයක් නොවේ.

එය මෙරට දීර්ඝකාලීනව පාලනය කළ ප්‍රභූ දේශපාලන පන්තියෙන් ආව වරප්‍රසාදිත නිර්ප්‍රභූ පන්තියට මෙරට පාලන බලය මාරුකර ගැනීම උදෙසා පැවැති ඡන්දයකි. ඩලස්ගේ ඒ ප්‍රකාශය අනුව එදා තරග කර ඇත්තේ රනිල්, අනුර සහ ඩලස් නොව ප්‍රභූ පන්තිය සහ ඊට අභියෝග කළ නිර්ප්‍රභූ පන්තියයි.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් ප්‍රභූ පන්තිය නියෝජනය කළ අතර, ඩලස් සහ අනුර කුමාර නිර්ප්‍රභූ පන්තිය නියෝජනය කර තිබේ. සාම්ප්‍රදායක ලෙසම පොදු හතුරා අභිමුවේ නිර්ප්‍රභූ පන්තිය බෙදී තරග කළ අතර, අවසානයේ ප්‍රභූ පන්තිය නියෝජනය කළ අපේක්ෂකයා විශිෂ්ට නොව අතිවිශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ( නිර්ප්‍රභූ අපේක්ෂකයන් දෙදෙනා එක්වූයේ නම් ප්‍රතිඵලය වෙනස් වන බව ඉන් කියැවෙන්නේ නැත) එහෙත් පසුගිය ජූලි මාසයේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්දයෙන් තමා පරාජය වීමට හේතුව ලංකාවේ දේශපාලනයේ සදාතනික බල අරගලයේ එක් දිගුවක් බව ඩලස් කැට තබා පවසයි. ඔහු පවසනුයේ ප්‍රභූ පන්තිය අතේ හිතේ භුක්ති විඳිමින් සිටි පාලන බලය ඉල්ලූ, නැතහොත් ඊට අභියෝග කළ සෑම නිර්ප්‍රභූ නායකයකුම මේ ආකාරයේ දරුණු පරාජයකට ලක්වූ බවයි.

මේ තිත්ත අතීත කතාවට ඩලස් ගන්නා පළමු උදාහරණය රණසිංහ ප්‍රේමදාසය. කොළඹ කුරුඳුවත්තට සින්න වී තිබූ මෙරට පාලන බලය නිර්ප්‍රභූ ජනතාව අතට ගත් පළමු දේශපාලනඥයා රණසිංහ ප්‍රේමදාසය. ඔහු වත්මන් විපක්ෂ නායක සජිත්ගේ තාත්තාය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවෙන් ජනධිපති ධුරයට හිමිව තිබූ ධුර කාලය දෙකකට සීමා කිරීම නිසා නොවන්නට ආර්. ප්‍රේමදාසට මේ කපේට ජනාධිපති වන්නට ලැබෙන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූ කුලකය ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන්නට හැකි හැම දහං ගැටයම ගැසුවේය. ජේ.ආර්.ට ඕනෑ වූයේ රනිල්ට පෙර ලලිත් හෝ ගාමිණීට කිරුළ පලඳන්නටය. ඉන් අනතුරුව කල්යල් බලා රනිල් රජ කරවන්නටය. එහෙත් දශකයකට අධික කාලයක් අගමැති ලෙස ප්‍රේමදාසද යමක් හම්බකරගෙන සිටියේය. ඒ, ජනතා ප්‍රසාදයයි. භාරගත් වැඩේ අකුරටම කරන ගුණයෙන් හෙබි ඔහු මෙරට දුප්පත් ජනයාගේ එකම තේරීම විය. පංච මහා බලවේග ලෙසින් අභිෂේක කරන කැම්පේන් එකක් නොකළද, මෙරට පීඩිත පන්තියේ සැබෑ නායකයා ඔහු විය.

එහෙයින් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය නොදී බැරි විය. සැබෑවටම එ.ජා.ප.යේ ප්‍රභූ කුලකය ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නා නොව ඔහු එය උදුරා ගත්තා යැයි කීම සාධාරණය.

එහෙත් එවකට සන්නද්ධ කැරැල්ලක් ඇතිකර මැතිවරණය වර්ජනය කරන්නට බලපෑම් කරමින් සිටි ජ.වි.පෙ. සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිර්ප්‍රභූ නායකයෙක් වූ ආර්. ප්‍රේමදාස කියවා ගත්තේ පක්ෂ දේශපාලන කූඩුවට දමාය. එහෙයින් ඔවුන් ප්‍රේමදාසගේ පක්ෂය විනා පන්තිය ගැන නොසිතා ඔහු ජනාධිපති වීම වැළැක්වීමට කළ හැකි හැම බාධාවම කළේය. ජනාධිපති වූ පසුද ප්‍රභූ පන්තිය ඔහු ධුරයෙන් පහ කිරීමට කළ හැකි හැම දෙයම කළේය. ඉතිහාසයේ මුල් වරට දෝෂාභියෝගයක් පවා ගෙනාවේය. සදාතනික දේශපාලන පසමිතුරන් වූ ශ්‍රීලනිපය සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූ කුලක දෙක ප්‍රේමදාස එලවන්නට පෙළගැසුණේය. අවසානයේදී තවත් නිර්ප්‍රභූ මිනිසෙක් මිනිස් බෝම්බයක් ලෙසින් විත් ප්‍රේමදාස බිලිගත්තේය.

ඩලස් පවසන කතාවේ ප්‍රභූ පන්තියෙන් පාලන බලය ඉල්ලූ දෙවැනි පුද්ගලයා විජය කුමාරතුංගය. ඔහු වලව්වට අභියෝග කළේය. ඒ, හොරගොල්ල වලව්වේ දියණියක වූ චන්ද්‍රිකා කසාද බැඳගැනීමෙනි. ඒ කසාදය හොරගොල්ල සහ රත්වත්ත වලව් පමණක් නොව, ලංකාවේ බොහෝ වලව්වල පවුරු පදනම් සසල කළේය. අනුර බණ්ඩාරනායක එළිපිටම විජයට විරුද්ධ වූයේය. අවසානයේ විජය චන්ද්‍රිකා සමග වලව්ව හැර ගියේය. එහෙත් අර්බුදය නිමා වූයේ නැත. දේශපාලනව විරසක පැවැතියද බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා මෙන්ම වික්‍රමසිංහලා සහ කොතලාවලලාද නෑයෝය.

එකම ප්‍රභූ කුලකයේ සාමාජිකයෝය. ජාතික දේහයේ එකම ප්‍රභූ ශාකයෙන් බෙදුණු විවිධ අතු ඉති බඳු මේ නෑ සනුහරේ විවිධ පාට යොදා හැඩ වුවද එකම ගහේ අතු ඉතිය. බණ්ඩාරනායක වලව්වට අභියෝග කර ඉන්ද නොනැවතී දේශපාලනයේ ප්‍රභූ කුලකයට අභියෝග කරන විජය කුමාරතුංග පොදු සතුරා ලෙස කියවා ගන්නට ජේ.ආර්. සමත් වන්නේය. නැක්සලයිට් චෝදනා ලැබ විජය බන්ධනාගාරගත කරන්නට ඒ කියවා ගැනීමත් එක හේතුවක් වන්නේය.

අවසානයේ ප්‍රභූ පන්තියට ප්‍රබලම අභියෝගය වූ විජයගේ ගමන නිමා කරන්නට පෙරට එන්නේ මෙරට නිර්ප්‍රභූ දේශපාලන සළුව පොරවාගත් ජ.වි.පෙ. සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. ඔවුන් විජයගේ හිස සහ මුහුණ කුඩුවෙන්නට වෙඩිතබා ප්‍රභූ දේශපාලනයට ඉතිරිව තිබූ ලොකුම බාධකය ඉවත් කර දැම්මේය. ඩලස් කියන කතාවේ තිත්ත ඇත්ත ඒකය.

ඩලස්ගේ ඊළඟ උදාහරණය රෝහණ විජේවීරය. සැබැවින්ම ඔහු ලංකා දේශපාලනයේ වෙනමම පරිච්ඡේදයකි. ඔහු මෙරට ප්‍රභූ පන්තියට ඡන්දයෙන් පමණක් නොව උණ්ඩයෙන්ද අභියෝග කළ පුද්ගලයාය. 1971 දී විජේවීර රට අල්ලන්නට කැරැලි ගැසූ බව ඉතිහාසයේ තිබුණද එකී කැරැල්ල යට සැඟවුණු කතා බොහෝය. පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීර ඉපදෙනුයේ වාමවාදී නැඹුරුවක් සහිත නිර්ප්‍රභූ පවුලක පුතකු ලෙසය.

කොමියුනිස්ට් පක්ෂයේ උග්‍ර ආධරකරුවෙක් වූ ඔහුගේ පියා වන පටබැඳිගේ අන්දිරිස් විජේවීර, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහගේ සමීප හිතවතෙකි. අවසානයේ ඔහු මියයන්නේ එක්සත් ජාතික පක්ෂයේ මැර ප්‍රහාරයකින් ලෙඩ ඇඳට වැටීමෙනි. චීන – රුසියානු කොමියුනිස්ට් න්‍යායාත්මක ගැටුමේදී චීනයේ පැත්ත ගැනීම නිසා රුසියාවේ ලබමින් සිටි උසස් අධ්‍යාපනය අහිමි වන ඔහු මෙරටදී කොමියුනිස් පක්ෂයේ චීන පිල හා එක් වුවද අනතුරුව ජ.වි.පෙ. නමින් තමන්ගේම පක්ෂයක් බිහි කරන්නේය.

මෙරට නිර්ධනපාන්තික දේශපාලන ව්‍යාපාරවල් ලෙස මතුව ආ ජ.වි.පෙ. 1971 දී අසාර්ථක කැරැල්ලකට නායකත්වය දුන්නේය. ඉන් අනතුරුව 1982 මෙරට ප්‍රභූ පන්තියට අභියෝග කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර එහිදී තුන්වැනි තැනට පත්වූයේ ජේ.ආර්.ගේ පමණක් නොව මෙරට ප්‍රභූ පන්තියේ ඇස් නළලේ රඳවමිනි. ජ.වි.පෙ. ගමන නිම කරන්නට ඔවුන් තීරණය කරන අතර, 83 කළු ජූලියට මුවාවී ජ.වි.පෙ. තහනම් කරන්නට ඔවුන් කටයුතු කරන්නේය.

එහෙත් සටන්කාමී තරුණ දේශපාලන ව්‍යාපාරයක් වූ ජ.වි.පෙ. ජේ.ආර්. ප්‍රමුඛ ප්‍රභූ කඳවුරේ උගුලේ වැටෙමින් තවත් සන්නද්ධ අරගලයකට නායකත්වය ලබාදෙමින් සිය දෙවැනි කැරැල්ලද අරඹන්නේය. එහි අවසන් ප්‍රතිඵලය උපතිස්ස ගමනායක ඇතුළු නායකයන් රැසක් මරාදැමුණු අතර, රෝහණ විජේවීර බොරැල්ල කනත්තේදී පුලුස්සා දමා ඔහුගේ ගමන නිමා කරන ලදී.

ප්‍රභූ පන්තියට අභියෝග කොට මහමඟදී මරාදැමූ බවට ඩලස් පවසන අනෙක් පුද්ගලයා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. ලංකාවේ උතුරු කොනේ වැල්වැටිතුරෙයිහි සාමාන්‍ය පවුලක උපන් ප්‍රභාකරන් Karaiyar කුලය නියෝජනය කළ අයෙකි. එය වෙල්ලාර් කුලයට සාපේක්ෂව අව වරප්‍රසාදිතය. ප්‍රභාකරන්ගේ පියා ඉඩම් නිලධාරියෙක් ලෙස රජයේ රැකියාව කළ අයෙකි. එහෙත් කුල ධුරාවලිය හෝ වත්පොහොසත්කම් අතින් ප්‍රභාකරන්ලාගේ පවුල උතුරේ ප්‍රභූන් ලෙස හැඳින්විය නොහැක. එහෙයින් ඩලස් අලහප්පෙරුමගේ විග්‍රහයට අනුව ප්‍රභාකරන්ද නිර්ප්‍රභූ සමාජය නියෝජනය කරන්නෙකි.

දේශපාලනිකව කෙසේ වෙතත් ප්‍රභාකරන් උතුරේ පමණක් නොව දකුණේද පැවැති ප්‍රභූ පාලනයට අභියෝග කළ බව සැබෑය. ලාංකේය දේශපාලනයේ අන් නිර්ප්‍රභූ දේශපාලනඥයන්ට සාපේක්ෂව වෙනස් මඟක ගියද එක්තරා ආකාරයකින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ද ප්‍රභූ සමාජයට අභියෝගයක් විය. රටම දන්නා පරිදි ප්‍රභාකරන් සටන් බිමක මියගියද ඔහුගේ මරණයද විජේවීර සහ විජය කුමාරතුංග මරාදැමූ ආකාරයේ මහ පාරේ මරාදැමීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

මේ අනුව බලන කල මෙරට ප්‍රභූ පන්තියට අභියෝග කළ පුද්ගලයන් සියලු දෙනාගේ අවසානය එකම ආකාරයකින් නිමා වී ඇත්තේය. එහෙත් පෙර සඳහන් සම්මුඛ සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුමට අමතක වුණු හෝ ඔහු අමතක කරන කාරණාවක්ද වෙයි. ඒ, ප්‍රභූ පන්තියට අභියෝග කර මෙරට නායකත්වයට පත් මෛත්‍රීපාල සිරිසේනගේ කතාන්දරයයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හතර පස් දෙනෙක් එක්ක රට කරලා ගෝඨා වරද්දාගත්ත තැන් 2 රෝහිත ප්‍රසිද්ධියේම කියයි! හතරපස් දෙනෙක් එක්ක තීන්දු අරන් ගෝඨාට වෙච්ච දේ කරගන්න එපා කියලා රනිල්ට අවවාදයකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත්ම ජාවාරම කොළඹ සුපිරි ඉඩම් හොර ඔප්පු හදලා විකුණන එක! මෙන්න එක ජාවාරම්කාරයෙක් පොලිසියට කොටුවෙලා! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.