කොළඹ සහ ඒ අවට ඇති ඉහළ වටිනාකම් ඇති ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු රටේ පිළිගත් විනිසුරුවරු, පොලිස් නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් ව්‍යාජ ලෙස සකස් කළ නිල මුද්‍රා 300ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
මොහොමඩ් සාලි මොහොමඩ් අන්සාර් නමැති 72 හැවිරිදි වියේ පසුවන මෙම ජාවාරම්කරු කොළඹ 10 මාලිගාවත්ත පටුමගේ සහ වැල්ලම්පිටිය කොලොන්නාව පාරේ පදිංචිකරුවෙක් බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.
කොළඹ එඩ්මන්ටන් පාරේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර අලෙවි කිරීමක් සම්බන්ධයෙන් සහ තවත් ඔප්පුවක් සකස් කිරීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 27 වෙනිදාය.
මෙම පුද්ගලයා නිවසක් හා ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක්ද වංචා කර ඇති බවට පැමිණිල්ලක් ඇති බව පොලිසිය කියයි.
නිල මුද්‍රා 300ට අමතරව මෙම පුද්ගලයා සතුව තිබී අන්සතු විදෙස්ගමන් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍ර 11ක්, ජාතික හැඳුනුම්පත් 04ක්ද සොයාගෙන ඇත.
ව්‍යාජ ඔප්පු සැකසීමේදී ඔහු යොදාගෙන ඇත්තේ මෙම හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර බවට සැක කෙරේ.
dinamina