• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න සරසවියම විනාශ කර ආව නේද බලන්න I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැක්කද පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ. බැලුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ? කොහොම නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පහුගිය දවස්වල ඇරියා. ඇරියා කියන වචනෙ පාවිච්චි කරද්දී සමහරුන්ට විවිධ අර්ථ මේකෙන් දැනෙන්න පුළුවන්. ඇත්තටම ඒ අර්ථ හුඟක් ඒවා පහුගිය දවසේ සිදුවීමට සමපාතව ගැළපෙනවා.(Sri Lanka Latest News)

ඒ නිසා පේරාදෙණියෙ විශ්වවිද්‍යාලය ඇරියා කියන වචනෙ අපි ඒ විදියටම තියාගන්නවා. ඒකෙන් කාට හරි අපහාසයක් වෙනවා නම් කරුණාකරලා අපට සමාවෙන්න. කොහොම නමුත් විශ්වවිද්‍යාලය ඇරීම සහ විශ්වවිද්‍යාලයේ ඉන් පසුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඕනෙ තරම් පින්තූර සාක්ෂි අප සතුයි. අපි විශ්වාස කරනවා ඒවා ඔබ සතුවත් ඇති. ඒ නිසා ගැටලුවක් නෑ. මෙතැන් සිට අපි මේ කතාව කියවමු.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැලසුම, ඒ වගේම විශ්වවිද්‍යාලය එතැනට රැගෙන ඒම සම්බන්ධව විවිධ කතන්දර තියෙනවා. ඇත්තටම විශ්වවිද්‍යාලය මේ ස්ථානයේ සැලසුම් කරන්නේ මහා බි්‍රතාන්‍යයේ හිටපු විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙච්ච සර් පැටි්‍රක් ඇබක්‍රොම්බි කියන කෙනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහු මේ සැලසුම හැදුවට විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් පැවරෙන්නේ සර් අයිවර් ජෙනිංග්ස්ට.

ඔහු මෙහි පළමු උපකුලපතිවරයා වශයෙන් නම් කරලා තිබුණා. ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය රාජ්‍ය ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදයෙක් විදියට තමයි අයිවර් ජෙනිංග්ස් සලකන්නේ. ඔහු මේ විශ්වවිද්‍යාලය තියෙන ස්ථානයට පැමිණි අවස්ථාවේදී ලියපු එක්තරා සඳහනක් අපි අන්තර්ජාලය ඔස්සේ හොයලා මේ විදියට මතු කරගත්තා.

‘මම ගලහා පාර ඔස්සේ රිය පදවාගෙන ගොස් අප උපාධි ප්‍රදානෝත්සව ශිඛරය යැයි නම්කර ඇති සානුව වෙත ළඟාවන තෙක් ගියෙමි. වැඩෙමින් නැගෙන වනාන්තරය මැදින් ඉහළට නැගීම පහසු කටයුත්තක් වූයේ නැත.

එහි සර්පයන් සිටීවිද කියා මා දැන සිටියේ නැත. මහවැලි ගං ඉවුරෙහි තිබුණු කපා බිම හෙළන ලද ගසක මුල් කොටස මත හිඳගත් මම, ශ්‍රීමත් පැටි්‍රක් ඇබක්‍රොම්බිගේ ස්ථානීය සැලස්ම මා ඉදිරිපට දිගහැර ගත්තෙමි. සැලැස්මෙහි මනස්කාන්ත බව මට පසක් වන්නට පටන් ගත්තේ එවිටය. කිසිදු සැකයක් නැත. ඩී.ආර්. විජේවර්ධන මහතා සිතූ සේ නිවැරැදිය. මෙය ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක් වනවා ඇත….’

ඉනික්බිති කතන්දරය බොහෝ සුන්දරව ගලා ගියේය. විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු එකින් එක සිදුවිය. පේරාදෙණිය මිටියාවතේ නව පේරාදෙණි වතුයාය අක්කර 385ක් මිලදී ගෙන සරසවිය තවත් විශාල වෙද්දී මේ දුම්බර මිටියාවතේ අපූරු තෝතැන්න පිළිබඳ සරච්චන්ද්‍ර මෙසේ සටහනක් තබා තිබිණි.

‘පේරාදෙණිය මිටියාවතේ විවේකීව පතපොත බැලීමේ හා තමන් අතර සම්මන්ත්‍රණ කිරීමෙන් ලෝක ස්වභාවය අවබෝධ කරගැනීමට තැත් කරමු කියා තමාගේ ඇකයට පැමිණෙන්නා වූ සිසු මානවක මානවිකාවන් කෙරෙහි උපන් දයාවෙන්දෝ අවුරුදු මුළුල්ලේ ඔවුන්ට සොමි ගුණය පාන්නා වූ ප්‍රකෘත්තිතුමෝ ඔවුන්ගේ දෑස් පිනවා සිත්සතන් සැනසීමට මෙන්ම වර්ෂයේ එක් කාලයක් විශ්වවිද්‍යාලය හාත්පස මේ වෙසෙසින් අලංකාර කොට අතිශය මනෝහාර ශෝභාවකින් සරසා දක්වන්නීය. දහවල් දවසේ යටිකුරු කරන ලද පලිඟුමුවා සැලියක් සේ වලාකුළින් තොරව බැබළෙන අහස් කුස පියවරෙන් පියවර තීව්‍ර වෙමින් උච්ච සප්තකය කරා නගින ස්වර මාලාවකින් තම විරහා ශෝකය පළකරන කෝකිලයන්ගේ රාවයෙන් ඒකනින්නාද වේ.’

අද සරච්චන්ද්‍රලාත් ජෙනිංග්ස්ලාත් දුටු සරසවිය නැත. ඒ වෙනුවට සරසවිය වඩාත් දියුණු වී සශ්‍රීක වී ප්‍රේමණීය වී තිබේ. මේ සරසවියේ මල් පිපෙන සමය නොවේ. සරසවියේ මල් පිපෙන සමයට මුළු සරසවියම මලින් පිරීතිරී යයි. කහපාට නමක් නොදන්නා මල් යායකින් සරසවිය පිරී ඉතිරෙන්නේ ඉතා සොඳුරු තැනක් බවට පත්කරමිනි. තැඹිලි පාට, කහ පාට, දම් පාට මල් ගස් උඩ පිපී ඒවා බිමට හැලෙයි.

මේ බිමට හැලීමෙන් සම්පූර්ණයෙන්ම තණ පියලි මත මල් ඇතිරිල්ලක් බවට පරිවර්තනය වෙයි. මේ මල් ඇතිරිල්ල මත පය තබන්නට සරසවි සිසු සිසුවියෝ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ නැත. තණකොළ ගහක්වත් පාගන්නට මේ විශ්වවිද්‍යාලයේදී කිසිවෙක් උත්සාහ කරන්නේ නැත. නීතියක් නොවුණද එය ඔවුන් විසින් නීතියක් බවට පරිවර්තනය කරගෙන තිබේ. පරිසරය රැකීම මේ සරසවියේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයට ආදා සිටම පටන්ගන්නා දෙයකි. ඒ නිසා එය පුරුද්දක් බවට පත්ව තිබේ. සමහර විට මේ පුරුද්දට අභියෝග කරන තැන් ඕනෑ තරම් දකින්නට ලැබේ.

පේරාදෙණියේ සොඳුරු බව රකින්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇති උනන්දුව සමච්චලයට ලක්වූ තැන් අප ඕනෑ තරම් දැක තිබේ. එය කොයි තරම් අපූරු උත්සාහයක්ද යන්න සරසවියට නිතර යන එන ඕනෑම කෙනකුට දැනෙන කාරණයකි. හන්තානේ සිට පාව එන සුළං රැලි සරසවි බිමේ එහෙට මෙහෙට යන්නේ මේ සොඳුරු බව විඳගන්නටය. ඒ සොඳුරු බව දැකබලා ගන්නටය. නමුත් මේ වතාවේ සම්පූර්ණයෙන්ම ඒ සියල්ල උඩු යටිකුරු විය.

සරසවිය මහජනතාවට විවෘත කළේ කුමන සැලසුමක් මත පිහිටාද යන්න අපට පැහැදිලි නැත. කෙසේ නමුත් සරසවිය මහජනතාවට විවෘත විය. මේ ජනතාවට විවෘත කිරීම සම්බන්ධව දින කිහිපයක් තිස්සේම කරන ලද ප්‍රකාශ හේතුවෙන් ලංකාව පුරා ඈත මෑත විසිරී පැතිරී ඉන්න මිනිස්සු සරසවිය දැකබලා ගන්නට පැමිණියහ.

අප දන්නා තරමට මෙය ශ්‍රී ලංකාවේ සරසවියක් සාමාන්‍ය ජනතාවට විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව විය. සාමාන්‍යයෙන් සරසවියක ඇවිද යන්නට, සරසවියකට ඇතුළු වන්නට, සරසවියක දවස ගෙවන්නට ඉඩ ලැබෙන්නේ උසස් පෙළ සමත්ව, එහි නිවැරැදි ලකුණු සංඛ්‍යාවක් සහිතව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදුන් දරු දැරියන්ට පමණි.

නමුත් මෙහිදී ඒ කිසිම වගවිභාගයකින් තොරව දහස් ගණන් දෙනා පැමිණෙන්නට පටන් ගත්තේය. අප දකින වැදගත්ම කාරණය වන්නේ මේ සරසවිය විවෘත කිරීමේදී ඔවුන්ට නිසි ගණනය කිරීමක් කරගන්නට බැරි වීමය. ඔවුන් බොහෝ විට සිතන්නට ඇත්තේ සරසවියට යම් සුළු පිරිසක් පැමිණෙනු ඇතැයි කියාය. නමුත් ඒ සියලු බලාපොරොත්තු උඩුයටිකුරු කරමින් ලක්ෂසංඛ්‍යාත ජනකායක් සරසවි බිමට පැමිණෙන්නට පටන්ගත්හ.

උදෑසන 10 – 11 වෙද්දී සරසවි බිමත්, එයට පැමිණෙන වීදිත් සම්පූර්ණයෙන් මහජනතාවගෙන් පිරී ඉතිරී ගියේය. අක්බාර් පාලම වැනි සොඳුරු ඉදිකිරීම් ඉතා අනාරක්ෂිත තැන් බවට පත්වන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. මෙහි බොහෝ ශාලා, බොහෝ පාලම්, බොහෝ ස්ථාන ඉදිකර ඇත්තේ ඉතා සීමාසහිත පිරිසකට ඇතුළු වන්නට හෝ සීමාසහිත පිරිසකට රැඳී ඉන්නටය. ඊට හේතුව වන්නේ මුළු සරසවියේම සිටින සිසුන් ගණනද ඒ තරම්ම සුවිශාල ප්‍රමාණයක් නොවන නිසාය. නමුත් අවාසනාවකට සිදුවූයේ දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂසංඛ්‍යාත පිරිසක් එකවර සරසවියට ඇතුළු වීමය.

ඒ සමගම ඇතිවූයේ බරපතළ මාර්ග තදබදයකි. විශ්වවිද්‍යාලය තුළ සහ විශ්වවිද්‍යාලයෙන් පිටත බොහෝ නැරඹුම් ස්ථාන, බොහෝ දෙනා පින්තූර ගතයුතු සහ නම්ගම් සඳහන් කරද්දී සොඳුරු යැයි විශ්වාස කරන ස්ථාන සියල්ලක්ම පාහේ සරසවියට පැමිණෙන ආගන්තුකයන් අතින් දැන හෝ නොදැන විනාශ වී ගොස් තිබීමය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ නිසි ආකාරව වාහන ගාල් කිරීමට ස්ථාන වෙන් කර නොතිබීම හේතුවෙන් ඔවුන්ට හිතුමතේ වාහන තැන් තැන්වල දමා යන්නට පටන්ගැනීමය. එය නතර කරන්නට හෝ ඊට එරෙහිව කටයුතු කරන්නට නිසි සැලසුමක් මේ කටයුතු සංවිධාන කළ අය තුළ නොවීය.

වාහන නතර කිරීම සඳහා නිවැරැදි ස්ථානයක් වෙන්කොට තිබුණා නම්, සහ වාහන ඇතුළු කිරීමට අවශ්‍ය කරන නිවැරැදි නීතිරීති සකස් කර තිබුණා නම් මෙවැනි විනාශයක් සිදු නොවන්නට ඉඩ තිබිණි. නමුත් එය ඔවුන් විසින් සැලසුම් කළ පරිදි සිදු නොවූ අතර, සාමාන්‍යයෙන් පයට පෑගෙන්නට නොදී රකිනා තණ පිට්ටනි මත සිය ගණනක් වාහන අපිළිවෙළට ගාල් කර තිබිණි. එසේම එක් තැනක මල් පාත්තියක් මත වාහනයක් ගාල් කර තිබෙන පින්තූරයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන්ගෙන තිබිණි. ඒ අනුව, මේ වතාවේදී සරසවිය ජනතාවට විවෘත කිරීම ඉතා භයානක සහ ඉතා අසමත් උත්සාහයකි.

සරසවිය පුරාම කුණු දමා, ආහාර ද්‍රව්‍ය වීසිකර දමා මේ පැමිණි අය ආපහු ගියහ. ‘ඔබ එන්න, ඔබ නරඹන්න. පා සටහන් පමණක් ඉතිරි කර යන්න’ යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. ඒ කියමන සහිත බොහෝ පෝස්ටු පළකර තිබිණි. නමුත් එය සත පහකට ගණන් ගන්නට පැමිණි අය උනන්දු වූයේ නැත. වාහන ගමනාගමනය පවා ඉතා අසීරුවෙන් කරගත් දිනයක් වූ මේ දිනයේදී සරසවියේ ඕනෑ තරම් ප්‍රශ්න සිදුවන්නට ඇත.

ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නට හෝ ඒ ප්‍රශ්න විසඳන්නට හෝ නිසි පිළියමක් නොවූයෙන් ශ්‍රී ලංකාවේ සුන්දරතම පරිසර විශ්වවිද්‍යාලය යැයි සලකන පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි සමහර විට කිසිම හේතුවක් නිසා මහජනතාවට දැකබලා ගන්නට නොලැබෙනු ඇත. ඒ සඳහා නිශ්චිත නීතිරීති පනවන්නට සිදුවනු ඇත.

පේරාදෙණිය පමණක් නොව, තවත් සොඳුරු විශ්වවිද්‍යාල බොහෝ තිබේ. ඒ සෑම විශ්වවිද්‍යාලයකටම දැන් නිසි ක්‍රමවේදයක් නිර්මාණය කරන්නට සිදුවනු ඇත. එසේ නොමැතිව මෙසේ මහජනතාවට විවෘත කිරීමෙන් සිදුවන්නේ මහජනතාවගෙන් සරසවියත්, සරසවියෙන් මහජනතාවත් ඈත් වීමය. එපා වීමය. අපට අවශ්‍යව ඇත්තේ අපේ සරසවිය රැකබලා ගන්නටය. අපට අවශ්‍යව ඇත්තේ මේවා මතු පරපුරට ආරක්ෂා කර දෙන්නටය. හැබෑවටම සරසවිය විද්‍යාර්ථීන් විසින් රකිනා සොඳුරු බව රැකගත්තේ නැත්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයද බලන්නට දෙයක් නොමැති තැනක් බවට පත්වනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සෙනෙහසේ ගං ඉවුර බිඳලා… අම්මා සමුගෙන ගිහිල්ලා… හිතේ හයියට අම්ම වෙනුවෙන්… පුතා පිටියට ඇවිල්ලා I Sri Lanka Latest News

Next Post

මුතුරාජා ලංකාව ගැන ලෝකෙටම දුන්නු මාර පණිවුඩය I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.