• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතුරාජා ලංකාව ගැන ලෝකෙටම දුන්නු මාර පණිවුඩය I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දවස පුරා නානාප්‍රකාරයේ විශාල කුරුල්ලන් පැමිණෙන කටුනායක ගුවන් තොටුපළට පසුගියදා පැමිණියේ සිතාගත නොහැකි ආකාරයේ මහා සද්ධන්ත කුරුල්ලෙකි. ඉලුෂින් 76 (Ilyushin 76) ලෙසින් නම්කර ඇති මෙම යෝධ කුරුල්ලාට මහා බරක් ඔසවාගෙන යා හැකිය.(Sri Lanka Latest News)

ඔහුට අහස් කුස මතින් ගෙනයා හැකි බර කිලෝ 48,000ක් පමණ වෙයි. දිගින් මීටර් 47ක් පමණ වන මෙම කුරුල්ලා තම අත්තටු දිගහැරිය විට පළල මීටර් 57ක් පමණ වෙයි. මීටර් 15ක් පමණ උසකින්ද යුක්තය. පැයට කිලෝමීටර් 900ක අධි වේගයකින් මෙම සද්ධන්ත කුරුල්ලාට පියාසර කළ හැකි අතර, උපරිම දුර කිලෝමීටර් 4,400ක් දක්වා අහස් කුසින් ගමන් කළ හැකිය.

යෝධ කුරුල්ලකු යැයි කියමින් මෙහිදී ඔබට ලියා තැබුවේ සුවිශාල ගුවන් යානයක වගතුගකි. එනම් සාමාන්‍ය ගුවන් යානයක් අභිභවා යන මෙම විශාල ගුවන් යානය පසුගියදා කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ කුමන හේතුවක් උදෙසාද? ‘ඉලුෂින් 76’ නමැති මෙම රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානය ‘සුවර්ටර්බෝ’ එන්ජින් 04කින් සමන්විත මහා ශක්තිවන්ත ‘කාර්ගෝ’ වර්ගයේ බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයක් වෙයි. පසුගියදා මෙම යානය කටුනායක ගුවන් තොටට පැමිණියේ සුවිශේෂ කාර්යයක් උදෙසාය. ඒ, වෙනත් දෙයක් නොව, තවත් ඒ හා සමානම යෝධ සද්ධන්තයකු අහස මතින් ඔසවාගෙන යන්නටය. මේ සද්ධන්තයා කවරෙක්ද?

මෙම දිනවල ශ්‍රී ලංකාවේත්, දෙස් විදෙස් රටවලත් පුළුල් කතාබහකට භාජන වී තිබෙන මෙම සද්ධන්තයා නම් මහා හස්තියෙකි. අද සමාජයේ සෑම තැනකම මුවින් මුවට කතා කෙරුණු මෙම හස්තියා නම් ‘මුතුරාජා’ය. මුතුරාජා හෙවත් ‘සක් සුරීන්’ යන තායි භාෂා නාමයෙන්ද හඳුන්වනු ලබන ඇත් රාජයාගේ වගතුග අද සමාජයේ බොහෝ අය දන්නේය. එනම් පසුගියදා මෙම ඇත් රාජයා ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය වෙත රැගෙන ගියේය.

වසර 22ක් පුරා ශ්‍රී ලංකාව වාසස්ථානය වී තිබුණු මෙම හස්තියා 2001 වසරේදී ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබී තිබුණේ තායිලන්තයෙනි. එහෙත් පසුගිය සමීප වසර කිහිපයක් පුරා මෙම හස්තියා ගැන ඇතිව තිබුණේ විශාල අර්බුදයකි. එනම් මෙම හස්තියාට නිසි සැලකීම් නොලැබීම හේතුවෙන් සත්වයා දැඩි ලෙස රෝගාතුර තත්ත්වයකට පත්ව තිබීම එම දෝෂාරෝපණය විය.

Sri Lanka Latest News

එම වේදනාවන් සැබැවින්ම පසුව සත්‍යයක් වූ අතර, අවසානයේදී ශ්‍රී ලංකාවට සිදුවූයේ නැවත හස්තියා තායිලන්තයට භාරදීමටය. මේ අනුව පසුගියදා මෙම හස්තියා රුසියානු යෝධ ගුවන් යානය තුළ විශාල කූඩුවක රඳවා ගනිමින් තායිලන්තයට නැවත රැගෙන ගියේය. මෙම මහා කාර්යය සඳහා ගුවන් යානා කිහිපයක් සොයා බැලුවද ඒ කිසිවකින් එම කාර්යය කිරීමට හැකි නොවීය. අවසානයේදී මෙවැනි සුවිශාල බර පැටවුම් යානයක් රුසියාවෙන් ගෙන්වා ගැනීමට තායිලන්තය කටයුතු කළේය. සත්වයාගේ විශාලත්වය මෙම තත්ත්වයට බලපෑවේය.

ලෝකය පුරා අතිවිශාල යුද්ධෝපකරණ සහ වෙනත් විශාල බඩු භාණ්ඩ මෙන්ම සත්වයන්ද ප්‍රවාහනය සඳහා සකස් කර ඇති මම ගුවන් යානය වර්ග තුනකින්ද සමන්විත වෙයි. මෙහි එක් වර්ගයක බඩු භාණ්ඩ ගෙන යෑමට අමතරව, නවීන අවි ආයුධ සහ බෝම්බ ආදිය සවිකිරීමේ පහසුකම්ද ඇත. ඉලුෂින් 76 ගුවන් යානය කෙතරම් විශාල වුවද එහි කාර්ය මණ්ඩලය සිටින්නේ පුද්ගලයන් 05ත් 07ත් අතර පිරිසක්ය.

එසේ වන්නේ මෙය මගී ගුවන් යානයක් නොවන බැවිනි. මෙවැනි ගුවන් යානයක විශාලත්වයට අනුව එය තුළ අලි ඇතුන් තිදෙනකු පවා ගෙන යෑමේ හැකියාව ඇත. රුසියාව මෙම ගුවන් යානා වර්ගය නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ 1974 වසරේදී වන අතර, එය පසුව විවිධාකාරයෙන් නවීකරණය වූ අතර, දැනට එම වර්ගයේ යානා 960ක් මේ වන විට නිෂ්පාදනය කර ඇත. මෙයින් කොටසක් විවිධ රටවල් විසින් රුසියාවෙන් මිලදී ගෙන ඇත. මෙම මහා යාන්ත්‍රික කුරුල්ලා ගැන යම් වගතුගක් ඔබට ලියා තැබුවේ එවැනි විශේෂ ගුවන් යානයක් මෙම හස්තිරාජ මෙහෙයුමට සම්බන්ධ වූ හෙයිනි. ශ්‍රී ලංකාවෙන් මෙලෙස රැගෙන ගිය මුතුරාජා හස්තියාගේ එම ගුවන් ගමන බොහෝ පහසු සාර්ථක එකක් වූයේ ඉහත ගුවන් යානයේ ආධාරයෙනි.

තායිල්නතය මෙම මහා මෙහෙයුමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 23ක් පමණ) වැයකර තිබිණි. අද මෙම සිදුවීම ශ්‍රී ලංකාවට විශාල අපවාදයක් එක්කරන ලද සිදුවීමක් වී ඇති අතර, ඒ ගැන දැනට දෙස් විදෙස් පාර්ශ්ව දැඩි අවධානයකින් යුතුව කතාබහ කරති. එසේම මෙම සිදුවීම විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති ප්‍රධානතම පුවතක්ද වෙයි. දැනට වසරකට ආසන්න කාලයක් පුරා මෙම හස්තියාගේ අර්බුදය පැවැතියද ඊට යම් ආකාරයක විසඳුමක් ලැබෙන්නට වූයේ මෙලෙස පසුගියදාය.

2001 වසරේදී වයස අවුරුදු 07ක කුඩා ඇත් පැටවකු ලෙස ‘සක් සුරින්’ ශ්‍රී ලංකාවට තෑගි ලැබෙන්නේ තායිලන්ත රජ පවුලේ ත්‍යාගයක් ලෙසිනි. ඉන් පසුව ඔහුට දේශීය නාමයක් වන ‘මුතුරාජා’ ලෙසින් නම්කෙරෙන අතර, එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඇත් පැටවා අලුත්ගම කන්දේ විහාරයට පූජා කරනු ලබයි. ඒ අනුව පසුගිය වසර 20ක පමණ කාලයක් පුරා හස්තියාගේ භාරකාරත්වය හිමිවන්නේ අලුත්ගම කන්දේ විහාරයටය.

‘මුතුරාජා’ යනු සද්ධන්ත කුලයේ ඇත් වර්ගයක් වන අතර, එවැනි සත්වයන් ඉතා උස්මහත්ව වැඩෙයි. එලෙස මෙම හස්තියා දුර්ලභ කුලයක සත්වයකු හෙයින් කුඩා කාලයේ සිටම ඉතා පළපුරුදු ඇත්ගොව්වකු යටතේ වැඩෙන්නට විය. කාලයක් යත්ම මෙරට දිගම දළ සහිත ඇත් රාජයා බවට පත්වීමේ දුර්ලභ වරම මුතුරාජාට හිමිවිය. ඒ නිසා ඔහු වසර ගණනාවක් පුරා දිවයිනේ පැවැති ප්‍රධාන පෙරහැර මංගල්‍යයන් සඳහා සහභාගි කරවා ග්තේය. මෙහිදී අතිවිශේෂ ලක්ෂයක් ලෙස පෙනී ගියේ මුතුරාජා යනු අතිශයින්ම හීලෑ ඇතකු බවය. එහෙයින් මෙම සත්වයාගෙන් කිසිදු කරදරයක් කිසි විටෙකවත් සිදුව නැත.

එසේම සත්වයා පෙරහැරවලදී ගමන් කරන විට අතිශය තේජස් අයුරින් ගමන් කරන ආකාරය දක්නට හැකි විය. මෙවැනි කාලයක් ගතවී යද්දී මෙම මුතුරාජා හස්තියාගේ භාරකාරත්වය මුල් ඇත්ගොව්වාගෙන් ඉවත් කෙරී කාලීනව වෙනත් ඇත්ගොව්වන් දෙදෙනකුටද පැවරී ඇත. මුතුරාජාගේ අර්බුදය පටන්ගන්නේ එතැනින්ය. එනම් වසර කිහිපයක් තුළදී මෙම නිරෝගී හස්තියා රෝගී වන්නට ගත්තේය. ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල තුවාල හටගන්නට ගත්තේය. විශේෂයෙන්ම පාදවල විශාල තුවාල හටගන්නට විය. දිවයිනේ ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක භාරකාරත්වය යටතේ සිටියදී මෙම සත්වයා මෙලෙස බලවත් ලෙස රෝගී වීම බලවත් ප්‍රශ්නයක් වූ අතර, ඒ තත්ත්වය පිළිබඳ එවිට මෙරට සත්ව සංවිධාන යම් අවධානයක් යොමු කළේය.

Sri Lanka Latest News

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට මෙම ඇත් රාජයා පෙරහැරවල ගමන් කරන විටදී ඔහුගේ පාදවල යම් වෙනසක් නිරීක්ෂණය කිරීමට මෙරට සත්වවේදීන්ට හැකි විය. එහිදී මුතුරාජා හස්තියාගේ පාදවලට නිරන්තරයෙන්ම කටු මාංචු දමා තිබෙන ආකාරය දක්නට හැකි විය. එම උපකරණය සාමාන්‍ය දම්වැල් මාංචුවලට වඩඩා ශරීර වේදනා ගෙන දෙන එකක් වූ අතර, මේ නිසා සත්වයාගේ පාද දැඩි ලෙස තුවාල වීමද සිදුවෙයි.

මෙරට සත්වවේදීන් මෙම තත්ත්වය දිගින් දිගටම නිරීක්ෂණය කරන්නට ගත් අතර, එහිදී පෙනීගොස් ඇත්තේ පසුකාලීනව සේවයේ යොදවන ලද ඇත්ගොව්වන්ගේ කෲර ක්‍රියාකලාපයකි. එනම් මෙම ඇත්ගොව්වන් මුතුරාජාට පහරදීමට සහ වෙනත් වධ බන්ධන සිදුකිරීමට කටයුතු කර ඇති බවය. පසුව කටයුතු කළ එම ප්‍රධාන ඇත්ගොව්වා එතරම් පළපුරුද්දක් නැති අයකු බවත්, ඔහු කලක් අලි ඇතුන් ප්‍රවාහනය කළ ලොරි රථයක රියැදුරු වශයෙන් සේවය කළ පුද්ගලයකු බවත් හෙළිව තිබිණි. මේ නිසා සත්වයා මෙල්ල කිරීම දෙසා විවිධ වධබන්ධන සිදුකළ බවට කරුණු නිරීක්ෂණය විය.

මෙසේ ඔහු මුතුරාජාගේ පාදවලට කුළුගෙඩි පහරවල් පවා එල්ල කළ බවට චෝදනා නැගී තිබිණි. මෙලෙස කාලය ගතවෙමින් තිබියදී මෙම වධ බන්ධන හේතුවෙන් මුතුරාජා හස්තියාගේ පාදවල සහ ශරීරයේ තවත් ස්ථාන කිහිපයක විශාල තුවාල හටගත්තේය. එසේම මෙම තුවාල තිබියදීත් මෙම ඇත් රාජයා පෙරහැර මංගල්‍යවලට සහභාගි කරවාගෙන ඇත. මෙම අර්බුදය ඉතා උග්‍ර වන්නේ එවැනි වටපිටාවකදීය.

එවිට මෙම හස්තියාගේ තුවාල සුව නොවී තව තවත් උග්‍ර අතට හැරෙමින් තිබී ඇති අතර, ඒවාට නිසි ප්‍රතිකර්මයක් සිදුකර නැත. මෙම ශෝචනීය තත්ත්වය යටතේ පරිසරවේදීන් මෙම ගැටලුව ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත කියා සිටියේය. එහෙත් එම කිසිදු රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් නිසි ප්‍රතිචාර නොලැබී ඇති අතර, එහෙයින් මෙම අර්බුදය තායිලන්ත රජයට දන්වා ඇත.

මුතුරාජා මහා හස්තියාගේ අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්වන්නේ මෙතැන සිටය. පරිසරවේදීන්ගේ දැනුම්දීම මත ශ්‍රී ලංකාවට පැමිණෙන තායිලන්ත බලධාරීන් මෙම තත්ත්වය සජීවීව නිරීක්ෂණය කරමින් නිගමනයට පැමිණෙන්නේ සත්‍ය ලෙසම මෙම හස්තියා අමානුෂික වධ බන්ධනයකට කාලයක් පුරා ලක්වී ඇති බවත්, එසේම සත්වයා දරුණු තුවාල රාශියකින් පීඩා විඳිමින් සිටින බවත්ය. මේ හෙයින් වහාම සත්වයාගේ භාරකාරත්වය අලුත්ගම කන්දේ විහාරයෙන් ඉවත් කෙරී දෙහිවල සත්වෝද්‍යානයට භාරවෙයි. අවසානයේදී ඉන් ටික කලකට පසුව මෙලෙස පසුගියදා නැවත මෙම ඇත් රාජයා තායිලන්තයට ගෙන යන්නේය.

පසුගියදා මෙලෙස මුතුරාජා නොහොත් සක් සුරීන් නමැති 29 හැවිරිදි ඇත් රාජයා තායිලන්තයට ගෙනගිය දාම ඔහුට උපරිම සත්කාර සහ වෛද්‍ය ප්‍රතිකාරද ලබාදුන් බව කරුණු වාර්තා විය. සත්වයා මුලින් දින 30ක් පුරා විශේෂ සත්ව නිරෝධායන කඳවුරක තබා ප්‍රතිකාර කිරීමට කටයුතු කළ බව තායිලන්තයේ සත්ව හා පරිසර කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. මේ හෙයින් සත්වයාට ශ්‍රී ලංකාව තුළදී තිබුණු ජීවිත අවදානම දැන් පහව ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

Sri Lanka Latest News

මෙම සිදුවීම් වටපිටාවේදී තවද මුතුරාජාගේ භාරකාරත්වය දශක දෙකක් පමණ පුරා දැරූ අලුත්ගම කන්දේ විහාරය මේ වන විටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට මහත් අප්‍රසාදයක්ද එල්ලවී ඇත. එසේම මෙරට රාජ්‍ය නිලධාරීන් පවා ‘ගොළුවන් කසාය බිව්වා සේ’ සිටීමද පුදුමයට කරුණකි. පසුගිය යහපාලන රජය සමයේ තීරණයක් ගෙන තිබුණේ වෙහෙර විහාර භාරයේ තිබෙන සහ විවිධ පුද්ගලයන් භාරයේ තිබෙන අලි ඇතුන්ගේ හිමිකාරීත්වය ඉවත් කළ යුතුය යන්නය.

එහිදී මෙරට වෙහෙර විහාර සහ එම පුද්ගලයන් මෙම සත්වයන් දඩමීමා කරමින් මහා ධනයක් උපයා ගන්නා බවට දැඩි ලෙස චෝදනා නැගිණි. මේ තත්ත්වය සඳහා එකල විවිධ ධනවත් පුද්ගලයන්ගේ නම්ගම් සහ විවිධ උසස් තනතුරු දරන (දේශපාලකයන් පවා) පුද්ගලයන්ගේ නම්ගම් පවා කතාබහට ලක්විය. කෙසේ හෝ මුතුරාජාගේ සිද්ධිය හරහා අද මෙම තත්ත්වය සක්සුදක් සේ ඉතා පැහැදිලිව පෙනෙන්ටද ඇත.

මුතුරාජා හස්තියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඒ අනුව මෙම ඇත් රාජයාගේ දකුණු ඇසෙහි සුද මතුවී ඇති බවත්, ඉදිරිපස වම් පාදය නැමීමට නොහැකි අතර, පිටකොන්දේ ආසාදනයට ලක්වූ තුවාල ඇති බවත්, පාද හතරේම යටිපතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර සුවිශේෂ කරුණක් ලෙසින් තායිලන්තයෙන් වාර්තා වන්නේ මුතුරාජා හස්තියා මේ වන විට තායිලන්තයේ රජු වන වජිරලොන්කොන් රජුගේ භාරකාරත්වයට පත්කර ඇත.

ඒ අනුව හස්තියාට දක්වනු ලබන අවධානය අතිශය දැඩි වනු ඇත. එසේම 2001 වසරේදී තායිලන්තයේ රජ පවුල විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතුන් තිදෙනාගෙන් ඉතිරි ඇතුන් දෙදෙනාගේ වත්මන් තත්ත්වය සෙයාබැලීමටත් තායිලන්ත බලධාරීන් තීරණය කර ඇත. එහිදී දැනට වාර්තා වන්නේ කතරගම පන්සලකට පරිත්‍යාග කරන ලද ඇතා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි. එහෙත් නුවර පන්සලකට පරිත්‍යාග කරන ලද ඇතා මේ වන විට එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි. එසේ සිදුකර ඇත්තේ එම හස්තියාගේ යම් සෞඛ්‍ය තත්ත්වයක් නිසා බවද පැවසෙයි.

කෙසේ මෙවැනි තත්ත්වයකදී එම ඇතාද නැවත තායිලන්තයට රැගෙන යනු ඇතිය යන බියෙන් ඇතා සඟවා තැබුවේද යන්න පිළිබඳ පැනයක් මතුව ඇත. මේ අතර වාර්තා වන සුවිශේෂ පුවතක් වන්නේ තායිලන්තය පරිත්‍යාග කළ තායි රාජා නම් ඇතා යම් විදියකින් තායිලන්තයට රැගෙන යෑමට උත්සාහ කළහොත් එම ක්‍රියාවලියට එරෙහිව නඩු පවරන බව ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න සරසවියම විනාශ කර ආව නේද බලන්න I Sri Lanka Latest News

Next Post

දෙවියෙනි ඔබ කොහිද I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.