• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දන්ගේ ගුවන් යානා ගොඩබෑ මාවතගම ගුවන්තොටුපළේ සත්‍ය කතාව I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ප්‍රවාහන පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම ස්ථාපනය කළ යුතු ගමනාගමන පද්ධතියක් තමයි ගුවන් ගමනාගමනය කියන්නේ. ලංකාවේ ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කරද්දී ගුවන් ගමනාගමනය සඳහාම වෙන්වූ සුවිශේෂ ගුවන් තොටුපළ කිහිපයක්ම තිබෙන බවත් ඔබ දන්නවා. ඒ අතරින් ලංකාවේ දැනට ඉදිකර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදියට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වගේම රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අපට හඳුන්වා දෙන්න පුළුවන්.(Sri Lanka Latest News)

වර්තමානයේ සීමිත ගුවන් තොටුපළවල් කිහිපයක් ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් විදියට ප්‍රසිද්ධියට පත්වුණත් අපි නොදන්න ස්ථානයක ලංකාවේ ඇතුළේම ගුවන් තොටුපළක් තිබ්බා කියලා ඔබ දන්නවද? අපි අතීතයෙන් ගෙනාපු කතාවක් අද ඔබ හමුවේ තබමින් මේ කියන්න යන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් මේ වනතුරු නොදත් ගුවන් තොටුපළක් ගැනයි.

දෙවැනි ලෝක යුද්ධ කාලසීමාවේදී ලංකාවේ තිබුණු ගුවන් තොටුපළක් ගැනයි අපි මේ කතාව ඔබට ඉදිරිපත් කරන්නේ. මෙහි ඇති අනෙක් පුදුමයට කාරණය තමයි පැය 48ක් වැනි කෙටි කාලයකදී මේ සුවිශේෂ ගුවන් තොටුපළේ සියලු වැඩකටයුතු අවසන් කරලා තිබුණු එක. ඇත්තටම මේ ගුවන් තොටුපළ මොකක්ද? මේක පිහිටා තිබුණේ කොහේද? මේක මේ තරම් විශේෂ වුණේ ඇයි? මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ඔබට මේ ලිපිය තුළින් දැනගන්න පුළුවන්.

ඔබ දන්නවා ලංකාවේ අපිටත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා ජීවත් වෙන්න සිදුවුණු කාලයක් තිබුණා. ඒ කාලය පුරාම ලංකාවේ සියලු දේ පාලනය කළේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට අවශ්‍ය විදියට. බි්‍රතාන්‍ය අණසකට යටත් වුණු ලංකාවට දෙවැනි ලෝක යුද්ධයේ බලපෑමත් ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා. දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්කම එංගලන්තයේ මවුන්ට් බැට්න් සාමිවරයාට අවශ්‍ය වුණා ලංකාවේ මහනුවර ප්‍රදේශයට සංචාරය කරන්න. ඒ අනුව මහනුවර සුවිශේෂ පාලන මධ්‍යස්ථානයක් ඉදිරිපත් කරමින් බි්‍රතාන්‍ය රජය සමග සම්බන්ධතා පැවැත්වීම තමයි මේ සාමිවරයාගේ මූලික අරමුණ වුණේ.

ඒ නිසාම මහනුවර ප්‍රදේශයේ විශේෂිත රහස් ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන් වුණා. ඒ වගේම ඔහුට ගුවනින් නිතර ලංකාවට එන්න නම් අනිවාර්යයෙන්ම ඒ ආශ්‍රිතව ගුවන් තොටුපළක් පිහිටා තිබීමත් අත්‍යාවශ්‍ය වුණා. නමුත් කඳු සහිත බිමකින් යුක්ත වුණු මහනුවර ප්‍රදේශයේ එවක ගුවන් තොටුපළක් ඉදිකරන්න තරම් සුදුසු ස්ථානයක් තිබුණේ නෑ. ඒ නිසාම මාවතගම, මාරලන්ද, තලගේන්ගොඩ ප්‍රදේශයේ අක්කර 300ක පමණ විශාල තැනිතලා භූමියක මේ තෝරාගැනීම සිදුකරන්න බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා තීරණය කළේ. මාවතගම ප්‍රදේශයේ මේ සඳහා තෝරාගත්තේ එය තැනිතලා භූමියක් වුණු නිසා. ඒ නිසාම මේ ස්ථානයේ ක්ෂණිකව ගුවන් තොටුපළක් ඉදිකරන්න බි්‍රතාන්‍ය පාලකයන් පියවර ගත් අතර, ශ්‍රමිකයන් පැය 48ක කාලසීමාවකදී ඒ කටයුත්ත සිදුකළා.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යයාගේ අණසකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවට ජීවත් වුණු ජනතාව මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න නියෝග කළා. ඒ අනුව ඒ ප්‍රදේශයෙන් ඉවත් කළ ජනතාව වෙනුවෙන් තාවකාලිකව නිවාස ඉදිකරන්නත් ඔවුන් පියවර ගත්තා. මේ ආකාරයෙන් ක්ෂණිකව තාවකාලිකව ඉදිකළ නිවෙස්වල වහල, තාර පැදුරුවලින් ආවරණය වුණු අතර, ලී රාමුවල සවිකළ ගෝනිවලින් නිවාස වටේට ආවරණය කරන්නත් ඔවුන් කටයුතු කළා.

ඔවුන් මේ තාවකාලික නිවාස ඉදිකරන්න තෝරගත්තේ පොතුබෝව තලහේන්ගොඩ කියන ප්‍රදේශය. අපි මුලින් සඳහන් කළ ආකාරයට මේ තැනිතලා ප්‍රදේශය පුරාම අස්වද්දපු කුඹුරු ගණනාවක් තිබිලා තියෙනවා. හැබැයි මේ ක්ෂණික ගුවන් තොටුපළ හදද්දී ඒ කුඹුරු සියල්ලම ගොඩකරන්න ඔවුන් කටයුතු කළා. මාවතගම නගරය අවට පිහිටි සුවිශාල කඳු යායකින් පස් සහ බොරලුවලින් මේ කුඹුරු ගොඩකළ අතර, ඒ ගොඩකිරීම ඉතිහාසයේ සඳහන් වෙන්න තරම් විශාල ව්‍යාපෘතියක් වුණා. ගුවන් තොටුපළේ රාජකාරි සඳහා බි්‍රතාන්‍යයන් යොදාගත්තේ ඒ අවට ජීවත් වුණු ගම්වාසීන්. ඒ වෙනුවෙන් ඔවුන්ට වේතනයක් ගෙවීම සිදුකළා. බොරලුවලින් කුඹුරු යාය පිරෙව්වට පස්සේ ඒ ප්‍රදේශයම ඔපමට්ටම් කරලා තාර පැදුරු එළීම සිදුකළා.

මේ අතර ගුවන් තොටුපළේ ජලය බැස යෑමට අවශ්‍ය පරිදි සුවිශේෂ ජලාපවහන පද්ධතියකුත් ඔවුන් ඉදිකළා. ඒ සඳහා යකඩ තහඩුවලින් නිමකරන ලද, සැතපුම් කාලයක් පමණ දිග, අඩි හතක් පමණ උසකින් යුක්ත යකඩ බට තමයි යොදාගෙන තියෙන්නේ. සරලවම කියනවා නම් මේ ආකාරයේ බෝක්කු හරහා සාමාන්‍ය පුද්ගලයකුට වුණත් කිසිම අපහසුතාවකින් තොරව ගමන් කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා.

ඒ වගේම ගුවන් තොටුපළේ සංඥා කුලුනු පවා ඔවුන් ඉදිකරලා තියෙනවා. අතීතයේ සඳහන් වන විදියට පොල් ගසක් තරම් උස ගඩොලින් ඉදිකළ සංඥා කුලුනක් තමයි මාවතගම ගුවන් තොටුපළ තුළ දකින්න ලැබිලා තියෙන්නේ. මේ සංඥා කුලුනේ නටබුන් මෑතක් වන තුරුම දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ දවස්වල ගුවන් යානා නිතර ආගිය ස්ථානයක් නිසා මේ ප්‍රදේශය උඩින් එන ගුවන් යානාවලට පේන්න විදුලි ලාම්පු සවිකරපු ප්‍රදේශයක් බවට පත්වුණා. ඒ විදුලි ලාම්පු දල්වලා බැලුම් උඩ යවන ක්‍රමයක් ඔවුන් අත්හදා බලලා තියෙනවා.

නූලකින් ගැටගහලා උඩ යවපු බැලුම්වලින් ඉහළ අහසේදී ඈත යන ගුවන් යානාවලට ගුවන් තොටුපළට ළඟ බවට වන සංඥාව ලබාගැනීම පහසු වෙලා තියෙනවා. ඒ කාලේ ඒ අවට හිටපු ගැමියන්ට මෙය ඉතා සුවිශේෂ අත්දැකීමක් වුණු නිසා ඔවුන් නිරන්තරයෙන්ම මේ ආකාරයෙන් මාවතගම ගුවන් තොටුපළට ගොඩබසින ගුවන් යානා නිරීක්ෂණය දවසේ පුරුද්දක් බවට පත්කරගෙන තියෙනවා.

මේ අවට ජීවත් වුණු බොහෝ දෙනෙක්ට එදා මාවතගම ප්‍රදේශයේ ඉදිවුණු මේ ගුවන් තොටුපළේ අත්දැකීම අද ඊයේ වගේ හොඳටම මතකයි. ඒ මතකය අවදි කරන ජනතාව සඳහන් කරන ආකාරයට වර්ෂා කාලයේ ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පස්, බොරලුවලින් පිරුණු නිසා නැවත නැවත එය පිළිසකර කරන්නත් සිදුවෙලා තියෙනවා. ඔවුන් ඒ සඳහා විශේෂ කණ්ඩායමක්ද යොදවා තිබුණා. ඒ වගේම ඒ කාලයේ ජීවත් වුණු බහුතරයක් ගැමියන් සඳහන් කරන විදියට වසර දෙකක් පමණ ගතවන විට ගුවන් තොටුපළේ යානා ගොඩබැස්සවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන්න ප්‍රධාන පාලකයන් විසින් තීරණය කරනවා.

ඉන් පස්සේ 1954දී ඉන්ධන හිඟ වුණු එක්තරා ගුවන් යානාවක් හදිසියේම මේ ස්ථානයට ගොඩබැස්සුවාට පස්සේ මාවතගම ගුවන් තොටුපළට වෙනත් කිසිදු ගුවන් යානයක් ගොඩබස්සවලා නෑ. මේ නිසාම අක්කර 300ක පමණ භූමි ප්‍රදේශයක ඉදිකළ මෙම ගුවන් තොටුපළ දවසින් දවස විනාශ වෙන්න පටන් ගත්තා. ඒ සඳහා අඩුවැඩි වශයෙන් මේ අවට ජනතාවත් වගකියන්න ඕනෙ කියන එකයි බොහෝ දෙනෙක් කියන්නේ. එදා ගුවන් තොටුපළේ ජලය බැස යෑම සඳහා යොදාගත් සිමෙන්ති බෝක්කු ඒ අවට ගොවි ජනතාව විසින් ගවයන් දක්කාගෙන යෑම සඳහා භාවිත කිරීමට රැගෙන ගිහින් තිබුණා.

ගුවන් තොටුපළේ ගඩොලින් හදපු සංඥා කණු මෑතක් වනතුරු පැවැතුණත් විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති හේතුවෙන් ඒවා මේ වන විට විනාශ වෙලා තියෙනවා. ඒ වගේම මේ ගුවන් තොටුපළේ තැනින් තැන පස් කඳු කඩාගෙන වැටීම නිසා ඒ අවට මාර්ග අවහිර වෙලා තියෙනවා. දවසින් දවස අබලන් තත්ත්වයට පත්වෙන ගුවන් තොටුපළේ තිබුණු තාර පැදුරු, කම්බි, ගඩොල් ආදී සියල්ලම ගැමියන් විසින් ඔවුන්ගේ පරිහරණය සඳහා රැගෙන ගිය බවයි සඳහන් වෙන්නේ.

මේ ගුවන් තොටුපළේ ආරක්ෂාව සඳහා අවට විදුලි වැටක් සවිකරලා තිබුණා. ඒ කම්බි තඹවලින් තමයි නිෂ්පාදනය කරලා තිබුණේ. ඒ ආකාරයෙන් ස්ථාපනය කර තිබුණු ඒ කම්බි වැට පසුකාලීනව ප්‍රදේශවාසීන් විසින්ම ගලවාගෙන ගොස් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවත් වාර්තා වෙනවා. මේ ආකාරයෙන් මේ වෙනකොට නම් මාවතගම ගුවන් තොටුපළේ නටබුන්වත් අපට දැකගන්න ලැබෙන්නේ නෑ.

ඒ ආකාරයෙන් අභාවයට නොගියා නම් අද වන විට මේ මාවතගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ස්ථාපනය වෙන්න තිබුණු ඉඩකඩ වැඩියි කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. මේ ගුවන් තොටුපළ පිහිටා තිබුණු ප්‍රදේශය අද වෙද්දී ‘අහස් යානා පිටිය’ විදියට තමයි ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

යුද්ධයෙන් ඉපදුණු අකුරු අස්සෙ කියවන්න රණබිමක පන්හිඳ I Sri Lanka Latest News

Next Post

කුකුළා බැස්සා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.