• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයෙන් ඉපදුණු අකුරු අස්සෙ කියවන්න රණබිමක පන්හිඳ I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද්ධය, යුද්ධය කියන්නේ කොයි විදියට ගත්තත් නරක දෙයක්. යුද්ධයේ අත්දැකීම් හරිම කටුකයි. හරිම කනගාටුදායකයි. යුද්ධයක් අහන දකින මිනිස්සු පවා වේදනාවට පත්වෙනවා. ඇත්තටම යුද්ධයට සහභාගි වෙච්ච හමුදා සෙබළුන්ටත් වඩා යුද්ධයෙන් රිදෙන්නේ යුද්ධයට සම්බන්ධ වෙන වෙනත් සිවිල් පුද්ගලයන්ට. ඇත්තටම යුද්ධයට සිවිල් පුද්ගලයෝ සම්බන්ධ වෙනවද? ඔව්. යුද්ධයට විවිධාකාරයෙන් සිවිල් පුද්ගලයන් සම්බන්ධ වෙනවා.(Sri Lanka Latest News)

ඒ සම්බන්ධ වෙන සිවිල් පුද්ගලයන්ට යුද්ධයේ අමිහිරි සහ කටුක අත්දැකීම් විඳින්න සිදුවෙනවා. මේ අය අතර පිරිසක් තමයි මාධ්‍යවේදීන් කියලා කියන්නේ. ඇත්තටම යුද්ධයක් පවැත්වෙන හැම අවස්ථාවකදීම ඒ යුද්ධයට අදාළ පරිසරයේදී මාධ්‍යවේදීන්ට ඉතා කටුක, දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ අතරින් ඇතැම් මාධ්‍යවේදීන්ට තමන්ගේ ජීවිතෙන් යන්න සිදුවෙනවා. සමහරු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගිහින්, ඒ අයව වීඩියෝ උපකරණ ඉදිරියේ තියලා අමානුෂික ලෙස ඝාතනය කරනවා. ඔවුන්ව මිනිස් පලිහ විදියට භාවිත කරනවා.

විවිධ උපක්‍රම සඳහා යොදා ගන්නවා. මේක ලෝකයේ ඕනෑ තරම් සිදුවෙන දෙයක්. හැබැයි ලෝකයේ විතරක් නෙවෙයි, ලංකාවෙත් යුද්ධයක් තිබුණා. ඔබට මතකද දන්නෙ නෑ. 33 වසරක යුද්ධයකින් අපි දරුණු ලෙස බැට කෑවා. හරිම පීඩාවකට පත්වුණා. මිනිස්සු විශාල පිරිසක් මියගියා. ඒ මියගිය අය අතර සිවිල් ජනතාව හිටියේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි.

යුද්ධය අතරතුරේ යුද්ධය වාර්තා කරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා උතුරට ගිය මාධ්‍යවේදීන් ඇත්තටම ලංකාවේ හිටියේ කිහිප දෙනයි. යුද්ධයෙන් පස්සේ ඒ සම්බන්ධව වාර්තා කරන්න මේ ලියුම්කරු ඇතුළු පිරිස උතුරට ගියාට, අපි ගියේ නිවුණු උතුරකට. ගිනි ගත්ත උතුර, මරණයේ හෙවණැලි යට හැංගිච්ච උතුර හොයාගෙන ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම මේ වෙලාවේ අපට සිහිපත් වෙනවා. ඔවුන් ඇත්තටම යුද විරුවන් ලෙස සිහිපත් කළ යුතුයි. එහෙම නැත්නම් යුද්ධයේ සැබෑ යථාර්ථය මේ රටට හෙළිවෙන්නේ නෑ. ඔවුන් සිංහලයන් වෙනුවෙන් පෙනී හිටපු අය විතරක් නෙවෙයි. ඔවුන් දෙමළුන් වෙනුවෙන් පෙනී හිටපු අය නෙවෙයි. ඔවුන් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු අභීත වීරවරයන් ලෙස අපි හිස නමා ආචාර කරනවා.

යුද්ධය සම්බන්ධව ලියැවුණු පතපොත ලෝකයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරතුරේ සිංහල බසින් යුද්ධය සම්බන්ධව ලියැවුණු පොත් ප්‍රමාණය ඒ තරම්ම විශාල නෑ. අපිට මතකයි පසුගිය කාලවකවානුවේ යුද්ධය සම්බන්ධයෙන් ලියවිච්ච සමහර පොත්පත් ගැන අපේ රටේ ලොකු කතාබහක් ඇතිවුණා. ඒවා සැබෑ යුදමය අත්දැකීම්ද, නැත්නම් සැබෑවටම ඔවුන් විසින් ලියන ලද ඒවාද, ඒවා ගොතන ලද කතාද, ඒවා දේශපාලනිකව යම් යම් වාසිසහගත තත්ත්වයන් උද්ගත කරන්න කරන ලද උත්සාහයන්ද කියන එක තැන් තැන්වල කතාවුණා අපිත් අහගෙන හිටියා. අපි මේ කතා කරන්න යන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි.

ඇත්තටම යුද්ධයට සහභාගි වෙච්ච, යුද්ධය අවස්ථාවේදී යුද්ධයේ සිදුවුණු දේවල් දැකපු, අහපු මාධ්‍යවේදීන් අතර හිටපු කෙනෙක් තමයි මේ පොත රචනා කරන්නේ. අපි දන්නවා අපේ පත්තරේ ඉන්න ප්‍රධාන කර්තෘවරයා වන තුෂාර ගුණරත්න මහත්තයා, උපුල් ජෝෂප් ප්‍රනාන්දු මහත්තයා වගේ අයත් කාලයක් යුද්ධයට අදාළව සමහර දේවල් අස්සේ ඇවිදපු අය. ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා සමහර තැන්වලින් එළියට ආපු අය.

හිසට ඉහළින් වෙඩි උණ්ඩ යනකොට, යුද්ධයේ හඬ ඇහෙනකොට උතුරට ගිහිල්ලා ඒ දේවල් රටට වාර්තා කරපු අය. මාධ්‍යවේදියෙක් වුණු බටේපොල විජේසිරි මහත්තයා ඇතුළු පිරිස එක වතාවක් උතුරට යන්නේ එල්.ටී.ටී.ඊ. කඳවුරක නතර වෙලා ඉන්න. ඔවුන් කියනවා එල්.ටී.ටී.ඊ. කඳවුරේදී ඔවුන්ට මඤ්ඤොක්කා අල සහ පිට්ටු කන්න දුන්නු කතන්දරයක්. එල්.ටී.ටී.ඊ. සොල්දාදුවන් විසින් ඔවුන්ට සත්කාර කරපු කතන්දරයක්. මේවා තමයි හැබෑ මාධ්‍යවේදීන් දැකපු උතුරේ යථාර්ථය. උතුරේ යුද්ධය ඇහින් නොදැක්ක අපි වගේ මාධ්‍යවේදීන්ට මේ අය වීරයෝ. මේ අය දක්ෂයෝ. මේ අය ලියන කතන්දර ඔබ කියවිය යුතු බවට අප යෝජනා කරන්නේ ඒ නිසයි.

යුද්ධයක් පිළිබඳ වාර්තා කරන්න යෑම සෙල්ලමක් නෙවෙයි. හැබෑවටම යුද්ධයේ පරමාර්ථය වෙන්නේ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම නෙවෙයි. මාධ්‍යවේදීන් වෙනුවෙන් දිවි පරදුවට තබලා සටන් කරන්න කවුරුවත් යුද බිමේ නෑ. නිරායුධ මාධ්‍යවේදීන් යුද පෙරමුණට ගියාට පස්සේ වෙඩි උණ්ඩයකින් තමන්ට සිද්ධ වෙන හානියෙන් ගැළවෙන්න පුහුණුවීමක් දීලා නෑ.

යුද්ධයේදී සතුරා මාධ්‍යවේදියාට බියවිය යුතු නෑ. ඒ, ඔහු ආයුධයක් අත නොදරන හින්දා. ඒ නිසා කොයි වෙලාවෙ සතුරගෙ වෙඩි උණ්ඩයකට ජීවිතේ පූජා කරන්න සිද්ධ වෙයිද කියලා නොදැන, අපේ රටේ මහජනතාව වෙනුවෙන් සාමාන්‍ය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වාර්තා කිරීම් කරන ලද තවත් එක් අසහාය මාධ්‍යවේදියකුගේ අප්‍රමාණ ලියවිල්ලක් ගැනයි අපි මේ මොහොතේ කතා කරන්නේ. මේක ජාත්‍යන්තර පොත් සල්පිලට අදාළව සිදුකරන ලද හඳුනා ගැනීමක් හෝ වාර්තා කිරීමක් නොවන නමුත්, මේ කතාව මේ වෙලාවේ කිව යුතුයි කියලා අපි තීර්ණය කළේ ඔවුන් ඇත්ත වීරයන් නිසා. ඇත්තටම යුද්ධයේදී හෝ වෙනත් ඕනෑම තත්ත්වයකදී හැබෑ වීරයන්ට වඩා අපට මුණගැහෙන්නේ මතුවෙන්නේ කාඩ්බෝඩ්වලින් තනන ලද රූකඩ වීරයන්.

ඒ වීරයන් විසින් සිදුකරන ශිල්ප දැක්වීම් දෙස බලා හිඳිනවා මිස අපට වෙන කරන්න දෙයක් නෑ. යුද්ධයට පියවරු, යුද්ධයේ ජයග්‍රහණයේ වීරවරු ඕනෑ තරම් දැන් ලංකාවේ ඉන්නවා. යුද්ධයේ හිමිකරුවන් ඉන්නවා. යුද ජයග්‍රහණයේ හිමිකරුවන් ඉන්නවා. හැබැයි මේ මිනිස්සු යුද්ධය වෙනුවෙන් කරන ලද සේවය, මේ මිනිස්සු රට වෙනුවෙන් කරන ලද සේවය අදටත් අපට මතක නැහැ. ඒ නිසයි මේ වීරවරුන්ට අපි මේ මොහොතේ හිස නමා ආචාර කළ යුතු බව ඔබට කියන්නේ. මේ කතුවරයා රතනපාල ගමගේ මහත්තයා. ලංකාදීප පුවත්පතට 1993 අවුරුද්දේ ඔහු එක් වූ ආකාරය ඔහු සිය පෙරවදනේ සඳහන් කරනවා.

රතනපාල මහත්තයලා පත්තර රස්සාව පටන් ගන්නෙම ගිනිගත් රටක ඉඳලා. පත්තරකාරයන්ට එහෙම කාලෙට ඕනෑ තරම් වැඩ තියෙනවා. හැබැයි ඒක උදාසීන මිනිහෙක්ට හොඳ කාලයක් නෙවෙයි. ජීවිතේ පවා අවදානමේ දාගෙන වැඩකරන්න කැමැති පත්තරකාරයෙක්ට ලෝකෙට ඇහෙන්න නම කියන්න පුළුවන් කාලයක් ඒක. හැබැයි ඒක කරන්න වෙන්නෙ ජීවිතේ පවා අවදානමේ දාගෙන. මේ පොතේ තියෙන්නෙ එහෙම ගිහිල්ලා හොයාගත්ත කතා.

ප්‍රභාකරන්ලා මුණගැසුණු තැන්ද, හඳ එළියේ වන්නියේ ගෙවූ රාත්‍රීන්ද මේ පොතේ පිටු අස්සේ තියෙනවා. තෙල් සංස්ථා ප්‍රහාරය ගැනවූ කොටස ලියුම්කරු වූ මම කියෙවව්වෙ පාන්දර දෙකට. ඒ අතිශය කාර්යබහුලත්වය අස්සෙන් මතුවෙච්ච කුතුහලය නිසා. ඒ අකුරක් අකුරක් ගානෙ පොත වසා නොතියන තත්ත්වයට පාඨකයව පත්කරන්න සමත් වෙන්නෙ කතුවරයා. මේ විදියෙ අපි දන්න සිදුවීම් අස්සෙ තිබුණු නොදන්නා කතා ඇස් ඉස්සරහ මැවෙන තරමටම ලියන්න කතුවරයා සමත් වෙලා තියෙනවා.

කටුනායක ප්‍රහාරය වෙලාවෙ ඔවුන් ගන්න අවදානම වගේම, යාපනේ කොටි එක්ක සාකච්ඡා කරපු හැටි, වන්නියෙ හමුදා කඳවුරුවල අපහසුවෙන් රාත්‍රීන් ගෙවපු හැටි ඔබ කියවන්නම ඕනෙ. හැබැයි පරිස්සම් වෙන්න. ඔබට මේ පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැතිවෙන එක භයානකයි. මේ යුද්ධයට අදාළ කාලයක් නෙවෙයි තමයි. අපිට තවදුරටත් යුද්ධයක් අවශ්‍යත් නෑ තමයි. ඒත් ඇත්ත යුද්ධය ඔබ ඇහින් නොදැක්කට හිතින් දකින්න ඕනෙ. මේ ඒකට අවස්ථාව.

එහෙම නම්, එන්න විඳින්න රත්නපාල ගමගේ මහත්තායගෙ ‘රණබිමක පන්හිඳ….’

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘ජනාධිපති කාර්යාලය’ යන පුවරුව ප්‍රදර්ශනය කිරීමට කිසිදු වාහනයකට අවසර දී නැහැ! ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

Next Post

සුද්දන්ගේ ගුවන් යානා ගොඩබෑ මාවතගම ගුවන්තොටුපළේ සත්‍ය කතාව I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.