• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිට්ලර් වගේ පාලනය කරන්න ගිය ඉරානයේ පාලකයන්ට කොල්ලො කෙල්ලො එකතුවෙලා දුන්නු ගේම…

December 15, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
හිට්ලර් වගේ පාලනය කරන්න ගිය ඉරානයේ පාලකයන්ට කොල්ලො කෙල්ලො එකතුවෙලා දුන්නු ගේම…
Share on WhatsAppShare on Facebook

‘උඹලා ඒ අහිංසක කෙල්ලව නිකම් මරලා දැම්මා. එයා කරපු වරදක් නැහැ. හිජාබය හරියට ඇන්දේ නැහැ කියලා බොරු චෝදනා කරලා පොලිසියට අල්ලන් ගියා. එයා හිජාබය දාලා හිටියේ. ඒක ගලවලා දාලා තිබුණේ නැහැ. පොලිසියෙන් බොරුවට අත්අඩංගුවට ගත්තේ. පොලිසියට ගෙනිහිල්ලා හරියට පැය දෙකක් ගියේ නැහැ. මේ කෙල්ලට සිහි නැතිවුණා. පොලිසියේදී උඹලා ඒ ළමයට ඔළුවට පහර දුන්නා තිරිසන් විදියට. බැටන් පොල්ලකින් තමයි ඇයට පොලිස් නිලධාරීන් පහර දීලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ හිස බිත්තියක වද්දලා තියෙනවා. එම ප්‍රහාරයේ දරුණුකම නිසාම ඇයට පොලිසියේදීම සිහි නැතිවුණා. ඊට පස්සේ ඇය රෝහලට අරගෙන ආවා. ඒත් ඇයට සිහිය ආවේ නැහැ. රෝහලේ දවස් 03ක්ම සිහි නැතිව සිටි මේ ළමයා අන්තිමේදී මරණයට පත්වුණා. එයා දාලා හිටපු හිජාබය ඇතුළෙන් හිසකෙස් පෙනුණා කියලා තමයි උඹලා චෝදනා කරලා තිබුණේ. මේක මහා පවුකාර අපරාධයක්. ඒ ළමයා අහිංසකයි. අද උඹලට අපිව මෙල්ල කරන්න බැහැ. බලාපල්ලා අපි ඔක්කොම මේ අරගලයට එන්නේ හිජාබ නැතිවයි. මේ බලාපල්ලා අපි ඔක්කොම අද හිජාබය ගලවලා අහසට වීසිකරලා දැම්මා. අපි ගලවලා වීසිකරපු හිජාබ එකට ගොඩගහලා අපි ගිනිතියනවා. මේ තරුණ අරගලය උඹලා හිතනවට වඩා දරුණු බලවත් එකක්. ඒක හොඳ මතක තියාගනිල්ලා…’

කුමක්ද මේ අතිශය උද්වේගකර කතාන්දරය? මෙම හැඟීම්බර වදන් ඇසෙන්නේ අපට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ඉරානයෙනි. මේ දිනවල ඉරානය තුළ ඇතිවී තිබෙන ඉතා උච්ච වූ තරුණ අරගලයක වටපිටාව මතින් මෙම වගතුග ඇසෙන්නට විය. අද ලෝකයේ බොහෝ රටවලින් ඇසෙන්නේ එම රටවල පාලන තන්ත්‍රයන්ට එරෙහිව නැගෙන තරුණ පරපුරරේ අරගලයන්ය. ශ්‍රී ලංකාවද ඉන් එක් දේශයකි. මෙයට කලකට පෙර අසන්නට ලැබුණු විවිධ ජන අරගල මෙන් නොව මෙම තරුණ පරපුරේ අරගල බොහෝ වෙනස් ස්වරූපයක් ගන්නට සමත් විය. එනම් මෙම අරගලවලට සහාභාගි වන පිරිසෙන් 95%ක්ම තරුණ තරුණියන්ය. ඉරානය යනු දැඩි ඉස්ලාමික නීතිරීති ඇති රටක් වෙයි. කෙසේ හෝ මෙහිදී එම නීතිරීති ඉතා ප්‍රබලව බලපානු ලබන්නේ එරට සිටින කාන්තා පාර්ශ්වයටය. ඒ අනුව කාන්තාවන්ට අතිශය ප්‍රබල නීතිරීති සමුදායකට යටත් වීමට සිදුවෙයි. ඉහත මෙම ලිපියේ මුලින් පැවසූ ශෝචනීය සිදුවීම ඇතිවන්නේද එවැනි පසුබිමකදීය. එසේ නම් එම වගතුග කුමක්ද?

මහ්සා අමිනි (Mahsa Amini) යනු 22 හැවිරිදි සුරූපී ඉරාන ජාතික විශ්වවිද්‍යාල සිසුවියකි. ඉරාන නීතිය පදනම්ව ඇත්තේද ඉස්ලාමික ‘ෂරියා’ නීතියට අනුවය. කෙසේ හෝ ඉහත මහ්සා අමිනි ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ‘ඉරාන සදාචාර පොලිසියේ’ (Iran Morality Police) ග්‍රහණයට යටත් වන්නේ ඇය නිසියාකාර අයුරින් හිජාබය (HiJab) හෙවත් ඉස්ලාමික කාන්තා හිස් ආවරණය පැලඳ නොසිටියේ යැයි චෝදනා මතය. එනම් ඇය හිජාබය දෙපසින් ඇතුළත තමන්ගේ හිසකෙස් දර්ශනය වන ආකාරයෙන් එය පැලඳ සිටියේ යැයි චෝදනා කෙරිණි. කෙසේ හෝ මෙම තත්ත්වය දුරදිග ගිය අතර පොලිස් නිලධාරින් ඇය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගියේය. ඉහත ශෝකජනක සිදුවීම ඇතිවන්නේ එතැනදීය. එසේම ඇය ශාරීරික හිංසාවට ලක්වන්නේද එතැනදීය. මෙම ඉරාන සදාචාර පොලිසිය යනු කාන්තා පොලිස් නිලධාරිනියන්ගෙන්ද සමන්විත පොලිසියක් වෙයි. එහිදී බොහෝ විට මහාමාර්ග සහ ප්‍රසිද්ධ ස්ථානවලදී ඉරාන කාන්තාවන් පරීක්ෂාවට ලක්කරන්නේ මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් විසිනි. එහෙත් එහිදී අවශ්‍ය වුවහොත් පිරිමි පොලිස් නිලධාරීන්ගේ සහායද ලැබෙයි. කෙසේ හෝ මහ්සා අමිනි ඉහත පොලිස් ස්ථානය තුළදී ඉතා දරුණු ලෙස පහරකෑමකට ලක්වෙයි. අවසානයේදී මහ්සා සිහිනැති තත්ත්වයට පත්වී රෝහල්ගත කරයි. කෙසේ හෝ ඇය අතිශය ශෝචනීය ලෙස සිහි නැති තත්ත්වයෙන්ම සිට (කෝමා තත්ත්වයෙන්) දින 03කට පසු මියයන්නීය.

මෙම සිදුවීම හේතුවෙන් ඉරානය තුළ ඉතා උද්වේගකර තරුණ අරගලයක් ඇතිවන්නට පටන්ගත්තේය. මහ්සා අමිනි මෙසේ ඝාතනයට ලක්වන්නේ පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වන අතර එතැන් සිට මාස 03කට ආසන්න කාලයක් පුරා ඉරානය තුළ තරුණ අරගල ගණනාවක්ම ඇතිවන්නට ගත්තේය. මෙලෙස මරණයට පත්වූ මහ්සා අමිනි ඉරානයේ වෙසෙන කුර්දි ජාතිකයකු වූ අතර ඉරානය තුළ කුර්දි ජනතාවට කාලයක් පුරා සිදුවන විවිධ අසාධාරණකම් ගැනද දීර්ඝ කතිකාවක් ඇත. එනම් කුර්දි යනු ඉරානය තුළ වෙසෙන සුළු ජාතික බහුතරයකි. කෙසේ හෝ මෙම ඉරාන තරුණ අරගලයේ උච්චතම තත්ත්වයන් පසුගිය දින කිහිපයට පෙරදීද ඇතිවී තිබිණි. ඉරානයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලිකත්වයෙන් ඇරැඹි මෙම අරගලයට ඉරානයේ පාසල් සිසුන් පවා දහස් ගණනින් සහභාගි වී තිබීම විශේෂත්වයක් විය. එනම් වයස අවුරුදු 15 සිට 25 පමණ වන තරාතිරමේ සිසු සිසුවියෝ එම අරගලවලට සහභාගි වූහ. මෙහිදී තවත් සුවිශේෂත්වයක් වූයේ ඉරාන තරුණියන් විශාල ප්‍රමාණයක් සහභාගි වී තිබීමය. කෙසේ හෝ වසර 43කට පෙර එනම් 1973 වසරේදී ඉරානයේ ඇතිවූ ජන අරගලයට පසුව ඇතිවුණු සුවිශාලතම ජන අරගලය මෙය ලෙස සැලකෙයි. විවිධ දේශපාලනික සහ මානව හිමිකම් විශ්ලේෂකයන් ප්‍රකාශ කර ආකාරයට ලෝකයේ පැවැති ජන අරගලවලින් බහුතරයක් කාන්තාවන්ම සහභාගි වූ අරගලයක් ලෙසට මෙම අරගලය ඉතිහාසගත වන බව පැවසෙයි. එයට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවන් ඉරානය තුළදී තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට දරන උත්සාහයයි. කෙසේ හෝ මේ වන විට එම තරුණියෝ ඉතා උද්වේගකර ආකාරයෙන් හිජාබයන් නොපලඳමින් සම්පූර්ණයෙන්ම හිස සහ මුහුණ නිරාවරණය වන ආකාරයෙන් උද්ඝෝෂණයන්ට සහභාගි වෙති. එසේම ඔවුන් තමන්ගේ හිජාබයන් ගලවා දමා ගිනිගොඩවල් ගසා ඒවා තොග පිටින් පුලුස්සා දමන ආකාරයද දක්නට හැකි විය.

කෙසේ හෝ පසුගිය 2017 සිට 2021 දක්වා වසර 05ක කාලය තුළදී ඉරානය තුළ ජන අරගල බොහෝ උත්සන්න විය. එනම් විවිධ සමාජයීය ප්‍රශ්න මත ජනතාව පවතින රජයන්ට එරෙහිව උද්ඝෝෂණ පවත්වන්නට විය. බොහෝ විට ඉරානයේ මෙම උද්ඝෝෂණ රැල්ලෙහි ආරම්භය වූයේ 1979දී පැවැති ඉරාන විප්ලවයෙන් පසුවය. එනම් ඇමෙරිකානු ගැති ‘ෂා’ නමැති ඒකාධිපතියාගේ රාජ්‍ය පාලනය බිඳහෙළීමෙන් පසුව ඉස්ලාමික රාජ්‍ය පාලනය ආරම්භ වූයේය. එහිදී ජනතාව බලාපොරොත්තු වූයේ යම් සාධාරණ සමාජ වටපිටාවක් වුවත් තත්ත්වය තවත් අන්ත වන්නට විය. ඉරාන විප්ලවයෙන් පසු බලයට පත්වූ ‘කොමෙයිනි’ ඉස්ලාමික නායක රාජ්‍ය පාලනය බොහෝ දරදඬු වන්නට විය. කෙසේ හෝ අද ඉරානය තුළ පවතින්නේද එම කොමෙයිනි පාලනයේම තවත් එක්තරා පරිච්ඡේදයකි.

මේ ආකාරයට ඉරානය තුළ සමීප ඉතිහාසය ගත්විට එනම් 2017 සිට 2021 දක්වා පවතින රජයන්ට එරෙහිව ජන අරගල අතිශය උත්සන්න විය. එම අරගලවලට ප්‍රධානතම හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඉරානය තුළ ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම සහ උද්ධමනය ඉහළ යෑමයි. මේ වන විට ඉරානයේ ඒකපුද්ගල ආදායම ඇත්තේ ඉතා අවම තත්ත්වයකය. එනම් ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,757ක් පමණ වන අතර එය ලෝකයේ රටවල් අතර 78 වැනි ස්ථානයයි. මෙයට තවත් හේතුවක් වී ඇත්තේ කෝටි 8.5ක සුවිශාල ජනගහනයක් ඉරානය තුළ වාසය කිරීමයි. මේ ආකාරයට විශ්ලේෂකයන්ගේ මතයට අනුව යටකී ජන අරගලවලට හේතු රැසක් දක්වා ඇත. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

• දරාගත නොහැකි ජීවන වියදම සහ ඉහළ උද්ධමනය.
• දිනෙන් දින ඉහළ යන විරැකියාව.
• රජයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්.
• මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම.
• වත්මන් ආගමික නායක අලි කොමෙයිනිගේ අධිකාරිවාදය.
• වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිට එරෙහි විරෝධය.
• ජනතා පහසුකම් කප්පාදුව.
• අන්තවාදී ආගමික නීති, විශේෂයෙන්ම කාන්තාවන්ගේ හිජාබ් නීතිරීතිවලට විරුද්ධ වීම.

මෙලෙස පසුගිය වසර 05 තුළ ඇතිවූ අරගල අද වන විට තව තවත් උස්සන්න වී ඇත. එනම් පසුගිය මාස 03 සිට අද දක්වා පැවැත්වෙන තරුණ අරගලය එය වෙයි. මෙහිදී මම තරුණ තරුණියන් ඉල්ලා සිටින්නේ කුමන ඉල්ලීමක්ද? එම කරුණු මෙසේ දැක්වෙයි.

• ඉරාන ඉල්සාමීය ජනරජය පෙරළා දැමීම.
• වත්මන් ඉරාන රජයේ උත්තරීතර නායක අලි කොමෙයිනි සහ වත්මන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ අනෙකුත් දැඩි ආගමික මතධාරීන් බලයෙන් පහකිරීම.
• රට තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම.
• සමාජ හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම.
• අනිවාර්ය හිජාබ් නීතිය අවලංගු කිරීම.

කෙසේ හෝ මෙහිදී අපූරු වගතුග ලෙස පෙනී යන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ තරුණ ජන අරගලවලදීද එම ජනයාද ඉල්ලා සිටියේ මේ ආකාරයේම ඉල්ලීම් වීමය. මෙලෙස ලෝකයේ අනෙක් රටවලද බොහෝ අරගලකරුවන් ඉල්ලා සිටින්නේද එවැනිම ඉල්ලීම්ය. කෙසේ හෝ මෙයට වසර 12කට පෙර රටවල් 07ක් පුරා අතිසාර්ථකව සිදුවූ අරාබි වසන්තය ජන අරගයේදීද එම තරුණ පරපුර ඉල්ලා සිටියේ එවැනිම ඉල්ලීම්ය. එම අරගල බොහොමයක් අතිසාර්ථක වූ අතර එම රටවල පැවැති රජයන් රැසක් පෙරළා බොහෝ පාලකයන් බලයෙන්ද පහ කරනු ලැබීය. එය ජනතා ජයග්‍රහණයක් විය. දැනට ඉරානය පාලනය කරනු ලබන උත්තරීතර නායකයා වන්නේ අලි කොමෙයිනි වන අතර ඔහු එම තනතුර දරන්නේ 1989 වසරේ සිටය. එනම් වසර 33ක් පුරා ඔහු එම රාජ්‍ය නායක තනතුර දරයි. ඔහු ඉන් පෙර 1981 සිට 1989 දක්වා වසර 08ක් නොකඩවා ඉරානයේ ජනාධිපති ධුරයද දැරීය. දැනට 83 වැනි වියෙහි පසුවන ඔහු දැඩි ඉස්ලාමික මතධාරියකු වෙයි. ඔහු තම තරුණ සමයේදී ඉරාන යුද හමුදාවේ ඉහළ නිලධාරියකු ලෙසද සේවය කළ අතර එක් හමුදා ඛණ්ඩයක් භාර අණදෙන නිලධාරියකුද විය. ඔහු ඉරානය තුළ දැඩි ඉස්ලාමික නීතිරීති ස්ථාපනය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. ඉරානයේ උත්තරීතර ආගමික නායකයා යනු එම පුද්ගලයා මියයන තෙක්ම එම තනතුරෙහි රැඳී සිටින්නකු වෙයි. කෙසේ හෝ දැනට දශක ගණනාවක සිට ඉරානයේ උත්තරීතර ආගමික නායක තනතුර දරන්නේ කොමෙයිනි පරම්පාරාව වෙයි.

දේශපාලන සහ මානව හිමිකම් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම සමයේදී ඉරානයේ උත්තරීතර ආගමික නායකයාටත් වඩා ප්‍රබල බලතල ගෙන කටයුතු කරන්නේ වත්මන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි බව පැවසෙයි. දැනට 61 හැවිරිදි ඔහුද දැඩි ඉස්ලාමික මතධාරියකු වෙයි. කෙසේ හෝ ඉරානයේ ජනාධිපතිවරයා තේරීපත්වන්නේ මහජන ඡන්දයෙන් වන අතර ඒ සඳහා ජනාධිපතිවරණයක් එරට තුළ පැවැත්වෙයි. මේ අනුව ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ 2021 වසරේ අගෝස්තු 03 වැනිදාය. ජනාධිපතිවරණයෙන් 80%ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් සහිතව ඔහු තේරීපත්වෙයි. ඔහු ජනාධිපති ධුරයට පත්වීමට ප්‍රථම ඉරානයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළේය. කෙසේ හෝ මුල් කාලයේදී ජනතාව අතර ජනප්‍රියත්වය දිනා සිටි ඔහු ඉතා කෙටි කාලයක් තුළදී ජනතාවගේ අප්‍රසාදයට පත්විය. එනම් එය හරියටම වසරක පමණ කෙටි කාලයකි. අද ඉරානයේ ජනතාව මෙන්ම විශේෂයෙන්ම තරුණ පරපුර ඔහුට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරති. මෙම දිනවල පැවැත්වෙන තරුණ අරගලවලදීද තරුණ පරපුර එක හඬින් ප්‍රකාශ කර සිටින්නේ ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවයි. කෙසේ හෝ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිට එරෙහිව නැගෙන මානව හිමිකම් චෝදනා රැසකි. 1988 වසරේදී ඉරානයේ දේශපාලන සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරන කමිටුවේ (අභිචෝදනා කමිටුවේ) එක් සාමාජිකයකු වූයේ ඊබ්‍රාහිම් රයිසිය. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදුකර ඇති පුද්ගලයකු ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඊබ්‍රාහිම් රයිසි නම්කර ඇත. තවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද කලක සිට ඔහුට එරෙහිව චෝදනා ගෙන එති.

දැන් ඔබට මෙම වටපිටාව හොඳින්ම පැහැදිලි වනවා ඇතැයි සිතමි. මෙම වගතුගෙහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ මෙතැනදීය. එනම් මෙම දිනවලදී ඉරානය තුළ සිදුවනු ලබන අරගලයන් මර්දනය කිරීම සඳහා රජය ඉතා දරුණු ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එනම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම ඉරානයේ මාධ්‍ය වාර්තා කරන ආකාරයට අවස්ථා කිහියකදී ඉරාන පොලිසිය සහ හමුදා විසින් අරගලකරුවන්ට වෙඩිතබා ඇත. දැනට ප්‍රකාශ වන ආකාරයට මෙම අරගලය පැවැති පසුගිය මාස 03ක කාලය තුළ තරුණ තරුණියන් 45 දෙනකු රාජ්‍ය හමුදාවල වෙඩිතැබීම් හේතුවෙන් මියගොස් ඇත. මෙල්ල කළ නොහැකි ආකාරයෙන් අරගලය පැවැත්වෙන විටදී හමුදාවට ඉහළ නියෝග ලැබෙන්නේ වෙඩිතැබීමටය. කෙසේ හෝ මෙම තත්ත්වය දැන් අතිශය බියකරු වී ඇත. මෙසේ මියගිය තරුණ පිරිස ගැන කිසිදු සත්‍ය ගණන් හිලව්වක් රජය ප්‍රකාශ නොකරන අතර රජය කියන්නේ අරගලවල උත්සන්නකම නිසා මේ වන විට රජයේ හමුදා සාමාජිකයන් 20ක් පමණ මරණයට පත්ව ඇති බවය. කෙතරම් රාජ්‍ය හමුදා මෙලෙස මර්දනය කිරීමට පැමිණියත් මේ වන විටද තරුණ පරපුර කිසිදු බියක් නොමැතිව දහස් ගණනින් අරගලය මෙහෙයවති. මෙහිදී විශේෂත්වය වන්නේ ඉරානයේ අගනුවර පමණක් නොව අනෙකුත් ප්‍රධාන නගර සියල්ලකම පාහේ උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්වීමය. කෙසේ හෝ මෙහිදී ඉතා කනගාටුදායක සිදුවීම වන්නේ මියගිය තරුණ පිරිසෙන් බහුතරය ඉතා අඩු වයසේ තරුණියන් වීමය. තත්ත්වය එසේ වුවත් මේ වන විට ඉරාන රජය මහත් බියකින් පසුවන්නේ රජය පෙරළීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි හෙයිනි.මේ අතර මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එහි කොමසාරිස් වොල්කර් තුර්ක් විසින්ද ඉරාන රජයට සහ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිට තදබල ලෙස අවවාද කර ඇති අතර පසුගියදා කොමිසමේ රටවල් 47ක් එක්ව ප්‍රබල යෝජනාවක්ද සම්මත කළේය. මෙම තත්ත්වය මත ඉරාන රජයට ගැලවෙන්නට නොහැකි වනු ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉස්සෙල්ලා ව්‍යවස්ථාදායක සභාවට TNA නියෝජිතයකුට ඇතුලුවෙන්න ඉඩ දෙන්න! ඒකට බාධා කරන්න එපා! ලෝකෙට යන්නේ වැරදි පණිවුඩයක්! ජාතික ප්‍රශ්නය විසදන්න රනිල් කැදවපු පක්ෂ නායක රැස්වීමේදී සජිත් හැමෝගෙම මූණටම කියයි! (VIDEO)

Next Post

මහදැනමුත්තා..! මැරදන මුත්තා..!! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.