• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියන් සාගරය කළඹාගෙන එන රතු මකරා තව සති දෙකකින් ලංකාවට I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඉන්දියන් සාගරයේ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් චීන පර්යේෂණ නෞකා කිහිපයක්ම ඉන්දියන් සාගර කලාපයේ විශාල ප්‍රදේශයක් පුරා මෙහෙයුමක් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාවලිය දැන් ඉන්දියාවට මහත් කැලඹීමක් ඇතිකරන තත්ත්වයක් උදාකර ඇත. මෙලෙස ඉන්දියන් සාගරයේ මලක්කා සමුද්‍ර සන්ධියේ නොගැඹුරු ජල ප්‍රදේශවල සහ ඉන්දියානු සමුද්‍ර කලාපයේ (Indian Ocean Region – IOR) විශාල ප්‍රදේශයක් පුරාත් සිදුකරනු ලබන පර්යේෂණ මගින් එක්රැස් කරගන්නා දත්ත චීනයට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.(Sri Lanka Latest News)

ඉහත සමුද්‍රීය කලාප හරහා ගමන් ගන්නා චීන සබ්මැරීන්වල මෙහෙයවීම සඳහා මෙම දත්ත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි. චීනය දැනට වසර ගණනාවක සිට සිදුකරනු ලබන මෙම සමුද්‍රීය මෙහෙයුම ගැන චීනය කියා සිටින්නේ එය කාරුණික එමෙන්ම විනිවිදභාවයකින් යුක්තව සිදුකරනු ලබන එකක් බවයි. එහෙත් ඉන්දියාව එම ප්‍රකාශය නිසැකවම පිළිනොගනියි. මෙය සැබැවින්ම රහසිගත ඔත්තු සේවා මෙහෙයුමක් බවට ඉන්දියාව නිරන්තරයෙන් කරුණු ප්‍රකාශ කර සිටියා…’

මෙම කතාන්දරය කුමක්ද? එම වගතුග අපට ඇසෙන්නට වූයේ මෙයට දින කිහිපයකට ඉහතදීය. ඉන්දියානු සහ කැනේඩියානු හවුල්කාරීත්ව මාධ්‍ය ආයතනයක් වන ‘යුරේෂියන් ටයිම්ස්’ (Eurasian Times) නමැති ආයතනයේ මාධ්‍ය වාර්තාවකින් ඉහත පුවත ප්‍රකාශ වී තිබිණි. මෙම ආයතනය සම්පූර්ණයෙන්ම මාධ්‍ය කටයුතු සිදුකරනු ලබන්නේ ආරක්ෂක, හමුදා මෙහෙයුම්, බුද්ධි මෙහෙයුම් සහ විදේශ සම්බන්ධතා ආශ්‍රිත මාධ්‍ය වාර්තාකරණයන් උදෙසාය. එම මාධ්‍ය ආයතනයට ඉහත ලිපිය ලියන්නේ රිතු ෂර්මා නමැති මාධ්‍යවේදිනියක විසිනි.

ඇය ඉන්දියාවේ ප්‍රකට දිනපතා පුවත්පතක් වන The Indian Express හි නියෝජ්‍ය කර්තෘවරියක් වන අතර, ආරක්ෂක සහ යුද මෙහෙයුම් වාර්තාකරණය ගැන ප්‍රවීණත්වය දරන මාධ්‍යවේදිනියකි. ඇය ඉහත මාධ්‍ය ආයතනය සඳහා සුවිශේෂ ලිපියක් සකස් කරමින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකර සිටින්නීය. මෙහිදී මෙම වගතුග අපට බොහෝ සෙයින් වැදගත් වන්නේ එය ශ්‍රී ලංකාවටද අදාළ වන නවතම කරුණු කාරණා රැසකින් සමන්විත වන නිසාය. මෙම සුවිශේෂ වාර්තාවේ තොරතුරු සොයා බලමු.

ඉන්දියානු සාගරයේ මාස 03ක මෙහෙයුමක් සඳහා පැමිණි චීන සාගර විද්‍යා සමීක්ෂණ යාත්‍රා මාලාවේ විශාලතම සහ නවතම නෞකාව වූයේ ගිය 2022 වසරේ අගෝස්තු මස අගදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි Yuan Wang 5 යාත්‍රාවයි. එය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එම ආගමනය ගැන ඉන්දියාව බලවත් සේ විරුද්ධ වූයේය. එසේ වූයේ මෙම නෞකාව පැමිණෙන්නේ වෙනත් කිසිවක් නිසා නොව, තමන්ගේ රටේ තිබෙන යුද මෙහෙයුම් පිළිබඳ ඔත්තු බැලීම සඳහා බව එවිට ඉන්දියාව කියා සිටියේය. යාත්‍රාවට පැමිණීමට අවසර නොදෙන ලෙසද ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

මුලදී ශ්‍රී ලංකා රජය එම නෞකාව සඳහා අවසර ලබාදීම ප්‍රමාද කළත්, පසුව හදිසියේම යම් බලපෑමක් මත හෝ අවසරය ලබාදෙන ලදී. ඒ අනුව නෞකාව මෙහි පැමිණ හම්බන්තොට වරායේ සතියක කාලයක් නවතා තැබීය. ශ්‍රී ලංකා රජය එහිදී චීන බලධාරීන්ට ප්‍රකාශ කර සිටියේ නැව මෙහි පැමිණියත්, එය මෙහි තිබෙන කාලය තුළදී කිසිදු පර්යේෂණ කටයුත්තක් සිදු නොකළ යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා රජයේ ඒ කතා හරියට කටින් බතල කොල සිටුවනවා හෝ කතාව දෝලාවෙන් ගමන පයින් කියනවා හෝ වැනි විය. එම චීන නෞකාව මෙහි නවතා තිබූ කාලයටම කිසිදු පිටස්තරයකුට එයට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත.

නැව පැමිණෙනවා යැයි පවසමින් එය වාර්තා කිරීමට කොළඹින් මාධ්‍යවේදීන් පවා එහි ගියේය. එහෙත් එම කිසිදු මාධ්‍ය කණ්ඩායමකට නැව තුළට අඩියක් හෝ තැබීමට අවසර ලැබුණේ නැත. තෝරාගත් ආගමන හා විගමන නිලධාරීන් කිහිප දෙනකුට හැරෙන්නට වෙනත් කිසිවකුටවත් මෙම චීන පර්යේෂණ යාත්‍රාවට ඇතුළු වීමට අවසර නොලැබිණි. චීන යාත්‍රාව මෙහි සිටි සතියක කාලය තුළදී කුමක් කළේදැයි කිසිවකුත් අදටත් නොදනී.

එවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ඉහත විදෙස් ආරක්ෂක හා යුද මෙහෙයුම් මාධ්‍ය වාර්තාව ඉතා තදබල ලෙස අවධානය යොමුකර ඇත්තේ තවත් සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන චීනයේ නවතම පර්යයේෂණ නෞකාව වන ‘ෂී යැන්ග් – 6’ (Shi Yan 6) සාගර යාත්‍රාවයි. මෙයද මෙවර මාස 03ක කාලයක් ඉන්දියානු සාගර කලාපයේ පර්යේෂණවල නිරත වෙයි. ප්‍රථමයෙන් කොළඹ වරායට පැමිණෙන යාත්‍රාව පසුව හම්බන්තොට වරායට යෑමට නියමිතය. මෙම යාත්‍රාවට මෙතෙක් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට මෙරට රජයෙන් අවසර ලැබී නැත. එහෙත් එයත් පෙර සේම ශ්‍රී ලංකා රජය නටන නාඩගමක් වන්නට හැකිය.

මෙම නෞකාවේ ආගමනයටද මෙවරද ඉන්දියානු රජය තම බලවත් විරෝධය ප්‍රකාශ කර ඇත. මෙවර පැමිණීමට නියමිත ‘ෂී යැන්ග් – 6’ නෞකාව 2020 වසරේදී නිෂ්පාදනය කර ඇති නවීනතම යාත්‍රාවකි. එය සතුව ලෝකයේ තිබෙන ඉතා නවීන සහ අධි තාක්ෂණික පර්යේෂණාත්මක විද්‍යාත්මක උපකරණ රාශියක් ඇත. මෙම නෞකාව දිගින් මීටර් 91ක් සහ පළලින් මීටර් 17ක් වන අතර, එහි සම්පූර්ණ බර ටොන් 3,999ක් වෙයි. මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 78 දෙනකුගෙන් සමන්විතය.

මෙම නෞකාව දැනට චීනයේ ගුවැන්ග්ෂෝ වරායෙන් පිටත්ව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින අතර, මෙම ඔක්තෝබර් 23 වැනිදා වන විට මෙරටට ළඟාවීමට නියමිතය. මෙම චීන පර්යේෂණ නෞකා මගින් ඉන්දියාවේ ස්ථාපිත කර ඇති බොහෝ රහසිගත යුද මෙහෙයුම් ක්‍රියාවලීන් නිරීක්ෂණය කළ හැකි යැයි විවිධ පාර්ශ්ව චෝදනා කරයි. නවීන මිසයිල පද්ධති මෙන්ම සැටලයිට් ගවේෂණ පද්ධති ගැනද තොරතුරු රැස් කරගත හැකි නවීන උපකරණ මෙම නෞකාව සතුය. බොහෝ පාර්ශ්ව මෙම පර්යේෂණ නෞකාවන් හඳුන්වා දෙන්නේ ඔත්තු සෙවීමේ නෞකා වශයෙනි. සරල වදනකින් කියනවා නම් ‘ඔත්තුකරුවන්’ ලෙසය.

මෙම චීන පර්යේෂණ යාත්‍රා මගින් සිදුකෙරෙන විද්‍යාත්මක ක්‍රියාවලිය මෙසේ අර්ථ දක්වා ඇත. සමුද්‍ර පතුල සිතියම්ගත කිරීම, මුහුද යට පරිසරයේ පැතිකඩ අවබෝධ කරගැනීම, ජල විද්‍යාත්මක දත්ත පටිගත කිරීම, මුහුදු කේබල් බුද්ධි දත්ත රැස්කිරීම, සබ්මැරීන් යාත්‍රා සඳහා මුහුද යට මාර්ග සිතියම්ගත කිරීම, මිසයිල වෙඩි තැබීම් සඳහා ටෙලිමෙටි්‍ර දත්ත පටිගත කිරීම සහ තවත් නවීන පර්යේෂණ රැසක් මෙම නෞකාවන් හරහා සිදුකළ හැකිය. මෙහිදී යාත්‍රා මගින් සිවිල් සහ යුදමය (මිලිටරි) කටයුතු යන දෙවර්ගයක ක්‍රියාවලියක් සිදුකරයි.

දෘශ්‍යමාන විද්‍යාත්මක ඉලක්කයන් හරහා එමගින් මුහුදු පත්ල සහ ඒ අවට සාගර ප්‍රදේශයන් ගැන සංකීර්ණ වූ පර්යේෂණයක් සිදුකරයි. මෙම චීන පර්යේෂණ ගැන අපූරු රසවත් රහස්ද හෙළිව තිබේ. ඉන්දීය සාගර පතුලේ මධ්‍යස්ථයේ ඇති සාගර කඳුවැටිය වන ‘නයින්ටි ඊස්ට් රිඩ්ජ්’ (Ninety East Ridge) ගැන චීන පර්යේෂකයන් උනන්දු වී ඇති බව වාර්තා පෙන්වා දෙයි. මෙම කඳුවැටිය විසින් බටහිර ඉන්දියන් සාගරය සහ නැගෙනහිර ඉන්දියන් සාගරය ලෙසින් බෙදා වෙන්කරයි. සබ්මැරීන මෙහෙයුම් සඳහා මෙම පරාසය ඉතා වැදගත් බව චීන නාවික විශේෂඥයන් අවධාරණය කර ඇත.

එහිදී චීන සබ්මැරීන සඳහා ඉන්දියානු සාගරයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි කිරීමට එම දත්ත උපකාර වනු ඇත. මේ අතර තවත් ප්‍රබල රහසක් ලෙස හෙළිවී ඇත්තේ චීනය විසින් ඉන්දියානු සාගරයේ විවිධ ස්ථානවල මිනිසුන් රහිත දිය යට යාත්‍රාවන් (ග්ලයිඩර්) 12ක් පමණ දත්ත රැස් කිරීම සඳහා යොදවා ඇති බවය. මෙම යාත්‍රා මුහුදු පතුලේ කිලෝමීටර් 6.5ක් ගැඹුරට ගමන් කළ හැකි අතර, කිලෝමීටර් 12,000ක දුරක් යාත්‍රා කළ හැකිය.

මේ අනුව මේ වන විට චීනය සතුව මෙවැනි විවිධාකාරයේ සමුද්‍ර පර්යේෂණ යාත්‍රා 64ක් ඇති අතර, එම සංඛ්‍යාව ඇමෙරිකාවේ යාත්‍රා 44ක් සහ ජපානයේ යාත්‍රා 23ක්ද අභිභවා ඉදිරියට යයි. ඉන්දියාවට ඇත්තේ සමුද්‍ර පර්යේෂණ යාත්‍රා 13ක් පමණි. එසේම මේ වන විට මෙවැනි යාත්‍රා වැඩිපුරම ඇත්තේ චීනයට බව පැවැසෙයි. එනම් චීනයේ මිලිටරි-සිවිල් අභිසාරිත්වය නිසා චීන පර්යේෂණ යාත්‍රා මගින් ලබාගත් දත්ත පසුව විද්‍යාත්මක, හමුදාමය සහ වාණිජමය ලෙස බෙදා ගැනීමට ඉඩ තිබෙයි. 2008 වසරේදී ඒඩන් බොක්කේ සිදුකෙරුණු මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ චීන නාවික හමුදාව මෙම මුහුදු කලාපයට ඇතුළු විය.

එයින් පසුව චීනය විසින් මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම් සඳහා තම මුහුදු මතුපිට යාත්‍රාවලට සහාය වීම සඳහා කලාපය තුළ සිය සබ්මැරීන් යෙදවීමට කටයුතු කළේය. චීනයේ ඇති මෙම සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවලින් කොටසක් චීන නාවික හමුදාවට අයත් අතර, අනෙක් නෞකා රජය සතු නාවික පර්යේෂණ ආයතන කිහිපයකට අයත්ය. දැනට චීනය සතු මෙම පර්යේෂණ නෞකාවන් 64කින් 09ක්ම ඉතා සුවිශේෂ පර්යේෂණ ක්‍රියාවලියක් සිදුකරන අති විශාල සාගර යාත්‍රාවන්ය. තවද මේ අතර ලෝකයේ සියලු රටවල් අතරින් විශාලතම නාවික හමුදාවට හිමිකම් කියන්නේ චීනයයි.

තවත් ආකාරයකින් කියනවා නම් ලෝකයේ විශාලතම නාවික හමුදාව වන්නේද චීන නාවික හමුදාවයි. ‘චීන මහජන විමුක්ති නාවික හමුදාව’ (Chinese People’s Liberation Navy) ලෙසින් සඳහන් වන මෙම නාවික හමුදාව සතු බලය අසීමිතය. සම්පූර්ණයෙන්ම චීනයේ රජය සතු මෙම හමුදාව තුළ නාවික නිලධාරීන් 2,60,000ක් සේවය කරති. විවිධාකාර යුද නෞකාවන් 623ක් සහ විවිධ වර්ගවල ගුවන් යානා 572ක් (චීන ගුවන් හමුදාවට අමතරව ඇති) මෙන්ම නවීනතම සබ්මැරීන් යාත්‍රා 79ක්ද මෙම හමුදාව සතුය. මේවාට අමතරව ගුවන් යානා වාහක නැව් 03ක්, සමුද්‍ර හෙලිකොප්ටර් තටාක 03ක්ද අයත්ය.

ප්‍රධාන යුද නෞකාවලට අමතරව මිසයිල බෝට්ටු 109ක් සහ යුද ටැංකි වාහක යාත්‍රා 32ක්ද එම නාවික හමුදාව සතුය. ලෝකයේ තිබෙන විශාලතම නාවික හමුදාව චීන නාවික හමුදාව යැයි ශ්‍රේණිගත කෙරෙන්නේ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නවතම නිල වාර්තාවකට අනුවය. මේ අනුව ‘චීන රතු මකරා’ අප සිතනවාටත් වඩා බියකරුය. අපේ ‘ශ්‍රී ලංකා සිංහයා’ දැනට දශක දෙකක සිට මෙම භයානක මකරා ඉදිරියේ දණින් වැටී ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

මෙම චීන පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබුණහොත් එය ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා සම්පූර්ණයෙන්ම මාසයක කාලයක් කොළඹ වරායේත්, ඉන් පසුව හම්බන්තොට වරායේත් නැංගුරම්ලා තිබෙනු ඇත. මෙම මාසයක කාලය තුළදී ඉන්දියානු සාගර කලාපයට අදාළව විවිධ ගවේෂණයන් සහ පර්යේෂණයන්හි නිරත වනු ඇත.

මෙවැනි දීර්ඝ කාලයක් පුරා චීන ගවේෂණ නෞකාව ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා තැබීම මගින් පොදුවේ ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ඇතිවනු බව මේ වන විට ඉන්දියාව ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවක් විසින් දැඩි ලෙස චෝදනා කර ඇත. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දැඩි ලෙස අවධාරණය කර ඇත. ඔහු මෙරට ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස කතාබස් කර ඇත. ශ්‍රී ලංකාව චීනය වෙත මෙවැනි අවස්ථාවන් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත්, පසුගිය කාලයක් පුරාම එවැනි තත්ත්වයන්ට ශ්‍රී ලංකා රජය ඉඩ ලබාදුන් බවත් ඉන්දියානු පාර්ශ්ව ප්‍රකාශ කර ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියානු අගමැතිවරයාට පොරොන්දු වී ඇත්තේ ඉදිරියේදී ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවන එවැනි චීන බලපෑම්වලට ඉඩ නොදෙන බවය. කෙසේ වෙතත් එම පොරොන්දුව හෙට අනිද්දාම ඉටුවන්නේදැයි අපට බලාගැනීමට හැකි වන්නේ මෙම අලුත්ම චීන නෞකා හුටපටය කෙසේ විසඳෙන්නේදැයි බලා සිටීමෙනි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අර්බුදයට කෙසේ මුහුණ දෙන්නේදැයි හෙට අනිද්දාම හොඳින්ම බලාගත හැකිය. චීනයේ බලගතු රතු මකරා පසුගිය කාලයක් පුරාම ශ්‍රී ලාංකික සිංහයා තනි අතින් මිට මොළවා ග්‍රහණයට ගත් ආකාරයට අපට හොඳින්ම දක්නට හැකි සත්‍යය එසේ විය.

SendShareShare
Previous Post

කොවිඩ් කාලේ ගෝඨාගේ ආණ්ඩුව අතපය දිග හැරලා 5000 ගාණේ මිනිස්සුන්ට බෙදලා තියෙන්නේ සමෘද්ධියේ ඉතුරු කරලා තිබ්බ බිලියන ගාණක අරමුදල්වලින්! සමෘද්ධියෙන් බෙදන්න ගත්ත සල්ලිවලින් නැවත අරමුදලට දීලා තියෙන්නේ පොඩි කොටසයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මාතර ප්‍රකට ව්‍යාපාරික කාන්තාවකගේ නිවෙසේ වැහි පීලි සුද්ද කරන්න ආපු සේවකයා මෙහෙකාරියන් දෙදෙනකු ඝාතනය කරලා! සැකකරු මාතර නගර සභාවේ අනියම් කම්කරුවෙක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.