විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ යෝජනාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.Sri Lanka Latest News
රාජ්‍ය රහස් හෙළිදරව්ව!
ආණ්ඩුව ගත් තීන්දුවේම
මේ ආකාරයට විපක්ෂය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව එළිපිට කඳවුරු බඳිද්දී ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගනු ලැබීමට නියමිත තීන්දුව කුමක්ද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂය කුමන විරෝධයක් දියත් කළද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ වැඩපිළිවෙළ නිශ්චිතව සිදුකොට අවසන් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවකි. මුලින් මුලින් ආණ්ඩුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර, ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබුණද, විපක්ෂය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ මේ වනවිට ආණ්ඩුව සිටින්නේ මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කිරීමේ ස්ථාවරයකය. ඒ අනුව පසුගිය සතියේ පළමු වතාවට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වූ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඊට සියලු දෙනාගේම අනුමැතිය හිමිවූ අතර, එය ඉදිරියේදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්කිරීමටද ආණ්ඩුව මේ වනවිට සැලසුම් සකස් කොට තිබේ.










