සමෘද්ධියේ ආයෝජනය, ඉතිරි කිරීම, පාරිභෝජනය ආදිය තිබෙන බවත් මෙසේ ඉතිරි කරන ලද බිලියන ගණනක් මුදලින් කොවිඩ් සමයේ රුපියල් 5000 දීමනාව ලබා දුන් බවත් ඒ සඳහා ලබා ගත් මුදල්වලින් කොටසක් පමණක් මේ වන විට ලබා දී ඇති බවත් තව කොටසක් ලබා දීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අස්වැසුම වැඩසටහන ගත හොත් එය අවිද්‍යාත්මක, දත්ත මත පදනම් නොවූ, විද්‍යාත්මක නොවූ වැඩසටහනක් ලෙස හැදින්විය හැකි බවත් එයට හේතුව ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා නොගෙන හිතුමතේට තීන්දු කළ පුද්ගලයන් කොටසකට ඇ. ඩොලර් මිලියන 200ක මුදලක් විවිධ කාලවකවානු යටතේ බෙදා ඇති බවත් මෙහි කිසිදු සවිබලගැන්වීමක් සිදු නොවන බවත් මෙය හුදෙක්ම මුදල් ලබා දීමක් බවත් එම මුදල්වලට කරන දේ තීරණය වන්නේ එම මුදල් ලැබෙන පුද්ගලයාගේ කැමැත්ත මත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නමුත් සමෘද්ධි වැඩසටහන මීට වඩා වෙනස් බවත් එහි සමාජ ආරක්ෂණයක්, සුරක්ෂිතභාවයක් හා සවිබලගැන්වීමක් ඇති බවත් එය සියයට සීයක් අංග සම්පූර්ණ නොවූවත් 1994 සිට මේ වන තෙක් විශාල මුදලක් එහි එකතු වී ඇති බවත් එම මුදල් අයිති එහි ප්‍රතිලාභීන්ට බවත් මෙහි ඇති සමාජ ආරක්ෂණය නිසා කිසිම ප්‍රතිලාභියෙක් ඉන් මිදීමට කැමති නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ හේතුව නිසා සමෘද්ධි ව්‍යාපාරය ගැන මීට වඩා සංවේදීව රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු කාරකසභාවක දී අස්වැසුම වැඩසටහන හා සමෘද්ධි වැඩසටහ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.