මාතර ප්‍රකට ව්‍යාපාරික කාන්තාකවගේ නිවසේ සේවය කළ මෙහෙකාර දෙදෙනෙක් එම නිවස තුළදී ඝාතනය වී ඇතැයි මාතර පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මෙම නිවස හිමි ව්‍යාපාරික කාන්තාව වන්නේ මාතර බ්‍රවුන්සිල් හි දෙවවැනි පටුමග පදිංචි ප්‍රිති මෝටර්ස් හිමිකාරියවන තමරා චාන්දනී ජයසේනය.
මෙසේ ඝාතනය වී ඇත්තේ පහලවත්ත මාලිමිබඩ පාලටූව ලිපිනයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් සහ හාමුගෙ වත්ත මාතර ලිපිනයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මාතර නගරසභාවේ අනියම් කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට හෙළි වී ඇති තොරතුරු අනුව මාතර නගරයේ මෙම ව්‍යාපාරික කාන්තවගේ නිවසේ නඩත්තු වැඩ සඳහා දෛනික කුලියට මාතර නගර සභාවේ මෙම අනියම් කම්කරුවා ඊයේ කැඳවා තිබේ.
ඒ අවස්ථාවේ දී නිවසේ සේවය කළ කාන්තාවන් දෙදෙනා ඔහුට නිවසේ පීල්ල සුද්ද කරන ලෙස දන්වා ඇත.
පීල්ල සුද්ද කරන මුවාවෙන් වහළයට ගොඩවුන මෙම පුද්ගලයා අනතුරුව හොර රහසේ නිවසට ඇතුළු වී තිබේ.
එ බව දැක එක් කාන්තාවක් කෑගසන විට ඇයට නිවසේ තිබූ අඹ පොල්ලකින් පහර දී ඇති පුද්ගලයා ඇය තුවාල වී බිම වැටුණ විට එම ස්ථානයට පැමිණි අනෙක් කාන්තාව ගෙල මිරිකා ඝාතනය කර තිබේ.
අනතුරුව ඔහු නිවසේ සීසීටීවී දත්ත විනාශ කර නිවසේ තිබූ භාණ්ඩද හොරකම් කරගෙන පලාගොස් ඇත.
මේ වනවට අදාල අනියම් කම්කරුවා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
lankasara