• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදා මෙහෙයුම සාර්ථකයි ගිනස් පොතටත් යයි I Sri Lanka Latest News

June 23, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දා සිදුකළ විස්මිත සැත්කමක් නිසා ගිනස් වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. ඒ ලොව දිගින් සහ බරින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල සාර්ථකව සැත්කමක් මගින් ඉවත් කරමිනි.(Sri Lanka Latest News)

මීට පෙර සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කළ දිගින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල වාර්තා වූයේ වාර්තා වූයේ ඉන්දියාවේ මුම්බායිහි සිදුකළ සැත්කමකදීය. ඒ, සෙන්ටිමීටර් 13ක දිගින් යුතු වකුගඩු ආශ්‍රිත ගලකි. එසේම මීට පෙර බරින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල පාකිස්තානයේදී 2008 වර්ෂයේදී සිදුකළ සැත්කමකින් සාර්ථකව ඉවත් කෙරුණු අතර එහි බර වාර්තා වූයේ ග්‍රෑම් 620ක් වශයෙනි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පසුගිය ජුනි 01 වැනිදා සිදුකළ සැත්කමෙන් ඉවත් කෙරුණු වකුගඩු ආශ්‍රිත ගල දිගින් සෙන්ටිමීටර් 13.372ක් වූ අතර බරින් ග්‍රෑම් 801ක් ලෙස වාර්තා විය. වාර්තා වී ඇති තොරතුරු අනුව එය සාර්ථකව ඉවත්කෙරුණු දිගින් සහ බරින් වැඩිම ලෙසින් ගිනස් වාර්තාවකට හිමිකම් කීය. මෙම සැත්කම සඳහා යුද හමුදා රෝහලේ මෞත්‍රලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන්, වෛද්‍ය කපිතාන් සුපුන් පතිරත්න, වෛද්‍ය කපිතාන් තමාෂා ප්‍රේමතිලක ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කම සඳහා දායක වූ අතර සැත්කමේ නිර්වින්දන වෛද්‍යවරුන් වශයෙන් වෛද්‍ය කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ වෛද්‍ය කර්නල් සී.එස්. අබේසිංහ දායකත්වය සැපයූහ.

අප සමග අදහස් දක්වමින් මෙම ශල්‍යකර්මය සිදුකළ යුද හමුදා රෝහලේ මෞත්‍රලිංගික පද්ධති අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් සඳහන් කළේ මෙම රෝගියා වසර ගණනාවක් පුරා වේදනාවකින් පීඩා විඳිමින් සිට ඇති අතර, පරීක්ෂණවලට භාජනය නොවී නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මෙවැනි විශාල වකුගඩු ආශ්‍රිත ගලක් වර්ධනය වී ඇති බවයි.

‘අපිට මේ රෝගියා වාර්තා වුණේ 2023 මැයි මාසයේ. මුලින්ම මේ රෝගියාට වේදනාවක් තිබෙනවා කියලා තමයි අප සමග කිව්වේ. ඒ අනුව යුද හමුදාවේ තියෙන රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මුලින්ම ස්කෑන් එකක් කරලා තහවුරු කරගත්තේ වකුගඩු ආශ්‍රිත විශාල ගලක් මොහුගේ වර්ධනය වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ සීටී ස්කෑන් එකේදී අපිට නිරීක්ෂණය වුණා සෙන්ටිමීටර් 13.2 ක ප්‍රමාණයක ගලක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ ගල ඉවත් කිරීම ඒ සඳහා රෝගියා සූදානම් කිරීම සහ අපි සූදානම් වීම සිදුකළා…’

‘අපේ මේ රෝගියා ඔහුගේ යුද හමුදා සේවා කාලයේ වැඩි කාලයක් උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරලා තිබුණා. ඒ ප්‍රදේශයේ වතුර ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඒ වගේම දෛනිකව අවශ්‍ය පානීය ජලය ප්‍රමාණවත්ව ලබා නොගැනීම තමයි තවත් ප්‍රධාන හේතුවක් වෙන්නේ. අනෙක් සුවිශේෂම කාරණය තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ගල් ඇතිවීම වැඩිපුරම වාර්තා වන කලාපයේ. අපි ඉන්නේ ‘world stone belt’ තියෙන කලාපයේ. මේ කලාපයේ පවතින කාලගුණික දේශගුණික සාධක සහ සමාජ තත්ත්වයන් නිසා මේ කලාපය රතු කලාපයක් විදියට හඳුන්වනවා.’

‘යුද හමුදා සාමාජිකයන් රාජකාරි අතරතුර පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතා මතු වෙන්න පුළුවන්. ඒවා ගැන ඔවුන්ගේ රාජකාරි ස්වභාවය අනුව මේ දේවල් බලාගන්න පුළුවන්. අපි මේ සැත්කම කරපු රෝගියාත් වැඩි කාලයක් සේවය කරලා තිබුණේ උතුරු නැගෙනහිර පළාත්වල. ඒ ප්‍රදේශවල ජලයේ තිබෙන කඨිනතාවය තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඇත්තටම යුද හමුදා සාමාජිකයන් අතර මෞත්‍රලිංගික පද්ධති ආශ්‍රිත රෝගී තත්ත්වයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ මේ හේතුව නිසා තමයි…’

‘මේ තත්ත්වය නිසා අපි යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති ආශ්‍රිත ප්‍රතිකාර සඳහා පහසුකම් වැඩි කළා. අපි මීට පෙර මෙවැනි සැත්කම් සඳහා අපේ රෝගීන් ජාතික රෝහලට යොමුකළා. නමුත් දැන් අපි ලිංගික පද්ධති ආශ්‍රිත කිසිම රෝගියෙක් ජාතික රෝහලට යොමුකරන්නේ නැහැ. ඔවුන්ගේ සැත්කම් සඳහා සියලු පහසුකම් අද වෙනකොට යුද හමුදා රෝහල සතුයි….’

අදාළ සැත්කමට භාජන කළ විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල් කැනිස්ටර් කුඤ්ඥෙ මහතා සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ අනුව ඒ සම්බන්ධයෙන් වන වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුව ශල්‍යකර්මය සිදුකිරීමට සූදානම් කිරීමේ ක්‍රියාවලියට සති දෙකක් ගතවූ බවත් මෙම සැත්කම වෙනුවෙන් සුවිශේෂ සූදානමක් වූ බවත් විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් සඳහන් කළේය.

‘මේක රෝගියාගේ දකුණුපස වකුගඩුව විවෘත කරලා කරන Right Side Pyelolithotomy කියන ශල්‍යකර්මය. මේක වකුගඩුවක තියෙන විශාලම ගල ඉවත් කිරීමේ ශල්‍යකර්මය නිසා ඊට හොඳ පෙර සූදානමක් අවශ්‍ය වුණා. අපි රෝගියාට ඇතිවිය හැකි සියලු සංකූලතා පිළිබඳ සොයා බලා සූදානම් වුණා. ඩයලිසිස් කරන්න පවා සූදානම් වෙලා හිටියේ. දැඩි සත්කාර ඒකකයේ ඇඳක් සූදානම් කළා නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙක් සහ වෙනත් වෛද්‍යවරුන් තුන්දෙනෙක් සහිත පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අපි සූදානම් කළා. මොකද මෙම සැත්කම ගොඩක් වගකීමෙන් කරන්න ඕන සැත්තමක්. ඒවගේම මේක අපිට ලොකු අභියෝගයක් වුණු ශල්‍යකර්මයක්. විශේෂයෙන්ම වකුගඩුවලට හානි වෙන්න පුළුවන්. නමුත් රෝගියාට එවැනි කිසිදු සංකූලතාවක් ඇති වුණේ නැහැ. ඒ වාගෙම තමයි මේ රෝගියා කිසිදු වෙනත් රෝගයකින් පීඩා නොවීම අපේ ශල්‍යකර්මයට තවත් පහසුවක් වුණා.’

රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ වකුගඩුවේ ඇති ගලේ විශාලත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගිනස් වාර්තා කමිටුවට දැනුම් දීමට පියවර ගත් බව ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන් මහතා සඳහන් කළේය.

‘මේ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව අපි ඒ ගැන ගිනස් කමිටුවට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ අය අපිට උපදෙස් මාලාවක් එවලා තිබ්බා. ඒ අනුව අපිට මේ ටික කරන්න කියලා. වීඩියෝ කරලා, සාක්ෂි ඔක්කොම අරගෙන. ඒ අනුව අපිට මේ රෝගියා සම්බන්ධයෙන් සහ ඔහුගේ වකුගඩුවේ ඇති ගල සම්බන්ධයෙන් වන තොරතුරු සහ සාක්ෂි සැපයීමක් කරන්න සිද්ධ වුණා ගිනස් ලෝක වාර්තා කමිටුවට.’

‘මෙච්චර කල් ලෝකයේ තිබුණු වාර්තාව තමයි 2004 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායිහිදී රෝගියෙක් ගෙන් ඉවත් කරපු සෙන්ටිමීටර 13 ක් දිග වකුගඩු ගලක්. ඒ වගේම පස්සේ අපිට දැන ගන්න ලැබුණා මීට පෙර ගිනස් වාර්තාවට හිමිකම් කියපු වකුගඩුවකින් ඉවත් කරපු විශාලම ගලේ බර ග්‍රෑම් 620ක් කියලා. ඒක 2008 වසරේදී පාකිස්ථානයේ පුද්ගලයකුගෙන් වාර්තා වෙලා තිබුණේ.’

‘ඇත්තටම වෛද්‍යවරුන් වශයෙන් අපිත්, රෝගියාත් පුදුම විදිහට සන්තෝෂ වුණා. රෝගියා සතුටු වුණා මේ තරම් ලොකු ශල්‍යකර්මයක් කරලා ඔහුගේ රෝගයෙන් සුවය ලැබීමට හැකිවීම ගැන. ඒ වගේම අපි සතුටු වුණා. ඒ වගේ ලොකු ඔපරේෂන් එකක් සාර්ථකව කරන්න ලැබීම සහ ඒකට ගිනස් වාර්තා දෙකක් හිමිවීම ගැන…’

‘මේ තරම් විශාල වකුගඩු ආශ්‍රිත ගලක් යුද හමුදා වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් විසින් සාර්ථකව ඉවත් කරපු පළමුවැනි අවස්ථාව තමයි මේ. ඒ වගේම මේක ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ලෝකයට කියන්න හොඳම අවස්ථාවක්. යුද හමුදාව සහ රටක් විදිහට අපි ලෝකය ඉදිරියේ ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්. ඒ වගේම තමයි වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ පළමු ගිනස් වාර්තාව තමයි මේ. ඒ අභිමානය රටට අරන් දීම යුද හමුදාව වශයෙන් අපිට විශාල ආඩම්බරයක්…’

මෙතරම් විශාලව වර්ධනය වූ ගලක් වකුගඩුවේ තිබියදී වුවද ඔහුගේ වකුගඩු හොඳින් ක්‍රියාත්මක වීමට තරම් රෝගියා ඉතා වාසනාවන්ත බව විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේය.

‘විශේෂයෙන්ම මේ වගේ සැත්කමකදී වකුගඩුවලට හානි වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ සැත්කම අභියෝගාත්මක සැත්කමක් කියලා. ඒ තරම් විශාල ගලක් වකුගඩුවේ තිබිලත් මේ රෝගියා ජීවත්වීමට වාසනාවන්ත වුණා. ඔහුගේ වකුගඩු දෙකම කිසිම ගැටලුවක් නැතිව හොඳ ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. කිසිම හානියක් වෙලා නැහැ වකුගඩුවලට. ඔහුට දැන් වයස අවුරුදු 62ක්, තවත් දින කිහිපයකින් ඔහු රෝහලෙන් තම නිවෙස බලා පිටව යන්න සූදානමෙන් ඉන්නේ. රෝගියා ගොඩක් සතුටින් ඉන්නේ. නමුත් රෝගියාට කිසිදු සංකූලතාවක් ඇතිවුණේ නැහැ. ඒ වාගෙම තමයි මේ රෝගියා කිසිදු වෙනත් රෝගයකින් පීඩා නොවීම අපේ ශල්‍ය කර්මයට තවත් පහසුවක් වුණා.’

තමා මේ වන විට පූර්ණ සුවය ලබමින් සිටින බවත්, ප්‍රතිකාරවලින් අනතුරුව නිවෙස බලා යාමට සූදානමින් සිටින බවත් විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල් කැනිස්ටර් කුඤ්ඥෙ අප සමග පැවැසීය.

‘මම යුද හමුදාවට බැඳුණෙ 1995. මම දිගටම රාජකාරි කළේ උතුරුකරයේ. මම නන්දිකඩාල් දක්වාම යුද්දෙ හිටියා. මම 2019 තමයි විශ්‍රාම ලබාගත්තේ. ඒ කාලෙත් මට වරින් වර බඩේ කැක්කුමක් ඇතිවුණා. මම පැන්ෂන් ගියාට පස්සේ මේ බඩේ කැක්කුම ලොකුවට දැනෙන්න පටන් ගත්තා. මම 2023 දී තමයි සුදර්ශන් සර් ළඟට බෙහෙත් ගන්න ආවේ. සර් මාව පරීක්ෂා කරලා තමයි මගේ වකුගඩුවේ ගලක් තියෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ පහුගිය පළමුවැනිදා මගේ ඔපරේෂන් එක කළා. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. මට දැන් ලොකු සහනයක් තියෙනවා. දැන් මට 100%ක් සනීපයි කියලා දැනෙනවා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න IMF එක කියලා නෑ! ඒක කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ ආණ්ඩුව! මෙන්න ලියුම! අස්සන් කරලා තියෙන්නේ මාර්තු 06…! VIDEO I Sri Lanka Latest News

Next Post

උදේට සජිත්ගේ රැස්වීමේ ඉඳලා හවසට රනිල්ට ඔක්කොම කියන… මෙහේ ඉඳන් රෑට හරීන්ලා එක්ක ‘පබ්’ එකේ බොන.. සජබෙ ඉන්න දිව දෙකේ එවුන්ට හිරුණිකා පක්ෂ රැස්වීමකදී ප්‍රසිද්ධියේ පහර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.