අද අපේ කතාවේ කතා නායකයා නෙදර්ලන්ත ජාතික ‘විම් හොෆ්’. වැඩිම වෙලාවක් අයිස්වල ගිලී සිටීම, අයිස් මතින් වැඩිම දුරක් දිවීම, කොටකලිසමක් විතරක් ඇඳගෙන එවරස්ට් කන්ද තරණය කිරීම වගේ ලෝක වාර්තා 25ක් ඔහු පිහිටුවලා තියෙනවා. වෛද්‍යවරු, විද්‍යාඥයන් ඔහුව පරීක්ෂාවට ලක්කරලා තියෙනවා ඔහු කොහොමද මේ දේවල් කරන්නේ කියන එක ගැන.(Sri Lanka Latest News)
ඒ අයට පුළුවන් වුණා විම් හොෆ්ගේ සිරුරේ සිදුවෙන වෙනස්කම් මැනගන්න. ඔහු අයිස්වල ගිලිලා ඉන්නකොට ස්නායු පද්ධතියට මොකක්ද වෙන්නේ, ශ්වසන රටාවට මොකක්ද වෙන්නේ වගේ දේවල්. නමුත් විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්න බැරි වුණා ඔහු කොහොමද මේ දේවල් කරන්නේ කියන එක නම්. විම් හොෆ් ලෝභ නැතුව එයාගේ රහස බෙදාගත්තා. ඔහු කිව්වා මේක මම කරන්නේ තුන්මෝ කියන අතිශය ප්‍රබල භාවනා ක්‍රමයක් හරහා ලබාගත් අධිමානසික හැකියාවන්ගෙන් කියලා.
තුන්මෝ කියන මේ භාවනා ක්‍රමය ටිබෙට් රටේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස කසිණයන්ට අයිති අග්නි කසිණය කියන භාවනාව පදනම් කරගෙන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ භාවනා ක්‍රම අපට කියලා දීලා තියෙන්නේ අධිමානසික හැකියාවන් ලබාගෙන විවිධ විස්මිත දේවල් කරන්නවත්, මැජික් පෙන්වන්නවත් නෙවෙයි කියලා.
නමුත් ටිබෙටයේ විවිධ ගුරුකුලවලට අයත් පිරිස් තමන්ගේ වැඩි අවධානය යොමු කරලා තියෙනවා මේ කියන අධි මානසික ශක්තීන් වැඩිදියුණු කරගන්න. ඒ නිසාම ටිබෙටයේ බිහිවෙලා ඉන්නවා විවිධ විස්මිත වැඩ කරන්න පුළුවන් හාමුදුරුවරු. ඒ විදියට තමයි විම් හොෆ් ටිබෙට් රටෙන් මේ භාවනා ක්‍රමය ඉගෙනගෙන තියෙන්නේ.
තුන්මෝ භාවනාවේ පරතෙරට පැමිණි කෙනකුට පුළුවන් වෙනවා සිරුරේ තියෙන තේජෝ ධාතුව පාලනය කරන්න. විම් හොෆ් කියලා තියෙනවා කෙනකුට තියෙන ඕනෑම රෝග තත්ත්වයක් අධිෂ්ඨාන ශක්තියෙන් සුවපත් කරන්න කියලා. ඒ අනුව නෙදර්ලන්තයේ විශ්විද්‍යාලයක් මගින් ඔහුගේ මේ හැකියාව පරීක්ෂා කරලා තියෙනවා. ඔවුන් විම් හොෆ්ව පරීක්ෂා කිරීම සඳහා අතිශය දරුණු වෛරසයක් ඔහුට එන්නත් කරනවා.
පුදුමයට කරුණ වෙන්නේ විම් හොෆ් ඒ වෛරසය පැය කිහිපයක් තුළ තමන්ගේ සිරුරෙන් ඉවත් කරලා පෙන්වනවා. ඒ සිදුවීමත් එක්ක වෛද්‍යවරු පුදුමයට පත්වෙනවා. වෛද්‍යවරු කියනවා විම් හොෆ්ගේ මේ හැකියාව ඔහුට උපතින්ම ලැබුණු දෙයක් වෙන්න ඕනේ කියලා. නමුත් විම් හොෆ් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියනවා මම මේක අධිමානසික ශක්තියෙන් කරපු දෙයක්, ඒක තහවුරු කරන්න මම තවත් පිරිසකට මේ භාවනා ක්‍රමය පුහුණු කරලා ඒ අය හරහාත් මේ විස්මිත ක්‍රියාවම කරවනවා කියලා.
ඒ අනුව ඔහු තවත් 12 දෙනකුට මේ භාවනාව පුහුණු කරවලා, ඔවුන්ටත් අර විෂ සහිත වෛරසය එන්නත් කරවනවා. වෛද්‍යවරු පුදුමයට පත්කරමින් ඒ 12 දෙනාත් වෛරසය තමන්ගේ සිරුරුවලින් ඉවත් කරලා පෙන්වනවා. විම් හොෆ් අද වෙද්දී බටහිර රටවල අයට මේ තුන්මෝ භාවනා ක්‍රමය හරහා විවිධ විස්මිත ක්‍රියාවන් සිදුකරන හැටි කියලා දෙනවා.
බටහිර ජාතිකයෝ පෙරදිගට ගිහින් විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරලා විස්මිත ක්‍රියාවන් සිදුකළාට, පෙරදිග රටවල ජීවත් වෙනවා ඊටත් වඩා සුපිරි ආධ්‍යාත්මික හැකියාවන් තියෙන පිරිස්. ඒකට උදාහරණයක් තමයි මේ කියන්නේ. බටහිර රටක ජීවත් වෙන එක්තරා ලේඛකයෙක් ටිබෙටයට ගිහින් ඉන්න අතරතුර ඔහුට හමුවෙලා තියෙනවා තුන්මෝ කලාව පුහුණු කරන පන්සලක්. ඒ පන්සලේ ප්‍රධාන ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මීළඟ ප්‍රධානියා විදියට පත්කරන්න පරීක්ෂණයක් පවත්වලා තියෙනවා.
ශිෂ්‍ය හාමුදුරුවරු සියලු දෙනාව අයිස් මිදුණු ගංගා ප්‍රදේශයකට එක්කරගෙන ගිහින්, අයිස් තට්ටුවේ සිදුරක් හාරලා, ඒ සිදුරෙන් එක් එක් හාමුදුරුවන්ව දියට බස්සලා ටික වෙලාවකින් නැවත ගොඩට ගැනීමට ගුරුවරයා කටයුතු කරනවා. එලෙස ගොඩට එන ශිෂ්‍ය හාමුදුරුවරු තමන්ගේ සිරුර සහ සිවුර වේළාගත යුතුයි. ඒක තමයි පරීක්ෂණය වෙන්නේ. රාත්‍රී කාලයේ පටන්ගත්තු මේ පරීක්ෂණය උදෑසන වෙනතුරුම අඛණ්ඩව සිදුකරලා තියෙනවා.
එක් වරක් සිරුර සහ සිවුර වේළාගත් ශිෂ්‍යයාව නැවත වරක් අයිස් වළට බස්සලා තියෙනවා. ඔය ආකාරයට උදෑසන වන විට හත් වතාවක් විතර එක් ශිෂ්‍යයෙක් වතුරට බැහැලා නැවත ගොඩ අරගෙන තියෙනවා. ඔහු තමයි මීළඟ තුන්මෝ ගුරුවරයා බවට පත්වෙලා තියෙන්නේ කියලා අර බටහිර ලේඛකයා සඳහන් කරලා තියෙනවා.
ඉතින් මෙන්න මේ වගේ අපූරු හැකියාවන් අදටත් පෙරදිග රටවල සැඟවිලා තියෙනවා. ඒ වගේ දේවල් කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ලෝකයට හෙළිකරන්නේ විම් හොෆ් වගේ මිනිස්සු. ඇත්තටම භාවනා ක්‍රමවල සැඟවිලා තියෙනවා මේ අරුමපුදුම හැකියාවන් මිනිසුන්ගේ ලෞකික ජීවිතවල යහපත යොදාගන්න හැමෝම මීට වඩා උනන්දු වෙනවා නම් හොඳයි කියලා තමයි අපට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.
Raamuwa යූටියුබ් නාලිකාවෙනි