• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිබෙට් බුදු දහමේ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 25ක් තැබූ සුපිරි මිනිසා I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපේ කතාවේ කතා නායකයා නෙදර්ලන්ත ජාතික ‘විම් හොෆ්’. වැඩිම වෙලාවක් අයිස්වල ගිලී සිටීම, අයිස් මතින් වැඩිම දුරක් දිවීම, කොටකලිසමක් විතරක් ඇඳගෙන එවරස්ට් කන්ද තරණය කිරීම වගේ ලෝක වාර්තා 25ක් ඔහු පිහිටුවලා තියෙනවා. වෛද්‍යවරු, විද්‍යාඥයන් ඔහුව පරීක්ෂාවට ලක්කරලා තියෙනවා ඔහු කොහොමද මේ දේවල් කරන්නේ කියන එක ගැන.(Sri Lanka Latest News)

ඒ අයට පුළුවන් වුණා විම් හොෆ්ගේ සිරුරේ සිදුවෙන වෙනස්කම් මැනගන්න. ඔහු අයිස්වල ගිලිලා ඉන්නකොට ස්නායු පද්ධතියට මොකක්ද වෙන්නේ, ශ්වසන රටාවට මොකක්ද වෙන්නේ වගේ දේවල්. නමුත් විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්න බැරි වුණා ඔහු කොහොමද මේ දේවල් කරන්නේ කියන එක නම්. විම් හොෆ් ලෝභ නැතුව එයාගේ රහස බෙදාගත්තා. ඔහු කිව්වා මේක මම කරන්නේ තුන්මෝ කියන අතිශය ප්‍රබල භාවනා ක්‍රමයක් හරහා ලබාගත් අධිමානසික හැකියාවන්ගෙන් කියලා.

තුන්මෝ කියන මේ භාවනා ක්‍රමය ටිබෙට් රටේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස කසිණයන්ට අයිති අග්නි කසිණය කියන භාවනාව පදනම් කරගෙන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ භාවනා ක්‍රම අපට කියලා දීලා තියෙන්නේ අධිමානසික හැකියාවන් ලබාගෙන විවිධ විස්මිත දේවල් කරන්නවත්, මැජික් පෙන්වන්නවත් නෙවෙයි කියලා.

නමුත් ටිබෙටයේ විවිධ ගුරුකුලවලට අයත් පිරිස් තමන්ගේ වැඩි අවධානය යොමු කරලා තියෙනවා මේ කියන අධි මානසික ශක්තීන් වැඩිදියුණු කරගන්න. ඒ නිසාම ටිබෙටයේ බිහිවෙලා ඉන්නවා විවිධ විස්මිත වැඩ කරන්න පුළුවන් හාමුදුරුවරු. ඒ විදියට තමයි විම් හොෆ් ටිබෙට් රටෙන් මේ භාවනා ක්‍රමය ඉගෙනගෙන තියෙන්නේ.

තුන්මෝ භාවනාවේ පරතෙරට පැමිණි කෙනකුට පුළුවන් වෙනවා සිරුරේ තියෙන තේජෝ ධාතුව පාලනය කරන්න. විම් හොෆ් කියලා තියෙනවා කෙනකුට තියෙන ඕනෑම රෝග තත්ත්වයක් අධිෂ්ඨාන ශක්තියෙන් සුවපත් කරන්න කියලා. ඒ අනුව නෙදර්ලන්තයේ විශ්විද්‍යාලයක් මගින් ඔහුගේ මේ හැකියාව පරීක්ෂා කරලා තියෙනවා. ඔවුන් විම් හොෆ්ව පරීක්ෂා කිරීම සඳහා අතිශය දරුණු වෛරසයක් ඔහුට එන්නත් කරනවා.

පුදුමයට කරුණ වෙන්නේ විම් හොෆ් ඒ වෛරසය පැය කිහිපයක් තුළ තමන්ගේ සිරුරෙන් ඉවත් කරලා පෙන්වනවා. ඒ සිදුවීමත් එක්ක වෛද්‍යවරු පුදුමයට පත්වෙනවා. වෛද්‍යවරු කියනවා විම් හොෆ්ගේ මේ හැකියාව ඔහුට උපතින්ම ලැබුණු දෙයක් වෙන්න ඕනේ කියලා. නමුත් විම් හොෆ් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියනවා මම මේක අධිමානසික ශක්තියෙන් කරපු දෙයක්, ඒක තහවුරු කරන්න මම තවත් පිරිසකට මේ භාවනා ක්‍රමය පුහුණු කරලා ඒ අය හරහාත් මේ විස්මිත ක්‍රියාවම කරවනවා කියලා.

ඒ අනුව ඔහු තවත් 12 දෙනකුට මේ භාවනාව පුහුණු කරවලා, ඔවුන්ටත් අර විෂ සහිත වෛරසය එන්නත් කරවනවා. වෛද්‍යවරු පුදුමයට පත්කරමින් ඒ 12 දෙනාත් වෛරසය තමන්ගේ සිරුරුවලින් ඉවත් කරලා පෙන්වනවා. විම් හොෆ් අද වෙද්දී බටහිර රටවල අයට මේ තුන්මෝ භාවනා ක්‍රමය හරහා විවිධ විස්මිත ක්‍රියාවන් සිදුකරන හැටි කියලා දෙනවා.

බටහිර ජාතිකයෝ පෙරදිගට ගිහින් විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරලා විස්මිත ක්‍රියාවන් සිදුකළාට, පෙරදිග රටවල ජීවත් වෙනවා ඊටත් වඩා සුපිරි ආධ්‍යාත්මික හැකියාවන් තියෙන පිරිස්. ඒකට උදාහරණයක් තමයි මේ කියන්නේ. බටහිර රටක ජීවත් වෙන එක්තරා ලේඛකයෙක් ටිබෙටයට ගිහින් ඉන්න අතරතුර ඔහුට හමුවෙලා තියෙනවා තුන්මෝ කලාව පුහුණු කරන පන්සලක්. ඒ පන්සලේ ප්‍රධාන ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මීළඟ ප්‍රධානියා විදියට පත්කරන්න පරීක්ෂණයක් පවත්වලා තියෙනවා.

ශිෂ්‍ය හාමුදුරුවරු සියලු දෙනාව අයිස් මිදුණු ගංගා ප්‍රදේශයකට එක්කරගෙන ගිහින්, අයිස් තට්ටුවේ සිදුරක් හාරලා, ඒ සිදුරෙන් එක් එක් හාමුදුරුවන්ව දියට බස්සලා ටික වෙලාවකින් නැවත ගොඩට ගැනීමට ගුරුවරයා කටයුතු කරනවා. එලෙස ගොඩට එන ශිෂ්‍ය හාමුදුරුවරු තමන්ගේ සිරුර සහ සිවුර වේළාගත යුතුයි. ඒක තමයි පරීක්ෂණය වෙන්නේ. රාත්‍රී කාලයේ පටන්ගත්තු මේ පරීක්ෂණය උදෑසන වෙනතුරුම අඛණ්ඩව සිදුකරලා තියෙනවා.

එක් වරක් සිරුර සහ සිවුර වේළාගත් ශිෂ්‍යයාව නැවත වරක් අයිස් වළට බස්සලා තියෙනවා. ඔය ආකාරයට උදෑසන වන විට හත් වතාවක් විතර එක් ශිෂ්‍යයෙක් වතුරට බැහැලා නැවත ගොඩ අරගෙන තියෙනවා. ඔහු තමයි මීළඟ තුන්මෝ ගුරුවරයා බවට පත්වෙලා තියෙන්නේ කියලා අර බටහිර ලේඛකයා සඳහන් කරලා තියෙනවා.

ඉතින් මෙන්න මේ වගේ අපූරු හැකියාවන් අදටත් පෙරදිග රටවල සැඟවිලා තියෙනවා. ඒ වගේ දේවල් කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ලෝකයට හෙළිකරන්නේ විම් හොෆ් වගේ මිනිස්සු. ඇත්තටම භාවනා ක්‍රමවල සැඟවිලා තියෙනවා මේ අරුමපුදුම හැකියාවන් මිනිසුන්ගේ ලෞකික ජීවිතවල යහපත යොදාගන්න හැමෝම මීට වඩා උනන්දු වෙනවා නම් හොඳයි කියලා තමයි අපට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

Raamuwa යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

දවස් 3කට කලින් අතුරුදන්වූ 24 හැවිරිදි තරුණියගේ සිරුර ඇළකින් ගොඩගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

MORE NEWS

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.