ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමිකර දුන් මුලතිව් පදිංචි වයස අවුරුදු 72 ක අකිලා තිරුනායගී ක්‍රීඩිකාව පිළිගැනීමේ හා ඇයට සුබ පැතීමේ උත්සවයක් පසුගිය 29 වැනිදා යාපනයේදී සංවිධානය කොට තිබුණි. (Sri Lanka Latest News)
යාපනය දිසාපති අම්බලවානර් සිවබාලසුන්දරම්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
පිලිපීනයේ පැවැති ජ්යෙස්ඨයන්ගේ මලල ක්‍රඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුලතිව් මුලියාවල ගම්මානයේ පදිංචි අකිලා තිරුණායග ක්‍රීඩිකාව රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගනිමින් රටට විශාල කීර්තියක් අත්කොට දීමට සමත් වූවාය.
ඒ, මීටර් 5000 හා 1500 දුර දිවීම්වලින් පළමු ස්ථානය හා මීටර් 800 තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගනිමිනි.
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වූ ඇය පිළිගැනීමේදී යාපනය බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන්ද පැමිණ සිටියහ.
ඇයට මෙහිදී විශාල පිරිසක් විසින් ත්‍යාග පිරිනැමීමටද ඉදිරිපත්ව සිටියහ.
lankasara