පසුගිය රජය සමයේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් ගරාගැනීමේ ජාවාරමක යෙදුණු සහ විදේශගත කිරීමට ලක්ෂ ගණනින් මුදල් ඇතැම් දේශපාලකයන්ගේ තැරැව්කරුවන් අත තැබූ මහා පරිමාණ මාෆියාවක තොරතුරු හෙළිවෙමින් තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම තොරතුරු සම්බන්ධයෙන් ‘මව්රට’ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී (මාධ්‍ය) ටී.ජී.ජී.එස්. යාපා මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පසුගිය මාස 10 ඇතුළත සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 3,818ක් කාර්යාංශයට ලැබී ඇති බවයි.
එවැනි අක්‍රමිකතාවන්ට මැදිවී මුදල් ලබාදී තිබූ තරුණයන් 1,369කට අදාළව මැදිහත්වී ඔවුන්ගෙන් ලබාගෙන තිබූ මිලියන 153ක මුදලක් ආපසු අදාළ තරුණයන්ට ලබාදී ඇති බවද ඔහු පැවැසීය.
එවැනි අන්දමට කටයුතු කර ඇතැයි කියන බලපත්‍ර සහිත සහ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිතයන් 692කට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු යොදා ඇති බවයි ඔහු සඳහන් කළේ.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අතර වැඩි සංඛ්‍යාවක් අයථා ලෙස මුදල් ලබාගැනීමේ සිද්ධීන් ඇති බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න










