• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදුල්ලේ මාරක අනතුරෙන් එළියට ආ ඊළඟ මාරක අනතුර! හොර ලයිසන් දහස් ගානක් රට පුරා! ලයිසන් එක උසාවියෙන් අත්හිටුවලා කියලා දැනගන්න ක්‍රමයක් RMV එකට නැද්ද? Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
බදුල්ලේ මාරක අනතුරෙන් එළියට ආ ඊළඟ මාරක අනතුර! හොර ලයිසන් දහස් ගානක් රට පුරා! ලයිසන් එක උසාවියෙන් අත්හිටුවලා කියලා දැනගන්න ක්‍රමයක් RMV එකට නැද්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා යමින් සිටියදී බදුල්ල දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී පෙරළී යෑමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් රට පුරාම දැඩි කතාබහක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අනතුර සිදුව තිබුණේ නොවැම්බර් පළමුවැනි සිකුරාදා පෙරවරුවේය. අනතුරට මුහුණපෑවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව දක්ෂිණ මණ්ඩපයේ සිසුන් සහ ගුරුවරුන් පිරිසකි. (Sri Lanka Latest News)

මේ දිනවල පවතින වර්ෂාවත් සමග බස් රථය ගමන් කළ මාර්ගයේ පැවැති ලිස්සනසුලු බවද මෙම අනතුරට හේතුවී ඇති බවටයි සැක කෙරෙන්නේ. පෙරළී ගිය බස් රථය දකින ඕනෑම කෙනකුට හැඟෙන්නේ එහි ගමන්ගත් බොහෝ දෙනකු මියයන්නට ඇති බවයි. ඒ තරමටම බස් රථය සුනුවිසුනු වී තිබුණා. අනතුරෙන් සිසුන් 36 දෙනකු, කථිකාචාර්වරුන් දෙදෙනකු, බස් රථයේ රියැදුරා සහ හමුදා සෙබළකු තුවාල ලබා තිබුණා. ඒ මොහොතේ ගිලන් රථ විශාල ප්‍රමාණයක් එහි පැමිණ තිබුණේ තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යෑමටයි. සිසුවියන් දෙදෙනකු රෝහල්ගත කරන අවස්ථාවේදීම මියගොස් සිටි බව වෛද්‍යවරයකු පවසා තිබුණා. නිවිතිගල තොළඹුගමුව පහළ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල හුණුපොලගෙදර අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිට පුබුදු හෙට්ටිමුල්ල එලෙස මියගොස් තිබූ සිසුවියන් දෙදෙනායි. ඔවුන් 23 හැවිරිදි වියේ පසුවූවන්. බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.කේ.බී. විජේතුංග මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ අනතුරින් තරුණියන්ගේ හිසට සිදුවූ තදබල හානි හේතුවෙන් මරණයන් සිදුව ඇති බවයි.

එලෙස මියගිය එක් සිසුවියක් වූ ඉසුරි උමයංගනාගේ පියාගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේද මෙම චාරිකාව යෙදී තිබූ දිනයටමයි. ඇය ජීවිතයෙන් සමුගන්න පෙර උදෑසන තම පියාට උපන්දින සුබපැතුම් පණිවුඩයක් යවා තිබී ඇත. වට්ස්ඇප් මගින් HAPPY BIRTHDAY THATTHE…යනුවෙන් සටහනක් සමග පවුලේ සියලු දෙනාම එකට සිටින ඡායාරූපයක් ඇය පියාට යැවූ සුබපැතුම් පණිවුඩයට ඇතුළත් කර තිබුණා. ‘ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි… ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි… සුබ උපන්දිනයක් වේවා තාත්තේ…’යනුවෙන් ෆේස්බුක් සටහනක්ද ඇය එදින තබා තිබුණා. පියාගේ උපන්දිනයදා තමාට මෙලොව හැරයන්නට සිදුවෙතැයි ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇති.

ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූයේ ඉසුරියි. ඇගේ මව හඬාවැටෙමින් ශෝකය පිටකළේ මෙලෙසයි.
‘අද මගේ මහත්තයාගේ උපන්දිනය. දුව උදෙන්ම කතාකරලා තාත්තාට සුබ පැතුවා. ඊට පස්සේ යාළුවෙක්ට කියලා එයාට කේක් එකක් එවලා තිබුණා. පස්සේ මටත් කතාකළා. මගේ දුව කොතලාවල ආරක්ෂක පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබුවේ. අනෙක් දරුවෝ දෙන්නා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරනවා. මම කාලයක් පොලිස් සේවයේ ඉඳලා අයින් වුණේ. දරුවෝ නිසාමයි මහත්තයා ගුරු සේවයේ ඉඳලා විශ්‍රාම සුවයෙන් ඉන්නේ. දුව 31 වැනිදා කතා කරලා කිව්වා අපි පුහුණු වැඩසටහනකට බදුල්ලේ යනවා කියලා. දුවගේ යාළුවොත් එක්ක 42ක් මේ ගමනට එකතු වෙලා තියෙනවා. දුව බදුල්ලට ගිහින් කතා කළා. එයාලා ඇල්ලේ ගියා කියලා කිව්වා. එදා රෑ පස්සර පුහුණු මධ්‍යස්ථානයේ නතරවෙලාත් කතා කළා. ඊට පස්සේ පහුවදා උදේ කතාකරලා තමයි තාත්තාට සුබ පැතුවේ. මට කතාකරලා කිව්වා අපි පුදුම විදියට ඊයේ රෑ විනෝද වුණා අම්මේ, අද අපි රන්ටැඹේ ගිහින් මාවනැල්ලට ගිහින් එනවා කියලා. දුව මගේ උපන්දිනය දවසේ කිව්වේ අම්මේ අපි නුවරඑළි ගිහින් අනූනවයෙන් බේරුණේ කියලා. එහෙම කිව්ව දුව තාත්තාගේ උපන්දිනය දවසේ අවසන් ගමනම යන්න ගියා. මට මේ කිසි දෙයක් හිතාගන්න බැහැ..’

මෙම අනතුර සිදුවන අයුරු සියැසින් දුටුවකු වූ රත්නායක මහතා මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නකි.
‘උදේ 7.30ට විතර බදුල්ල පැත්තේ ඉඳලා බස් එකක් ආවා. ඒ බස් එක එක පාරටම වම්පැත්තේ කන්දියේ වැදුණා. ඒ එක්කම මහා සද්දයක් ඇතිකරගෙන පෙරළුණා. අපි දුවලා ගිහිල්ලා බැලුවා. ඇතුළේ හිටපු ඔක්කොම අය කෑගහනවා. අපි ඉක්මනට බදුල්ල පොලිසියට කියලා තුවාල වෙච්ච අය බස් එකෙන් එළියට අරන් රෝහලට යවන්න කටයුතු කළා. බදුල්ල රෝහලේ ඇම්බියුලන්ස් පවා ආවා. ගෑනු දරුවන් දෙන්නෙක් මියගිහිල්ලා කියලා අපිට තේරුණා. බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත මහත්තයා එතැනට ඇවිල්ල අනතුරට ලක්වෙච්ච අය ගෙනියන්න ලොකු උපකාරයක් කළා…’

කෙසේ වෙතත් මේ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළ පොලිසිය බස් රථයේ රියැදුරා සම්බන්ධයෙන් හෙළිකරගෙන තිබුණේ අමුතුම ආකාරයේ පුවතකි. ඒ, මෙම අනතුරට මුහුණපෑ බස් රථයේ රියැදුරා මීට මාස කිහිපයකට පෙර ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදූව ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අයකු බවයි. ඔහු ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000ක දඩයකට යටත්ව ඔහුගේ රියැදුරු බලපත්‍රය මාස 5කට අත්හිටුවා ඇති බවද බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා මෙම බස් රථ අනතුරට අදාළ නඩු විභාගයේදී හෙළිකර තිබුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පවසා සිටියා.

‘තවමත් රියැදුරා සිටින්නේ රෝහල්ගතවයි. බදුල්ල රෝහලේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පරීක්ෂණවලදී අපිට හමුවුණා ඔහුගේ රියැදුරු බලපත්‍රය. එය ඩුප්ලිකේට් එකක්. ඒ නිසා අපි ඒ ගැන සොයාබැලුවා. එහිදී අනාවරණ වුණා පසුගිය ජූලි 24 වැනිදා අක්මීමනදී ඔහු බීමතින් යතුරුපැදියක් ධාවනය කර පුද්ගලයකු හප්පා පලායෑමක් සම්බන්ධයෙන් පොලීසියට හසුවී ඇති අයකු බවට. ඔහුව අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. එහිදී අගෝස්තු 06 වැනිදා රියැදුරු බලපත්‍රය මාස 05කට අධිකරණයෙන් තහනම් කරලයි තියෙන්නේ. අපි සැක කරනවා අධිකරණයෙන් රියැදුරු බලපත්‍රය තහනම් කළාට පස්සේ ඔහු මෙම රියැදුරු බලපත්‍රය හොරට හදාගෙන තිබෙන බවට. රියැදුරුගෙන් මේ ගැන ප්‍රශ්න කර සැබෑ තත්ත්වය අනාවරණ කරගැනීමට තිබෙනවා…’

ඒ අනුව, මෙම රියැදුරා සිය රියැදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පොලිසියේ බොරු පැමිණිල්ලක් කර, එක්දින සේවය යටතේ අලුත් රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව අනාවරණ වී ඇත. බදුල්ලේ රිය අනතුර සිදුවන අවස්ථාවේද ඔහු සතුව තිබී ඇත්තේ එම ව්‍යාජ රියැදුරු බලපත්‍රයයි. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කර තිබුණේ බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකකරන බවයි. මෙම කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණී ගමගේ මහත්මිය අදාළ රියැදුරු බලපත්‍රය රියැදුරුට නොදී අධිකරණයේ රඳවා තබාගැනීමට නියෝග කළා.

රියැදුරු බලපත්‍ර, ගුවන් ගමන් බලපත්‍ර පමණක් නොව උප්පැන්න සහතිකය පවා අද වනවිට පරිගණකගත කරලා තිබෙන්නේ. ඊට අදාළ අංකය ඇතුළත් කළ සැණින් හිමිකරුගේ නම, ගම, උපන් දිනය ඇතුළු සියලු තොරතුරු පරිගණක තිරයේ දිස්වෙන ආකාරයට ඒ පරිගණක ජාල අද වනවිට යාවත්කාලීන කරන්න රජය කටයුතු කරලා තියෙනවා. එවන් පසුබිමක මේ ආකාරයට ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් ලබාගන්නට හැකියාවක් තිබෙනවාද කියන එක උභතෝකෝටික ප්‍රශ්නයක්. නීතියේ හිල්වලින් රිංගා ඇතැමුන් සිදුකරන නීති විරෝධී ක්‍රියා වළක්වන්න පොලිසියට පුළුවන් වෙන්න ඕනේ. ඔහුට ඒ ආකාරයට ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සාදාගැනීමට නොහැකි පසුබිමක් තිබුණා නම් අද මේ අහිමූ වූ වටිනා තරුණ ජීවිතවලට මේ විනාශය සිදු නොවන්නට තිබුණා. ඒ ජීවිත බේරාගන්න හැකියාව තිබුණා.

මේ KDU දරුවන් ගියේ අධ්‍යාපන චාරිකාවක්. මෙයින් නැතිවුණේ රටට වටිනා ජීවිත කිහිපයක්. මෙවැනි පිළිගත් රජයේ ආයතනයක චාරිකාවක් සඳහා රියැදුරකු යොදාගැනීමේදී ඔහු පිළිබඳ හොඳින් සොයා බැලුවා නම් මේ ජීවිත හානිය සිදුවන්නේ නැහැ.

බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය මෙම අනතුර සිදුවූ අවස්ථාවේ සිටම තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකළා. ඔවුන් සිදුකළ එම මෙහෙය වෙනුවෙන් ස්තුතිවන්ත විය යුතුයි.

මේ දරුවන් දහසක් බලාපොරොත්තු තබාගෙන මේ ගමන යන්නට ඇති. නමුත් ඔවුන්ගේ අහිංසක මවුපියන්ට තමන්ගේ දරුවන් අහිමි වුණේ රියැදුරෙකුගේ අපරීක්ෂාකාරී ධාවනය නිසයි. ඒ නිසා සෑම රියැදුරෙකුම තමන්ගේ වගකීම හරියාකාරව තේරුම්ගත යුතුයි. ජීවිතවල වටිනාකම තේරුම්ගත යුතුයි. අපේ ජීවිත හරියට තණ අග රැඳි පිනි බින්දුවක් වගෙයි. වියැකී යන මොහොත කාටවත් කියන්නට බැහැ. ඒ තරම් අවිනිශ්චිතයි. ඒ බව තේරුම් ගෙන නොපමාව කුසල් දහම් රැස්කර ගැනීමට හැම දෙනාම කටයුතු කරන්න අවශ්‍යයි. අනතුරෙන් ජීවිත අහිමි වූ සිසුවියන් දෙදෙනාට මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්නට සිදු නොවේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනය කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රට රස්සා පෙන්වා සල්ලි ගැරූ දේශපාලන මාෆියාවක තොරතුරු එළියට! Sri Lanka Latest News

Next Post

ඔන්ලයින් වංචාවට අල්ලපු 58 දෙනා ගැන තොරතුරු එළියට! කොරියානුවකුගෙන් කෝටි 30ක් පිල්ලි ගහලා! පැමිණිල්ල ඇවිත් තියෙන්නේ තානාපති කාර්යාලයකින්! මාසික කුලිය විදිහට ලක්ෂ 90ක් ගෙවලා ගත්ත නිවාස සංකීර්ණය කොල්ලකන කඳවුරක් විදිහට පවත්වාගෙන ගිහින්! අධ්‍යක්ෂවරිය කොළඹ හතේ නෝනා කෙනෙක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.