• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්දි කන්ද ගන්න ගිහින් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් එළියට ආපු කුණු නැව I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුළුමනින්ම ගිනිගෙන අවසන්ය. එහෙත් ඒ නිසා අපට මුහුණදීමට වෙන ප්‍රශ්න සහ ගැටලු අවම වශයෙන් තවත් දශක හය හතක් පවතිනු ඇත. එයින් ගම්‍ය වනුයේ අද මේ විනාශය මතකයේ ඇති ඔබ අපට අපගේ ජීවිත කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් ගින්න කළ විනාශයෙන් මෙරට මිදී තිබෙනු දැකගත නොහැකිවනු ඇත. නාවික ඉතිහාසයේ විශාලතම පාරිසරික හානිය ඇතිකළ මෙම නෞකා අනතුර හුදු හදිසි අනතුරක් ලෙස දැක්වීමට කිසිසේත් නොහැක.(Sri Lanka Latest News)

නැවේ ගින්නට හේතුව එහිවූ රසායනික ද්‍රව්‍ය කාන්දුවී ගිනි ගැනීමය. මෙම සිදුවීම වාර්තා වූ සමයේ ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන splash243.com වාර්තා කර තිබුණේ නැවේ රසායනික කාන්දුව එහි කපිතාන් නිරීක්ෂණය කර ඇත්තේ අරාබි මුහුදේදී බවය. ඒ ලංකාවට සැතපුම් දහස් ගණනාවක් එපිටදීය.

අනතුරුව ඔවුන් ඉන්දියාවෙන් සහ කටාරයේ වරායන් දෙකකින් ඇතුළුවීමේ අවසරය ඉල්ලා ඇත. එහෙත් එකී වරායන් දෙක එක්සප්‍රස් පර්ල් භාරගෙන නැත. මේ තොරතුරු splash243.com වෙබ් අඩවියට පවසනුයේ නෞකාව අයිති සමාගම වන එක්සප්‍රස් ෆීඩර්ස් (X Press Feeders) හි විධායක සභාපති ටිම් හාර්ට්නෝල් විසිනි.

එලෙස ප්‍රතික්ෂේපිත නෞකාව කෙළින්ම එන්නේ ශ්‍රී ලංකාවටය. එතැනදී එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය එහි රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සහිත බවට කොළඹ වරායේ හාබර් මාස්ටර් දැනුවත් කළේද යන්න ගැටලුසහගතය.

නිවැරැදි පිළිවෙතට එසේ කළ යුතුය. හාබර් මාස්ටර් එසේ දැනුවත්ව සිටියේ නම් මේ අවදානම්සහගත නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලෑමට ඉඩදීමට පෙර ඊට අවශ්‍ය විශේෂ ආරක්ෂක විධිවිධාන සැලසිය යුතුය. එසේ කළ බවක් ඒ දිනවල අනාවරණ වූයේ නැත.

වරායට ඇතුළු වීමට පෙරෙ නෞකාවක් වරායෙන් පිටත මුහුදු තීරයේ රඳවා තැබීම සාමාන්‍ය පිළිවෙතකි. නැංගුරම් පොළ සූදානම් වනතුරු එසේ කිරීම අරුමයක් නොවේ. එක්ස්ප්‍රස් පර්ල් ද එසේ වරායෙන් පිටත නවතා තැබුවේ නැංගුරම් පොළ සූදානම් වනතුරු බව දැනගන්නට තිබේ.

එසේනම් ගින්න මඳක් පමාවී හටගත්තේ නම් ඒ වනවිට එක්ස්ප්‍රස් පර්ල් වරායේ නැංගුරම්ලා තිබීමටද ඉඩ ඇත. එසේ වූවානම් තත්ත්වය කුමක්දැයි වටහා ගැනීම අසීරු නැත. සැබැවින්ම අරාබි මුහුදේදී රසායනික කාන්දුවක් සිදුවූ නෞකාවක් එකී කාන්දුව සහ එනිසා ඇතිවූ ගිනිගැනීමේ අවදානම සහිතව ශ්‍රී ලංකා වරායකට ගෙන්වා ගැනීමට තරම් වරාය බලධාරීන් එඩිතර වීම බරපතළ ප්‍රශ්නයකි.

මෙවැනි නෞකා අනතුරක් දැක දැක ශ්‍රී ලංකාව අහක බලාගෙන සිටිය යුතු යැයි ලියුම්කරු පවසන්නේ නැත. ජාත්‍යන්තර නාවික මාර්ගයක හොඳම තැන පිහිටා ඇති ශ්‍රී ලංකාවට එසේ සිටීමට කිසිම හැකියාවක්ද නැත. මෙවැනි නෞකා අනතුරුවලදී සමීප රාජ්‍යයන් මැදිහත්වී උදව් කිරීම ජාත්‍යන්තර නාවික නීතිවලට එකඟය. එහෙත් නෞකාව ඈත මුහුදේ තිබියදී මුලින්ම එහි කාර්ය මණ්ඩලය ගලවා ගැනීමට අපට හැකියාව තිබිණි.

එසේම එය ජාත්‍යන්තර සාගර සීමාවේ රඳවා අස්ල්වැසි රටවල සහායද ගෙන අපේ නාවික හමුදාවේද මැදිහත්වීමෙන් ගින්න නිවාදැමීමට උත්සාහ කිරීමේ හැකියාව තිබිණි. එහෙත් සිදුවූයේ ගිනිගැනීමේ අවදානම නොතකා එය ලංකාවේ මුහුදු තීරයට ඇතුළු කර ගැනීමය. එක්ස්ප්‍රස් ප‍ර්ල් ගින්නේ මුල්ම සැකය ඇතිවන්නේ එතැනිනි.

එහෙත් මේ කිසිම දෙයක් සිදුවූයේ නැත. වරාය කටටම පැමිණි නැවේ ගින්න නිවා දැමීමට නොහැකි වූවා සේම එය සාගරයේ ගිලීයෑමද වළක්වා ගන්නට අපට බැරිව ගියේය. මේ අනතුර නිසා හලාවත සිට පානදුර තෙක් වෙරළ තීරය දැඩි හානියකට ලක්විය.

එනිසා වෙරළාසන්න මුහුදේ මෙන්ම ගොඩබිමේද ජෛව විවිධත්වයට සැලකිය යුතු හානියක් ඇතිවූ අතර අදටත් එයින් මිදී නැත. එමතුදු නොව සාගරයේ සිට වෙරළ ආරක්ෂා කරන කොරල්පර විශාල ලෙස විනාශව යාමටත් ඒවා ආශ්‍රිත මත්ස්‍යයන් සහ ක්‍රෂ්ටේශියාවන් ප්‍රමුඛ සමුද්‍ර ජීවීන් විනාශ වීමට හෝ වඳවී යාමට ඉඩ ඇත. විශේෂයෙන් අප රටට ආවේණික සත්ව ප්‍රජාවන් දැඩි හානියකට ලක්වීමේ ඉඩකඩ ඇත.

එමෙන්ම ගං මෝය හා කළපු ඔස්සේ රසායනික දූෂණයට ලක්වූ ජලය රට තුළට පැමිණීමේ අවදානමක් ඇත. මේ නිසා ළිං ජලය අපවිත්‍ර වීම, කෘෂිකාර්මික ගැටලු සහ මිනිසුන්ට විවිධාකාර රෝග ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇත. තවද අම්ල වැසි වැසීමේ හැකියාව ගැනද එකල්හි අනතුරු හැඟවිණි. ඒ අනතුරු හැඟවීම සියල්ල අදටත් වලංගුය.

නමුත් මෙවැනි විනාශයන් ඩොලර්වලින් යථා තත්ත්වයට පත්කළ නොහැකි වුවද ශ්‍රී ලංකාවට සැලකිය යුතු වන්දියක් හිමිවන බව එකල සියලු පාර්ශ්ව පවසනු ඇසුණි. එහෙත් එක්ස්ප්‍රස් පර්ල් වන්දිය නිකම් ලැබෙන්නේ නැත. ඊට හිමිකම් ඉදිරිපත් කළ යුතුය. රාජපක්ෂලා හොරකම් කළා යැයි පවසන මුදල් පාරේ බෝර්ඩ් අල්ලාගෙන සිටියාට ලැබෙන්නේ නැතිවා සේම එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවනු කියා කෑගැසුවාට වන්දි ලැබෙන්නේ නැත.

ඒ සඳහා ක්‍රියාත්මක කළයුතු පියවර රාශියකි. මුලින්ම නෞකාව ගිනිගත් සාගර කලාපයට අපට ඇති අයිතිය තහවුරු කළ යුතුය. දෙවැනුව අපට සිදුවූ හානිය තක්සේරු කළ යුතුය. එහිදී රටේ සංචාරක කර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට අනාගතයේ සිදුවන හානිය පුරෝකථනය කළ යුතු වේ. මේ සියල්ල පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සහිතව කළ යුතු දේය. එහෙත් ලංකාවේ ආණ්ඩුව මෙකී ක්‍රියවන් පිළිබඳ පසුවූයේ ඉතා පසුගාමී ස්ථාවරයකය.

නෞකාව ගිලීයන අවස්ථාවේ එහි නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ද, රූපලාවන්‍ය ආලේපන සහිත බහාලුම් 1,486ක්ද තිබිණි. ඊට අමතරව ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන නර්ඩල්ස් නමින් හඳුන්වන ප්ලාස්ටික් පෙති මෙටි්‍රක් ටොන් 78ක් තිබී ඇත. පරිසරවේදීන් පවසන ආකාරයට නැවේ තිබූ වඩාත්ම හානිදායක ද්‍රව්‍ය වනුයේ මේවාය. මේවා ජලයට එක්වීම මගින් ජලජ පරිසරයන්ගේ ඔක්සිජන් තත්ත්වයට හානි පැමිණේ.

ඊට අමතරව කරමල් මගින් ශ්වසනය කරන මසුන්ගේ කරමල් තුළට මෙම ප්ලාස්ටික් ඇතුළු වීම නිසා මසුන් මරණයට පත් වෙයි. මෙම ප්ලාස්ටික් කැට වෙරළට ගසාගෙන ඒමෙන් සහ වැලිවලට යටවීමෙන් වෙරළ ආසන්න පරිසරය මෙන්ම සාගර ජෛව විවිධත්වය බරපතළ හානියකට ලක්වෙයි. එහෙයින් වෙරළට එන ප්ලාස්‍ටික් කැට අහුලා ඉවත් කළ යුතු විය. මෙය අතිශය අසීරු කාර්යයක් වනුයේ කැට ඉතා කුඩා බැවිනි. එහෙත් මෙම කැට එක්රැස් කිරීම මගින් එහි ප්‍රමාණය කිලෝ ගණනින් ගණනය කළ හැකි නිසා එය වන්දි ලබාගැනීම සඳහා පවරන නඩුවකදී ඉතා වැදගත් සාක්ෂියක් වෙයි.

මේ සියලු කරුණු සලකා ශ්‍රී ලංකිකයෙක් වෙරළට එන ප්ලාස්ටික් කැට ඇහිඳීමට විස්මිත යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. යන්ත්‍රය දින දෙක තුනක් වැඩ කරද්දී පොලිතීන් කැට ටොන් ගණනින් එකතු වන්නට විය. එසැණින් ක්‍රියාත්මක වූ බලධාරියෙක් එම යන්ත්‍රය වහා එම කටයුත්තෙන් ඉවත් කළේය. ඒ, තවත් සැකකටයුතු ක්‍රියාවකි.

වෙරළේ සාක්ෂි සඟවන්නට මෙලෙස උත්සාහ ගනිද්දී සාගරයේ සාක්ෂි සඟවන්නට නොහැකි බව කොයි කාටත් පැහැදිලි විය. 2021 අගෝස්තු 05 වැනිදා වන විට ලැබුණු දත්තවලට අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර විනාශයෙන් මුහුදු කැස්බෑවන් 176, තල්මසුන් 04 සහ ඩොල්ෆින් මසුන් 20කගේ සිරුරු වෙරළට ගොඩගසා තිබිණි.

සාමාන්‍යයෙන් මියයන සමුද්‍ර ජීවීන්ගෙ සිරුරුවලින් 30%කට වඩා ගොඩගසන්නේ නැති බව විෂය ප්‍රාමාණිකයෝ පවසති. ඒ අනුව මියගිය සමුද්‍ර ජීවීන් ප්‍රමාණය මීට වඩා බොහෝ සේ වැඩිවිය හැක.

මෙම අවස්ථාවේ වෙරළ සංරක්ෂණය භාර රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ වාරකන් කාලයට මෙලෙස කැස්බෑවුන් මියයාම සාමාන්‍ය දෙයක් බවයි. එය පැහදිලිවම එක්ස්ප්‍රස් පර්ල් විනාශයේ සැර බාල කිරීමට ගත් උත්සාහයක් විය. මේ වන විට නෞකවෙන් කාර්ය මණ්ඩලය ඉවත් කරගෙන තිබූ අතර ගින්න මැඬපැවැත්වීම කළ නොහැකි මට්ටමට පත්ව තිබිණි.

ඒ වන විටත් නෞකාව අඩ වශයෙන් ගිලී යෑම ආරම්භව තිබිණි. කල් පසුවී මොළේ පෑදුණු ලංකාවේ බලධා‍රීන් බත්තලක් මගින් නෞකාව ඈත මුහුදට ඇදගෙන යන්නට උත්සාහ ගන්නා ලදී. එහෙත් ඒ සමගම නෞකාව ගිලී යෑම ආරම්භ විය.

ඉන් අනතුරුව අපට ඉතුරු වූයේ සිදුවූ විනාශයට සෑහෙන වන්දියක් ලබාගැනීමය. ආණ්ඩුවේ බලධාරීන් එකහෙළා පැවැසූවේ වන්දි ඉල්ලා නඩු පවරන බවය. එහෙත් ලංකාවේ අන් බොහෝ දේට මෙන් එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවටද සැමදා බාලගිරි දෝෂය විය. නඩු පැවරීම දිනෙන් දින කල් යන්නට විය. නෞකාව අනතුරට පත්ව වසරක් ඉක්මෙන විට ලංකාවේ ආණ්ඩු විරෝධය අහස උසට නැග එන්නට විය.

2022 ජුනි වන විට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට රට අතහැර පලායන්නට සිදුවිය. පර්ලිමේන්තුවේ භේරුණ්ඩ පක්ෂියාව සිටි රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්ව ජනාධිපති ධුරයට පත්විය. වෙරළ සංරක්ෂණය භාරව සිටි රාජ්‍ය ඇමැතිවරයා දේශපාලන කුණාටුව විසින් විපක්ෂයට විසිකර දැම්මේය. ඉහළ ගිය විදුලි බිල සහ ජීවන බර හමුවේ ලංකාවේ ඇත්තන්ට එක්ස්ප්‍රස් පර්ල් අමතකව යන්නට විය.

කෙසේ හෝ වේවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබාගැනීමට තවමත් නඩු පවරා නැති බව පරිසරවේදීන් හඬ නගන්නට වූහ. ඒ සමගම විපක්ෂය නඩුව පවරන්නට කල් මරන්නේ ඇයි දැයි රජයෙන් විමසන්නට වූහ. ඒ වන විටත් කාලාවරෝධ නීතිය යටතේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයිති සමාගමට සහ එහි රක්ෂණ සමාගමට එරෙහිව නඩු පැවරිය හැකි අන්තිම අවස්ථාවට අප සමීප වෙමින් තිබිණි. අවසානයේ නඩුව පැවරිය හැකි අන්තිම අවස්ථාවේ එම නඩුව පැවරීමට අප සමත් වීමු.

එහෙත් ඒ නඩුව පැවරුවේ ලංකාවේ නොව සිංගප්පූරුවේය. ලංකාවට අයත් සාගර සීමාවේ සිදුවූ අනතුරකට සිංගප්පූරුවේ නඩු පැවරීම වූ කලී සැක උපදවන කරුණක් විය. මේ පිළිබඳ පාර්ලිමේන්ම්තුවේදී ප්‍රශ්න කෙරුණු අතර එහිදී කියැවුණේ නඩුවට සම්බන්ධව කටයුතු කරන විදේශීය උපදේශකයන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවය. එක්ස්ප්‍රස් පර්ල් නැවේ අර්බුදය තවත් ව්‍යාකූල කරවමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරන්නට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනුයේ මේ අවස්ථාවේදීය.

ඔහු පවසනුයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහි නඩු කටයුත්ත පමා කිරීමට කිසිවෙක් නෞකා සමාගමෙන් අල්ලසක් ගෙන ඇති බවයි. ඒ පිළිබඳ වැඩි තොරතුරු හෙළිකරමින් ඔහු පවසනුයේ බි්‍රතාන්‍යයේ පදිංචි ලාංකිකයෙක් වන චාමර ගුණසේකර නමැත්තාගේ එංගලන්තයේ නැට්වෙස්ට් බැංකුවේ පවත්වාගෙන යන ගිණුමකට ඩොලර් මිලියන 250ක් තැන්පත්ව ඇති බවත්, ඒ නෞකාවට එරෙහිව නඩු පැවරීම කල් දමන්නට දුන් අල්ලසක් බවය. කෙසේ වෙතත් මෙය තමාට ලද තොරතුරක් පමණක් බව පවසන අමාත්‍යවරයා, චාමර ගුණසේකර සොයාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද ගොනු කරන්නේය.

එහෙත් අද දක්වාම එම දෙපාර්තමේන්තුවට චාමර ගුණසේකර හෝ ඔහුගේ ගිණුම පිළිබඳ සොයාගැනීමට හැකිව නැත. මෙවැනි අවස්ථාවක මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විමර්ශනවලට සහාය කරගත හැකිමුත් එසේ කළාදැයි පැහැදිලි නැත.

චාමර ගුණසේකර කවුරුන්දැයි අනාවරණ කරමින් එංගලන්තයේ ක්‍රියාත්ම සිංහල වෙබ් අඩවියක් වන LankaEnews ලිපියක් පළකරන්නේ මේ අවස්ථාවේදීය. ඒ ලිපියට අනුව චාමර ගුණසේකර යනු එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන මංජු නිශ්ශංක විය හැකි බවය. ඔහු නාලක ගොඩහේවාගේ සමීපතමයකු බවත්, ගොඩහේවාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කළේ ඔහු බවත් එම වෙබ් ලිපිය පවසයි.

ඊට පිළිතුරු දෙමින් මංජු නිශ්ශංක පවසනුයේ තම මුල් නම වූ මංජු නලින් නිශ්ශංක යන්න නීත්‍යනුකූලව වෙනස් කර මංජු නිශ්ශංක ලෙසින් භාවිත කළද, චාමර ගුණසේකර ලෙසින් තමා පෙනීසිට නැති බවය. එමෙන්ම LankaEnews වෙබ් අඩවියට එරෙහිව නඩු පැවරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබිණි.

මේ පිළිබඳ අදහස් දක්වන පරිසරවේදී නයනක රන්වැල්ල පවසනුයේ තමා ඇතුළු කණ්ඩායමක් සොයා බැලූමුත් චාමර ගුණසේකර කියා කෙනෙක් එංගලන්තයේ නැති බවය. එමෙන්ම එංගලන්තය යනු මූල්‍ය විශුද්ධිකරණයට වැට බැඳි රටක් බවත් එහි ඩොලර් මිලියන 250ක් ගිණුමකට තැන්පත් කිරීම තෙවැනි පාර්ශ්වයකට කළ නොහැකි බවත්ය. එමෙන්ම නඩුව යට ගසන්නට මෙතරම් මුදලක් දෙන්නට නැව අයිති සමාගම කටයුතු නොකරන බවය.

මන්ද යත් මීට වඩා අඩු මුදලකට ලංකාවේ නිලධාරීන්ගෙන් වැඩ කරගන්නට හැකි බව එම සමාගම දන්නා බව ඔහු පවසයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි කතාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනෙන විටදී චාමර ගුණසේකරගේ ප්‍රශ්නය නිසා හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාද ඊට මැදිහත් වන්නේය. ඊට හේතුව පෙර සඳහන් LankaEnews පුවත් මගින් චාමර ගුණසේකර විය හැකි බව පවසන මංජු නිශ්ශංක, නාලක ගොඩහේවාගේ ප්‍රබල ආධාරකරුවෙක් වීමය.

ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැවට පෙර ලංකාවේ මුහුදු තීරයේදී අනතුරට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කතාවක්ද කරළියට එන්නේය. ආණ්ඩු පක්ෂයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට එල්ලවූ චෝදනාව වූයේ වන්දි නොගෙන නිව් ඩයමන්ඩ් නෞකාව මුදාහරින්නට ඔහුද හවුල් වූ බවටය.

එහෙත් ඊට පිළිතුරු දෙමින් නාලක ගොඩහේවා පවසනුයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත නෞකාව මුදාහරින්නට නියෝග ලබාදුන්නේ එවක විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ අද්මිරාල් ජයනාත් කොළඹගේ බවය. බ්ලූ ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු තීරයෙන් නික්ම යන්නේ ඩොලර් මිලියන 10කට ආසන්න වන්දියක් ශ්‍රී ලංකාවට ගෙවන පොරොන්දුව පිටය. එහෙත් වර්තා වන අන්දමට මේ වන විට බ්ලූ ඩයමන්ඩ් නමින් නෞකාවක් ලෝකයේ කොතැනකවත් සොයාගන්නට නැත.

නෞකාව අබිලි යකඩවලට විකිණීම හෝ වෙනත් නමකින් යාත්‍රා කරවීම නිසා මෙය විය හැකිය. අන්තිමට ලංකාවට බ්ලූ ඩයමන්ඩ් වන්දියත් නැත. බ්ලූ ඩයමන්ඩ් කියා නෞකවක්ද නැත. එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවටද මීට සමාන දෙයක් වීමට බැරිද නැත.

කෙසේ වෙතත් මේ පිළිබඳ පැවැත්වීමට නියමවූ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දැඩි විරෝධයක් පානා ලදී. ඒ අධිකරණයක් හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් නඩුවට අගතියක් විය හැකි බව පවසමිනි. කෙසේ හෝ පක්ෂ නායකයන් කතානායක සමග පැවැත්වූ සාකච්ඡාවකට පසු යම් සීමාවකට යටත්ව එම විවාදය පැවැත්වීමට හැකි විය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් ශ්‍රී ලංකවේ සමුද්‍රීය පරිසරයට, ධීවර සහ සංචාරක කර්මාන්තයට සිදුවූ හානිය වෙනුවෙන් අප ඉල්ලා සිටීමට අපේක්ෂිත වන්දිය ඩොලර් බිලියන 6.5කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම ඩොලර් බිලියන 3.9කි.

ඒ අනුව නෞකාවේ විනාශය නිසා අපට ලැබිය යුතු වන්දිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම මෙන් දෙගුණයකි. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල පවසනුයේ සිංගප්පූරුවේ ඇත්තේ බේරුම්කරණ අධිකරණයක් පමණක් බවය. එම අධිකරණයෙන් ලැබිය හැකි උපරිම වන්දිය ඩොලර් මිලියන 25ක් නොඉක්මවනු අති බව ඔහුගේ මතයයි.

එම මුදලින් ඩොලර් මිලියන 10 දැනටමත් ගෙවා ඇති බැවින් තවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 15කට ආසන්න මුදලකි. එම මුදලින් සිංගප්පූරු නීතිඥ සමාගමට ඩොලර් මිලියන 4කට ආසන්න මුදලක් ගෙවිය යුතු බැවින් අපට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 11කි. ඩොලර් බිලියන 6.5ක වන්දියක් වෙනුවෙන් ඩොලර් මිලියන 25 ලබා දෑත් පිසදාගන්නට සිදුවීම සැබෑම අපරාධයක් බව ඔහු පවසයි.

දැනගන්නට තිබෙන තොරතු අනුව මේ වන විට සිංගප්පූරුවේ අධිකරණය හමුවේ නඩුව විභාග වෙයි. එහෙත් ඊට අදාළ තොරතුරු බොහොමයක් තවමත් ශ්‍රී ලාංකිකයන්ට දැනගන්නට ලැබී නැත. අවම වශයෙන් නඩුවේ පෙත්සම්කාර පාර්ශ්වයේ තොරතුරුවත් නිසි ලෙසකින් සමාජගතව නැත. එහෙයින් ලාංකිකයන් තුළ තවමත් මේ නඩුකරය පිළිබඳ ඇත්තේ නොපැහැදිලි චිත්‍රයකි.

නඩුව බිඳදමන්නට කවුරුන් හෝ මුදල් ලබාගත් බව සෑම තැනකින්ම කියැවේ. ඒ පුවත් සත්‍ය නම් සිංගප්පූරුවේදී විමසන නඩුවට පසුගිය යහපාලන සමයේ දූෂිතයන්ට පැවරූ නඩුවලට වුණු සන්තෑසියම වේදැයි බොහෝ දෙනා තුළ ඇත්තේ සැකයකි. කවුරුන් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව බිඳ දමන්නට අල්ලසක් ලබාගෙන ඇත්නම් ඔහු කර ඇත්තේ නෛතික වරදක් පමණක් නොවේ. තමාගේ හත්මුතු පරම්පරාවක් පස්වූ ලක් පොළොවට සහ මතු පරපුර පෝෂණය කරන එකී පොළොවේ සාරයට අවමන් කිරීමකි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ක්‍රීඩා අමාත්‍යංශයේ තවත් පිපිරීමක්! අර්ජුන ක්‍රීඩා සභාවේ සභාපති වෙලා ඉඳලා තියෙන්නේ නීති විරෝධීව! ඇමැතිගෙම ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමැතිටම ලියයි! I Sri Lanka Latest News

Next Post

ජාතික උරුමයක් කළ දන්නෝ බුදුන් ගීයේ කවුරුත් නොදත් කතාව I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.